යෙදුමෙන් කියවන්න

දෙවදහසුත‍්තං

1. 14. 1.

1. 14. 1.

දෙවදහසුත‍්තං

දේවදහ සූත්‍රය

134. එකං සමයං භගවා සක‍්කෙසු විහරති දෙවදහං නාම සක්‍යානං නිගමො. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: නාහං භික‍්ඛවෙ සබ‍්බෙසඤ‍්ඤෙව භික‍්ඛූනං ඡසු ඵස‍්සායතනෙසු අප‍්පමාදෙන කරණීයන‍්ති වදාමි. න ච පනාහං භික‍්ඛවෙ, සබ‍්බෙසඤ‍්ඤෙව භික‍්ඛූනං ඡසු ඵස‍්සායතනෙසු නාප‍්පමාදෙන කරණීයන‍්ති වදාමි.

134. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි ශාක්‍යයන්ගේ දේවදහ නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මම සියලු භික්‍ෂූන් විසින් ම ස්පර්‍ශායතන සයෙහි නොපමාව කටයුතු ය යි නො කියමි. මහණෙනි, මම සියලු භික්‍ෂූන් විසින් ම ස්පර්‍ශායතන සයෙහි නො පමාව නො කට යුතු ය යි ද නො කියමි.

යෙ තෙ භික‍්ඛවෙ, භික‍්ඛූ අරහන‍්තො ඛීණාසවා වුසිතවන‍්තො කතකරණීයා ඔහිතභාරා අනුප‍්පත‍්තසදත්‍ථා පරික‍්ඛීණභවසඤ‍්ඤොජනා සම‍්මදඤ‍්ඤා විමුත‍්තා, තෙසාහං භික‍්ඛවෙ, භික‍්ඛූනං ඡසු ඵස‍්සායතනෙසු නාප‍්පමාදෙන කරණීයන‍්ති වදාමි. තං කිස‍්ස හෙතු, කතං තෙසං අප‍්පමාදෙන, අභබ‍්බා තෙ පමජ‍්ජිතුං.

මහණෙනි, රහත් වූ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ (රහත්ඵල) ය ඇති ක්‍ෂය කළ බවබැඳුම් ඇති, මැනවින් දැන මිදුණු යම් ඒ භික්‍ෂූහු වෙත් නම් මහණෙනි, මම ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු ය යි නො කියමි. ඒ කවර හෙයින යත්: ඔවුන් විසින් නො පමාව කරන ලදි. ඔහු පමා වන්නට නුසුදුස්සෝ ය.

යෙ ච ඛො තෙහි භික‍්ඛවෙ, භික‍්ඛූ සෙඛා අප‍්පත‍්තමානසා අනුත‍්තරං යොගක‍්ඛෙමං පත්‍ථයමානා විහරන‍්ති, තෙසාහං භික‍්ඛවෙ, භික‍්ඛූනං ඡසු ඵස‍්සායතනෙසු අප‍්පමාදෙන කරණීයන‍්ති වදාමි. තං කිස‍්ස හෙතුං, සන‍්ති භික‍්ඛවෙ, චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා මනොරමාපි අමනොරමාපි. ත්‍යාස‍්ස ඵුස‍්ස ඵුස‍්ස චිත‍්තං න පරියාදාය තිට‍්ඨන‍්ති. චෙතසො අපරියාදානා ආරද‍්ධං හොති විරියං අසල‍්ලීනං, උපට‍්ඨිතා සති අපම‍්මුට‍්ඨා, පස‍්සද‍්ධො කායො අසාරද‍්ධො, සමාහිතං චිත‍්තං එකග‍්ගං. ඉමං ඛ‍්වාහං භික‍්ඛවෙ, අප‍්පමාදඵලං සම‍්පස‍්සමානො තෙසං භික‍්ඛූනං ඡසු ඵස‍්සායතනෙසු අප‍්පමාදෙන කරණීයන‍්ති වදාමි.

මහණෙනි, යම් ඒ භික්‍ෂූහු ශෛක්‍ෂ වූවාහු නො පැමිණි රහත් බැව් ඇත්තාහු අනුත්තර වූ නිවන පතමින් වෙසෙද්ද, මහණෙනි, මම ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු ය යි කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද ඇසින් දතයුතු රූපයෝ ඇතියහ. ඔහු ඔහුගේ සිත පැහැස පැහැස හාත්පසින් අල්ලා ගෙන නො සිටිත්. සිත හාත්පසින් අල්ලා නො ගැනීමෙන් වෙර අරඹන ලද්දේ නො හැකුළුණේ වෙයි. සිහිය එළඹ සිටියා ය. නො මුළා වූවා ය. කය සන්හිඳුණේ ය. දාහ රහිත ය, සිත සමාධිගත ය. එකඟ ය. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දක්නෙම් ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු යයි කියමි.

සන‍්ති භික‍්ඛවෙ, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා මනොරමාපි අමනොරමාපි -පෙ- සන‍්ති භික‍්ඛවෙ, ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා මනොරමාපි අමනොරමාපි -පෙ- සන‍්ති භික‍්ඛවෙ, ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා මනොරමාපි අමනොරමාපි -පෙ- සන‍්ති භික‍්ඛවෙ, කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා මනොරමාපි අමනොරමාපි -පෙ- සන‍්ති භික‍්ඛවෙ මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා මනොරමාපි අමනොරමාපි. ත්‍යාස‍්ස ඵුස‍්ස ඵුස‍්ස චිත‍්තං න පරියාදාය තිට‍්ඨන‍්ති. චෙතසො අපරියාදානා ආරද‍්ධං හොති විරියං අසල‍්ලීනං, උපට‍්ඨිතා සති අපම‍්මුට‍්ඨා, පස‍්සද‍්ධො කායො අසාරද‍්ධො, සමාහිතං චිත‍්තං එකග‍්ගං. ඉමං ඛ‍්වාහං භික‍්ඛවෙ, අප‍්පමාදඵලං සම‍්පස‍්සමානො තෙසං භික‍්ඛූනං ඡසු ඵස‍්සායතනෙසු අප‍්පමාදෙන කරණීයන‍්ති වදාමීති.

මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද කනින් දතයුතු ශබ්දයෝ ඇතියහ ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ ඇතියහ ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද දිවෙන් දතයුතු රසයෝ ඇතියහ. ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද කයින් දතයුතු පහස්හු ඇතියහ ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද සිතින් දතයුතු දහම්හු ඇතියහ. ඔහු ඔහුගේ සිත පැහැස පැහැස හාත්පසින් අල්ලාගෙන නො සිටිත්. සිත හාත්පසින් අල්ලා නො ගැනීමෙන් වෙර අරඹන ලද්දේ නො හැකුළුණේ වෙයි. සිහිය එළඹ සිටියා ය. නො මුළා වූවා ය. කය සන්හිඳුණේ ය. දාහ රහිත ය. සිත සමාධිගත ය. එකඟ ය. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දක්නෙම් ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු ය යි කියමි යි.