යෙදුමෙන් කියවන්න

දුතියසක‍්කසූත‍්තං

6. 1. 11.

6. 1. 11.

දුතියසක‍්කසූත‍්තං

දුතිය සක්ක සූත්‍රය

358. අථ ඛො සක‍්කො දෙවානමින්‍දො ඡහි දෙවතාසතෙහි සද‍්ධිං -පෙ- අථ ඛො සක‍්කො දෙවානමින්‍දො සත‍්තහි දෙවතාසතෙහි සද‍්ධිං -පෙ- අථ ඛො සක‍්කො දෙවානමින්‍දො අට‍්ඨහි දෙවතාසතෙහි සද‍්ධිං -පෙ- අථ ඛො සක‍්කො දෙවානමින්‍දො අසීතියා දෙවතාසහස‍්සෙහි සද‍්ධිං යෙනායස‍්මා මහාමොග‍්ගල‍්ලානො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතං ඛො සක‍්කං දෙවානමින්‍දං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො එතදවොච: සාධු ඛො දෙවානමින්‍ද බුද‍්ධං සරණගමනං හොති. බුද‍්ධං සරණගමනහෙතු ඛො දෙවානමින්‍ද එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. සාධු ඛො දෙවානමින්‍ද ධම‍්මං සරණගමනං හොති -පෙ- සාධු ඛො දෙවානමින්‍ද සඞ‍්ඝං සරණගමනං හොති. සඞ‍්ඝං සරණගමනහෙතු ඛො දෙවානමින්‍ද එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තීති.

358. ඉක්බිති සක් දෙව් රජ සසියයක් දෙවියන් සමග ... සක් දෙව් රජ සත්සියයක් දෙවියන් සමග ... සක් දෙව් රජ අටසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්ව සිටි සක් දෙව් රජුට ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙය වදාළහ: දේවානමින්‍ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, දහම් සරණ යෑම මැනවි ... දේවානමින්‍ද, සඟුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.

සාධු ඛො මාරිස මොග‍්ගල‍්ලාන බුද‍්ධං සරණගමනං හොති. බුද‍්ධං සරණගමනහෙතු ඛො මාරිස මොග‍්ගල‍්ලාන එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. සාධු ඛො මාරිස මොග‍්ගල‍්ලාන ධම‍්මසරණගමනං හොති -පෙ- සාධු ඛො මාරිස මොග‍්ගල‍්ලාන සඞ‍්ඝං සරණගමනං හොති. සඞ‍්ඝං සරණගමනහෙතු ඛො මාරිස මොග‍්ගල‍්ලාන එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තීති.

නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි ... නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.