සක්කසුත්තං
6. 1. 10.
6. 1. 10.
සක්කසුත්තං
සක්ක සූත්රය
357. එකං සමයං ආයස්මා මහාමොග්ගල්ලානො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා මහා මොග්ගල්ලානො සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි. අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චහි දෙවතාසතෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
357. එක්කලෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවත සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ හෝ දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද එසෙයින් ම දෙව්රම්හි අතුරුදන් වූවාහු තව්තිසා දෙවියන් අතර පහළ වූහ. එක්ලහි සක් දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්ව සිටි සක් දෙව් රජුට ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙය වදාළහ.
සාධු ඛො දෙවානමින්ද බුද්ධං සරණගමනං හොති. බුද්ධං සරණගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො දෙවානමින්ද ධම්මං සරණගමනං හොති. ධම්මං සරණගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො දෙවානමින්ද සඞ්ඝං සරණගමනං හොති. සඞ්ඝං සරණගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
දේවානමින්ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්ද, දහම් සරණ යෑම මැනවි. දේවානමින්ද, මෙසේ දහම් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්ද, සඟුන් සරණ යෑම මැනවි. දේවානමින්ද, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
සාධු ඛො මාරිස මොග්ගල්ලාන බුද්ධං සරණගමනං හොති. බුද්ධං සරණගමන හෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො මාරිස මොග්ගල්ලාන, ධම්මං සරණගමනං හොති. ධම්මං සරණගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො මාරිස මොග්ගල්ලාන සඞ්ඝං සරණගමනං හොති. සඞ්ඝං සරණගමනහෙතු ඛො මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.