යෙදුමෙන් කියවන්න

ලොහිච‍්චසුත‍්තං

1. 13. 9.

1. 13. 9.

ලොහිච‍්චසුත‍්තං.

ලෝහිච්ච සූත්‍රය

132. එකං සමයං ආයස‍්මා මහාකච‍්චානො අවන‍්තීසු විහරති මක‍්කරකටෙ අරඤ‍්ඤකුටිකායං. අථ ඛො ලොහිච‍්චස‍්ස බ්‍රාහ‍්මණස‍්ස සම‍්බහුලා අන‍්තෙවාසිකා කට‍්ඨහාරකා මාණවකා යෙනායස‍්මතො මහාකච‍්චානස‍්ස අරඤ‍්ඤකුටිකා තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා පරිතො පරිතො කුටිකාය අනුචඞ‍්කමන‍්ති අනුවිචරන‍්ති උච‍්චාසද‍්දා මහාසද‍්දා කානිචි කානිචි සෙලිස‍්සකානි කරොන‍්තා ඉමෙ පන මුණ‍්ඩකා සමණකා ඉබ‍්භාකිණ‍්හා බන්‍ධුපාදාපච‍්චා, ඉමෙසං භරතකානං සක‍්කතා ගරුකතා මානිතා පූජිතා අපචිනාති.

132. එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි මක්කරකට නුවර වනකිළියෙක වැඩවෙසෙති. එකල්හි ලෝහිච්ච බමුණාගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මාණවකයෝ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ගේ වනකිළිය වෙත එළඹියහ. එළඹ කිසියම් කිසියම් ක්‍රීඩා කරන්නාහු “මොහු මුඬුවෝය. නින්‍දිත මහණෝ ය. ගැහැවියෝ ය. කෘෂ්ණයෝ ය, බඹහු පිටිපත්ලෙන් උපන්නෝ ය, මේ භරතකයන් හෙවත් කෙළෙඹියන් විසින් සත්කාර කරන ලද්දාහු ගරු කරන ලද්දාහු බුහුමන් කරන ලද්දාහු පුදන ලද්දාහු යටත් පහත් පැවතුම් දක්වන ලද්දාහු ය” යි උස්හඬ මහහඬ ඇත්තාහු කිළිය අවට නැවත නැවත සක්මන් කෙරෙත්, සිසාරා යෙත්.

අථ ඛො ආයස‍්මා මහාකච‍්චානො විහාරා නික‍්ඛමිත්‍වා තෙ මාණවකෙ එතදවොච: මා වො මාණවකා සද‍්දමකත්‍ථ, ධම‍්මං වො භාසිස‍්සාමීති. එවං වුත‍්තෙ තෙ මාණවකා තුණ‍්හී අහෙසුං. අථ ඛො ආයස‍්මා මහාකච‍්චානො තෙ මාණවකෙ ගාථාහි අජ‍්ඣභාසි.

එකල්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ වෙහෙරින් නික්ම ඒ මාණවකයන්ට මෙය වදාළහ: මාණවකයෙනි, “තෙපි නහමක් ශබ්ද කරවු. තොපට දහම් දෙසන්නෙමි” යි. මෙසේ වදාළ කල්හි ඒ මණෙව්වෝ නිහඬ වූහ. එකල්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ ඒ මණෙව්වන්ට ගාථායෙන් වදාළහ:

සීලුත‍්තමා පුබ‍්බතරා අහෙසුං තෙ බ්‍රාහ‍්මණා යෙ පුරාණං සරන‍්ති ගුත‍්තානි ද‍්වාරානි සුරක‍්ඛිතානි අහෙසුං තෙසං අභිභුය්‍ය කොධං.

යම් කෙනෙක් පැරණි බමුණු දහම සිහි කෙරෙද්ද, ඉතා පැරණි ඒ බමුණෝ ශීලය උතුම් කොට ඇත්තෝ වූහ. ක්‍රෝධය මැඬලා සිටි ඔවුන්ගේ (චක්‍ෂුරාදි) ද්වාරයෝ ගෝපනය කරන ලද්දාහු මැනවින් රක්නා ලද්දාහු වූහ.

ධම‍්මෙ ච ඣානෙ ච රතා අහෙසුං තෙ බ්‍රාහ‍්මණා යෙ පුරාණං සරන‍්ති ඉමෙ ච වොක‍්කම‍්ම ජපාමසෙති ගොත‍්තෙන මත‍්තා විසමං චරන‍්ති කොධාභිභූතා පුථු අත‍්තදණ‍්ඩා විරජ‍්ජමානා තසථාවරෙසු

යම් කෙනෙක් පැරණි බමුණු දහම සිහි කෙරෙද්ද එබමුණෝ (දසකුශලකර්‍මපථ) දහම්හි ද (අටසමවත්) දහම්හි ද ඇලුණෝ වූහ. මොහු වූකලී ඒ ගුණවලින් ඉවත්ව (අපි) ජප කෙරෙමු යි කුලයෙන් මත් වූවෝ ක්‍රෝධයෙන් මඬනා ලද්දෝ ගන්නා ලද නොයෙක් දඬු ඇත්තෝ තැතිගන්නා (නො රහත්) නොතැතිගන්නා (රහත්) සත්ත්‍වයන් කෙරෙහි වරද කරන්නෝ විෂම වූ කායකර්‍මාදිය කෙරෙත්.

අගුත‍්තද‍්වාරස‍්ස භවන‍්ති මොඝා සුපිනොව ලද‍්ධං පුරිසස‍්ස විත‍්තං අනාසකා ථණ‍්ඩිලසායිකා ච පාතො සිතානඤ‍්ච තයො ච වෙදා. ඛරාජිනං ජටා පඞ‍්කො මන‍්තා සීලබ‍්බතං තපො කුහකා වඞ‍්කදණ‍්ඩා ච උදකාචමනානි ච වණ‍්ණා එතෙ බ්‍රාහ‍්මණානං කතකිඤ‍්චික‍්ඛභාවනා.

නොරක්නා ලද ඉඳුරන් ඇත්තහුගේ (ව්‍රතසමාදානයෝ) පුරිස්හට සිහිනෙන් ලත් ධනයක් මෙන් සිස් වෙත්. (දැන් බමුණෝ) එක් දින දෙදින උපවාස කරන්නාහු නිල්කුසතණ අතුළ බිම හෝනාහු උදෑසන දියට බැස නහන්නාහු (වෙති) වේදත්‍රය ද රළු අඳුන් දිවිසම ද දළමඬුලු ද දත්මල ද තපෝමන්ත්‍ර ද අජව්‍රත ගෝව්‍රතාදි ශීලව්‍රත ද (මේ මෙ කල බමුණන්ගේ තපසි) කොහොන්බව ද වක්දඬු ද දියෙන් මුව පිරිමැදුම ද යන මොහු බමුණන් විසින් කිසියම් ආමිසයක් වැඩීම පිණිස කරන ලද ආකල්පයෝ වෙත්.

චිත‍්තඤ‍්චෙච සුසමාහිතං විප‍්පසන‍්නමනාවිලං අඛිලං සබ‍්බභූතෙසු සො මග‍්ගො බ්‍රහ‍්මපත‍්තියාති.

(පැරණි බමුණන්ගේ) සිත උපචාර අර්‍පණ වශයෙන් මැනවින් සමාධිගත ය. වෙසෙසින් පහන් ය. නොකැලඹුණේ ය. සියලු සතුන් කෙරෙහි මොළොක් ය. සෙටබවට පැමිණීමේ මග ය. (කිම තෙපි බමුණු වහුදැ යි)

අථ ඛො තෙ මාණවකා කුපිතා අනත‍්තමනා යෙන ලොහිච‍්චො බ්‍රාහ‍්මණො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ලොහිච‍්චං බ්‍රාහ‍්මණං එතදවොචුං: යග‍්ඝෙ භවං ජානෙය්‍ය සමණො මහාකච‍්චානො බ්‍රාහ‍්මණානං මන‍්තෙ එකංසෙන අපවදති පටික‍්කොසතීති.

ඉක්බිති ඒ මණෙව්වෝ කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු ලෝහිච්ච බමුණු වෙත එළඹියාහු ය. එළඹ ලෝහිච්ච බමුණාට මෙය කීහ; කිම භවත් දන්නේ ද? මහාකච්චාන මහණ බමුණන්ගේ මන්ත්‍රයනට ඒකාන්තයෙන් නින්‍දා කෙරෙයි, දොස් පහළ කෙරෙයි.

එවං වුත‍්තෙ ලොහිච‍්චො බ්‍රාහ‍්මණො කුපිතො අහොසි අනත‍්තමනො. අථ ඛො ලොහිච‍්චස‍්ස බ්‍රාහ‍්මණස‍්ස එතදහොසි: න ඛො පන මෙතං පතිරූපං යොහං අඤ‍්ඤදත්‍ථු මාණවකානං යෙවසුත්‍වා සමණං මහාකච‍්චානං අක‍්කොසෙය්‍යං පරිභාසෙය්‍යං. යන‍්නූනාහං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡෙය්‍යන‍්ති.

මෙසේ කී කල්හි ලෝහිච්ච බමුණු කිපියේ නො සතුටු සිත් ඇත්තේ වි ය. එකල්හි ලෝහිච්ච බමුණුහට මෙබඳු සිතෙක් වි ය: යම්බඳු මම මණෙව්වන්ගෙන් පමණක් අසා මහාකච්චාන මහණහට දොස් නගන්නෙම් නම් පරිභව කරන්නෙම් නම් මෙය මට ඒකාන්තයෙන් සුදුසු නො වේ. මම එළඹ පුළුවුස්නෙම් නම් මැනවැ යි.

අථ ඛො ලොහිච‍්චො බ්‍රාහ‍්මණො තෙහි මාණවකෙහි සද‍්ධිං යෙනායස‍්මා මහාකච‍්චානො තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා මහාකච‍්චානෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ලොහිච‍්චො බ්‍රාහ‍්මණො ආයස‍්මන‍්තං මහාකච‍්චානං එතදවොච.

ඉක්බිති ලෝහිච්ච බමුණු ඒ මණෙව්වන් සමඟ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ලෝහිච්ච බමුණු ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට මෙය කී ය:

ආගමංසු නු ඛ‍්විධ භො කච‍්චාන, අම‍්හාකං සම‍්බහුලා අන‍්තෙවාසිකා කට‍්ඨහාරකා මාණවකාති? ආගමංසු ඛ‍්විධ තෙ බ්‍රාහ‍්මණ සම‍්බහුලා අන‍්තෙවාසිකා කට‍්ඨහාරකා මාණවකාති. අහු පන භොතො කච‍්චානස‍්ස තෙහි මාණවකෙහි සද‍්ධිං කොචි දෙව කථාසල‍්ලාපොති. අහු ඛො මෙ බ්‍රාහ‍්මණ තෙහි මාණවකෙහි සද‍්ධිං කොචිදෙව කථාසල‍්ලාපොති. යථා කථම‍්පන භොතො කච‍්චානස‍්ස තෙහි මාණවකෙහි සද‍්ධිං අහොසි කථාසල‍්ලාපොති? එවං ඛො මෙ බ්‍රාහ‍්මණ තෙහි මාණවකෙහි සද‍්ධිං අහොසි කථා සල‍්ලාපො.

භවත් කච්චානයෙනි, අපගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මණෙව්වෝ මෙහි ආවාහු දැ? යි. බමුණ, තොපගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මණෙව්වෝ මෙහි ආවාහු ය යි. ඒ මණෙව්වන් සමග භවත් කච්චානයන්ගේ කිසියම් කථාසල්ලාපයෙක් වී දැ?යි. බමුණ, ඒ මණෙව්වන් සමග මාගේ කිසියම් කථාසල්ලාපයෙක් වී ය යි. ඒ කෙසේ නම් ඒ මණෙව්වන් සමග භවත් කච්චානයන්ගේ කථාසල්ලාපය වී දැයි. බමුණ, ඒ මණෙව්වන් සමග මාගේ කථාසල්ලාපය මෙසේ වී ය;

සීලුත‍්තමා පුබ‍්බතරා අහෙසුං තෙ බ්‍රාහ‍්මණා, යෙ පුරාණං සරන‍්ති. -පෙ- අඛිලං සබ‍්බභූතෙසු සො මග‍්ගො බ්‍රහ‍්මපත‍්තියාති.

යම් කෙනෙක් පැරණි බමුණු දහම් සිහි කෙරෙත් නම් ඉතා පැරණි වූ ඔහු ශීලය උතුම් කොට ඇත්තෝ වූහ ... සියලු සතුන් කෙරෙහි මොළොක් නම් එය සෙට බවට පැමිණීමේ මඟ යි.

එවං ඛො මෙ බ්‍රාහ‍්මණ තෙහි මාණවකෙහි සද‍්ධිං අහොසි කථාසල‍්ලාපොති:

බමුණ, ඒ මණෙව්වන් සමග මාගේ කථාසල්ලාපය මෙසේ වී ය යි.

අගුත‍්තද‍්වාරොති භවං කච‍්චානො ආහ. කිත‍්තාවතා නු ඛො භො කච‍්චාන, අගුත‍්තද‍්වාරො හොතීති? ඉධ බ්‍රාහ‍්මණ එකච‍්චො චක‍්ඛුනා රූපං දිස‍්වා පියරූපෙ රූපෙ අධිමුච‍්චති, අප‍්පියරූපෙ රූපෙ ව්‍යාපජ‍්ජති, අනුපට‍්ඨිතකායසති ච විහරති පරිත‍්තචෙතසො, තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං නප‍්පජානාති යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා න නිරුජ‍්ඣන‍්ති.

භවත් කච්චානයෝ අගුත්තද්වාර ය යි කියති. භවත් කච්චානයෙනි, කෙතෙකින් අගුත්තද්වාර වේ දැ? යි. බමුණ, මෙහි කිසිවෙක් ඇසින් රූ දැක පියදෑ වූ රූහි ගිජු වෙයි, නොපියදෑ වූ රූහි කිපෙයි. නො එළඹ සිටි කය පිළිබඳ “සිහි ඇත්තේ පරිත්ත (සකිලිටි) සිත් ඇත්තේත් වෙසෙ යි. යම් අරමුණෙක උපන් ඔහුගේ පවිටු අකුසල් දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ නො වෙත් නම් ඒ පිළිබඳ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ නො දනී.

සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය පියරූපෙ ධම‍්මෙ අධිමුච‍්චති, අප‍්පියරූපෙ ධම‍්මෙ ව්‍යාපජ‍්ජති අනුපට‍්ඨිතකායසති ච විහරති පරිත‍්තචෙතසො, තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං නප‍්පජානාති යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. එවං ඛො බ්‍රාහ‍්මණ, අගුත‍්තද‍්වාරො හොතීති.

කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන පිය දෑ වූ දහම්හි ගිජු වූයේ වෙයි. නො පියදෑ වූ දහම්හි කිපෙයි. නො එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ සකිලිටි සිත් ඇත්තේත් වෙසෙයි. යම් අරමුණෙක උපන් ඔහුගේ පවිටු අකුසල් දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ නො වෙත් නම් ඒ පිළිබඳ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ නො දනී. බමුණ, මෙසේ අගුත්තද්වාර වෙ යි.

අච‍්ඡරියං භො කච‍්චාන, අබ‍්භුතං භො කච‍්චාන, යාවඤ‍්චිදං භොතා කච‍්චානෙන අගුත‍්තද‍්වාරොව සමානො අගුත‍්තද‍්වාරොති අක‍්ඛාතො ගුත‍්තද‍්වාරොති භවං කච‍්චානො ආහ. කිත‍්තාවතා නු ඛො භො කච‍්චාන, ගුත‍්තද‍්වාරො හොතීති?

භවත් කච්චානයෙනි, ආශ්චර්‍ය්‍ය යැ, භවත් කච්චානයෙනි, අද්භූත යැ. භවත් කච්චානයන් විසින් යම්තාක් අගුත්තද්වාර වූයෙක් ම අගුත්තද්වාර ය යි පවසන ලද්දේ ය. භවත් කච්චානයෝ ගුත්තද්වාරය යි කියති. භවත් කච්චානයෙනි, කෙතෙකින් ගුත්තද්වාර වේ දැ? යි.

ඉධ බ්‍රාහ‍්මණ, භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා පියරූපෙ රූපෙ නාධිමුච‍්චති, අප‍්පියරූපෙ රූපෙ න ව්‍යාපජ‍්ජති, උපට‍්ඨිතකායසති ච විහරති අප‍්පමාණචෙතසො, තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං පජානාති යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය පියරූපෙ ධම‍්මෙ නාධිමුච‍්චති, අප‍්පියරූපෙ ධම‍්මෙ න ව්‍යාපජ‍්ජති උපට‍්ඨිතකායසති ච විහරති අප‍්පමාණචෙතසො, තඤ‍්ච චෙතො විමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං. යථාභූතං පජානාති, යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. එවං ඛො බ්‍රාහ‍්මණ ගුත‍්තද‍්වාරො හොතීති.

බමුණ, මෙහි මහණ ඇසින් රූ දැක පිය දෑ වූ රූහි නො ගිජු වෙයි. නො පිය දෑ වූ රූහි නො කිපෙයි. එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ අප්‍රමාණ (නිකෙලෙස්) සිතැත්තේත් වෙසෙ යි. යම් අරමුණෙක උපන් ඔහුගේ පවිටු අකුසල් දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ පිළිබඳ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ දනියි. කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන පියදෑ වූ දහම්හි නො ගිජු වූයේ වෙයි. නො පියදෑ වූ දහම්හි නො කිපෙයි. එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ නිකෙලෙස් සිතැත්තේත් වෙසෙයි. යම් අරමුණෙක උපන් ඔහුගේ පවිටු අකුසල් දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ පිළිබඳ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ දනී. බමුණ, මෙසේ ගුත්තද්වාර වේ යි.

අච‍්ඡරියං භො කච‍්චාන අබ‍්භුතං භො කච‍්චාන, යාවඤ‍්චිදං භොතා කච‍්චානෙන ගුත‍්තද‍්වාරොව සමානො ගුත‍්තද‍්වාරොති අක‍්ඛාතො. අභික‍්කන‍්තං භො කච‍්චාන අභික‍්කන‍්තං භො කච‍්චාන, සෙය්‍යථාපි භො කච‍්චාන, නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය, චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තීති: එවමෙව භොතා කච‍්චානෙන අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො.

භවත් කච්චානයෙනි, ආශ්චර්‍ය්‍ය යැ, භවත් කච්චානයෙනි, අද්භූත යැ. භවත් කච්චානයන් විසින් යම්තාක් ගුත්තද්වාර වූයෙක් ම ගුත්තද්වාර ය යි පවසන ලද්දේ ය. භවත් කච්චානයෙනි, ඉතා මැනවි. භවත් කච්චානයෙනි, ඉතා මැනවි. භවත් කච්චානයෙනි, යම්සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් හෝ වැසුම් හරින්නේ ද මංමුළා වූවකුට මඟ හෝ කියන්නේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් ම භවත් කච්චානයන් විසින් නන් අයුරින් දහම් පවසන ලදි.

එසාහං භො කච‍්චාන, තං භගවන‍්තං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භවං කච‍්චානො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතං. යථා ච භවං කච‍්චානො මක‍්කරකටෙ උපාසකකුලානි උපසඞ‍්කමති, එවමෙව ලොහිච‍්චකුලං උපසඞ‍්කමතු. තත්‍ථ යෙ මාණවකා වා මාණවිකා වා භවන‍්තං කච‍්චානං අභිවාදෙස‍්සන‍්ති පච‍්චුට‍්ඨිස‍්සන‍්ති ආසනං වා උදකං වා දස‍්සන‍්ති තෙසං තං භවිස‍්සති දීඝරත‍්තං හිතාය සුඛායාති.

භවත් කච්චානයෙනි, මේ මම ඒ භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ යමි. භවත් කච්චානයෝ, අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරත්වා. භවත් කච්චානයෝ මක්කරකට නුවර උපාසක කුලයන් කරා යම්සේ එළඹෙත් නම් එසෙයින් ම ලෝහිච්ච කුලයට ද එළඹෙත්වා. එහි යම් මණෙව්වෝ හෝ මෙණෙවියෝ හෝ භවත් කච්චානයන් වඳින්නාහු නම් උවැටැන් කරන්නාහු නම් අසුන් හෝ දිය හෝ දෙන්නාහු නම් ඔවුන්ට එය දිගුකලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය යි.