1. සඤ්ඤොජනසුත්තවණ්ණනා අට්ඨකථා
1. සඤ්ඤොජනසුත්තවණ්ණනා
1. සංයොජන සූත්‍ර වර්ණනාව
චිත්තසංයුත්තස්ස පඨමෙ මච්ඡිකාසණ්ඩෙති එවංනාමකෙ වනසණ්ඩෙ. අයමන්තරාකථා උදපාදීති පොරාණකත්ථෙරා අතිරච්ඡානකථා හොන්ති, නිසින්නනිසින්නට්ඨානෙ පඤ්හං සමුට්ඨාපෙත්වා අජානන්තා පුච්ඡන්ති, ජානන්තා විස්සජ්ජෙන්ති, තෙන නෙසං අයං කථා උදපාදි. මිගපථකන්ති එවංනාමකං අත්තනො භොගගාමං. සො කිර අම්බාටකාරාමස්ස පිට්ඨිභාගෙ හොති. තෙනුපසඞ්කමීති “ථෙරානං පඤ්හං විස්සජ්ජෙත්වා ඵාසුවිහාරං කත්වා දස්සාමී”ති චින්තෙත්වා උපසඞ්කමි. ගම්භීරෙ බුද්ධවචනෙති අත්ථගම්භීරෙ චෙව ධම්මගම්භීරෙ ච බුද්ධවචනෙ. පඤ්ඤාචක්ඛු කමතීති ඤාණචක්ඛු වහති පවත්තති.
චිත්ත සංයුත්තයේ පළමු වැන්නෙහි - මච්ඡිකා සණ්ඩෙ - එම නමින් යුත් වන රොදෙහි අයමන්තරා කථා උදපාදි = පැරණි තෙරවරහු ශිෂ්ට කථා ඇත්තාහු වෙති. නොදන්නා අය හුන් තැනදීම ප්‍රශ්න මතු කොට විමසති. දන්නා අය (ඒවා) විසඳති. ඒ අනුව ඔවුන් අතර මේ කථාව මතු විය. මිග පථකං තමාගේ මේ නම ඇති ගොදුරු ගම එය ඇඹරැල්ල වනයට පිටු පසෙහි පිහිටියේ වෙයි. තෙනුපසඞ්කමි = තෙරවරුන්ගේ ප්‍රශ්න විසඳා පහසු වාසස්ථානයක් කොට දෙන්නෙමියි සිතා පැමිණියේය. ගම්භීරබුද්ධවචනෙ = අර්ථයෙන් ගැඹුරු වූ ද, ධර්මයෙන් ගැඹුරු වූ ද බුද්ධ වචනයෙහි පඤ්ඤා චක්ඛු කමති = නුවණැස දරා සිටියි. පවත්වා ගනියි.
2. ඉසිදත්තසුත්තවණ්ණනා
2. ඉසිදත්ත සූත්‍ර වර්ණනාව
දුතියෙ ආයස්මන්තං ථෙරන්ති තෙසු ථෙරෙසු ජෙට්ඨකං මහාථෙරං. තුණ්හී අහොසීති ජානන්තොපි අවිසාරදත්තා න කිඤ්චි බ්යාහරි. බ්යාකරොමහං භන්තෙති “අයං ථෙරො නෙව අත්තනා බ්යාකරොති, න අඤ්ඤෙ අජ්ඣෙසති, උපාසකොපි භික්ඛුසඞ්ඝං විහෙසෙති, අහමෙතං බ්යාකරිත්වා ඵාසුවිහාරං කත්වා දස්සාමී”ති චින්තෙත්වා ආසනතො වුට්ඨාය ථෙරස්ස සන්තිකං ගන්ත්වා එවං ඔකාසමකාසි, කතාවකාසො පන අත්තනො ආසනෙ නිසීදිත්වා බ්යාකාසි.
දෙවැන්නෙහි - ආයස්මන්තං ථෙරං - ඒ තෙරවරුන් අතරෙහි ජ්‍යෙෂ්ඨ වූ මහ තෙරුන් තුණ්හී අහොසි – දැන සිටින්නේ නමුදු විශාරද නොවන බැවින් කිසිවක් නො කීවේය. බ්යාකරොමහං භන්තෙ = “මේ ස්ථවිර තෙමේ තමා ද ප්‍රකාශ නො කරයි, අන් කෙනකුට ආරාධනා ද නො කරයි, උපාසක තෙමේ ද භික්ෂූ සංඝයා වෙහෙසට පත් කරයි, මම මෙය විසඳා (ප්‍රකාශ කොට) පහසු විහරණයක් ඇති කොට දෙන්නෙමි” යයි සිතා අසුනින් නැඟිට තෙරුන් වෙතට ගොස් මෙසේ අවසර ගැනීම කළේය. කරන ලද අවසර ගැනීම් ඇත්තේ තම අසුනෙහි හිඳ විසඳීය. (ප්‍රකාශ කළේය)
සහත්ථාති සහත්ථෙන. සන්තප්පෙසීති යාවදිච්ඡකං දෙන්තො සුට්ඨු තප්පෙසි. සම්පවාරෙසීති “අලං අල”න්ති හත්ථසඤ්ඤාය චෙව වාචාය ච පටික්ඛිපාපෙසි. ඔනීතපත්තපාණිනොති පාණිතො අපනීතපත්තා ධොවිත්වා ථවිකාය ඔසාපෙත්වා අංසෙ ලග්ගිතපත්තාති අත්ථො.
සහත්ථා = තමාගේ අතින් සන්තප්පෙසි = කැමති තාක් දෙමින් මනාව තෘප්තිමත් කළේය. සම්පවාරෙසි = ඇත, ඇත යනුවෙන් අතින් සන් කිරීමෙන් ද, වචනයෙන් ද ප්‍රතික්ෂේප කළේය. ඔනීත පත්ත පානිනො = අත්ලෙන් ඉවත් කළ පාත්‍ර සෝදා. පැසෙහි බහා, උරහිසෙහි එන ලද පාත්‍ර ඇති යන අරුතයි.
3. දුතියඉසිදත්තසුත්තවණ්ණනා
3. දුතිය ඉසිදත්ත සූත්‍ර වර්ණනාව
තතියෙ අවන්තියාති දක්ඛිණාපථෙ අවන්තිරට්ඨෙ. කල්‍යාණං වුච්චතීති “චතූහි පච්චයෙහි පටිජග්ගිස්සාමී”ති වචනං නිද්දොසං අනවජ්ජං වුච්චති තයා උපාසකාති අධිප්පායෙන වදති.
තෙවැන්නෙහි - අවන්තියා = අවන්තිය පිහිටි දකුණු දෙසට යන මාර්ගයෙහි කල්‍යාණං වුච්චති = උපාසකවරුනි, සිවු පසයෙන් උපස්ථාන කරන්නෙමි”යි යන වචනය ඔබ විසින් නිදොස්ව නිවැරදිව කියන ලදී යන අදහසින් කල්‍යාණං වුච්චති”යි කියන ලදී.
4. මහකසුත්තවණ්ණනා
4. මහක සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ සෙසකං විස්සජ්ජෙථාති තස්ස කිර ථෙරෙහි සද්ධිංයෙව කංසථාලං පමජ්ජිත්වා පායාසං වඩ්ඪෙත්වා අදංසු. සො භුත්තපායාසො ථෙරෙහියෙව සද්ධිං ගන්තුකාමො චින්තෙසි “ඝරෙ තාව උපාසිකා සෙසකං විචාරෙති, ඉධ පනිමෙ දාසකම්මකාරා මයා අවුත්තා න විචාරෙස්සන්ති, එවායං පණීතපායාසො නස්සිස්සතී”ති තෙසං අනුජානන්තො එවමාහ. කුථිතන්ති කුධිතං, හෙට්ඨා සන්තත්තාය වාලිකාය උපරි ආතපෙන ච අතිතිඛිණන්ති අත්ථො. ඉදං පන තෙපිටකෙ බුද්ධවචනෙ අසම්භින්නපදං. පවෙලියමානෙනාති පටිලියමානෙන සාධු ඛ්වස්ස භන්තෙති “ඵාසුවිහාරං කරිස්සාමි නෙස”න්ති චින්තෙත්වා එවමාහ.
සිවු වැන්නෙහි - සෙසකං විස්සජ්ජෙථ = තෙරණිවරුන් සමගම එකතු වී ලෝහ තැටිය පිරිසිදු කොට කිරිබත් බෙදා ඔහුට දුන් හ. ඔහු කිරිබත් බෙදා ඔහුට දුන් හ. ඔහු කිරිබත් අනුභව කොට තෙරවරුන් සමග යනු කැමැත්තේ මෙසේ සිතීය. නිවසෙහි දී වනාහී උවැසිය ඉතිරි (ප්‍රමාණ) ය ගැන විමසයි. මෙහි වනාහී මා විසින් යමක් කියන ලද්දේ නම්, මේ දාස මෙහෙකරුවෝ (ඒ ගැන) නො විමසන්නෝ ය. මෙසේම මේ ප්‍රණීත කිරිබත විනාස වන්නේ යයි ඔවුන්හට දීමට කැමති වන්නේ මෙසේ කීය. කුට්ඨි තං = ඉතා රත් වූ, යටින් රත්වූ වැල්ලේද, උඩින් අව්වෙන් ද ඉතා තියුණු ලෙස රත්වූ යන අරුතයි. මේ වනාහී ත්‍රිපිටක බුද්ධවචනයෙහි නො වෙනස්ව එන පදයකි. පවෙලිය මානෙන = සැඟ වී, ඉවත් ව පවතින සාධුඛ්වස්ස භන්තෙ = ඔවුන් හට පහසු වාසස්ථානයක් කරන්නෙමියි සිතා මෙසේ කීය.
ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛරීති අධිට්ඨානිද්ධිං අකාසි. එත්ථ ච “මන්දමන්දො සීතකවාතො වායතු, අබ්භමණ්ඩපං කත්වා දෙවො එකමෙකං ඵුසායතූ”ති එවං නානාපරිකම්මං – “සවාතො දෙවො වස්සතූ”ති එවං අධිට්ඨානං එකතොපි හොති. “සවාතො දෙවො වස්සතූති එකතොපරිකම්මං, මන්දමන්දො සීතකවාතො වායතු, අබ්භමණ්ඩපං කත්වා දෙවො එකමෙකං ඵුසායතූ”ති එවං නානාඅධිට්ඨානං හොති. වුත්තනයෙනෙව නානාපරිකම්මං නානාධිට්ඨානං, එකතො පරිකම්මං එකතො අධිට්ඨානම්පි හොතියෙව. යථා තථා කරොන්තස්ස පන පාදකජ්ඣානතො වුට්ඨාය කතපරිකම්මස්ස පරිකම්මානන්තරෙන මහග්ගතඅධිට්ඨානචිත්තෙනෙව තං ඉජ්ඣති. ඔකාසෙසීති විප්පකිරි.
ඉද්ධාභි සංඛාරං අභි සංඛරි = මෙහි මන්දගාමී ලෙස ශීත වාතය හමා යේවා, වළාකුළු රැස් වී එකිනෙකෙහි ගැටේවා ය අධිෂ්ඨාන ඍද්ධියක් කළේය. නොයෙක් අයුරින් වාතය හමමින් වැසි වසීවා යි යනුවෙන් ද අධිෂ්ඨානයක් කළේය. හුදෙක් වාතය සහිතව වැසි වසීවා යි යනු ද තවත් අධිෂ්ඨානයකි. විවිධ අයුරින් මඳ මඳව ශීත වාතය මගින් වළා කුළු එක් රැස් කොට වැස්ස වසීවා යයි ද, වළාකුළු එකිනෙක ගැටේවා යිද එක් අධිෂ්ඨානයකි. මෙසේ විවිධ වූ අධිෂ්ඨානයන් විය. කියන ලද පිළිවෙලින්ම නානා විධ ක්‍රියාවන් සඳහා එක් අධිෂ්ඨානයක් ද වශයෙන් වූයේ මය. තමා විසින් පාදක කොට ගත් ධ්‍යානයෙන් නැගී මූලික කටයුතු ඇති ව කරන ලද ක්‍රියාවන්හි යෙදීමෙන් විවිධ අයුරින් ක්‍රියාකරන්නහුගේ මහග්ගතවූ (හෙවත් උසස් තත්ත්වයේ වූ) අධිෂ්ඨානයන් ඉෂ්ට වේමය. ඔතාසෙධී = විසුරුවා හළේය.
5. කාමභූසුත්තවණ්ණනා
5. කාමභූ සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ නෙලඞ්ගොති නිද්දොසො. සෙතපච්ඡාදොති සෙතපටිච්ඡාදනො. අනීඝන්ති නිද්දුක්ඛං. මුහුත්තං තුණ්හී හුත්වාති තස්ස අත්ථපෙක්ඛනත්ථං තීණි පිටකානි කණ්ණෙ කුණ්ඩලං විය සඤ්චාලෙන්තො “අයං ඉමස්ස අත්ථො, අයං ඉමස්ස අත්ථො”ති උපපරික්ඛණත්ථං මුහුත්තං තුණ්හී හුත්වා. විමුත්තියාති අරහත්තඵලවිමුත්තියා. ඉමං පන පඤ්හං කථෙන්තො උපාසකො දුක්කරං අකාසි. සම්මාසම්බුද්ධො හි “පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, එතං භික්ඛුං ආගච්ඡන්තං ඔදාතකං තනුකං තුඞ්ගනාසික”න්ති (සං· නි· 2.245) අත්තනො දිට්ඨෙන කථෙසි. අයං පන නයග්ගාහෙන “අරහතො එතං අධිවචන”න්ති ආහ.
පස් වැන්නෙහි - නෙලඞ්ගො = නිර්දෝෂී, සෙත පච්ඡාදො සුදු පැහැති වැස්ම. අනීඝං = දුක්නැති මුහුත්තං තුණ්හී හුත්වා = එහි අර්ථය සොයා බැලීම සඳහා ත්‍රිපිටකය කණෙහි කුණ්ඩලාභරණයක් මෙන් චලනය කරමින් (හෙවත් ත්‍රිපිටකය අසා ඉගෙන ගනිමින්) මෙය මෙහි අර්ථය දැයි විමසා බැලීම පිණිස මොහොතක් නිහඬ වී. විමුත්තියා = අර්හත් ඵල විමුක්තියෙන් මේ ප්රශ්නය කියන්නාවූ උපාසක තෙමේ දුෂ්කර වූ කාර්යයක් කළේය. සම්මා සම්බුදු රජාණෝ “මහණෙනි. මෙහි පැමිණෙන්නාවූ, සුදු පැහැති, සිහින් සිරුරක් හා උස් නැහැයක් ඇති මේ භික්ෂුව යුෂ්මතුන් හට පෙනේ දැ”යි තමාට පෙනෙන අයුරින් විචාළහ. මේ වනාහී පවත්නා පිළිවෙළ සැලකිල්ලට ගෙන කියන ලද්දකි. (මෙහි “විමුත්ති” යන) මෙය අර්හත්භාවයට තවත් වචනය කැයි කීහ.