යෙදුමෙන් කියවන්න

සංවරසුත‍්තං

1. 10. 5.

1. 10. 5.

සංවරසුත‍්තං

සංවර සූත්‍රය

98. සංවරඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අසංවරඤ‍්ච. තං සුණාථ. කථඤ‍්ච භික‍්ඛවෙ අසංවරො හොති? සන‍්ති භික‍්ඛවෙ චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති, වෙදිතබ‍්බමෙතං භික‍්ඛවෙ භික‍්ඛුනා පරිහායාමි කුසලෙහි ධම‍්මෙහි, පරිහානං හෙතං වුත‍්තං භගවතාති.

98. මහණෙනි තොපට සංවරයත් අසංවරයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි කෙසේ නම් අසංවර වේ ද යත්: මහණෙනි ඉටු වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇස්විනැණින් දතයුතු රූ ඇති. ඉදින් මහණ තෙමේ එය පතා නම් ගුණ කියා නම් ගැලී සිටී නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් පිරිහෙමි. මේ පරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දතයුතු ය.

සන‍්ති භික‍්ඛවෙ සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හා විඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා -පෙ- සන‍්ති භික‍්ඛවෙ මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති, වෙදිතබ‍්බමෙතං භික‍්ඛවෙ භික‍්ඛුනා, පරිහායාමි කුසලෙහි ධම‍්මෙහි. පරිහානං හෙතං වුත‍්තං භගවතාති. එවං ඛො භික‍්ඛවෙ අසංවරො හොති.

මහණෙනි සෝතවිඤ්ඤාණයෙන් (කනවිනැණින්) දත යුතු සද ඇත … ඝාණවිඤ්ඤාණයෙන් (නැහැවිනැණැන්) දතයුතු ගඳ … ජිව්හාවිඤ්ඤාණයෙන් (දිව්විනැණින්) දතයුතු රස … කායවිඤ්ඤාණයෙන් දත යුතු පහස් … මහණෙනි ඉටු කමනීය මනවඩන ප්‍රිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු මනෝවිඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා නම් ගුණ කියා නම් ගැලී සිටි නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල්දහමින් පිරිහෙමි. මෙය පරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ අසංවර වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ සංවරො හොති? සන‍්ති භික‍්ඛවෙ චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු නාභිනන්‍දති නාභිවදති නාජ‍්ඣොසාය තිට‍්ඨති. වෙදිතබ‍්බමෙතං භික‍්ඛවෙ භික‍්ඛුනා, න පරිහායාමි කුසලෙහි ධම‍්මෙහි. අපරිහානං හෙතං වුත‍්තං භගවතා ති.

මහණෙනි කෙසේ නම් සංවරය වේ ද යත්: මහණෙනි ඉටු කමනීය මනවඩන ප්‍රියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇස්විනැණින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා නම් ගුණ නො කියා නම් ගැලී නො සිටී නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල්දහමින් නො පිරිහෙමි. මෙය අපරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලදැ” යි මෙය දත යුතු ය.

සන‍්ති භික‍්ඛවෙ සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා -පෙ- සන‍්ති භික‍්ඛවෙ මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු නාභිනන්‍දති නාභිවදති නාජ‍්ඣොසාය තිට‍්ඨති. වෙදිතබ‍්බමෙතං භික‍්ඛවෙ භික‍්ඛුනා, න පරිහායාමි කුසලෙහි ධම‍්මෙහි. අපරිහානං හෙතං වුත‍්තං භගවතා ති. එවං ඛො භික‍්ඛවෙ සංවරො හොතී ති.

මහණෙනි ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුතු සද ඇත ....... ඝ්‍රාණවිඥානයෙන් (නැහැවිනැණින්) දත යුතු ගඳ … ජිහ්වාවිඥානයෙන් දත යුතු රස … කාවිනැණින් දත යුතු පහස් … මහණෙනි ඉටු කමනීය මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු මනවිනැණින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා නම් ගුණ නො කියා නම් ගැලී නො සිටී නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල්දහමින් නො පිරිහෙමි. මේ අපරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ සංවර වේ යි.