යෙදුමෙන් කියවන්න

ගොදත‍්තසුත‍්තං

7. 1. 7.

7. 1. 7.

ගොදත‍්තසුත‍්තං

ගෝදත්ත සූත්‍රය

411. එකං සමයං ආයස‍්මා ගොදත‍්තො මච‍්ඡිකාසණ‍්ඩෙ විහරති අම‍්බාටකවනෙ. අථ ඛො චිත‍්තො ගහපති යෙනායස‍්මා ගොදත‍්තො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ගොදත‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො චිත‍්තං ගහපතිං ආයස‍්මා ගොදත‍්තො එතදවොච:

411. එක්කලෙක ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවන් වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවිහට ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවෝ මෙය වදාළහ:

යා චායං ගහපති අප‍්පමාණා චෙතොවිමුත‍්ති, යා ච ආකිඤ‍්චඤ‍්ඤා චෙතොවිමුත‍්ති යා ච සුඤ‍්ඤතා චෙතොවිමුත‍්ති යා ච අනිමිත‍්තා චෙතොවිමුත‍්ති. ඉමෙ ධම‍්මා නානත්‍ථා නානා ව්‍යඤ‍්ජනා? උදාහු එකත්‍ථා ව්‍යඤ‍්ජනමෙව නානන‍්ති?

ගැහැවි, යම් මේ අප්පමාණ චේතෝවිමුක්තියෙකුත් යම් ආකිඤ්චඤ්ඤ චේතෝවිමුක්තියෙකුත් යම් සුඤ්ඤත චේතෝවිමුක්තියෙකුත් වේ නම් මේ දහම්හු නොයෙක් නොයෙක් අර්‍ත්‍ථ ඇත්තාහුත් නොයෙක් නොයෙක් ව්‍යඤ්ජන ඇත්තාහුත් වෙත් ද? නැතහොත් එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ? යි.

අත්‍ථි භන‍්තෙ පරියායො යං පරියායං ආගම‍්ම ඉමෙ ධම‍්මා නානත්‍ථා චෙව නානාව්‍යඤ‍්ජනා ච. අත්‍ථි පන භන‍්තෙ පරියායො යං පරියායං ආගම‍්ම ඉමෙ ධම‍්මා එකත්‍ථා ව්‍යඤ‍්ජනමෙව නානන‍්ති.

වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු නානා අර්‍ත්‍ථ ඇත්තාහුත් නානා ව්‍යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් එබඳු නයෙක් ඇත. වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් නම් එබඳු නයකුත් ඇත.

කතමො ච භන‍්තෙ පරියායො යං පරියායං ආගම‍්ම ඉමෙ ධම‍්මා නානත්‍ථා චෙව නානාව්‍යඤ‍්ජනා ච:

වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු නානා අර්‍ත්‍ථ ඇත්තාහුත් නානා ව්‍යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් ඒ නය කවරේ ද යත්:

ඉධ භන‍්තෙ භික‍්ඛු මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරති. අයං වුච‍්චති, භන‍්තෙ, අප‍්පමාණා චෙතොවිමුත‍්ති.

වහන්ස, මෙහි මහණුන් වහන්සේ මෛත්‍රීසහගත සිතින් එක් දිගක් පැතිරගෙන වෙසෙති. දෙවන දිග ද එසේ ය. තෙවන දිග ද එසේ ය. සිවුවන දිග ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සර්‍වාත්මභාවයෙන් සියල්ලෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය අපමණ වූ නිදොස් වූ නිදුක් වූ මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙති. කුළුණු සහගිය සිතින් … මුදිතා සහගත සිතින් …මැදහත් බැවු සහගිය සිතින් එක් දිගක් පැතිරගෙන වෙසෙති. දෙවන දිග ද එසේ ය. තෙවන දිග ද එසේ ය. සිවුවන දිග ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සර්‍වාත්මභාවයෙන් සියල්ලෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය අපමණ වූ නිදොස් වූ නිදුක් වූ මැදහත් වූ උපේක්‍ෂා සහගිය සිතින් පතුරුවා වෙසෙති. වහන්ස, මේ අප්පමාණ චේතෝවිමුක්තිය යි කියනු ලැබේ.

කතමා ච භන‍්තෙ, ආකිඤ‍්චඤ‍්ඤාචෙතොවිමුත‍්ති:

වහන්ස, ආකිඤ්චඤ්ඤ චේතෝවිමුක්තිය කවර යත්:

ඉධ භන‍්තෙ භික‍්ඛු සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම, නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති භන‍්තෙ ආකිඤ‍්චඤ‍්ඤාචෙතොවිමුත‍්ති.

වහන්ස, මේ මහණුන් වහන්සේ සර්‍ව ප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙති. වහන්ස, මේ ආකිඤ්චඤ්ඤ චේතෝවිමුක්තිය යි කියනු ලැබේ.

කතමා ච භන‍්තෙ සුඤ‍්ඤතාචෙතොවිමුත‍්ති:

වහන්ස, සුඤ්ඤත චේතෝවිමුක්තිය කවර යත්:

ඉධ භන‍්තෙ භික‍්ඛු අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා සුඤ‍්ඤාගාරගතො වා ඉති පටිසංචික‍්ඛති සුඤ‍්ඤමිදං අත‍්තෙන වා අත‍්තනියෙන වා, අයං වුච‍්චති භන‍්තෙ සුඤ‍්ඤතාචෙතොවිමුත‍්ති.

වහන්ස, මෙහි මහණුන් වහන්සේ අරණකට ගියාහු හෝ රුක් මුලකට ගියාහු හෝ හිස් ගෙයකට ගියාහු හෝ මෙය තමාගෙන් හෝ තමා සතු දැයකින් හිස් යයි මෙසේ නුවණින් සලකා බලති. වහන්ස, මේ සුඤ්ඤත චේතෝවිමුක්තිය යි කියනු ලැබේ.

කතමා ච භන‍්තෙ අනිමිත‍්තා චෙතොවිමුත‍්ති:

වහන්ස, අනිමිත්ත චේතෝවිමුක්තිය කවර යත්:

ඉධ භන‍්තෙ භික‍්ඛු සබ‍්බනිමිත‍්තානං අමනසිකාරා අනිමිත‍්තං චෙතො සමාධිං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති භන‍්තෙ අනිමිත‍්තාචෙතොවිමුත‍්ති. අයං ඛො භන‍්තෙ පරියායො යං පරියායං ආගම‍්ම ඉමෙ ධම‍්මා නානත්‍ථා චෙව නානාව්‍යඤ‍්ජනා ච.

වහන්ස, මෙහි මහණුන් වහන්සේ සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් නිමිති රහිත චේතෝ සමාධියට පැමිණ වෙසෙති. වහන්ස, මේ අනිමිත්ත චේතෝවිමුක්තිය යි කියනු ලැබේ. වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු නානා අර්‍ත්‍ථ ඇත්තාහුත් නානා ව්‍යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් මේ ඒ නය යි.

කතමො ච භන‍්තෙ පරියායො යං පරියායං ආගම‍්ම ඉමෙ ධම‍්මා එකත්‍ථා ව්‍යඤ‍්ජනමෙව නානං:

වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් නම් ඒ නය කවරේ ද යත්:

රාගො ඛො භන‍්තෙ පමාණකරණො දොසො පමාණකරණො මොහො පමාණකරණො. තෙ ඛීණාසවස‍්ස භික‍්ඛුනො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. යාවතා ඛො භන‍්තෙ අප‍්පමාණා චෙතොවිමුත‍්තියො අකුප‍්පා තාසං චෙතොවිමුත‍්ති අග‍්ගමක‍්ඛායති. සා ඛො පනාකුප‍්පා චෙතොවිමුත‍්ති සුඤ‍්ඤා රාගෙන සුඤ‍්ඤා දොසෙන සුඤ‍්ඤා මොහෙන. රාගො ඛො භන‍්තෙ කිඤ‍්චනං දොසො කිඤ‍්චනං මොහො කිඤ‍්චනං. තෙ ඛීණාසවස‍්ස භික‍්ඛුනො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. යාවතා ඛො භන‍්තෙ ආකිඤ‍්චඤ‍්ඤා චෙතොවිමුත‍්තියො අකුප‍්පා තාසං චෙතොවිමුත‍්ති අග‍්ගමක‍්ඛායති; සා ඛො පනාකුප‍්පා චෙතොවිමුත‍්ති සුඤ‍්ඤා රාගෙන සුඤ‍්ඤා දොසෙන සුඤ‍්ඤා මොහෙන.

වහන්ස, රාගය පමණ කරන්නෙකි, ද්වේෂය පමණ කරන්නෙකි, මෝහය පමණ කරන්නෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ, උසුන්මුල්හ, හිස්සුන් තල් ගසක් මෙන් කරන ලදහ, යළි නො හටගන්නා බව කරන ලදහ, මතු නූපදනා ස්වභාව ඇතියහ. වහන්ස, යම්තාක් අප්පමාණ චේතෝවිමුක්තීහු වෙත් නම් (රාගාදීන්) අකෝප්‍ය වූ චේතෝවිමුක්තිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. ඒ අකෝප්‍ය වූ චේතෝවිමුක්තිය රාගයෙන් හිස් ය, ද්වේෂයෙන් හිස් ය, මෝහයෙන් හිස් ය. වහන්ස, රාගය පළිබෝධයකි, ද්වේෂය පළිබෝධයකි, මෝහය පළිබෝධයකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ, උසුන්මුල්හ, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ, යලි නො හටගන්නා බව කරන ලදහ, මතු නූපදනා ස්වභාව ඇතියහ. වහන්ස, යම්තාක් ආකිඤ්චඤ්ඤ චේතෝවිමුත්තීහු වෙත් නම් අකෝප්‍ය චේතෝවිමුක්තිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. ඒ අකෝප්‍ය චේතෝවිමුක්තිය රාගයෙන් හිස් ය, ද්වේෂයෙන් හිස් ය, මෝහයෙන් හිස් ය.

රාගො ඛො භන‍්තෙ නිමිත‍්තකරණො දොසො නිමිත‍්තකරණො මොහො නිමිත‍්තකරණො. තෙ ඛීණාසවස‍්ස භික‍්ඛුනො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. යාවතා ඛො භන‍්තෙ අනිමිත‍්තා චෙතොවිමුත‍්තියො අකුප‍්පා තාසං චෙතොවිමුත‍්ති අග‍්ගමක‍්ඛායති; සා ඛො පනාකුප‍්පා චෙතොවිමුත‍්ති සුඤ‍්ඤා රාගෙන සුඤ‍්ඤා දොසෙන සුඤ‍්ඤා මොහෙන. අයං ඛො භන‍්තෙ පරියායො යං පරියායං ආගම‍්ම ඉමෙ ධම‍්මා එකත්‍ථා ව්‍යඤ‍්ජනමෙව නානන‍්ති. ලාභා තෙ ගහපති සුලද‍්ධන‍්තෙ ගහපති යස‍්ස තෙ ගම‍්භීරෙ බුද‍්ධවචනෙ පඤ‍්ඤාචක‍්ඛු කමතීති.

වහන්ස, රාගය නිමිති කරන්නෙකි, ද්වේෂය නිමිති කරන්නෙකි, මෝහය නිමිති කරන්නෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ, උසුන්මුල්හ, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ, නැවත නො හටගන්නා බව කරන ලදහ, මතු නූපදනා ස්වභාව ඇතියහ. වහන්ස, යම්තාක් අනිමිත්ත චේතෝවිමුත්තීහු වෙත් නම් අකෝප්‍ය චේතෝවිමුක්තිය ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ. ඒ අකෝප්‍ය වූ චේතෝවිමුක්තිය රාගයෙන් හිස් ය, ද්වේෂයෙන් හිස් ය, මෝහයෙන් හිස් ය. වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් නම් මේ ඒ නය යි. ගැහැවිය, යම්බඳු තොපගේ පැනැස ගැඹුරු බුදු වදනෙහි පවතී නම්, ගැහැවි, ඒ තොපට ලාභයෙකි. තොපට මනා ලැබීමෙකි යි.