මහකසුත්තං
7. 1. 4.
7. 1. 4.
මහකසුත්තං
මහක සූත්රය
408. එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ මච්ඡිකාසණ්ඩෙ විහරති අම්බාටකවනෙ. අථ ඛො චිත්තො ගහපති යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ථෙරෙ භික්ඛූ එතදවොච: අධිවාසෙන්තු මෙ භන්තෙ ථෙරා ස්වාතනාය ගොකුලෙ භත්තන්ති. අධිවාසෙසුං ඛො ථෙරා භික්ඛූ තුණ්හීභාවෙන. අථ ඛො චිත්තො ගහපති ථෙරානං භික්ඛූනං අධිවාසනං විදිත්වා උට්ඨායාසනා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
408. එක්කලෙක බොහෝ වූ තෙර මහණහු මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ තෙර මහණුන් වෙත එළඹියේය. එළඹ තෙර මහණුන් වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි තෙර මහණුන්ට මෙය කීය: වහන්ස, තෙරහු සෙට දවස පිණිස වූ මාගේ ගෝකුලයෙහි බත ඉවසත්වා යි. තෙර මහණහු නිහඬබැවින් ඉවසූහ. එකල්හි චිත්ත ගැහැවි තෙර මහණුන්ගේ ඉවසීම දැන හුනස්නෙන් නැඟී තෙර මහණහු වැඳ පැදකුණු කොට ගියේ ය.
අථ ඛො ථෙරා භික්ඛූ තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන චිත්තස්ස ගහපතිනො ගොකුලං තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිංසු. අථ ඛො චිත්තො ගහපති ථෙරෙ භික්ඛූ පණීතෙන සප්පිපායාසෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො ථෙරා භික්ඛූ භුත්තාවිනො ඔනීතපත්තපාණිනො උට්ඨායාසනා පක්කමිංසු. චිත්තොපි ඛො ගහපති සෙසකං විස්සජ්ජෙථාති වත්වා ථෙරෙ භික්ඛූ පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි.
ඉක්බිති තෙර මහණහු ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන චිත්ත ගැහැවිහුගේ ගෝකුලය වෙත එළඹියහ. එළඹ පැන වූ අසුන්හි හිඳගත්හ. එකල්හි චිත්ත ගැහැවි තෙර මහණුන් ප්රණීත වූ ගිතෙල්මුසු කිරිබතින් සියතින් සැතැප්පී ය. මැනවින් පැවරීය. ඉක්බිති තෙර මහණහු වැළඳුවාහු පාත්රයෙන් ඉවත් කළ අත් ඇත්තාහු හුනස්නෙන් නැඟී වැඩියහ. චිත්ත ගැහැවි තෙමේ ද සෙස්ස බැහැර කරවයි කියා තෙර මහණුන් පසු පස අනු ගමන් කෙළේය.
තෙන ඛො පන සමයෙන උණ්හං හොති කුඨිතං, තෙ ච ථෙරා භික්ඛූ පවෙලියමානෙන මඤ්ඤෙ කායෙන ගච්ඡන්ති යථා තං සුභොජනං භුත්තාවිනො. තෙන ඛො පන සමයෙන ආයස්මා මහකො තස්මිං භික්ඛුසඞ්ඝෙ සබ්බනවකො හොති. අථ ඛො ආයස්මා මහකො ආයස්මන්තං ථෙරං එතදවොච: සාධු ඛ්වස්ස භන්තෙ ථෙර යං සීතකො වාතො වායෙය්ය, අබ්භසම්පිලාපො ච අස්ස, දෙවො ච එකමෙකං ඵුසායෙය්යාති. සාධු ඛ්වස්ස ආවුසො මහක යං සීතකො ච වාතො වායෙය්ය, අබ්භසම්පිලාපො ච අස්ස, දෙවො ච එකමෙකං ඵුසායෙය්යාති. අථ ඛො ආයස්මා මහකො තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි යථා සීතකො ච වාතො වායිත්ථ අබ්භසම්පිලාපො ච අස්ස, දෙවො ච එකමෙකං ඵුසි.
එසමයෙහි කැකෑරෙන උණුසුම වෙයි. ඒ තෙර මහණහු ද මිහිරි බොජුන් වැළඳූවන් සේ පැසෙන හැකිළෙන කයින් යුතු ව මෙන් යෙති. එකල්හි ආයුෂ්මත් මහක තෙරණුවෝ ඒ බික් සඟන අතර සියල්ලන්ට නවක වෙති. එකල ආයුෂ්මත් මහක තෙරණුවෝ ආයුෂ්මත් තෙරුන්ට මෙය කීහ: වහන්ස, තෙරණුවනි, “යම් හෙයකින් සිහිල් සුළඟ හමන්නේ නම් වලාකුළු පාවීමෙකුත් වන්නේ නම් වැස්සත් එක එක පොද හෙලන්නේ වී නම් යහපත් වන්නේ දැ?” යි. ඇවැත්නි, මහකයෙනි, යම් හෙයකින් සිහිල් සුළඟ හමන්නේ නම් වලාකුළු පාවීමෙකුත් වන්නේ නම් වැස්සත් එක එක පොද හෙලන්නේ වී නම් යහපතැ යි. එකල්හි ආයුෂ්මත් මහක තෙමේ යම් සේ සිහිල් සුළඟත් හැමී ද වලාකුළු පාවීමත් වී ද වැස්සත් එක එක පොද හෙළී ද එබඳු ඍද්ධියක් කෙළේ ය.
අථ ඛො චිත්තස්ස ගහපතිස්ස එතදහොසි: යො ඛො ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ සබ්බනවකො භික්ඛු, තස්ස එවරූපො ඉද්ධානුභාවොති. අථ ඛො ආයස්මා මහකො ආරාමං සම්පාපුණිත්වා ආයස්මන්තං ථෙරං එතදවොච: අලමෙත්තාවතා භන්තෙ ථෙරාති. අලමෙත්තාවතා ආවුසො මහක, කතමෙත්තාවතා ආවුසො මහක, පූජිතමෙත්තාවතා ආවුසො මහකාති. අථ ඛො ථෙරා භික්ඛූ යථාවිහාරං අගමංසු. ආයස්මාපි මහකො සකං විහාරං අගමාසි.
එකල්හි චිත්ත ගැහැවිහට මෙබඳු සිතෙක් විය: “මේ බික් සඟන අතර සියල්ලන්ට නවක වූ යම් මහක කෙනෙක් වෙත් නම් මෙබඳු ඍද්ධ්යානුභාවය උන්වහන්සේගේ ය”යි. ඉක්බිති ආයුෂ්මත් මහක අරමට පැමිණ ආයුෂ්මත් තෙරණුවන්ට “වහන්ස, තෙරණුවනි, මෙතෙකින් පමණ දැ?” යි මෙය කීය. ඇවැත්නි මහකයෙනි, මෙතෙකින් පමණ ය. ඇවැත්නි මහකයෙනි, මෙතෙකින් කරන ලද්දේ ය. ඇවැත්නි මහකයෙනි, මෙතෙකින් පුදන ලද්දේ යයි. ඉන් පසු තෙර මහණහු සිය සිය වෙහෙරට ගියහ. ආයුෂ්මත් මහක ද සිය වෙහෙරට ගියේය.
අථ ඛො චිත්තො ගහපති යෙනායස්මා මහකො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහකං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ආයස්මන්තං මහකං එතදවොච: සාධු මෙ භන්තෙ අය්යො මහකො උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සෙතූති. තෙන හි ත්වං ගහපති ආලින්දෙ උත්තරාසඞ්ගං පඤ්ඤාපෙත්වා තිණකලාපං ඔකාසෙහීති. එවම්භන්තෙති ඛො චිත්තො ගහපති ආයස්මතො මහකස්ස පටිස්සුත්වා ආලින්දෙ උත්තරාසඞ්ගං පඤ්ඤාපෙත්වා තිණකලාපං ඔකාසෙසි.
ඉක්බිති චිත්ත ගැහැවි ආයුෂ්මත් මහක වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහකයන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් මහකට මෙය කී ය: වහන්ස, “මහක ආර්ය්යයන් වහන්සේ මට උතුරු මිනිස් දමින් ඉදු පෙළහරක් දක්වන සේක්වා” යි. ගැහැවි, එසේ වී නම් තෙපි පිලෙහි උතුරු සළුව අතුරා තණ මිටියක් විසුරුව යි. වහන්ස, එසේ යයි චිත්ත ගැහැවි ආයුෂ්මත් මහකහට පිළිතුරු දී පිලෙහි උතුරු සළුව අතුරා තණ මිටියක් විසුරු වී ය.
අථ ඛො ආයස්මා මහකො විහාරං පවිසිත්වා සූචිඝටිකං දත්වා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි, යථා තාලච්ඡිග්ගලෙන ච අග්ගලන්තරිකාය ච අච්චි නික්ඛමිත්වා තිණානි ඣාපෙසි, උත්තරාසඞ්ගං න ඣාපෙසි. අථ ඛො චිත්තො ගහපති උත්තරාසඞ්ගං පප්ඵොටෙත්වා සංවිග්ගො ලොමහට්ඨජාතො එකමන්තං අට්ඨාසි. අථ ඛො ආයස්මා මහකො විහාරා නික්ඛමිත්වා චිත්තං ගහපතිං එතදවොච: “අලමෙත්තාවතා, ගහපතී”ති. අලමෙත්තාවතා භන්තෙ මහක, කතමෙත්තාවතා භන්තෙ මහක, පූජිතමෙත්තාවතා භන්තෙ මහක, අභිරමතු භන්තෙ අය්යො මහකො මච්ඡිකාසණ්ඩෙ. රමණීයං අම්බාටකවනං. අහං අය්යස්ස මහකස්ස උස්සුක්කං කරිස්සාමි චීවර-පිණ්ඩපාත-සෙනාසන-ගිලානප්පච්චය-භෙසජ්ජපරික්ඛාරානන්ති. කල්යාණං වුච්චති ගහපතීති. අථ ඛො ආයස්මා මහකො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය මච්ඡිකාසණ්ඩම්හා පක්කාමි. යං මච්ඡිකාසණ්ඩම්හා පක්කාමි තථා පක්කන්තොව අහොසි. න පුන පච්චාගඤඡීති.
ඉක්බිති ආයුෂ්මත් මහක වෙහෙරට පිවිස යතුරු අගුළ දමා යම් සේ කෙසි සිදුරෙන් ද අගුළ අතරින් ද ගිනිදලු නික්ම තණකොළ දැවී ද, උතුරු සළුව නො දැවී ද එබඳු ඍද්ධියක් කෙළේ ය. එකල්හි චිත්ත ගැහැවි උතුරු සළුව පොළා සංවේගයට පැමිණියේ හටගත් ලොමු දහගැනුම් ඇත්තේ එකත්පස්ව සිටියේ ය. එවිට ආයුෂ්මත් මහක වෙහෙරින් නික්ම චිත්ත ගැහැවි හට ගැහැවි, මෙතෙකින් පමණ දැ?යි මෙය කීය. වහන්ස මහකයෙනි, මෙතෙකින් පමණ ය. වහන්ස මහකයෙනි, මෙතෙකින් කරන ලද්දේ ය. වහන්ස මහකයෙනි, මෙතෙකින් පුදන ලද්දේ ය. වහන්ස මහක ආර්ය්යයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි සිත් අලවා වෙසෙන සේක්වා, අම්බාටක වනය සිත්කලු ය, මම මහක ආර්ය්යයන් වහන්සේට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිබඳ ව උත්සාහ කරන්නෙමි යි. ගැහැවිය යහපතෙක් කියනු ලැබේ යි. එකල්හි ආයුෂ්මත් මහක සෙනසුන සකසා තබා පා සිවුරු ගෙන මච්ඡිකාසණ්ඩයෙන් නික්ම ගියේය. යම් සේ මච්ඡිකාසණ්ඩයෙන් ගියේ ද එසේ ගියේ ම විය. යළි පෙරළා නො ආයේ යි.