ආකාසානඤ්චායතනසුත්තං
6. 1. 5.
6. 1. 5.
ආකාසානඤ්චායතනසුත්තං
ආකාසානඤ්චායතන සූත්‍රය
352. ආකාසානඤ්චායතනං ආකාසානඤ්චායතනන්ති වුච්චති. කතමං නු ඛො ආකාසානඤ්චායතනන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි. ඉධ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති ආකාසානඤ්චායතනන්ති. සො ඛ්වාහං ආවුසො සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො රූපසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
352. ආකාසානඤ්චායතනය ආකාසානඤ්චායතනය යි කියනු ලැබේ. ආකාසානඤ්චායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට එළඹ වෙසේ නම් මෙය ආකාසානඤ්චායතනය යි කියනු ලැබේ. ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට රූ සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
අථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසංකමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්‍රාහ්මණ, ආකාසානඤ්චායතනං පමාදො, ආකාසානඤ්චායතනෙ චිත්තං සණ්ඨපෙහි, ආකාසානඤ්චායතනෙ චිත්තං එකොදිං කරොහි, ආකාසානඤ්චායතනෙ චිත්තං සමාදහා ති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මා වදමානො වදෙය්ය -පෙ- මහාභිඤ්ඤතං පත්තොති.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, ආකාසානඤ්චායතනය නො වරදව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත මැනවින් තබව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත එකඟ කරව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.