අනිමිත‍්තසුත‍්තං
6. 1. 9.
6. 1. 9.
අනිමිත‍්තසුත‍්තං
අනිමිත්ත සූත්‍රය
356. අනිමිත‍්තො චෙතොසමාධි අනිමිත‍්තො චෙතොසමාධීති වුච‍්චති. කතමො නු ඛො අනිමිත‍්තො චෙතොසමාධීති. තස‍්ස මය‍්හං ආවුසො එතදහොසි: ‘ඉධ භික‍්ඛු සබ‍්බනිමිත‍්තානං අමනසිකාරා අනිමිත‍්තං චෙතොසමාධිං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති අනිමිත‍්තො චෙතොසමාධී’ති. සො ඛ‍්වාහං ආවුසො සබ‍්බනිමිත‍්තානං අමනසිකාරා අනිමිත‍්තං චෙතොසමාධිං උපසම‍්පජ‍්ජ විහරාමි. තස‍්ස මය‍්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො නිමිත‍්තානුසාරි විඤ‍්ඤාණං හොති.
356. අනිමිත්ත චේතෝ සමාධිය අනිමිත්ත චේතෝ සමාධිය යි කියනු ලැබේ. අනිමිත්ත චේතෝ සමාධිය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය. මෙහි මහණ තෙමේ සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ වෙසේ නම් මෙය අනිමිත්ත චේතෝ සමාධිය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මාගේ විඤ්ඤාණය නිමිති අනුව හැසිරෙනසුලු වෙයි.
අථ ඛො මං ආවුසො භගවා ඉද‍්ධියා උපසඞ‍්කමිත්‍වා එතදවොච: මොග‍්ගල‍්ලාන මොග‍්ගල‍්ලාන, මා බ්‍රාහ‍්මණ, අනිමිත‍්තං චෙතොසමාධිං පමාදො, අනිමිත‍්තෙ චෙතොසමාධිස‍්මිං චිත‍්තං සණ‍්ඨපෙහි, අනිමිත‍්තෙ චෙතොසමාධිස‍්මිං චිත‍්තං එකොදිං කරොහි, අනිමිත‍්තෙ චෙතොසමාධිස‍්මිං චිත‍්තං සමාදහාති. සො ඛ‍්වාහං ආවුසො අපරෙන සමයෙන සබ‍්බනිමිත‍්තානං අමනසිකාරා අනිමිත‍්තං චෙතොසමාධිං උපසම‍්පජ‍්ජ විහාසිං. යං හි තං ආවුසො, සම‍්මා වදමානො වදෙය්‍ය සත්‍ථාරානුග‍්ගහිතො සාවකො මහාභිඤ‍්ඤතං පත‍්තොති, මමං තං සම‍්මා වදමානො වදෙය්‍ය සත්‍ථාරානුග‍්ගහිතො සාවකො මහාභිඤ‍්ඤතං පත‍්තොති.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, අනිමිත්ත චේතෝ සමාධිය නහමක් වරදව. අනිමිත්ත චේතෝ සමාධියෙහි සිත මැනවින් තබව. අනිමිත්ත චේතෝ සමාධියෙහි සිත එකඟ කරව. අනිමිත්ත චේතෝ සමාධියෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය” යි ඒ යමෙකු සඳහා කියන්නේ නම් මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.