නෙවසඤ්ඤානාසඤ්ඤායතනසුත්තං
6. 1. 8.
6. 1. 8.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනසුත්තං
නේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්‍රය
355. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති වුච්චති. කතමං නු ඛො නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි: ඉධ භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති. සො ඛ්වාහං ආවුසො සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
355. නේවසඤ්ඤානාසඤ්ඤායතනය නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි කියනු ලැබේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේ නම් මෙය නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ආකිඤ්චඤ්ඤායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
අථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්‍රාහ්මණ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පමාදො, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ චිත්තං සණ්ඨපෙහි, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ චිත්තං එකොදිං කරොහි, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ චිත්තං සමාදහාති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මා වදමානො වදෙය්ය -පෙ- මහාභිඤ්ඤතං පත්තොති.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නහමක් වරදව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත මැනවින් තබව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසුකාලයෙහි සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.