යෙදුමෙන් කියවන්න

පඤ‍්චමසක‍්කසුත‍්තං

6. 1. 14.

6. 1. 14.

පඤ‍්චමසක‍්කසුත‍්තං

පංචම සක්ක සූත්‍රය

361. අථ ඛො සක‍්කො දෙවානමින්‍දො පඤ‍්චහි දෙවතාසතෙහි සද‍්ධිං යෙනායස‍්මා මහාමොග‍්ගල‍්ලානො තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං ඨිතං ඛො සක‍්කං දෙවානමින්‍දං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො එතදවොච: සාධු ඛො දෙවානමින්‍ද බුද‍්ධං සරණගමනං හොති. බුද‍්ධං සරණගමනහෙතු ඛො දෙවානමින්‍ද, එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති: දිබ‍්බෙන ආයුනා, දිබ‍්බෙන වණ‍්ණෙන, දිබ‍්බෙන සුඛෙන, දිබ‍්බෙන යසෙන, දිබ‍්බෙන ආධිපතෙය්‍යෙන, දිබ‍්බෙහි රූපෙහි, දිබ‍්බෙහි සද‍්දෙහි, දිබ‍්බෙහි ගන්‍ධෙහි, දිබ‍්බෙහි රසෙහි, දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහි.

361. ඉක්බිති සක් දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. ... එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ: දේවානමින්‍ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙත්.

සාධු ඛො දෙවානමින්‍ද ධම‍්මං සරණගමනං හොති. ධම‍්මං සරණගමනහෙතු ඛො දෙවානමින්‍ද එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති: දිබ‍්බෙන ආයුනා, දිබ‍්බෙන වණ‍්ණෙන, දිබ‍්බෙන සුඛෙන, දිබ‍්බෙන යසෙන, දිබ‍්බෙන ආධිපතෙය්‍යෙන, දිබ‍්බෙහි රූපෙහි, දිබ‍්බෙහි සද‍්දෙහි, දිබ‍්බෙහි ගන්‍ධෙහි, දිබ‍්බෙහි රසෙහි, දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහි.

දේවානමින්‍ද, දහම් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ දහම් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සග ලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙත්.

සාධු ඛො දෙවානමින්‍ද සඞ‍්ඝං සරණගමනං හොති. සඞ‍්ඝං සරණගමනහෙතු ඛො දෙවානමින්‍ද එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති: දිබ‍්බෙන ආයුනා, දිබ‍්බෙන වණ‍්ණෙන, දිබ‍්බෙන සුඛෙන, දිබ‍්බෙන යසෙන, දිබ‍්බෙන ආධිපතෙය්‍යෙන, දිබ‍්බෙහි රූපෙහි, දිබ‍්බෙහි සද‍්දෙහි, දිබ‍්බෙහි ගන්‍ධෙහි, දිබ‍්බෙහි රසෙහි, දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහි.

දේවානමින්‍ද, සඟුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙත්.

සාධු ඛො මාරිස මොග‍්ගල‍්ලාන බුද‍්ධං සරණගමනං හොති. බුද‍්ධං සරණගමනහෙතු ඛො මාරිස මොග‍්ගල‍්ලාන එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති: දිබ‍්බෙන ආයුනා -පෙ- දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහි. සාධු ඛො මාරිස මොග‍්ගල‍්ලාන ධම‍්මං සරණගමනං හොති -පෙ- සාධු ඛො මාරිස මොග‍්ගල‍්ලාන සඞ‍්ඝං සරණගමනං හොති. සඞ‍්ඝං සරණගමනහෙතු ඛො මාරිස මොග‍්ගල‍්ලාන එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති: දිබ‍්බෙන ආයුනා, දිබ‍්බෙන වණ‍්ණෙන, දිබ‍්බෙන සුඛෙන, දිබ‍්බෙන යසෙන, දිබ‍්බෙන ආධිපතෙය්‍යෙන, දිබ‍්බෙහි රූපෙහි, දිබ‍්බෙහි සද‍්දෙහි, දිබ‍්බෙහි ගන්‍ධෙහි, දිබ‍්බෙහි රසෙහි, දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහීති.

නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි. ... නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙතියි.