යෙදුමෙන් කියවන්න

හාලිද‍්දිකානිසුත‍්තං

1. 13. 7.

1. 13. 7.

හාලිද‍්දිකානිසුත‍්තං

හාලිද්දිකානි සූත්‍රය

130. එකං සමයං ආයස‍්මා මහාකච‍්චානො අවන‍්තීසු විහරති කුරරඝරෙ පවත‍්තෙ පබ‍්බතෙ. අථ ඛො හාලිද‍්දකානි ගහපති යෙනායස‍්මා මහාකච‍්චානො තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො හාලිද‍්දකානි ගහපති ආයස‍්මන‍්තං මහාකච‍්චානං එතදවොච: වුත‍්තමිදං භන‍්තෙ භගවතා “ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං, ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති වෙදනානානත‍්ත”න‍්ති. කථන‍්නු ඛො භන‍්තෙ ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං, ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති වෙදනානානත‍්තන‍්ති.

130. එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝරයෙහි පවත්ත පව්වෙහි වැඩවෙසෙති. එකල්හි හාලිද්දකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් හාලිද්දකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට මෙය සැලකෙළේ ය: වහන්ස, “ධාතුනානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය උපදී, ස්පර්‍ශනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදීය” යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය උපදී ද? ස්පර්‍ශනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී දැ?යි.

ඉධ ගහපති, භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා මනාපං ඉත්‍ථෙතන‍්ති පජානාති. චක‍්ඛුවිඤ‍්ඤාණං සුඛවෙදනීයඤ‍්ච ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛා වෙදනා. චක‍්ඛුනා ඛො පනෙව රූපං දිස‍්වා අමනාපං ඉත්‍ථෙතන‍්ති පජානාති, චක‍්ඛුවිඤ‍්ඤාණං දුක‍්ඛවෙදනීයඤ‍්ච ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති දුක‍්ඛා වෙදනා. චක‍්ඛුනා පනෙව රූපං දිස‍්වා

ගැහැවිය, මෙහි මහණ ඇසින් රුවක් දැක මෙසේ මෙය මනවඩන්නේ ය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද සුවවේදනාවට කරුණු වූ ස්පර්‍ශය ද නිසා සුවවේදනාව උපදී. යළි ඇසින් රූපයක් දැක මෙසේ මෙය මන නො වඩනේය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද දුක්වේදනාවට කරුණු වූ ස්පර්‍ශය ද නිසා දුක්වේදනාව උපදී. යළි ඇසින් රූපයක් දැක

උපෙඛාඨානීයං ඉත්‍ථෙතන‍්ති පජානාති. චක‍්ඛුවිඤ‍්ඤාණං අදුක‍්ඛමසුඛ වෙදනීයඤ‍්ච ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති අදුක‍්ඛමසුඛා වෙදනා.

මෙසේ මේ මැදහත් බවට කරුණුය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද නොදුක්නොසුව වේදනාවට කරුණු වූ ස්පර්‍ශය ද නිසා නොදුක්නොසුව වේදනාව උපදී.

පුන චපරං ගහපති භික‍්ඛු සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය මනාපං ඉත්‍ථෙතන‍්ති පජානාති, මනොවිඤ‍්ඤාණං සුඛවෙදනියඤ‍්ච ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛා වෙදනා. මනසා ඛො පනෙව ධම‍්මං විඤ‍්ඤාය අමනාපං ඉත්‍ථෙතන‍්ති පජානාති, මනොවිඤ‍්ඤාණං දුක‍්ඛවෙදනියඤ‍්ච ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති දුක‍්ඛා වෙදනා. මනසා ඛො පනෙව ධම‍්මං විඤ‍්ඤාය උපෙඛාඨානීයං ඉත්‍ථෙතන‍්ති පජානාති. මනොවිඤ‍්ඤාණං අදුක‍්ඛමසුඛවෙදනීයඤ‍්ච ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති අදුක‍්ඛමසුඛා වෙදනා. එවං ඛො ගහපති ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං, ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති වෙදනානානත‍්තන‍්ති.

ගැහැවිය, නැවත අනෙකක් ද කියමි. මහණ කනින් සදක් අසා ... නැහැයෙන් ගඳක් ගෙන ... දිවෙන් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... සිතින් දහමක් දැන මෙසේ මෙය මන වඩනේ ය යි දැනගනී. මනෝවිඤ්ඤාණයත් සුවවේදනාවට කරුණු වූ ස්පර්‍ශයත් නිසා සුවවේදනාව උපදී. යළි සිතින් දහමක් දැන මෙසේ මෙය මන නොවඩනේ ය යි දැනගනී. මනෝවිඤ්ඤාණයත් දුක්වේදනාවට කරුණු වූ ස්පර්‍ශයත් නිසා දුක්වේදනාව උපදී. යළි සිතින් දහමක් දැන මෙසේ මෙය මැදහත්බවට කරුණුය යි දැනගනී. මනෝවිඤ්ඤාණයත් නොදුක්නොසුව වේදනාවට කරුණු වූ ස්පර්‍ශයත් නිසා නොදුක්නොසුව වේදනාව උපදී. ගැහැවිය, මෙසේ ධාතුනානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය උපදී. ස්පර්‍ශනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී යි.