සුඛසුත‍්තං
6. 1. 3.
6. 1. 3.
සුඛසුත‍්තං
සුඛ සූත්‍රය
350. තතියං ඣානං තතියං ඣානන‍්ති වුච‍්චති. කතමං නු ඛො තතියං ඣානන‍්ති. තස‍්ස මය‍්හං ආවුසො එතදහොසි: ඉධ භික‍්ඛු පීතියා ච විරාගා උපෙඛකො විහරති, සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති, යන‍්තං අරියා ආචික‍්ඛන‍්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති. තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං වුච‍්චති තතියං ඣානන‍්ති. සො ඛ‍්වාහං ආවුසො පීතියා ච විරාගා උපෙඛකො ච විහරාමි, සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙමි. යන‍්තං අරියා ආචික‍්ඛන‍්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. තස‍්ස මය‍්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො පීතිසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති.
350. තෙවන දැහැන තෙවන දැහැනය යි කියනු ලැබේ. තෙවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ ප්‍රීතියත් දුරු කිරීමෙන් උපේක්‍ෂා ඇත්තේ වෙසෙයි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳියි. උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ඒ යමෙකු සඳහා ආර්‍ය්‍යයෝ කියත් නම්, ඒ තෙවන දැහැනට එළඹ වෙසේ ද, මේ තෙවන දැහැනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම ප්‍රීතියත් දුරු කිරීමෙන් උපේක්‍ෂා ඇත්තේ වෙසෙමි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳිමි. උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ආර්‍ය්‍යයෝ ඒ යමකු සඳහා කියත් නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ප්‍රීතිය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
අථ ඛො මං ආවුසො භගවා ඉද‍්ධියා උපසඞ‍්කමිත්‍වා එතදවොච: මොග‍්ගල‍්ලාන, මොග‍්ගල‍්ලාන, මා බ්‍රාහ‍්මණ, තතියං ඣානං පමාදො, තතියෙ ඣානෙ චිත‍්තං සණ‍්ඨපෙහි, තතියෙ ඣානෙ චිත‍්තං එකොදිං කරොහි තතියෙ ඣානෙ චිත‍්තං සමාදහාති. සො ඛ‍්වාහං ආවුසො අපරෙන සමයෙන පීතියා ච විරාගා උපෙඛකො ච විහාසිං සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙසිං. යන‍්තං අරියා ආචික‍්ඛන‍්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං. යං හි තං ආවුසො සම‍්මාවදමානො වදෙය්‍ය සත්‍ථාරානුග‍්ගහිතො සාවකො මහාභිඤ‍්ඤතං පත‍්තොති. මමං තං සම‍්මා වදමානො වදෙය්‍ය සත්‍ථාරානුග‍්ගහිතො සාවකො මහාභිඤ‍්ඤතං පත‍්තොති.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, තෙවන දැහැන නහමක් වරදව. තෙවන දැහැනෙහි සිත තබව. තෙවන දැහැනෙහි සිත එකඟ කරව. තෙවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි ප්‍රීතියත් දුරලීමෙන් උපේක්‍ෂා ඇත්තේත් විසුවෙමි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් වින්දෙමි. උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ආර්‍ය්‍යයෝ ඒ යමකු සඳහා කියත් නම්, ඒ තෙවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය” යි ඒ යමකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.