යෙදුමෙන් කියවන්න

දුතියකාමභූසුත‍්තං

7. 1. 6.

7. 1. 6.

දුතියකාමභූසුත‍්තං

දුතිය කාමභූ සූත්‍රය

410. එකං සමයං ආයස‍්මා කාමභූ මච‍්ඡිකාසණ‍්ඩෙ විහරති අම‍්බාටකවනෙ. අථ ඛො චිත‍්තො ගහපති යෙනායස‍්මා කාමභූ -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො චිත‍්තො ගහපති ආයස‍්මන‍්තං කාමභුං එතදවොච: කති නු ඛො භන‍්තෙ සඞ‍්ඛාරාති. තයො ඛො ගහපති සඞ‍්ඛාරා කායසඞ‍්ඛාරො වචීසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරොති. සාධු භන‍්තෙති ඛො චිත‍්තො ගහපති ආයස‍්මතො කාමභුස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා ආයස‍්මන‍්තං කාමභුං උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි. කතමො පන භන‍්තෙ කායසඞ‍්ඛාරො? කතමො වචීසඞ‍්ඛාරො? කතමො චිත‍්තසඞ‍්ඛාරොති? අස‍්සාසපස‍්සාසා ඛො ගහපති කායසඞ‍්ඛාරො, විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරො, සඤ‍්ඤා ච වෙදනා ච චිත‍්තසඞ‍්ඛාරොති. සාධු භන‍්තෙති ඛො චිත‍්තො ගහපති -පෙ- උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි:

410. එක්කලෙක ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් කාමභූ තෙරුන් වෙත … එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරුන්ට මෙය කී ය: වහන්ස, “සඞ්ඛාර කෙතෙක් දැ?” යි. ගැහැවිය, සඞ්ඛාර තුනෙකි. කාය සඞ්ඛාර ය, වචී සඞ්ඛාර ය, චිත්ත සඞ්ඛාර යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරුණුවන්ගේ වචනය පිළිගෙන අනුමෝදන් ව ආයුෂ්මත් කාමභූ තෙරුන් මතු දැක්වෙන පැනය පුළුවුත. වහන්ස, කාය සඞ්ඛාර කවරේ ද? වචී සඞ්ඛාර කවරේ ද? චිත්ත සඞ්ඛාර කවරේ ද? යි. ගැහැවි, ආස්වාස, ප්‍රස්වාස කාය සඞ්ඛාර ය. විතර්‍ක, විචාර වචී සඞ්ඛාර ය. සංඥාත්, වේදනාත් චිත්ත සඞ්ඛාර යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මතු දැක්වෙන පැනය පුළුවුත.

කස‍්මා පන භන‍්තෙ අස‍්සාසපස‍්සාසා කායසඞ‍්ඛාරො? කස‍්මා විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරො? කස‍්මා සඤ‍්ඤා ච වෙදනා ච චිත‍්තසඞ‍්ඛාරොති? අස‍්සාසපස‍්සාසා ඛො ගහපති කායිකා. එතෙ ධම‍්මා කායපටිබද‍්ධා, තස‍්මා අස‍්සාසපස‍්සාසා කායසඞ‍්ඛාරො. පුබ‍්බෙ ඛො ගහපති විතක‍්කෙත්‍වා විචාරෙත්‍වා පච‍්ඡා වාචං භින්‍දති, තස‍්මා විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරො. සඤ‍්ඤා ච වෙදනා ච චෙතසිකා. එතෙ ධම‍්මා චිත‍්තපටිබද‍්ධා, තස‍්මා සඤ‍්ඤා ච වෙදනා ච චිත‍්තසඞ‍්ඛාරොති. සාධු භන‍්තෙති ඛො චිත‍්තො ගහපති -පෙ- උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි:

වහන්ස, කුමක් හෙයින් ආස්වාස ප්‍රස්වාස කාය සඞ්ඛාර වේ ද? කුමක් හෙයින් විතර්‍ක විචාර වචී සඞ්ඛාර වේ ද? කුමක් හෙයින් සංඥාත් වේදනාත් චිත්ත සඞ්ඛාර වේ දැ? යි. ගැහැවිය, ආස්වාස ප්‍රස්වාස කායික ය. මේ දහම්හු කය පිළිබඳහ. එහෙයින් ආස්වාස ප්‍රස්වාස කාය සඞ්ඛාර වේ. ගැහැවි, පළමු තර්‍කණය කොට විචාරණය කොට පසුව වාග් භේදය කරයි. එහෙයින් විතර්‍ක විචාර වචී සඞ්ඛාර වේ. සංඥාත් වේදනාත් චෛතසිකයහ. මේ දහම්හු සිත පිළිබඳහ. එහෙයින් සංඥාත් වේදනාත් චිත්ත සඞ්ඛාර වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි ද පැනයක් පුළුවුත.

කථං පන භන‍්තෙ සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්ති හොතීති? න ඛො ගහපති සඤ‍්ඤාවෙදයිත නිරොධං සමාපජ‍්ජන‍්තස‍්ස භික‍්ඛුනො එවං හොති: “අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජිස‍්සන‍්ති වා අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජාමීති වා අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො’ති වා ති, අථ ඛ‍්වස‍්ස පුබ‍්බෙව තථා චිත‍්තං භාවිතං හොති යංතං තථත‍්තාය උපනෙතීති. සාධු භන‍්තෙති ඛො චිත‍්තො ගහපති -පෙ- උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි:

වහන්ස, කෙසේ නම් සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය වේ දැ?යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට සමවදනා මහණහුට මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට සමවදින්නෙමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදිමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවනිමි යි හෝ මෙබඳු සිතෙක් නො වේ. වැලිදු යම් සිතක් ඔහු ඒ බැව් පිණිස පමුණුවා නම් එසේ පළමු ම ඔහුගේ සිත වඩන ලද්දේ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.

සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජන‍්තස‍්ස පන භන‍්තෙ භික‍්ඛුනො කතමෙ ධම‍්මා පඨමං නිරුජ‍්ඣන‍්ති යදි වා කායසඞ‍්ඛාරො යදි වා වචීසඞ‍්ඛාරො යදි වා චිත‍්තසඞ‍්ඛාරො? ති. සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජන‍්තස‍්ස ඛො ගහපති භික‍්ඛුනො වචීසඞ‍්ඛාරො පඨමං නිරුජ‍්ඣති, තතො කායසඞ‍්ඛාරො, තතො චිත‍්තසඞ‍්ඛාරොති. සාධු භන‍්තෙති ඛො චිත‍්තො ගහපති -පෙ- උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි:

වහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදනා මහණුන් වහන්සේගේ කවර දහම්හු පළමු නිරුද්ධ වෙද්ද? ඉදින් කායසඞ්ඛාර හෝ ඉදින් වචීසඞ්ඛාර හෝ ඉදින් චිත්තසඞ්ඛාර හෝ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදනා මහණහුගේ වචීසඞ්ඛාර පළමු නිරුද්ධ වේ. ඉන් පසු කායසඞ්ඛාර ද ඉන් පසු චිත්තසඞ්ඛාර ද නිරුද්ධ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.

යොයං භන‍්තෙ මතො කාලකතො, යොචායං භික‍්ඛු සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො, ඉමෙසං කිං නානාකරණන‍්ති? ය‍්වායං ගහපති මතො කාලකතො, තස‍්ස කායසඞ‍්ඛාරො නිරුද‍්ධො පටිප‍්පස‍්සද‍්ධො, වචීසඞ‍්ඛාරො නිරුද‍්ධො පටිප‍්පස‍්සද‍්ධො චිත‍්තසඞ‍්ඛාරො නිරුද‍්ධො පටිප‍්පස‍්සද‍්ධො, ආයු පරික‍්ඛීණං උස‍්මා වූපසන‍්තා, ඉන්‍ද්‍රියානි විපරිභින‍්නානි. යො ච ඛ‍්වායං ගහපති භික‍්ඛු සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො, තස‍්සපි කායසඞ‍්ඛාරො නිරුද‍්ධො පටිප‍්පස‍්සද‍්ධො, වචීසඞ‍්ඛාරො නිරුද‍්ධො පටිප‍්පස‍්සද‍්ධො, චිත‍්තසඞ‍්ඛාරො නිරුද‍්ධො පටිප‍්පස‍්සද‍්ධො, ආයු අපරික‍්ඛීණං, උස‍්මා අවුපසන‍්තා, ඉන්‍ද්‍රියානි විප‍්පසන‍්නානි. ය‍්වායං ගහපති, මතො කාලකතො, යොචායං භික‍්ඛු සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො, ඉදං නෙසං නානාකරණන‍්ති. සාධු භන‍්තෙති ඛො චිත‍්තො ගහපති -පෙ- උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි:

වහන්ස, මේ යමෙක් මළේ ද කලුරිය කෙළේ ද යම් මේ මහණ කෙනෙකුත් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්හු ද මොවුන්ගේ වෙනස කිමෙක් දැ?යි. ගැහැවි, මේ යමෙක් මළේ ද කලුරිය කෙළේ ද ඔහුගේ කායසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. වචීසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. චිත්තසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. ආයු පිරිහුණේ උණුසුම සන්හිනි, ඉඳුරෝ නටහ. ගැහැවි, යම් මහණෙකුත් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවනි ද ඔහුගේත් කායසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. වචීසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. චිත්තසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. ආයු නො පිරිහින, උණුසුම නො සන්හිනි, ඉඳුරෝ වෙසෙසින් පහන් හ. ගැහැවි, මේ යමෙක් මළේ ද කලුරිය කෙළේ ද යම් මේ මහණෙකුත් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවනි ද මේ ඔවුන්ගේ වෙනස යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි තෙමේ … මතු පැන පිළිවිසී ය.

කථං පන භන‍්තෙ සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨානං හොතීති. න ඛො ගහපති සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨහන‍්තස‍්ස භික‍්ඛුනො එවං හොති: “අහං සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨහිස‍්සන‍්ති වා අහං සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨහාමීති වා අහං සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨිතො වා” ති. අථ ඛ‍්වස‍්ස පුබ‍්බෙව තථා චිත‍්තං භාවිතං හොති යං තං තථත‍්තාය උපනෙතීති. සාධු භන‍්තෙති ඛො චිත‍්තො ගහපති -පෙ- උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි:

වහන්ස, කෙසේ නම් සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටීම වේ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටින මහණහුට මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටින්නෙමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටිමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටියෙමි යි හෝ මෙබඳු සිතෙක් නො වෙයි. වැලිදු යම් සිතක් ඒ බව පිණිස ඔහු පමුණුවා නම් එසේ ඔහුගේ සිත පළමු මැ වඩන ලද්දේ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි ද පැනයක් පුළුවුත.

සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨහන‍්තස‍්ස පන භන‍්තෙ භික‍්ඛුනො කතමෙ ධම‍්මා පඨමං උප‍්පජ‍්ජන‍්ති, යදි වා කායසඞ‍්ඛාරො යදි වා වචීසඞ‍්ඛාරො යදි වා චිත‍්තසඞ‍්ඛාරොති? සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨහන‍්තස‍්ස ඛො ගහපති, භික‍්ඛුනො චිත‍්තසඞ‍්ඛාරො පඨමං උප‍්පජ‍්ජති, තතො කායසඞ‍්ඛාරො, තතො වචීසඞ‍්ඛාරොති. සාධු භන‍්තෙති ඛො චිත‍්තො ගහපති -පෙ- උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි:

වහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටුනා මහණුන් වහන්සේගේ කවර දහම්හු පළමු උපදිද් ද? ඉදින් කායසඞ්ඛාර හෝ ඉදින් වචීසඞ්ඛාර හෝ ඉදින් චිත්තසඞ්ඛාර හෝ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටුනා මහණහුට චිත්තසඞ්ඛාර පළමු උපදී. ඉන්පසු කායසඞ්ඛාර ද ඉන්පසු වචීසඞ්ඛාර ද උපදි යි. මැනව වහන්සැ යි චිත්තගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.

සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨිතං පන භන‍්තෙ භික‍්ඛුං කති ඵස‍්සා ඵුසන‍්තීති? සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨිතං ඛො ගහපති භික‍්ඛුං තයො ඵස‍්සා ඵුසන‍්ති සුඤ‍්ඤතො ඵස‍්සො අනිමිත‍්තො ඵස‍්සො අප‍්පණිහිතො ඵස‍්සොති. සාධු භන‍්තෙති ඛො චිත‍්තො ගහපති -පෙ- උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි:

වහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටුනා මහණුන් වහන්සේ කෙතෙක් පහස්හු පුසිද්දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටි මහණහු සුඤ්ඤතඵස්ස ය අනිමිත්තඵස්ස ය අප්පණිහිතඵස්ස ය යන තුන් පහස්හු පුසිති යි. මැනව වහන්සැ යි චිත්තගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.

සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨිතස‍්ස පන භන‍්තෙ භික‍්ඛුනො කිං නින‍්නං චිත‍්තං හොති කිං පොනං කිං පබ‍්භාරන‍්ති? සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨිතස‍්ස ඛො ගහපති භික‍්ඛුනො විවෙකනින‍්නං චිත‍්තං හොති විවෙකපොණං විවෙකපබ‍්භාරන‍්ති. සාධු භන‍්තෙති ඛො චිත‍්තො ගහපති ආයස‍්මතො කාමභුස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා ආයස‍්මන‍්තං කාමභුං උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි:

වහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටි මහණුන් වහන්සේගේ සිත කුමකට නැමුණේ කුමකට නැඹුරු වූයේ කුමකට බර වූයේ වේ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටි මහණහුගේ සිත විවේකයට (නිවනට) නැමුණේ විවේකයට නැඹුරු වූයේ විවේකයට බර වූයේ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරණුවන්ගේ වදන පිළිගෙන අනුමෝදන් ව ආයුෂ්මත් කාමභූ තෙරණුවන් මත්තෙහි පැනයක් පුළුවුත.

සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා පන භන‍්තෙ කති ධම‍්මා බහුකාරාති. අද‍්ධා ඛො ත්‍වං ගහපති යං පඨමං පුච‍්ඡිතබ‍්බං තං පච‍්ඡා පුච‍්ඡසි. අපි ච ත්‍යාහං ව්‍යාකරිස‍්සාමි. සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා ඛො ගහපති ද‍්වෙ ධම‍්මා බහූපකාරා සමථො ච විපස‍්සනා චාති.

වහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට කොතෙක් දහම්හු බොහෝ උපකාර ඇත්තේ දැ? යි. ගැහැවි, තෙපි ඒකාන්තයෙන් යමක් පළමු පිළිවිසිය යුතු නම් එය පසුව පුළුවුත්හු. එහෙත් තොපට මම විසඳන්නෙමි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට සමථය ද විපස්සනාව ද යන දෙදහම්හු බොහෝ උපකාර ඇත්තේ යි.