යෙදුමෙන් කියවන්න

සගය‍්හසුත‍්තං

1. 14. 3.

1. 14. 3.

සගය‍්හසුත‍්තං

සගය්හ සූත්‍රය

136. රූපාරාමා භික‍්ඛවෙ දෙවමනුස‍්සා රූපරතා රූපසම‍්මුදිතා. රූපවිපරිණාමවිරාගනිරොධා දුක‍්ඛා භික‍්ඛවෙ දෙවමනුස‍්සා විහරන‍්ති. සද‍්දාරාමා -පෙ- ගන්‍ධාරාමා -පෙ- රසාරාමා -පෙ- ඵොට‍්ඨබ‍්බාරාමා -පෙ- ධම‍්මාරාමා භික‍්ඛවෙ, දෙවමනුස‍්සා ධම‍්මරතා ධම‍්මසම‍්මුදිතා. ධම‍්මවිපරිණාමවිරාගනිරොධා දුක‍්ඛා භික‍්ඛවෙ දෙවමනුස‍්සා විහරන‍්ති.

136. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි ඇලුම් ඇත්තාහු රූපයෙහි ඇලුණාහු රූපයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්. සදෙහි ඇලුම් ඇත්තාහු ... ගඳෙහි ඇලුම් ඇත්තාහු ... රසෙහි ඇලුම් ඇත්තාහු ... පහස්හි ඇලුම් ඇත්තාහු ... මහණෙනි, දෙවිමිනිස්සු දහම් අරමුණෙහි ඇලුම් ඇත්තාහු දහම්හි ඇලුණාහු දහම්හි සතුටු වූවාහු වෙත්. මහණෙනි, දෙවිමිනිස්සු දහම්හි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්.

තථාගතො ච ඛො භික‍්ඛවෙ අරහං සම‍්මාසම‍්බුද‍්ධො රූපානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා න රූපාරාමො න රූපරතො න රූපසම‍්මුදිතො. රූපවිපරිණාමවිරාගනිරොධා සුඛො භික‍්ඛවෙ තථාගතො විහරති. සද‍්දානං -පෙ- ගන්‍ධානං -පෙ- රසානං -පෙ- ඵොට‍්ඨබ‍්බානං -පෙ- ධම‍්මානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා න ධම‍්මාරාමො න ධම‍්මරතො න ධම‍්මසම‍්මුදිතො. ධම‍්මවිපරිණාමවිරාගනිරොධා සුඛො භික‍්ඛවෙ තථාගතො විහරතීති. ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

මහණෙනි, අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගත තෙමේ රූපයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන රූපයෙහි ඇලුම් නැත්තේ රූපයෙහි නො ඇලුණේ රූපයෙහි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ රූපයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි. ශබ්දයන්ගේ ... ගන්‍ධයන්ගේ ... රසයන්ගේ ... ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ ... ධර්‍මයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන දහම් අරමුණෙහි ඇලුම් නැත්තේ දහම්හි නො ඇලුණේ දහම්හි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ ධර්‍මයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙසේ පවසා යළි මතු ද මෙය වදාළ සේක:

රූපා සද‍්දා රසා ගන්‍ධා ඵස‍්සා ධම‍්මා ච කෙවලා ඉට‍්ඨා කන‍්තා මනාපා ච යාවතත්‍ථිති වුච‍්චති.

ඉටු කැමති මනවඩන සියලු රූ සද ගඳ පහස් දහම්හු යම් තාක් ඇතැ යි කියනු ලැබේ ද,

සදෙවකස‍්ස ලොකස‍්ස එතෙ වො සුඛසම‍්මතා යත්‍ථ චෙතො නිරුජ‍්ඣන‍්ති තං තෙසං දුක‍්ඛසම‍්මතං.

දෙවියන් සහිත ලෝවැස්සා විසින් මොහු සුව යයි සම්මතයහ. යම් තැනෙක මොහු නිරුද්ධ වෙද්ද එය ඔවුන් විසින් දුක් යයි සම්මත ය.

සුඛන‍්ති දිට‍්ඨමරියෙභි සක‍්කායස‍්සුපරොධනං පච‍්චනීකමිදං හොති සබ‍්බලොකෙන පස‍්සතං

සක්කායයාගේ වැලැක්ම සුව යයි ආර්‍ය්‍යන් විසින් දක්නා ලදි. දක්නවුන්ගේ මෙය (නුවණැත්තන්ගේ මේ දර්‍ශනය) මුළුලෝකයා හා විරුද්ධ වේ.

යං පරෙ සුඛතො ආහු තදරියා ආහු දුක‍්ඛතො යං පරෙ දුක‍්ඛතො ආහු තදරියා සුඛතො විදූ.

අන්හු යම්ක් සුව විසින් කියද්ද ආර්‍ය්‍යයෝ එය දුක් විසින් කියත්. අන්හු යමක් දුක් විසින් කියද්ද ආර්‍ය්‍යයෝ එය සුව විසින් දනිත්.

පස‍්ස ධම‍්මං දුරාජානං සම‍්මූළ‍්හෙත්‍ථ අවිද‍්දසු නිවුතානං තමො හොති අන්‍ධකාරො අපස‍්සතං.

දැනීමට දුෂ්කර වූ දහම දකිවු. මෙහි ලා නුවණ නැත්තේ මුළා වූයේ වෙයි. කෙලෙසුන්ගෙන් වැසුණු නොදක්නවුන්ට (ඒ දහම) ගනඳුරෙක් වෙයි.

සතඤ‍්ච විවටං හොති ආලොකො පස‍්සතාමිච සන‍්තිකෙ න විජානන‍්ති මගා ධම‍්මස‍්ස අකොවිදා.

දක්නා සත්පුරුෂයන්ට එළියක් මෙන් විවර වූයේ වෙයි. දහම්හි අදක්‍ෂ වූ (ඒ) මෘගයෝ ළඟ වූ ද (ඒ දහම) නො දනිත්.

භවරාගපරෙතෙහි භවසොතානුසාරිහි මාරධෙය්‍යානුපන‍්නෙහි නායං ධම‍්මො සුසම‍්බුධො.

භවරාගයෙන් මැඩුණු භවස්‍රෝතස අනුව යන මාරධෙය යි කියන ලද සසරවට පැමිණියවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ කට හැක්කේ නො වෙයි.

කො නු අඤ‍්ඤත්‍ර මරියෙභි පදං සම‍්බුද‍්ධමරහති. යම‍්පදං සම‍්මදඤ‍්ඤාය පරිනිබ‍්බන‍්ති අනාසවාති.

යම් නිර්‍වාණ පදයක් මනානුවණින් දැන කෙලෙස් රහිත ව පිරිනිවෙද්ද ඒ නිවන්පදය අවබෝධ කරන්නට රහතුන් හැර අන් කවරෙක් සුදුසු වේ දැ යි.