පලාස සුත්තං
1. 14. 5.
1. 14. 5.
පලාස සුත්තං
පලාස සූත්රය
138. යං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. කිඤ්ච භික්ඛවෙ න තුම්හාකං? චක්ඛුං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා න තුම්හාකං තං පජහථ. සා වො පහීනා හිතාය සුඛාය භවිස්සති. කායො න තුම්හාකං -පෙ- මනො න තුම්හාකං, තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස්සති.
138. මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, කිමෙක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, ඇස තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. කන ... නැහැය ... දිව තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. කය තොපගේ නො වෙයි. ... සිත තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
සෙය්යථාපි භික්ඛවෙ යං ඉමස්මිං ජෙතවනෙ තිණකට්ඨසාඛාපලාසං, තං ජනො හරෙය්ය වා ඩහෙය්ය වා යථාපච්චයං වා කරෙය්ය, අපි නු තුම්හාකං එවමස්ස, අම්හෙ ජනො හරති වා ඩහති වා යථාපච්චයං වා කරොතීති. නො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු? න හි නො එතං භන්තෙ අත්තා වා අත්තනියං වාති. එවමෙව ඛො භික්ඛවෙ චක්ඛු න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො න තුම්හාකං, තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස්සති.
මහණෙනි, යම්සේ මේ ජේතවනයෙහි යම් තණ දැව අතු කොළ වේ ද, ජන තෙමේ එය හරනේ හෝ දවන්නේ හෝ යම් කැමති පරිද්දක් කරන්නේ හෝ වේ ද, ජන තෙමේ අප ගෙන ය යි හෝ දවයි හෝ යම් කැමති පරිද්දක් කරයි හෝ යි තොපට මෙබඳු සිතෙක් වන්නේ දැ යි. වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස, මෙය අපගේ ආත්මය (තමා) හෝ ආත්මීය (තමා පිළිබඳ දැයෙක්) හෝ නො වේ (එහෙයිනි) යි. මහණෙනි, එසෙයින්ම ඇස තොපගේ නො වේ. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. කන ... නැහැය ... දිව ... කය ... සිත තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.