6. මොග්ගල්ලානසංයුත්තං අට්ඨකථා
6. මොග්ගල්ලාන සංයුක්තය
1-8. සවිතක්කසුත්තාදිවණ්ණනා
1-8. සවිතක්ක ආදි සූත්‍ර වර්ණනා
මොග්ගල්ලානසංයුත්තෙ කාමසහගතාති පඤ්චනීවරණසහගතා. තස්ස හි පඨමජ්ඣානවුට්ඨිතස්ස පඤ්ච නීවරණානි සන්තතො උපට්ඨහිංසු. තෙනස්ස තං පඨමජ්ඣානං හානභාගියං නාම අහොසි. තං පමාදං ඤත්වා සත්ථා “මා පමාදො”ති ඔවාදං අදාසි. දුතියජ්ඣානාදීසුපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො. ආරම්මණසහගතමෙව හෙත්ථ “සහගත”න්ති වුත්තං.
මොග්ගල්ලාන සංයුත්තයෙහි - කාම සහ ගතා = නීවරණ පස සමග එකට යෙදුණු ප්‍රථම ධ්‍යානයෙන් නැඟී සිටි ඔහුට වනාහී නීවරණ පස නිතර එළඹ සිටියේය. එහෙයින් ඔහුට ප්‍රථම ධ්‍යානය පරිහානිගාමී විය. ඒ ප්‍රමාදය දැක ශාස්තෲන් වහන්සේ ඔහුට ප්‍රමාද නොවන්නැයි අවවාද දුන්හ. ද්විතීය ධ්‍යාන ආදියෙහි ද මේ පිළිවෙළින්ම අරුත් දත යුත්තේය. අරමුණ සමග එක්වීම යන අදහස සඳහා ම මෙහිදී “එක්වීම (සහගත)” යයි කියන ලදී.
9. අනිමිත්තසුත්තවණ්ණනා
9. අනිමිත්ත සූත්‍ර වර්ණනාව
අනිමිත්තං චෙතොසමාධින්ති නිච්චනිමිත්තාදීනි පහාය පවත්තං විපස්සනාසමාධිංයෙව සන්ධායෙතං වුත්තන්ති. නිමිත්තානුසාරි විඤ්ඤාණං හොතීති එවං ඉමිනා විපස්සනාසමාධිවිහාරෙන විහරතො විපස්සනාඤාණෙ තික්ඛෙ සූරෙ වහමානෙ. යථා නාම පුරිසස්ස තිඛිණෙන ඵරසුනා රුක්ඛං ඡින්දන්තස්ස “සුට්ඨු වත මෙ ඵරසු වහතී”ති ඛණෙ ඛණෙ ඵරසුධාරං ඔලොකෙන්තස්ස ඡෙජ්ජකිච්චං න නිප්ඵජ්ජති, එවං ථෙරස්සාපි “සූරං වත මෙ හුත්වා ඤාණං වහතී”ති විපස්සනං ආරබ්භ නිකන්ති උප්පජ්ජති. අථ විපස්සනාකිච්චං සාධෙතුං නාසක්ඛි. තං සන්ධාය වුත්තං “නිමිත්තානුසාරි විඤ්ඤාණං හොතී”ති. සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහාසින්ති සබ්බෙසං නිච්චසුඛඅත්තනිමිත්තානං අමනසිකාරෙන අනිමිත්තං වුට්ඨානගාමිනිවිපස්සනාසම්පයුත්තං චෙතොසමාධිං නිබ්බානාරම්මණං උපරිමග්ගඵලසමාධිං උපසම්පජ්ජ විහාසිං.
අනිමිත්තං චෙතො සමාධිං = නිතර පවත්නා නිමිති ආදිය අත්හැර, පවත්නා විදර්ශනා සමාධිය ම සඳහා මෙය කියන ලදී. නිමිත්තානුසාරි විඤ්ඤාණං හොති = මෙසේ මේ විදර්ශනා සමාධි විහරණයෙන් වසනා තෙරුන් හට (තමා) තියුණු සියුම් විදර්ශනා ඥානය දරන කල්හි “ශූර භාවය ඇති වී (විදර්ශනාවට යොමු වූ) ඥානය තමා තුළ පවතීය” යි සිතී විදර්ශනාව අරභයා තෘෂ්ණාව උපදී. කෙසේද යත්: - යම් සේ රුකක් සිඳ දැමීමට තියුණු පොරවක් දරන පුරුෂයා තමා එය මනාව දරා සිටී යයි සිතමින් ක්ෂණයක් පාසා තමා දරා සිටින පොරව දෙස බලයි ද, එවිට ගස කැපීමේ කාර්යය මනාව සිදු නොවන්නාක් මෙනි. ඉක්බිති විදර්ශනා කෘත්‍යය සිදු කිරීමට නො හැකි වේ. ඒ සඳහා “නිමිත්තානු සාරී විඤ්ඤාණං හොති” (හෙවත් නිමිත්ත අනුව යන විඤ්ඤාණය ඇති වේ) යයි කියන ලදී. සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතො සමාධිං උපසම්පජ්ජ විහාසිං = නිත්‍ය සැප සහිත වූ ආත්මයක් පිළිබඳ සියලු ම නිමිති මෙනෙහි නො කිරීමෙන් උසස් තත්ත්වයට පමුණු වන. විදර්ශනාවෙන් යුක්ත, චිත්ත සමාධිය වූ, නිවන අරමුණු කරගත් ඉහළ ම මාර්ග ඵල සමාධියට පැමිණ වාසය කෙළෙමි.
10-57. සක්කසුත්තාදිවණ්ණනා
10-57. සක්ක ආදි සූත්‍ර වර්ණනා
අවෙච්චප්පසාදෙනාති අචලප්පසාදෙන. දසහි ඨානෙහීති දසහි කාරණෙහි. අධිගණ්හන්තීති අභිභවන්ති, අතික්කමිත්වා තිට්ඨන්ති. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
අවෙච්චප්පසාදෙන = නො සැලෙන පැහැදීමෙන් දසහි ඨානෙහි = දස වැදෑරුම් කරුණුවලින් අධිගණහන්ති = මැඩ පවත්වති. ඉක්මවා සිටිති. සෙස්ස පහසු අරුත් සහිත වේමය.
මොග්ගල්ලානසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
මොග්ගල්ලාන සංයුත්තය සමාප්තයි.