ඉසිදත්තසුත්තං
7. 1. 2.
7. 1. 2.
ඉසිදත්තසුත්තං
ඉසිදත්ත සූත්‍රය
406. එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ මච්ඡිකාසණ්ඩෙ විහරන්ති අම්බාටකවනෙ. අථ ඛො චිත්තො ගහපති යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ථෙරෙ භික්ඛූ එතදවොච: “අධිවාසෙන්තු මෙ භන්තෙ ථෙරා ස්වාතනාය භත්තන්ති”. අධිවාසෙසුං ච ඛො ථෙරා භික්ඛූ තුණ්හීභාවෙන. අථ ඛො චිත්තො ගහපති ථෙරානං භික්ඛූනං අධිවාසනං විදිත්වා උට්ඨායාසනා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
406. එක්කලෙක බොහෝ ස්ථවිර භික්ෂූහු මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩ වෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ස්ථවිර භික්ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්ෂූන් වැඳ එකත් පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්ෂූන්ට “වහන්ස, ස්ථවිර භික්ෂූහු සෙට පිණිස මාගේ බත ඉවසත්වා” යි මෙය කී ය. ස්ථවිර භික්ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්ෂූන්ගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට ස්ථවිර භික්ෂූන් වැඳ පැදකුණු කොට ගියේ ය.
අථ ඛො ථෙරා භික්ඛූ තස්සා රත්තියා අච්චයෙන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන චිත්තස්ස ගහපතිනො නිවෙසනං තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිංසු. අථ ඛො චිත්තො ගහපති යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ආයස්මන්තං ථෙරං එතදවොච:
ඉක්බිති ස්ථවිර භික්ෂූහු ඒ රැය ගෙවීමෙන් පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන චිත්ත ගැහැවිහුගේ නිවස වෙත එළඹියහ. එළඹ පැන වූ අසුන්හි වැඩහුන්හ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්ෂූන් වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කීය:
ධාතුනානත්තං ධාතුනානත්තන්ති භන්තෙ ථෙර වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ ධාතුනානත්තං වුත්තං භගවතාති? එවං වුත්තෙ ආයස්මා ථෙරො තුණ්හී අහොසි. දුතියම්පි ඛො චිත්තො ගහපති ආයස්මන්තං ථෙරං එතදවොච: ධාතුනානත්තං ධාතුනානත්තන්ති භන්තෙ ථෙර වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ ධාතුනානත්තං වුත්තං භගවතාති? දුතියම්පි ඛො ආයස්මා ථෙරො තුණ්හී අහොසි. තතියම්පි ඛො චිත්තො ගහපති ආයස්මන්තං ථෙරං එතදවොච: ධාතුනානත්තං ධාතුනානත්තන්ති භන්තෙ ථෙර වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ ධාතුනානත්තං වුත්තං භගවතාති? තතියම්පි ඛො ආයස්මා ථෙරො තුණ්හී අහොසි.
වහන්ස, තෙරණුවනි, ධාතුනානාත්‍ව ය ධාතුනානාත්‍ව ය යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් ධාතුනානාත්‍වය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ? යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. දෙවනවට දු චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කී ය: වහන්ස, තෙරණුවනි, ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් ධාතුනානාත්‍වය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ? යි. දෙවනවට දු ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. තෙවනවට දු චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කී ය: වහන්ස, තෙරණුවනි, ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් ධාතුනානාත්‍වය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ? යි. තෙවනවට දු ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.
තෙන ඛො පන සමයෙන ආයස්මා ඉසිදත්තො තස්මිං භික්ඛුසඞ්ඝෙ සබ්බනවකො හොති. අථ ඛො ආයස්මා ඉසිදත්තො ආයස්මන්තං ථෙරං එතදවොච: ව්යාකරොමහං භන්තෙ ථෙර චිත්තස්ස ගහපතිනො එතං පඤ්හන්ති? ව්යාකරොහි ත්වං ආවුසො ඉසිදත්ත චිත්තස්ස ගහපතිනො එතං පඤ්හන්ති.
එසමයෙහි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ ඒ බික්සඟන අතර සියල්ලන්ට නවක වෙති. ඉක්බිති ආයුෂ්මත් ඉසිදත්ත ආයුෂ්මත් තෙරුනට මෙය කී ය: වහන්ස, තෙරණුවනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය මම විසඳම් දැ? යි. ඇවැත්නි, ඉසිදත්තයෙනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය තෙපි විසඳව යි.
එවං හි ත්වං ගහපති පුච්ඡසි: ධාතුනානත්තං ධාතුනානත්තන්ති භන්තෙ ථෙර වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ ධාතුනානත්තං වුත්තං භගවතාති? එවං භන්තෙ. ඉදං ඛො ගහපති ධාතුනානත්තං වුත්තං භගවතා: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනොධාතු, ධම්මධාතු, මනොවිඤ්ඤාණධාතු. එත්තාවතා ඛො ගහපති ධාතුනානත්තං වුත්තං භගවතාති.
ගැහැවි, තෙපි “වහන්ස තෙරණුවනි, ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙකින් ධාතුනානාත්‍වය වදාරන ලද්දේ දැ” යි මෙසේ විචාරවු දැ? යි. වහන්ස, එසේ ය. ගැහැවි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධාතුනානාත්‍වය වදාරන ලදි. චක්ඛුධාතු ය රූපධාතු ය චක්ඛුවිඤ්ඤාණධාතු ය, සොතධාතු ය සද්දධාතු ය සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය ගන්ධධාතු ය ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය රසධාතු ය ජිව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය ඵොට්ඨබ්බධාතු ය කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය ධම්මධාතු ය මනෝවිඤ්ඤාණධාතු ය යි. ගැහැවි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතුනානාත්‍වය මෙතෙකින් වදාරන ලද්දේ ය යි.
අථ ඛො චිත්තො ගහපති ආයස්මතො ඉසිදත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ථෙරෙ භික්ඛූ පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි, සම්පවාරෙසි. අථ ඛො ථෙරා භික්ඛූ භුත්තාවිනො ඔනීතපත්තපාණිනො උට්ඨායාසනා පක්කමිංසු. අථ ඛො ආයස්මා ථෙරො ආයස්මන්තං ඉසිදත්තං එතදවොච: සාධු ඛො තං ආවුසො ඉසිදත්ත එසො පඤ්හො පටිභාසි, නෙසො පඤ්හො මං පටිභාසි. තෙනහාවුසො ඉසිදත්ත, යදා අඤ්ඤදාපි එවරූපො පඤ්හො ආගච්ඡෙය්ය, තංයෙවෙත්ථ පටිභාසෙය්යාති.
ඉක්බිති චිත්ත ගැහැවි ආයුෂ්මත් ඉසිදත්ත තෙරුන්ගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව ස්ථවිර භික්ෂූන් ප්‍රණීත වූ කෑයුතු දැයින් ද සියතින් සැතැප්පී ය, මැනවින් පැවරී ය. ඉක්බිති ස්ථවිර භික්ෂූන් වැළඳුවාහු පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තාහු හුනස්නෙන් නැඟී වැඩියහ. එකල්හි ආයුෂ්මත් තෙරණුවෝ ආයුෂ්මත් ඉසිදත්තහට මෙය කීහ: ඇවැත්නි, ඉසිදත්තයෙනි, මේ ප්රශ්නය තොපට මැනවින් වැටහුණේ ය. මේ ප්රශ්නය මට නො වැටහුණේ ය. ඇවැත්නි, ඉසිදත්තයෙනි, එසේ වී නම් යම් අන් කලෙක්හි දු මෙබඳු ප්‍රශ්නයක් එන්නේ නම් එහි ලා තොපටම වැටහෙන්නේ ය යි.