උපෙඛාසුත්තං
6. 1. 4.
6. 1. 4.
උපෙඛාසුත්තං
උපේඛා සූත්‍රය
351. චතුත්ථංඣානං චතුත්ථංඣානන්ති වුච්චති. කතමං නු ඛො චතුත්ථංඣානන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි: ඉධ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති චතුත්ථංඣානන්ති. සො ඛ්වාහං ආවුසො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො උපෙක්ඛාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
351. සිවුවන දැහැනය සිවුවන දැහැනය යි කියනු ලැබේ. සිවුවන දැහැන කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සුවත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසේ නම් මෙය සිවුවන දැහැන ය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සුවත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට උපේක්ෂාව සහගිය හැඟීම් හා මෙනෙහිකිරීම් පහළවෙත්.
අථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්‍රාහ්මණ, චතුත්ථං ඣානං පමාදො, චතුත්ථෙ ඣානෙ චිත්තං සණ්ඨපෙහි, චතුත්ථෙ ඣානෙ චිත්තං එකොදිං කරොහි, චතුත්ථෙ ඣානෙ චිත්තං සමාදහාති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මාවදමානො වදෙය්ය සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තොති. මමං තං සම්මා වදමානො වදෙය්ය සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තොති.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, සිවුවන දැහැන නහමක් වරදව. සිවුවන දැහැනෙහි සිත තබව. සිවුවන දැහැනෙහි සිත එකඟ කරව. සිවුවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සුවත් දුරුකිරීමෙන් දුකත් දුරුකිරීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය”යි ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.