යෙදුමෙන් කියවන්න

අට‍්ඨම සක‍්කසුත‍්තං

6. 1. 17.

6. 1. 17.

අට‍්ඨම සක‍්කසුත‍්තං

අට්ඨම සක්ක සූත්‍රය

364. අථ ඛො සක‍්කො දෙවානමින්‍දො ඡහි දෙවතාසතෙහි සද‍්ධිං -පෙ- අථ ඛො සක‍්කො දෙවානමින්‍දො සත‍්තහි දෙවතාසතෙහි සද‍්ධිං -පෙ- අථ ඛො සක‍්කො දෙවානමින්‍දො අට‍්ඨහි දෙවතාසතෙහි සද‍්ධිං -පෙ- අථ ඛො සක‍්කො දෙවානමින්‍දො අසීතියා දෙවතාසහස‍්සෙහි සද‍්ධිං යෙනායස‍්මා මහාමොග‍්ගල‍්ලානො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතං ඛො සක‍්කං දෙවානමින්‍දං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො එතදවොච:

364. ඉක්බිති සක් දෙව් රජ සසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ සත්සියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අටසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:

සාධු ඛො දෙවානමින්‍ද, බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනං හොති: “ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනහෙතු ඛො දෙවානමින්‍ද එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති: තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති දිබ‍්බෙන ආයුනා, දිබ‍්බෙන වණ‍්ණෙන, දිබ‍්බෙන සුඛෙන, දිබ‍්බෙන යසෙන, දිබ‍්බෙන ආධිපතෙය්‍යෙන, දිබ‍්බෙහි රූපෙහි, දිබ‍්බෙහි සද‍්දෙහි, දිබ‍්බෙහි ගන්‍ධෙහි, දිබ‍්බෙහි රසෙහි, දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහි.

දේවානමින්‍ද, බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු අර්‍හත්හ, සම්මා සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝක විදූහ, අනුත්තර පුරිසදම්මසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. දේවානමින්‍ද, මෙසේ බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති.

සාධු ඛො දෙවානමින්‍ද, ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනං හොති “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො සන්‍දිට‍්ඨිකො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී”ති. ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනහෙතු ඛො දෙවානමින්‍ද එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති දිබ‍්බෙන ආයුනා -පෙ- දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහි.

දේවානමින්‍ද, දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. දේවානමින්‍ද, මෙසේ දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සග ලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති.

සාධු ඛො දෙවානමින්‍ද සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනං හොති: “සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, උජුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, ඤායපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, සාමීචිපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, යදිදං චත‍්තාරි පුරිසයුගානි අට‍්ඨපුරිසපුග‍්ගලා එස භගවතො සාවකසඞ‍්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති. සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනහෙතු ඛො දෙවානමින්‍ද එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති දිබ‍්බෙන ආයුනා -පෙ- දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහි. සාධු ඛො දෙවානමින්‍ද, අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගමනං හොති අඛණ‍්ඩෙහි අච‍්ඡිද‍්දෙහි අසබලෙහි අකම‍්මාසෙහි භුජිස‍්සෙහි විඤ‍්ඤුප‍්පසත්‍ථෙහි අපරාමට‍්ඨෙහි සමාධිසංවත‍්තනිකෙහි. අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගමනහෙතු ඛො, දෙවානමින්‍ද, එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති: දිබ‍්බෙන ආයුනා, දිබ‍්බෙන වණ‍්ණෙන, දිබ‍්බෙන සුඛෙන, දිබ‍්බෙන යසෙන, දිබ‍්බෙන ආධිපතෙය්‍යෙන, දිබ‍්බෙහි රූපෙහි, දිබ‍්බෙහි සද‍්දෙහි, දිබ‍්බෙහි ගන්‍ධෙහි, දිබ‍්බෙහි රසෙහි, දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහීති.

දේවානමින්‍ද, සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඍජුප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඤායප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිප්‍රතිපන්න ය, යම් මේ පුරුෂ යුග සතරෙක් වේ නම් (එහි) පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය්‍යහ ය, පාහුනෙය්‍යහ ය, දක්‍ෂිණාර්‍හ ය, අඤ්ජලිකරණීයහ ය, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. දේවානමින්‍ද, මෙසේ සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.දේවානමින්‍ද, නො කඩ වූ නො සිදුරු වූ නො කැලැල් වූ නො කබර වූ නිදහස් වූ නුවණැත්තන් විසින් පසස්නා ලද, තෘෂ්ණා දෘෂ්ටීන් නො පහස්නා ලද සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. දේවානමින්‍ද, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති යි.

සාධු ඛො මාරිස මොග‍්ගල‍්ලාන, බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනං හොති “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනහෙතු ඛො මාරිස මොග‍්ගල‍්ලාන, එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති දිබ‍්බෙන ආයුනා -පෙ- දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහි.

නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.

සාධු ඛො මාරිස මොග‍්ගල‍්ලාන ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනං හොති “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො -පෙ- පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී”ති. ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනහෙතු ඛො මාරිස මොග‍්ගල‍්ලාන එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති දිබ‍්බෙන ආයුනා -පෙ- දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහි.

නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛාත ය ... විඥයන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.

සාධු ඛො මාරිස මොග‍්ගල‍්ලාන සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනං හොති “සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති. සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගමනහෙතු ඛො මාරිස මොග‍්ගල‍්ලාන එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති දිබ‍්බෙන ආයුනා -පෙ- දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහි.

නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය, ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.

සාධු ඛො මාරිස මොග‍්ගල‍්ලාන, අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගමනං හොති. අඛණ‍්ඩෙහි -පෙ- සමාධිසංවත‍්තනිකෙහි. අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගමනහෙතු ඛො මාරිස මොග‍්ගල‍්ලාන එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති දිබ‍්බෙන ආයුනා, දිබ‍්බෙන වණ‍්ණෙන, දිබ‍්බෙන සුඛෙන , දිබ‍්බෙන යසෙන, දිබ‍්බෙන ආධිපතෙය්‍යෙන, දිබ‍්බෙහි රූපෙහි, දිබ‍්බෙහි සද‍්දෙහි, දිබ‍්බෙහි ගන්‍ධෙහි, දිබ‍්බෙහි රසෙහි, දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහීති.

නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති යි.