යෙදුමෙන් කියවන්න

ඛණසුත‍්තං

1. 14. 2.

1. 14. 2.

ඛණසුත‍්තං

ඛණ සූත්‍රය

135. ලාභා වො භික‍්ඛවෙ, සුලද‍්ධං වො භික‍්ඛවෙ, ඛණො වො පටිලද‍්ධො බ්‍රහ‍්මචරියවාසාය. දිට‍්ඨා මයා භික‍්ඛවෙ ඡ ඵස‍්සායතනිකා නාම නිරයා. තත්‍ථ යං කිඤ‍්චි චක‍්ඛුනා රූපං පස‍්සති අනිට‍්ඨරූපං යෙව පස‍්සති නො ඉට‍්ඨරූපං අකන‍්තරූපඤ‍්ඤෙව පස‍්සති නො කන‍්තරූපං අමනාපරූපඤ‍්ඤෙව පස‍්සති නො මනාපරූපං. යං කිඤ‍්චි සොතෙන සද‍්දං සුණාති -පෙ- යං කිඤ‍්චි ඝානෙන ගන්‍ධං ඝායති -පෙ- යං කිඤ‍්චි ජිව‍්හාය රසං සායති -පෙ- යං කිඤ‍්චි කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසති -පෙ- යං කිඤ‍්චි මනසා ධම‍්මං විජානාති අනිට‍්ඨරූපඤ‍්ඤෙව විජානාති නො ඉට‍්ඨරූපං අකන‍්තරූපඤ‍්ඤෙව විජානාති නො කන‍්තරූපං අමනාපරූපඤ‍්ඤෙව විජානාති නො මනාපරූපං.

135. මහණෙනි, තොපට ලාභයෙකි, මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි, බඹසර විසුමට සුදුසු අවස්ථාව තොප විසින් ලබන ලද්දේ ය. මහණෙනි, මවිසින් ඡඵස්සායතනික නම් නිරයයෝ දක්නා ලදහ. එහි ඇසින් යම් කිසි රුවක් දකී නම් අනිටු සැහැවි (ස්වභාව) ඇත්තක් ම දකී. ඉටු සැහැවි ඇත්තක් නො දකී. නො කැමති සැහැවි ඇත්තක් ම දකී. කැමති සැහැවි ඇත්තක් නො දකී. නො මනා සැහැවි ඇත්තක් දකී. කනින් යම්කිසි සදක් අසා නම් ... නැහැයෙන් යම්කිසි ගඳක් ගනී නම් ... දිවෙන් යම්කිසි රසක් විඳී නම් ... කයින් යම්කිසි පහසක් පුසී නම් ... සිතින් යම්කිසි දහමක් දනී නම් අනිටු සැහැවි ඇත්තක් ම දනී. ඉටු සැහැවි ඇත්තක් නො දනී. නො කැමති සැහැවි ඇත්තක් ම දනී. කැමති සැහැවි ඇත්තක් නො දනී. නො මනා සැහැවි ඇත්තක් ම දනී. මනා සැහැවි ඇත්තක් නො දනී.

ලාභා වො භික‍්ඛවෙ, සුලද‍්ධං වො භික‍්ඛවෙ, ඛණො වො පටිලද‍්ධො බ්‍රහ‍්මචරියවාසාය. දිට‍්ඨා මයා භික‍්ඛවෙ, ඡ ඵස‍්සායතනිකා නාම සග‍්ගා. තත්‍ථ යං කිඤ‍්චි චක‍්ඛුනා රූපං පස‍්සති ඉට‍්ඨරූපං යෙව පස‍්සති නො අනිට‍්ඨරූපං, කන‍්තරූපඤ‍්ඤෙව පස‍්සති, නො අකන‍්තරූපං, මනාපරූපඤ‍්ඤෙව පස‍්සති නො අමනාපරූපං.

මහණෙනි, තොපට ලාභයකි, මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි. බඹසර විසුමට තොප විසින් සුදුසු අවස්ථාව ලබන ලද්දේ ය. මහණෙනි, මා විසින් ඡඵස්සායතනික නම් ස්වර්‍ගයෝ දක්නා ලදහ. එහි ඇසින් යම්කිසි රුවක් දකී නම් ඉටු සැහැවි ඇත්තක් ම දකී. අනිටු සැහැවි ඇත්තක් නො දකී. කැමති සැහැවි ඇත්තක් ම දකී. නො කැමති සැහැවි ඇත්තක් නො දකී. මනා සැහැවි ඇත්තක් ම දකී. නො මනා සැහැවි ඇත්තක් නො දකී.

යං කිඤ‍්චි සොතෙන සද‍්දං සුණාති -පෙ- යං කිඤ‍්චි ඝානෙන ගන්‍ධං ඝායති -පෙ- යං කිඤ‍්චි ජිව‍්හාය රසං සායති -පෙ- යං කිඤ‍්චි කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසති -පෙ- යං කිඤ‍්චි මනසා ධම‍්මං විජානාති ඉට‍්ඨරූපඤ‍්ඤෙව විජානාති නො අනිට‍්ඨරූපං, කන‍්තරූපඤ‍්ඤෙව විජානාති නො අකන‍්තරූපං, මනාපරූපඤ‍්ඤෙව විජානාති, නො අමනාපරූපං. ලාභා වො භික‍්ඛවෙ, සුලද‍්ධං වො භික‍්ඛවෙ, ඛණො වො පටිලද‍්ධො බ්‍රහ‍්මචරියවාසායාති.

කනින් යම්කිසි සදක් අසා නම් ... නැහැයෙන් යම්කිසි ගඳක් ගනී නම් ... දිවෙන් යම්කිසි රසක් විඳී නම් ... කයින් යම්කිසි පහසක් ඵුසී නම් ... සිතින් යම්කිසි දහමක් දනී නම් ඉටු සැහැවි ඇත්තක් ම දනී. අනිටු සැහැවි ඇත්තක් නොදනී. කැමති සැහැවි ඇත්තක් ම දනී. නො කැමති සැහැවි ඇත්තක් නො දනී. මනා සැහැවි ඇත්තක් ම දනී. නො මනා සැහැවි ඇත්තක් නොදනී. මහණෙනි, තොපට තොපට ලාභයෙකි. මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි. බඹසර විසුමට සුදුසු අවස්ථාව තොප විසින් ලබන ලද්දේ ය යි.