විඤ්ඤාණඤ්චායතනසුත්තං
6. 1. 6.
6. 1. 6.
විඤ්ඤාණඤ්චායතනසුත්තං
විඤ්ඤාණඤ්චායතන සූත්‍රය
353. විඤ්ඤාණඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනන්ති වුච්චති. කතමං නු ඛො විඤ්ඤාණඤ්චායතනන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි: ඉධ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති විඤ්ඤාණඤ්චායතනන්ති. සො ඛ්වාහං ආවුසො සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
353. විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනය යි කියනු ලැබේ. විඤ්ඤාණඤ්චායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණඤ්චායතනට පැමිණ වෙසේ නම් මෙය විඤ්ඤාණඤ්චායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණ්ඤ්චායතනට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ආකාසානඤ්චායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
අථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසංකමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්‍රාහ්මණ, විඤ්ඤාණඤ්චායතනං පමාදො, විඤ්ඤාණඤ්චායතනෙ චිත්තං සණ්ඨපෙහි, විඤ්ඤාණඤ්චායතනෙ චිත්තං එකොදිං කරොහි, විඤ්ඤාණඤ්චායතනෙ චිත්තං සමාදහාති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මාවදමානො වදෙය්ය -පෙ- මහාභිඤ්ඤතං පත්තොති.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, විඤ්ඤාණඤ්චායතනය නො වරදව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත මැනවින් තබව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත එකඟ කරව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණ්ඤ්චායතනට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.