අජ‍්ඣත‍්තඅනිච‍්චසුත‍්තං
1. 14. 7.
1. 14. 7.
අජ‍්ඣත‍්තඅනිච‍්චසුත‍්තං
අජ්ඣත්ත අනිච්ච සූත්‍රය
140. චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං. යොපි හෙතු යොපි පච‍්චයො චක‍්ඛුස‍්ස උප‍්පාදාය, සොපි අනිච‍්චො. අනිච‍්චසම‍්භූතං භික‍්ඛවෙ චක‍්ඛුං කුතො නිච‍්චං භවිස‍්සති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා අනිච‍්චා. යොපි හෙතු යොපි පච‍්චයො ජිව‍්හාය උප‍්පාදාය සොපි අනිච‍්චො. අනිච‍්චසම‍්භූතා භික‍්ඛවෙ, ජිව‍්හා කුතො නිච‍්චා භවිස‍්සති. කායො -පෙ- මනො අනිච‍්චො. යොපි හෙතු යොපි පච‍්චයො මනස‍්ස උප‍්පාදාය, සොපි අනිච‍්චො. අනිච‍්චසම‍්භූතො භික‍්ඛවෙ, මනො කුතො නිච‍්චො භවිස‍්සති.
140. මහණෙනි, ඇස අනිත්‍ය ය. ඇස හටගැනීමට යමකුත් හේතු වේ නම් යමකුත් ප්‍රත්‍යය වේ නම් ඒද අනිත්‍ය ය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් ඇස කවර හෙයින් නිත්‍ය වන්නේ ද? කන ... නැහැය ... දිව අනිත්‍ය ය. දිව හටගැන්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනිත්‍ය ය. මහණෙනි, අනිත්‍ය හෙයින් හටගත් දිව කවර හෙයින් නිත්‍ය වන්නේ ද? කය ... සිත අනිත්‍ය ය. සිත හටගැන්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනිත්‍ය ය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් සිත කවර හෙයින් නිත්‍ය වන්නේ ද?
එවං භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, සොතස‍්මිම‍්පි -පෙ- ඝානස‍්මිම‍්පි -පෙ- ජිව‍්හායපි -පෙ- කායස‍්මිම‍්පි -පෙ- මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා උගත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි. කනෙහිත් ... නැහැයෙහිත් ... දිවෙහිත් ... කයෙහිත් ... සිතෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කට යුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.