නකුලපිතුසුත්තං
1. 13. 8.
1. 13. 8.
නකුලපිතුසුත්තං
නකුලපිතු සූත්‍රය
131. එකං සමයං භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. අථ ඛො නකුලපිතා ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො නකුලපිතා ගහපති භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති. කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
131. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග දනව්වෙහි සුංසුමාරගිර නුවර මිගදාය වූ භේසකලා වනයෙහි වැඩවසන සේක. එකල්හි නකුලපිය ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නකුලපිය ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම ප්‍රත්‍යය කිමැ? යි.
සන්ති ඛො ගහපති චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති තදුපාදානං. සඋපාදානො ගහපති භික්ඛු නො පරිනිබ්බායති.
ගැහැවිය, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවිය, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.
සන්ති ඛො ගහපති සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ඛො ගහපති මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති තදුපාදානං. ස උපාදානො ගහපති භික්ඛු නො පරිනිබ්බායති. අයං ඛො ගහපති හෙතු. අයං පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති.
ගැහැවිය, කනින් දතයුතු සද ඇත. ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවිය, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවිය, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. ගැහැවිය, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
සන්ති ච ඛො ගහපති චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තන්නිස්සිතං විඤ්ඤාණං හොති න තදුපාදානං. අනුපාදානො ගහපති භික්ඛු පරිනිබ්බායති.
ගැහැවිය, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. ගැහැවිය, උපාදාන රහිත මහණ පිරිනිවෙයි.
සන්ති ඛො ගහපති සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ඛො ගහපති මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තන්නිස්සිතං විඤ්ඤාණං හොති න තදුපාදානං. අනුපාදානො ගහපති භික්ඛු පරිනිබ්බායති. අයං ඛො ගහපති හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
ගැහැවිය, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවිය ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ සිත එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. ගැහැවිය උපාදාන රහිත මහණ පිරිනිවෙයි. ගැහැවිය යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.