යෙදුමෙන් කියවන්න

සවිතක‍්කසුත‍්තං

6. 1. 1.

6. 1. 1.

සවිතක‍්කසුත‍්තං

සවිතක්ක සූත්‍රය

348. එකං සමයං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො භික‍්ඛූ ආමන‍්තෙසි “ආවුසො භික‍්ඛවො”ති. “ආවුසොති” ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො එතදවොච: ඉධ මය‍්හං ආවුසො රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: ‘පඨමං ඣානං පඨමං ඣානන්’ති වුච‍්චති. කතමන‍්නු ඛො පඨමං ඣානන‍්ති. තස‍්ස මය‍්හං ආවුසො එතදහොසි: ඉධ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං වුච‍්චති පඨමං ඣානන‍්ති. සො ඛ‍්වාහං ආවුසො විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. තස‍්ස මය‍්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො කාමසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති.

348. එක්කලෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එහි දී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ: ඇවැත්නි, මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට මෙබඳු චිත්ත විතර්‍කයෙක් පහළ විය: “පළමුවන දැහැන පළමුවන දැහැනැ” යි කියනු ලැබේ. පළමුවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට එළඹ වෙසේ නම් මේ පළමුවන දැහැනැ යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට කාමය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.

අථ ඛො මං ආවුසො භගවා ඉද‍්ධියා උපසඞ‍්කමිත්‍වා එතදවොච: මොග‍්ගල‍්ලාන, මොග‍්ගල‍්ලාන, මා බ්‍රාහ‍්මණ, පඨමං ඣානං පමාදො, පඨමෙ ඣානෙ චිත‍්තං සණ‍්ඨපෙහි, පඨමෙ ඣානෙ චිත‍්තං එකොදිං කරොහි, පඨමෙ ඣානෙ චිත‍්තං සමාදහාති. සො ඛ‍්වාහං ආවුසො අපරෙන සමයෙන විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං. යං හි තං ආවුසො සම‍්මාවදමානො වදෙය්‍ය: “සත්‍ථාරානුග‍්ගහිතො සාවකො මහාභිඤ‍්ඤතං පත‍්තො”ති, මමන‍්තං සම‍්මාවදමානො වදෙය්‍ය, “සත්‍ථාරානුග‍්ගහිතො සාවකො මහාභිඤ‍්ඤතං පත‍්තො”ති.

ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, පළමුවන දැහැන නහමක් වරදව. පළමුවන දැහැනෙහි සිත තබව. පළමුවන දැහැනෙහි සිත එකඟ කරව. පළමුවන දැහැනෙහි සිත පිහිටුව යි. මහණෙනි, ඒ මම පසුකාලයෙහි කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට එළඹ පසුවෙමි. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ යයි මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.