කාමභූසුත්තං
7. 1. 5.
7. 1. 5.
කාමභූසුත්තං
කාමභූ සූත්‍රය
409. එකං සමයං ආයස්මා කාමභූ මච්ඡිකාසණ්ඩෙ විහරති අම්බාටකවනෙ. අථ ඛො චිත්තො ගහපති යෙනායස්මා කාමභූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං කාමභුං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චිත්තං ගහපතිං ආයස්මා කාමභූ එතදවොච: වුත්තමිදං ගහපති:
409. එක්කලෙක ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් කාමභූ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් කාමභූ තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි හට ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මෙය වදාළහ: ගැහැවිය, මෙය වදාරන ලද්දේය:
නෙලඞ්ගො සෙතපච්ඡාදො එකාරො වත්තතී රථො අනීඝං පස්ස ආයන්තං ඡින්නසොතං අබන්ධනන්ති.
“නිදොස් වූ සුදු වැස්මක් ඇති එක් දැවියක් ඇති රියක් තිබේ. දුක් නැති සුන් සැඩ පහර ඇති බැඳුම් රහිත එන්නහු බලව” යි.
ඉමස්ස නු ඛො ගහපති සංඛිත්තෙන භාසිතස්ස කථං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති? කින්නු ඛො එතං භන්තෙ භගවතා භාසිතන්ති? එවං ගහපතීති. තෙන හි භන්තෙ මුහුත්තං ආගමෙහි යාවස්ස අත්ථං පෙක්ඛාමීති. අථ ඛො චිත්තො ගහපති මුහුත්තං තුණ්හී හුත්වා ආයස්මන්තං කාමභුං එතදවොච:
ගැහැවිය, සැකෙවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් කෙසේ දත යුතු දැ?යි. වහන්ස, කිමෙක් ද? මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ?යි. ගැහැවිය, එසේ යයි. වහන්ස, එසේ වී නම් යම් තාක් මෙහි අරුත පිරික්ෂා බලම් ද, ඒ තාක් මොහොතක් පොරොත්තු වනු මැනවැ යි. ඉක්බිති චිත්ත ගැහැවි මොහොතක් නිහඬ ව ආයුෂ්මත් කාමභූ තෙරණුවන්ට මෙය කීය:
නෙලඞ්ගන්ති ඛො භන්තෙ සීලානමෙතං අධිවචනං. සෙතපච්ඡාදොති ඛො භන්තෙ විමුත්තියා එතං අධිවචනං. එකාරොති ඛො භන්තෙ සතියා එතං අධිවචනං. වත්තතීති ඛො භන්තෙ අභික්කමපටික්කමස්සෙතං අධිවචනං. රථොති ඛො භන්තෙ ඉමස්සෙතං චාතුමහාභූතිකස්ස කායස්ස අධිවචනං මාතාපෙත්තිකසම්භවස්ස ඔදනකුම්මාසූපචයස්ස අනිච්චුච්ඡාදන පරිමද්දන භෙදන විද්ධංසන ධම්මස්ස. රාගො ඛො භන්තෙ නීඝො දොසො නීඝො මොහො නීඝො. තෙ ඛීණාසවස්ස භික්ඛුනො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා ඛීණාසවො භික්ඛු අනීඝොති වුච්චති. ආයන්තන්ති ඛො භන්තෙ අරහතො එතං අධිවචනං. සොතොති ඛො භන්තෙ තණ්හාය එතං අධිවචනං. සා ඛීණාසවස්ස භික්ඛුනො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා ඛීණාසවො භික්ඛු ඡින්නසොතොති වුච්චති. රාගො ඛො භන්තෙ බන්ධනං, දොසො බන්ධනං, මොහො බන්ධනං. තෙ ඛීණාසවස්ස භික්ඛුනො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා ඛීණාසවො භික්ඛු අබන්ධනොති වුච්චති. ඉති ඛො භන්තෙ යන්තං වුත්තං භගවතා:
වහන්ස, “නෙලඞ්ග” යනු සීලයට මේ නමෙකි. වහන්ස, “සේතපච්ඡාද” යනු විමුක්තියට මේ නමෙකි. වහන්ස, “ඒකාර” යනු සිහියට මේ නමෙකි. වහන්ස, “වත්තති” යනු ඉදිරි ගමනට හා පසුගමනට මේ නමෙකි. වහන්ස, “රථ” යනු මව්පියන්ගෙන් උපන් බත් කොමු පිඬු වලින් වැඩුනු නිතර ඉලීම් පිරිමැදීම් කෙරෙතු දු බිඳෙන වැනසෙන ස්වභාව ඇති සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයට මේ නමෙකි. වහන්ස, රාගය නීඝයෙකි, දෝසය නීඝයෙකි, මෝහය නීඝයෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ. උසුන් මුල් ඇතියහ. හිස් සුන් තල් ගසක් මෙන් කරන ලදහ. නැවත නො හටගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. එහෙයින් රහත් මහණහු අනීඝ යයි කියනු ලැබෙත්. වහන්ස, “ආයන්ත” යනු රහතුන් වහන්සේට මේ නමෙකි. වහන්ස, “සෝත” යනු තෘෂ්ණාවට මේ නමෙකි. රහත් මහණුන් වහන්සේ විසින් එය ප්‍රහීණ ය. උසුන් මුල් ඇතියේ ය. හිස් සුන් තල් ගසක් මෙන් කරන ලද්දේ ය. යළි නොහට ගන්නා බව කරන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. එහෙයින් රහත් මහණහු “ඡින්න සෝතය” යි කියනු ලැබෙත්. වහන්ස, රාගය බැඳුමෙකි. දෝසය බැඳුමෙකි. මෝහය බැඳුමෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ. උසුන් මුල් ඇතියහ. හිස් සුන් තල් ගසක් මෙන් කරන ලදහ. යළි නො හට ගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. එහෙයින් රහත් මහණහු “අබන්ධනය” යි කියනු ලැබෙති යි. වහන්ස මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ යමක් වදාරන ලද්දේ ද:
“නෙලඞ්ගො සෙතපච්ඡාදො එකාරො වත්තතී රථො අනීඝං පස්ස ආයන්තං ඡින්නසොතං අබන්ධන”න්ති.
“නිදොස් වූ සුදු වැස්මක් ඇති එක් දැවියක් ඇති රියක් තිබේ. දුක් නැති සුන් සැඩ පහර ඇති බැඳුම් රහිත එන්නහු බලව” යි.
ඉමස්ස ඛ්වාහං භන්තෙ භගවතා සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති. ලාභා තෙ ගහපති, සුලද්ධන්තෙ ගහපති, යස්ස තෙ ගම්භීරෙ බුද්ධවචනෙ පඤ්ඤාචක්ඛු කමතීති.
වහන්ස, භාග්‍යවතුන් වයන්සේ විසින් සැකෙවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් මම මෙසේ දනිමි යි. ගැහැවිය, යම් බඳු තොපගේ පැනැස ගැඹුරු බුදු වදනෙහි පවතී ද, ගැහැවිය, ඒ තොපට ඒකාන්තයෙන් ලාභයෙකි. තොපට මනා ලැබීමෙකි යි.