ගය්හසුත්තං
1. 14. 4.
1. 14. 4.
ගය්හසුත්තං
ගය්හ සූත්රය
137. රූපාරාමා භික්ඛවෙ දෙවමනුස්සා රූපරතා රූපසම්මුදිතා. රූපවිපරිණාමවිරාගනිරොධා දුක්ඛා භික්ඛවෙ දෙවමනුස්සා විහරන්ති. සද්දාරාමා -පෙ- ගන්ධාරාමා -පෙ- රසාරාමා -පෙ- ඵොට්ඨබ්බාරාමා -පෙ- ධම්මාරාමා භික්ඛවෙ දෙවමනුස්සා ධම්මරතා ධම්මසම්මුදිතා. ධම්මවිපරිණාම විරාගනිරොධා දුක්ඛා භික්ඛවෙ දෙවමනුස්සා විහරන්ති.
137. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි ඇලුම් ඇත්තාහු රූපයෙහි ඇලුණාහු රූපයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු රූපයාගේ වෙනස් වීමෙන් නො ඇල්මෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්. ශබ්දයෙහි ඇලුම් ඇත්තාහු ... ගන්ධයෙහි ඇලුම් ඇත්තාහු ... රසයෙහි ඇලුම් ඇත්තාහු ... ස්ප්රෂ්ටව්යයෙහි ඇලුම් ඇත්තාහු ... මහණෙනි, දෙවිමිනිස්සු ධර්මයෙහි ඇලුම් ඇත්තාහු ධර්මයෙහි ඇලුණාහු ධර්මයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු ආරම්මණ ධර්මයන්ගේ වෙනස් වීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්.
තථාගතො භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො රූපානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා න රූපාරාමො න රූපරතො න රූපසම්මුදිතො. රූපවිපරිණාමවිරාගනිරොධා සුඛො භික්ඛවෙ තථාගතො විහරති -පෙ- සද්දානං -පෙ- ගන්ධානං -පෙ- රසානං -පෙ- ඵොට්ඨබ්බානං -පෙ- ධම්මානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා න ධම්මාරාමො න ධම්මරතො න ධම්මසම්මුදිතො. ධම්මවිපරිණාමවිරාගනිරොධා සුඛො භික්ඛවෙ තථාගතො විහරතීති.
මහණෙනි, අර්හත් සම්මාසම්බුද්ධ වූ තථාගත තෙමේ රූපයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන රූපයෙහි ඇලුම් නැත්තේ රූපයෙහි නො ඇලුණේ රූපයෙහි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ රූපයන්ගේ වෙනස් වීමෙන් නො ඇල්මෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි ... ශබ්දයන්ගේ ... ගන්ධයන්ගේ ... රසයන්ගේ ... ස්ප්රෂ්ටව්යයන්ගේ ... ධර්මයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන ධර්මයෙහි ඇලුම් නැත්තේ ධර්මයෙහි නො ඇලුණේ ධර්මයෙහි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ ධර්මයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසේ යි.