දුතියපලාසසුත්තං
1. 14. 6.
1. 14. 6.
දුතියපලාසසුත්තං
දුතිය පලාස සූත්රය
139. යං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. කිඤ්ච භික්ඛවෙ න තුම්හාකං? රූපා භික්ඛවෙ න තුම්හාකං, තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස්සන්ති. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා න තුම්හාකං, තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස්සන්තීති.
139. මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, කිමෙක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, රූ තොපගේ නො වෙයි. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. සද ... ගඳ ... රස ... පහස් ... දහම් තොපගේ නො වෙයි. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
සෙය්යථාපි භික්ඛවෙ යං ඉමස්මිං ජෙතවනෙ තිණකට්ඨසාඛාපලාසං, තං ජනො හරෙය්ය වා ඩහෙය්ය වා යථාපච්චයං වා කරෙය්ය, අපි නු තුම්හාකං එවමස්ස: අම්හෙ ජනො හරති වා ඩහති වා යථාප්පච්චයං වා කරොතීති. නො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු? න හි නො එතං භන්තෙ අත්තා වා අත්තනියං වාති. එවමෙව ඛො භික්ඛවෙ රූපා න තුම්හාකං, තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස්සති සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා න තුම්හාකං, තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස්සන්තීති.
මහණෙනි, යම්සේ මේ ජේතවනයෙහි යම් තණ දැව අතු කොළ වේ ද, ජනයා එය හරනේ හෝ දවන්නේ හෝ යම් කැමති පරිද්දක් කරන්නේ හෝ වේ ද, ජනයා අප ගෙන යයි හෝ දවයි හෝ යම් කැමති පරිද්දක් කරයි හෝ යි තොපට මෙබඳු සිතෙක් වන්නේ දැ යි. වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස, මෙය අපට ආත්ම (තමා) හෝ ආත්මීය (තමා ගේ දැයෙක්) හෝ නො වේ (එහෙයිනි) යි. මහණෙනි, එසෙයින්ම රූ තොපගේ නො වේ. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. සද ... ගඳ ... රස ... පහස් ... දහම් තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.