අවිතක්කසුත්තං
6. 1. 2.
6. 1. 2.
අවිතක්කසුත්තං
අවිතක්ක සූත්‍රය
349. දුතියං ඣානං දුතියං ඣානන්ති වුච්චති. කතමං නු ඛො දුතියං ඣානන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි: ඉධ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති දුතියං ඣානන්ති. සො ඛ්වාහං ආවුසො විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො විතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
349. දෙවන දැහැනය දෙවන දැහැනය යි කියනු ලැබේ. දෙවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ විතර්‍කවිචාරයන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම් ඇති එකඟබැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ නම් මෙය දෙවන දැහැනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම විතර්ක විචාර සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට විතර්කය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
අථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්‍රාහ්මණ, දුතියං ඣානං පමාදො, දුතියෙ ඣානෙ චිත්තං සණ්ඨපෙහි, දුතියෙ ඣානෙ චිත්තං එකොදිං කරොහි, දුතියෙ ඣානෙ චිත්තං සමාදහාති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මා වදමානො වදෙය්ය: සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තොති, මමං තං සම්මා වදමානො වදෙය්ය සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තොති.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, දෙවන දැහැන නහමක් වරදව. දෙවන දැහැනෙහි සිත තබව. දෙවන දැහැනෙහි සිත එකඟ කරව. දෙවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි මම විතර්ක විචාර සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය”යි ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.