යෙදුමෙන් කියවන්න

වෙරහච‍්චානිසුත‍්තං

1. 13. 10.

1. 13. 10.

වෙරහච‍්චානිසුත‍්තං

වේරහච්චානි සූත්‍රය

133. එකං සමයං ආයස‍්මා උදායී කාමණ‍්ඩායං විහරති තොදෙය්‍යස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අම‍්බවනෙ. අථ ඛො වෙරහච‍්චානිගොත‍්තාය බ්‍රාහ‍්මණියා අන‍්තෙවාසී මාණවකො යෙනායස‍්මා උදායී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා උදායිනා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො තං මාණවකං ආයස‍්මා උදායී ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි සමාදපෙසි සමුත‍්තෙජෙසි සම‍්පහංසෙසි.

133. එක්කලෙක ආයුෂ්මත් උදායි තෙරණුවෝ කාමණ්ඩා නුවර තෝදෙය්‍ය බමුණුගේ අඹවෙනෙහි වැඩවෙසෙති. එකල්හි වේරහච්චානි ගොත් ඇති බැමිණියගේ අතැවැසි මණෙවු ආයුෂ්මත් උදායි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරණුවන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මණෙව්වාට ආයුෂ්මත් උදායි තෙරණුවෝ දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටු කරවූහ.

අථ ඛො සො මාණවකො ආයස‍්මතා උදායිනා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො උට‍්ඨායාසනා යෙන වෙරහච‍්චානිගොත‍්තා බ්‍රාහ‍්මණී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා වෙරහච‍්චානිගොත‍්තං බ්‍රාහ‍්මණිං එතදවොච: යග‍්ඝෙ භොති ජානෙය්‍යාසි; සමණො උදායී ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං, සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙතීති.

ඉක්බිති ඒ මණෙවු ආයුෂ්මත් උදායි තෙරුන් විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන්කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැගිට වේරහච්චානිගොත් බැමිණිය වෙත එළඹියේ ය. එළඹ වේරහච්චානිගොත් බැමිණියට මෙය කී ය. පින්වතිය කිම දන්නෙහි ද? “උදායි ශ්‍රමණයෝ මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත සියල්ල පිරිපුන් පිරිසිදු බඹසර පවසති” යි.

තෙන හි ත්‍වං මාණවක, මම වචනෙන සමණං උදායිං නිමන‍්තෙහි ස‍්වාතනාය භත‍්තෙනාති. එවං භොතීති ඛො සො මාණවකො වෙරහච‍්චානිගොත‍්තාය බ්‍රාහ‍්මණියා පටිස‍්සුත්‍වා යෙනායස‍්මා උදායී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං උදායිං එතදවොච: අධිවාසෙතු කිර භවං උදායි අම‍්හාකං ආචරියභරියාය වෙරහච‍්චානිගොත‍්තාය බ්‍රාහ‍්මණියා ස‍්වාතනාය භත‍්තන‍්ති. අධිවාසෙසි ඛො ආයස‍්මා උදායී තුණ‍්හීභාවෙන.

මණෙව්ව, එසේ වී නම් තෙපි මාගේ වචනයෙන් උදායි මහණහු සෙට පිණිස බතින් පවරවු යි. එසේ ය පින්වතිය යි ඒ මණෙවු තෙමේ වේරහච්චානිගොත් බැමිණියට පිළිවදන් දී ආයුෂ්මත් උදායි තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය සැලකෙළේ ය; “භවත් උදායි තෙරණුවෝ අප ඇදුරු බිරිය වූ වේරහච්චානිගොත් බැමිණියගේ සෙට පිණිස වූ බත ඉවසත්වා යි. ආයුෂ්මත් උදායි තෙරණුවෝ මුවෙන් නො බැණ ඉවසූහ.

අථ ඛො ආයස‍්මා උදායී තස‍්සා රත‍්තියා අච‍්චයෙන පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන වෙරහච‍්චානිගොත‍්තාය බ්‍රාහ‍්මණියා නිවෙසනං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො වෙරහච‍්චානිගොත‍්තා බ්‍රාහ‍්මණී ආයස‍්මන‍්තං උදායිං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙසි සම‍්පවාරෙසි. අථ ඛො වෙරහච‍්චානිගොත‍්තා බ්‍රාහ‍්මණී ආයස‍්මන‍්තං උදායිං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං පාදුකා ආරොහිත්‍වා උච‍්චෙ ආසනෙ නිසීදිත්‍වා සීසං ඔගුණ‍්ඨිතා ආයස‍්මන‍්තං උදායිං එතදවොච: භණ සමණ ධම‍්මන‍්ති. භවිස‍්සති භගිනි සමයොති වත්‍වා උට‍්ඨායාසනා පක‍්කමි.

ඉක්බිති ආයුෂ්මත් උදායි තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන වේරහච්චානිගොත් බැමිණියගේ නිවෙස වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. එකල්හි වේරහච්චානි ගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුණුවන් ප්‍රණීත වූ කෑයුතු බිදිය යුතු දැයින් සියතින් සැතැප්වූ. මැනවින් පැවරවූ. ඉක්බිති වේරහච්චානි ගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුණුවන් වළඳා නිම වූවන් පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තවුන් (දැන) වහන් නැඟී උස්අස්නෙක හිඳ හිස වසා පෙරෙව ගත්තී ආයුෂ්මත් උදායී තෙරුන්ට මහණ “බණ කියනු මැනව” යි මෙය කිවු ය. නැගෙණියෙනි, “(මතු එයට) කාලයෙක් වන්නේ ය” යි වදාරා හුනස්නෙන් නැගිට වැඩියහ.

දුතියම‍්පි ඛො සො මාණවකො යෙනායස‍්මා උදායී තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා උදායිනා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි.

දෙවන වට දු ඒ මණෙවු තෙමේ ආයුෂ්මත් උදායි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරණුවන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය.

එකමන‍්තං නිසින‍්නං ඛො තං මාණවකං ආයස‍්මා උදායී ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි, සමාදපෙසි, සමුත‍්තෙජෙසි, සම‍්පහංසෙසි. දුතියම‍්පි ඛො සො මාණවකො ආයස‍්මතා උදායිනා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො උට‍්ඨායාසනා යෙන වෙරහච‍්චානිගොත‍්තා බ්‍රාහ‍්මණී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා වෙරහච‍්චානිගොත‍්තං බ්‍රාහ‍්මණිං එතදවොච: යග‍්ඝෙ භොති ජානෙය්‍යාසි, සමණො උදායී ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙතීති. එවමෙවං පන ත්‍වං මාණවක සමණස‍්ස උදායිස‍්ස වණ‍්ණං භාසසි. සමණො පනුදායී භණ සමණ ධම‍්මන‍්ති වුත‍්තො සමානො භවිස‍්සති භගිනි සමයොති වත්‍වා උට‍්ඨායාසනා විහාරං පක‍්කන‍්තොති.

එකත්පස් ව හුන් ඒ මණෙවුහට ආයුෂ්මත් උදායි තෙරණුවෝ දැහැමිකතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙදගැන්වූහ. සතුටු කරවූහ. දෙවනවට දු ඒ මණෙවු ආයුෂ්මත් උදායී තෙරුණුවන් විසින් දැහැමිකතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැඟිට වේරහච්චානි ගොත් බැමිණිය වෙත එළඹියේ ය. එළඹ වේරහච්චානිගොත් බැමිණියට මෙය කී ය: පින්වතිය, කිම දන්නෙහි ද? උදායි මහණහු මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත සියල්ල පිරිපුන් පිරිසිදු බඹසර පවසති යි. මණෙව්ව, තෙපි මෙසේ ම උදායි මහණහුගේ ගුණ කියව. උදායි මහණ වනාහි මහණ, බණ කියනු මැනව යි කියන ලදුයේ ම නැගණියෙනි, (එයට) “කලෙක් වන්නේ ය” යි කියා හුනස්නෙන් නැඟිට වෙහෙරට ගියේ යි.

තථා හි පන ත්‍වං භොති පාදුකා ආරොහිත්‍වා උච‍්චෙ ආසනෙ නිසීදිත්‍වා සීසං ඔගුණ‍්ඨිතා එතදවොච: භණ සමණ ධම‍්මන‍්ති, ධම‍්මගරුනො හි තෙ භවන‍්තො ධම‍්මගාරවාති. තෙන හි ත්‍වං මාණවක, මම වචනෙන සමණං උදායිං නිමන‍්තෙහි ස‍්වාතනාය භත‍්තෙනාති. එවං භොතීති ඛො සො මාණවකො වෙරහච‍්චානිගොත‍්තාය බ්‍රාහ‍්මණියා පටිස‍්සුත්‍වා යෙනායස‍්මා උදායී තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං උදායිං එතදවොච:

ඒ එසේම ය. පින්වතිය, තෙපි වහන් නැඟී උස් අස්නෙක හිඳ හිස වසා පෙරෙව මහණ “බණ කියනු මැනවැ” යී මෙය කීහු. ඒ භවත්හු ධර්‍මය ගුරු කොට ඇත්තෝ ධර්‍මයට ගෞරව කරන්නෝ යි. මණෙව්ව එසේ නම් තෙපි මාගේ වචනයෙන් උදායි මහණහු සෙට පිණිස බතින් පවරවු යි. “එසේය පින්වතිය” යි ඒ මණෙවු තෙමේ වේරහච්චානිගොත් බැමිණියට පිළිතුරු දී ආයුෂ්මත් උදායි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරණුවන්ට මෙය සැලකෙළේ ය:

අධිවාසෙසි කිර භවං උදායී අම‍්හාකං ආචරියභරියාය වෙරහච‍්චානිගොත‍්තාය බ්‍රාහ‍්මණියා ස‍්වාතනාය භත‍්තන‍්ති. අධිවාසෙසි ඛො ආයස‍්මා උදායී තුණ‍්හීභාවෙන. අථ ඛො ආයස‍්මා උදායී තස‍්සා රත‍්තියා අච‍්චයෙන පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන වෙරහච‍්චානිගොත‍්තාය බ්‍රාහ‍්මණියා නිවෙසනං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො වෙරහච‍්චානිගොත‍්තා බ්‍රාහ‍්මණී ආයස‍්මන‍්තං උදායිං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙසි, සම‍්පවාරෙසි. අථ ඛො වෙරහච‍්චානිගොත‍්තා බ්‍රාහ‍්මණී ආයස‍්මන‍්තං උදායිං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං පාදුකා ඔරුහිත්‍වා නීචෙ ආසනෙ නිසීදිත්‍වා සීසං විවරිත්‍වා ආයස‍්මන‍්තං උදායිං එතදවොච:

භවත් උදායි තෙරණුවෝ අප ඇදුරුබිරිය වූ වේරහච්චානිගොත් බැමිණියගේ සෙට පිණිස වූ බත ඉවසත්වා යි. ආයුෂ්මත් උදායි තෙරණුවෝ මුවෙන් නො බැණ ඉවසූහ. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන වේරහච්චානිගොත් බැමිණියගේ නිවස වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. එකල්හි වේරහච්චානිගොත් බැමිණිය ආයුෂ්මත් උදායී තෙරහු ප්‍රණීත වූ කෑයුතු බිදියයුතු දැයින් සියතින් සැතැප්වූ. මැනවින් පැවරවූ. ඉක්බිති වේරහච්චානිගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරණුවන් වළඳා නිම වූවන් පාත්‍රයෙන් ඉවත් කළ අත්ඇත්තවුන් (දැන) වහනින් බැස මිටි අස්නෙක හිඳ හිස විවර කොට ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය කිවු ය.

කිස‍්මින‍්නු ඛො භන‍්තෙ, සති අරහන‍්තො සුඛදුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති? කිස‍්මිං අසති අරහන‍්තො සුඛදුක‍්ඛං න පඤ‍්ඤාපෙන‍්තීති? චක‍්ඛුස‍්මිං ඛො භගිනි සති අරහන‍්තො සුඛදුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, චක‍්ඛුස‍්මිං අසති අරහන‍්තො සුඛදුක‍්ඛං න පඤ‍්ඤාපෙන‍්ති -පෙ- ජිව‍්හාය අසති අරහන‍්තො සුඛදුක‍්ඛං න පඤ‍්ඤාපෙන‍්ති කායස‍්මිං -පෙ- මනස‍්මිං සති අරහන‍්තො සුඛදුක‍්ඛං න පඤ‍්ඤාපෙන‍්තීති.

වහන්ස, කුමක් ඇති කල්හි රහත්හු සුවදුක් පනවද්ද? කුමක් නැති කල්හි රහත්හු සුවදුක් නො පනවත් දැ?යි. නැගෙණියෙනි, ඇස ඇති කල්හි රහත්හු සුවදුක් පනවත්. ඇස නැති කල්හි රහත්හු සුවදුක් නො පනවත් ... දිව නැති කල්හි රහත්හු සුවදුක් නො පනවත්. කය ... සිත ඇති කල්හි රහත්හු සුවදුක් පනවත්. සිත නැති කල්හි රහත්හු සුවදුක් නො පනවති යි.

එවං වුත‍්තෙ වෙරහච‍්චානිගොත‍්තා බ්‍රාහ‍්මණී ආයස‍්මන‍්තං උදායිං එතදවොච: අභික‍්කන‍්තං භන‍්තෙ, අභික‍්කන‍්තං භන‍්තෙ, සෙය්‍යථාපි භන‍්තෙ, නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය, චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තීති. එවමෙවං අය්‍යෙන උදායිනා අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං අය්‍ය උදායි තං භගවන‍්තං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසිකං මං අය්‍යො උදායී ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි වේරහච්චානිගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුන්ට මේ කිවු ය. වහන්ස, ඉතා මැනවි. වහන්ස, ඉතා මැනවි. වහන්ස, යම් සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් හෝ විවර කරන්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ඇස් ඇත්තන් රූ දකිති යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසෙයින් ම උදායි ආර්‍ය්‍යයන් විසින් නන්අයුරින් දහම් පවසන ලදි. උදායි, ආර්‍ය්‍යයෙනි, මේ මම ඒ භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ යමි. උදායි ආර්‍ය්‍යයෝ අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උවැසියක කොට දරත්වා යි.

ගහපතිවග‍්ගො තෙරසමො.

තෙළෙස් වැනි ගහපති වර්‍ගයි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

වෙසාලී වජ‍්ජි නාලන්‍දා භාරද‍්වාජ සොණ ච ඝොසිතා හාලිද‍්දකො නකුලපිතා ලොහිච‍්චො වෙරහච‍්චානීති.

වේසාලි, වජ්ජි, නාලන්‍දා, භාරද්වාජ, සෝණ, ඝෝසිත, හාලිද්දක, නකුලපිතු, ලෝහිච්ච, වේරහච්චානි ය යි සූත්‍ර දශයෙකි.