දුතියඉසිදත‍්තසුත‍්තං
7. 1. 3.
7. 1. 3.
දුතියඉසිදත‍්තසුත‍්තං
දුතිය ඉසිදත්ත සූත්‍රය
407. එකං සමයං සම‍්බහුලා ථෙරා භික‍්ඛූ මච‍්ඡිකාසණ‍්ඩෙ විහරන‍්ති අම‍්බාටකවනෙ. අථ ඛො චිත‍්තො ගහපති යෙන ථෙරා භික‍්ඛූ තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ථෙරෙ භික‍්ඛූ අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො චිත‍්තො ගහපති ථෙරෙ භික‍්ඛූ එතදවොච: අධිවාසෙන‍්තු මෙ භන‍්තෙ ථෙරා ස‍්වාතනාය භත‍්තන‍්ති. අධිවාසෙසුං ඛො ථෙරා භික‍්ඛූ තුණ‍්හීභාවෙන. අථ ඛො චිත‍්තො ගහපති ථෙරානං භික‍්ඛූනං අධිවාසනං විදිත්‍වා උට‍්ඨායාසනා ථෙරෙ භික‍්ඛූ අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.
407. එක් කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ට මෙය කී ය: වහන්ස, තෙරහු හෙට පිණිස වූ මාගේ බත ඉවසත්වා යි. ස්ථවිර භික්‍ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ගේ ඉවසීම දැන හුනස්නෙන් නැඟී ස්ථවිර භික්‍ෂූන් වැඳ පැදකුණු කොට ගියේ ය.
අථ ඛො ථෙරා භික‍්ඛූ තස‍්සා රත‍්තියා අච‍්චයෙන පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන චිත‍්තස‍්ස ගහපතිස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදිංසු. අථ ඛො චිත‍්තො ගහපති යෙන ථෙරා භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ථෙරෙ භික‍්ඛූ අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො චිත‍්තො ගහපති ආයස‍්මන‍්තං ථෙරං එතදවොච:
ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන චිත්ත ගැහැවිහුගේ නිවෙස්නට එළඹියහ. එළඹ පැනවූ අසුන්හි හුන්හ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කීය:
යා ඉමා භන‍්තෙ ථෙර අනෙකවිහිතා දිට‍්ඨියො ලොකෙ උප‍්පජ‍්ජන‍්ති: සස‍්සතො ලොකො’ති වා, අසස‍්සතො ලොකො’ති වා, අන‍්තවා ලොකො’ති වා, අනන‍්තවා ලොකො’ති වා, තං ජීවං තං සරීර’න‍්ති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර’න‍්ති වා, හොති තථාගතො පරම‍්මරණා’ති වා, න හොති තථාගතො පරම‍්මරණා’ති වා, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා’ති වා. යානිචිමානි ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතානි බ්‍රහ‍්මජාලෙ භණිතානි. ඉමා නු ඛො භන‍්තෙ දිට‍්ඨියො කිස‍්මිං සති හොන‍්ති කිස‍්මිං අසති න හොන‍්තීති?
වහන්ස තෙරණුවනි, “ලෝකය ශාස්වත ය යි හෝ ලෝකය අශාස්වත ය යි හෝ ලෝකය අන්තවත් ය යි හෝ ලෝකය අන්ත රහිත ය යි හෝ එ ම ජීව ය එ ය ම ශරීර ය යි හෝ ජීවය අනිකෙක ශරීරය අනිකකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ” යයි හෝ යම් මේ නන්වැදෑරුම් දිටුහු ලොව උපදිද් ද, යම් මේ දෙසැට මිසදිටු කෙනෙකුත් බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරන ලද්දාහු ද, වහන්ස, මේ දිටුහු කුමක් ඇති කල්හි වෙත් ද? කුමක් නැති කල්හි නො වෙද්දැ?යි.
එවං වුත‍්තෙ ආයස‍්මා ථෙරො තුණ‍්හී අහොසි. දුතියම‍්පි ඛො චිත‍්තො ගහපති -පෙ- තතියම‍්පි ඛො චිත‍්තො ගහපති ආයස‍්මන‍්තං ථෙරං එතදවොච: යා ඉමා භන‍්තෙ ථෙර අනෙකවිහිතා දිට‍්ඨියො ලොකෙ උප‍්පජ‍්ජන‍්ති. සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා, අන‍්තවා ලොකොති වා, අනන‍්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන‍්ති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති වා, හොති තථාගතො පරම‍්මරණාති වා, න හොති තථාගතො පරම‍්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා. යානිචිමානි ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතානි බ්‍රහ‍්මජාලෙ භණිතානි. ඉමා නු ඛො භන‍්තෙ, දිට‍්ඨියො කිස‍්මිං සති හොන‍්ති, කිස‍්මිං අසති න හොන‍්තීති? තතියම‍්පි ඛො ආයස‍්මා ථෙරො තුණ‍්හී අහොසි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. දෙවනුවට දු චිත්ත ගැහැවි තෙමේ … තෙවනුවට දු චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් තෙරුන්ට මෙය කී ය: වහන්ස තෙරණුවනි, “ලෝකය ශාස්වත ය යි හෝ ලෝකය අශාස්වත ය යි හෝ ලෝකය අන්තවත් ය යි හෝ ලෝකය අන්ත රහිත ය යි හෝ එය ම ජීව ය එය ම ශරීර ය යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ” යයි හෝ යම් මේ නන්වැදෑරුම් දිටුහු නූපදිද් ද? යම් මේ දෙසැට මිසදිටු කෙනෙකුත් බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරන ලද්දාහු ද, වහන්ස, මේ දිටුහු කුමක් ඇති කල්හි වෙත් ද? කුමක් නැති කල්හි නො වෙද්දැ? යි. තෙවනුවට දු ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.
තෙන ඛො පන සමයෙන ආයස‍්මා ඉසිදත‍්තො තස‍්මිං භික‍්ඛුසඞ‍්ඝෙ සබ‍්බනවො හොති. අථ ඛො ආයස‍්මා ඉසිදත‍්තො ආයස‍්මන‍්තං ථෙරං එතදවොච: ව්‍යාකරොමහං භන‍්තෙ ථෙර චිත‍්තස‍්ස ගහපතිනො එතං පඤ‍්හන‍්ති? ව්‍යාකරොහි ත්‍වං ආවුසො ඉසිදත‍්ත චිත‍්තස‍්ස ගහපතිනො එතං පඤ‍්හන‍්ති. එවං ත්‍වං ගහපති පුච‍්ඡසි: යා ඉමා භන‍්තෙ ථෙර අනෙකවිහිතා දිට‍්ඨියො ලොකෙ උප‍්පජ‍්ජන‍්ති: සස‍්සතො ලොකොති වා -පෙ- ඉමා නු ඛො භන‍්තෙ දිට‍්ඨියො කිස‍්මිං සති හොන‍්ති කිස‍්මිං අසති න හොන‍්තීති? එවං භන‍්තෙ.
එසමයෙහි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ ඒ බික්සඟන කෙරෙහි සියල්ලන්ට නවක වෙති. එකල්හි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ ආයුෂ්මත් තෙරුන්ට මෙය කීහ: වහන්ස තෙරණුවනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය මම විසඳම් දැ? යි. ඇවැත්නි ඉසිදත්තයෙනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය තෙපි විසඳව යි. ගැහැවි, තෙපි “වහන්ස තෙරණුවනි, ලෝකය ශාස්වත යයි හෝ … යම් මේ නන් වැදෑරුම් දිටුහු ලොව උපදිද් ද? වහන්ස, මේ දිටුහු කුමක් ඇති කල්හි වෙත් ද? කුමක් නැති කල්හි නො වෙත් දැ?යි මෙසේ විචාරවු දැයි. වහන්ස එසේ ය.
යා ඉමා ගහපති අනෙකවිහිතා දිට‍්ඨියො ලොකෙ උප‍්පජ‍්ජන‍්ති: සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා, අන‍්තවා ලොකොති වා, අනන‍්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන‍්ති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති වා, හොති තථාගතො පරම‍්මරණාති වා, න හොති තථාගතො පරම‍්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති වා, නෙව හොති න නහොති තථාගතො පරම‍්මරණාති වා. යානිචිමානි ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි බ්‍රහ‍්මජාලෙ භණිතානි. ඉමා ඛො ගහපති දිට‍්ඨියො සක‍්කායදිට‍්ඨියා සති හොන‍්ති සක‍්කායදිට‍්ඨියා අසති න හොන‍්තීති.
ගැහැවිය, “ලෝකය ශාස්වත ය යි හෝ ලෝකය අශාස්වත ය යි හෝ ලෝකය අන්තවත් යයි හෝ ලෝකය අන්ත රහිතය යි හෝ එ ම ජීව ය එ ම ශරීර ය යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ” යයි හෝ යම් මේ නන්වැදෑරුම් දිටුහු ලොව උපදිද් ද, යම් මේ දෙසැට මිසදිටු කෙනෙකුත් බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරන ලද්දාහු ද, ගැහැවිය, මේ දිටුහු සක්කාය දිට්ඨිය ඇති කල්හි වෙත්, සක්කාය දිට්ඨිය නැති කල්හි නො වෙති යි.
කථම‍්පන භන‍්තෙ සක‍්කායදිට‍්ඨි හොතීති? ඉධ ගහපති අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං; වෙදනං අත‍්තතො සමනුපස‍්සති -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. එවං ඛො ගහපති සක‍්කායදිට‍්ඨි හොතීති.
වහන්ස, සක්කාය දිට්ඨිය කෙසේ වේ දැ? යි. ගැහැවිය, මෙහි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුනු අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්මය යි හෝ ආත්මය රූපවත් යයි හෝ ආත්මයෙහි රූපය පවතී යයි හෝ රූපයෙහි ආත්මය පවතී යයි හෝ දකී. වේදනාව ආත්ම යයි හෝ … දකී. සංඥාව … සංස්කාර … විඥානය ආත්ම යයි හෝ ආත්මය විඥානවත් යයි හෝ ආත්මයෙහි විඥානය පවතී යයි හෝ විඥානයෙහි ආත්මය පවතී යයි හෝ දකී. ගැහැවිය, මෙසේ සක්කායදිට්ඨිය වේ යි.
කථම‍්පන භන‍්තෙ සක‍්කායදිට‍්ඨි න හොතීති? ඉධ ගහපති සුතවා අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො සප‍්පුරිසානං දස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො න රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා රූපං, න රූපස‍්මිං වා අත‍්තානං; න වෙදනං -පෙ- න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ -පෙ- න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, න විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා විඤ‍්ඤාණං, න විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. එවං ඛො ගහපති, සක‍්කායදිට‍්ඨි න හොතීති.
වහන්ස, කෙසේ නම් සක්කායදිට්ඨිය නො වේ දැ? යි. ගැහැවිය, මෙහි ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුනු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්මය යි හෝ නො දකී, ආත්මය රූපවත් යයි හෝ නො දකී, ආත්මයෙහි රූපය පවතී යයි හෝ නො දකී. රූපයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. වේදනාව … නො දකී, සංඥාව … නො දකී, සංස්කාර … නො දකී, විඥානය ආත්මය යි හෝ නො දකී, ආත්මය විඥානවත් යයි හෝ නො දකී, ආත්මයෙහි විඥානය පවතී යයි හෝ නො දකී, විඥානයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. ගැහැවිය, මෙසේ සක්කායදිට්ඨිය නො වේ යි.
කුතො භන‍්තෙ අය්‍යො ඉසිදත‍්තො ආගච‍්ඡතීති? අවන‍්තියා ඛ‍්වාහං ගහපති ආගච‍්ඡාමීති. අත්‍ථි භන‍්තෙ අවන‍්තියා ඉසිදත‍්තො නාම කුලපුත‍්තො අම‍්හාකං අදිට‍්ඨසහායො පබ‍්බජිතො දිට‍්ඨො සො ආයස‍්මතාති? එවං ගහපතීති. කහං නු ඛො සො භන‍්තෙ ආයස‍්මා එතරහි විහරතීති? එවං වුත‍්තෙ ආයස‍්මා ඉසිදත‍්තො තුණ‍්හී අහොසි. අය්‍යො නො භන‍්තෙ ඉසිදත‍්තොති? එවං ගහපතීති. අභිරමතු භන‍්තෙ අය්‍යො ඉසිදත‍්තො මච‍්ඡිකාසණ‍්ඩෙ. රමණීයං අම‍්බාටකවනං. අහං අය්‍යස‍්ස ඉසිදත‍්තස‍්ස උස‍්සුක‍්කං කරිස‍්සාමි චීවර-පිණ‍්ඩපාත-සෙනාසන-ගිලානප‍්පච‍්චය-භෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති. කල්‍යාණං වුච‍්චති ගහපතීති.
වහන්ස, ආර්‍ය්‍ය වූ ඉසිදත්ත තෙරණුවෝ කොහි සිට වඩිද්දැ? යි. ගැහැවිය, මම අවන්ති දනව්වෙන් එමි යි. වහන්ස, අපගේ නුදුටු යහළු වූ ඉසිදත්ත නම් පැවිදි කුලපුතෙක් අවන්ති දනව්වෙහි ඇත. ආයුෂ්මතුන් වහන්සේ විසින් හෙතෙමේ දක්නා ලද්දේ දැ? යි. ගැහැවිය, එසේ යයි. වහන්ස, ඒ ආයුෂ්මතුන් වහන්සේ දැන් කොහි වෙසෙත්දැ යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. වහන්ස, ආර්‍ය්‍යයෝ අපගේ ඉසිදත්තයෝ දැ? යි. ගැහැවිය, එසේ යයි. වහන්ස, ආර්‍ය්‍ය වූ ඉසිදත්ත තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි සිත් අලවා වෙසෙන සේක්වා. අම්බාටක වනය සිත්කලු ය. මම ආර්‍ය්‍ය වූ ඉසිදත්ත තෙරණුවන්ට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර සැපයීමෙහි උත්සාහ කරන්නෙමි. ගැහැවිය, යහපතක් කියනු ලැබේ යි.
අථ ඛො චිත‍්තො ගහපති ආයස‍්මතො ඉසිදත‍්තස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා ථෙරෙ භික‍්ඛූ පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙසි සම‍්පවාරෙසි. අථ ඛො ථෙරා භික‍්ඛූ භුත‍්තාවිනො ඔනීතපත‍්තපාණිනො උට‍්ඨායාසනා පක‍්කමිංසු.
ඉක්බිති චිත්ත ගැහැවි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවන්ගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව ස්ථවිර භික්‍ෂූන් ප්‍රණීත වූ කෑයුතු බිදිය යුතු දැයින් සියතින් සැතැප්පී ය. මැනවින් පැවරී ය. ඉක්බිති ආයුෂ්මත් ස්ථවිර භික්‍ෂූහු වැළඳුවාහු පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තාහු හුනස්නෙන් නැඟී වැඩියහ.
අථ ඛො ආයස‍්මා ථෙරො ආයස‍්මන‍්තං ඉසිදත‍්තං එතදවොච: සාධු ඛො තං ආවුසො ඉසිදත‍්ත එසො පඤ‍්හො පටිභාසි. නෙසො පඤ‍්හො මං පටිභාසි. තෙනහාවුසො ඉසිදත‍්ත යදා අඤ‍්ඤදාපි එවරූපො පඤ‍්හො ආගච‍්ඡෙය්‍ය, තං යෙවෙත්‍ථ පටිභාසෙය්‍යාති. අථ ඛො ආයස‍්මා ඉසිදත‍්තො සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරං ආදාය මච‍්ඡිකාසණ‍්ඩම‍්හා පක‍්කාමි. යං මච‍්ඡිකාසණ‍්ඩම‍්හා පක‍්කාමි, තථා පක‍්කන‍්තොව අහොසි, න පුන පච‍්චාගඤ‍්ඡීති.
ඉන්පසු ආයුෂ්මත් තෙරණුවෝ ආයුෂ්මත් ඉසිදත්තයනට මෙය කීහ: ඇවැත්නි ඉසිදත්තයෙනි, මේ පැනය තොපට මැනවින් වැටහුණේ ය. මේ පැනය මට නො වැටහුණේ ය. ඇවැත්නි ඉසිදත්තයෙනි, එහෙයින් යම් අන්කලෙකැදු මෙබඳු පැනයෙක් එන්නේ නම් එහි ලා තොපට ම වැටහේවා යයි. ඉක්බිති ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ සෙනසුන සකසා තබා පා සිවුරු ගෙන මච්ඡිකාසණ්ඩයෙන් නික්ම ගියාහ. යම් සේ මච්ඡිකාසණ්ඩයෙන් ගියාහු ද එසේ ගියාහු ම වූහ. යළි පෙරළා නො ආහ යි.