7. ගොදත්තසුත්තවණ්ණනා අට්ඨකථා
7. ගොදත්තසුත්තවණ්ණනා
7. ගෝදත්ත සූත්‍ර වර්ණනාව
සත්තමෙ නානත්ථා චෙව නානාබ්යඤ්ජනා චාති බ්යඤ්ජනම්පි නෙසං නානං, අත්ථොපි. තත්ථ බ්යඤ්ජනස්ස නානතා පාකටා. අත්ථො පන අප්පමාණා චෙතොවිමුත්ති භූමන්තරතො මහග්ගතා හොති රූපාවචරා, ආරම්මණතො සත්තපණ්ණත්තිආරම්මණා. ආකිඤ්චඤ්ඤා භූමන්තරතො මහග්ගතා අරූපාවචරා, ආරම්මණතො නවත්තබ්බාරම්මණා. සුඤ්ඤතා භූමන්තරතො කාමාවචරා, ආරම්මණතො සඞ්ඛාරාරම්මණා. විපස්සනා හි එත්ථ සුඤ්ඤතාති අධිප්පෙතා. අනිමිත්තා භූමන්තරතො ලොකුත්තරා, ආරම්මණතො නිබ්බානාරම්මණා.
සත් වැන්නෙහි - නානත්ථාචෙම නානාබ්යාඤ්නා ච = අක්ෂර හෙවත් භාෂාමය ප්‍රකාශන විවිධ අර්ථ දෙයි. එහි දී ව්යඤ්ජනයේ (භාෂාමය ප්රකාශනයේ) විවිධත්වය ප්‍රකට ය. අර්ථය වනාහී අප්‍රමාණ වන්නේය. චිත්ත විමුක්ති තත්ත්වයන් අතුරෙන් රූපාවචර තත්ත්වය වඩා වැදගත් වේ. ආරම්මණයන් අතුරෙන් සප්ත ප්රඥප්ති ආරම්මණ වඩා වැදගත් වේ. එහි අරමුණු වශයෙන් කිවයුතු අරමුණක් නැත ශූන්‍යතා තත්ත්වයන් අතුරෙන් කාමාවචර තත්ත්වයන් වඩා වැදගත් වේ. එහි අරමුණු වශයෙන් සංස්කාර ආරම්මණ වඩා වැදගත් වේ. මෙහි ශූන්‍යතා (සුඤ්ඤතා) යනුවෙන් විදර්ශනාව අදහස් කෙරේ. තත්ත්වයන් (හෙවත් භූමීන්) අතුරෙන් (භූමන්තරතො) යනුවෙන් නිමිත්ත රහිත ලෝකෝත්තර තත්ත්වයන් ද, අරමුණු වශයෙන් (හෙවත් ආරම්මණතො) යනුවෙන් නිර්වාණාරම්මණයන් ද අදහස් වේ.
රාගො ඛො භන්තෙ පමාණකරණොතිආදීසු යථා පබ්බතපාදෙ පූතිපණ්ණකසටඋදකං නාම හොති කාළවණ්ණං, ඔලොකෙන්තානං බ්යාමසතගම්භීරං විය ඛායති, යට්ඨිං වා රජ්ජුං වා ගහෙත්වා මිනන්තස්ස පිට්ඨිපාදොත්ථරණමත්තම්පි න හොති; එවමෙව යාව රාගාදයො නුප්පජ්ජන්ති, තාව පුග්ගලං සඤ්ජානිතුං න සක්කා හොති, සොතාපන්නො විය සකදාගාමී විය අනාගාමී විය ච ඛායති. යදා පනස්ස රාගාදයො උප්පජ්ජන්ති, තදා රත්තො දුට්ඨො මූළ්හොති පඤ්ඤායති. ඉති තෙ “එත්තකො අය”න්ති පුග්ගලස්ස පමාණං දස්සෙන්තාව උප්පජ්ජන්තීති පමාණකරණා නාම වුත්තා.
රාගොඛො භන්තෙ පමාණ කාරණෙ = යම් සේ පර්වතයක් පාමුල්හි කොල කුණු වීමෙන් කසට වර්ණ වූ ජලය කලු පැහැ වෙයි ද එය බලන්නවුන් හට බඹ සියයක ගැඹුරක් ඇති සේ වැටහේ. කෝටුවක් හෝ රැහැනක් ගෙනමැන බලන්නේ නම් ඔහුගේ පිටි පතුල වැසෙන පමණක්ම ජලය වෙයි. මෙසේම යම්තාක් රාගාදිය නුපදී ද, ඒ තාක් පුද්ගලයා හැඳින ගැනීමට නොහැකි වෙයි. සෝවාන් වූවකු මෙන් හෝ සකෘදාගාමි වූවකු මෙන් හෝ අනාගාමි වූවකු මෙන් හෝ වැටහෙයි. යම් විටෙක වනාහී ඔහු තුළ රාගාදිය උපදීද, එකල්හි ඔහු රාගයෙහි ඇලුනකුය, දුෂ්ටයකුය, මුළාවූවකුය යනුවෙන් පෙනෙයි. මෙසේ ඔව්හු මොහු මෙබඳු අයකු යයි පුද්ගලයාට මිම්මක් දක්වමින් මිම්මක් උපදවා ගනිත් යන අදහසින් “පමාණ කරණා” යන නම කියන ලදී.
යාවතා ඛො භන්තෙ අප්පමාණා චෙතොවිමුත්තියොති යත්තකා අප්පමාණා චෙතොවිමුත්තියො. කිත්තකා පන තා? චත්තාරො බ්රහ්මවිහාරා, චත්තාරො මග්ගා, චත්තාරි ඵලානීති ද්වාදස. තත්ර බ්රහ්මවිහාරා ඵරණඅප්පමාණතාය අප්පමාණා, සෙසා පමාණකාරකානං කිලෙසානං අභාවෙන නිබ්බානම්පි අප්පමාණමෙව, චෙතොවිමුත්ති පන න හොති, තස්මා න ගහිතං. අකුප්පාති අරහත්තඵලචෙතොවිමුත්ති. සා හි තාසං සබ්බජෙට්ඨිකා, තස්මා “අග්ගමක්ඛායතී”ති වුත්තා. රාගො ඛො භන්තෙ කිඤ්චනන්ති රාගො උප්පජ්ජිත්වා පුග්ගලං කිඤ්චති මද්දති පලිබුන්ධති, තස්මා කිඤ්චනන්ති වුත්තො. මනුස්සා කිර ගොණෙහි ඛලං මද්දාපෙන්තා “කිඤ්චෙහි කපිල කිඤ්චෙහි කාළකා”ති වදන්ති. එවං මද්දනට්ඨො කිඤ්චනට්ඨොති වෙදිතබ්බො. දොසමොහෙසුපිඑසෙව නයො.
යාවතාඛො භන්තෙ අප්පමාණා චෙතො විමුත්තියො = යම් තාක් අප්‍රමාණ වූ චිත්ත විමුක්තීහු වෙත්ද, ඒවා කෙතෙක් ද යත්: සතර බඹ විහරණය, සතර මඟය, සතර පලය යනුවෙන් දොළසෙකි. එහි බඹ විහරණ පැතිරීම ප්‍රමාණ රහිත බැවින් අප්‍රමාණ යන වචනයෙන් දැක්වේ. ප්‍රමාණ කාරක වූ ක්ලේශයන් නොමැති නිසා නිවන ද අප්රමාණම වේ. ඒ නිසා චේතො විමුක්තිය නො ගන්නා ලද්දේ වෙයි. අකුප්පා = අර්හත් ඵල චේතෝ විමුක්තිය එය වනාහී ඒ සියල්ලටම ජ්‍යෙෂ්ඨය. ඒ නිසා අග්‍රයයි ප්‍රකාශ කරනු ලැබේ යයි කියන ලදී. රාගො ඛො භන්තෙ කිඤ්චනං” රාගය ඉපදී පුද්ගලයා පීඩාවට පත් කරයි. මර්දනය කරයි. හිරිහැරයට පත් කරයි. එහෙයින් “පීඩාවක්ය (හෙවත් කිඤ්චනං) යි” කියන ලදී. මනුෂ්‍යයෝ ගොනුන් ලවා ගොයම් බැන මඩවමින් මඩිවු, මඩිවු යයි කියත් මෙසේ “මද්දන” යන්නෙහි අර්ථය “කිඤ්චන” යන්නෙහි අර්ථයම වේයයි දත යුතුය. දෝස මෝහයන්හිදීද මේ පිළිවෙළම වේ.
ආකිඤ්චඤ්ඤා චෙතොවිමුත්තියො නාම නව ධම්මා ආකිඤ්චඤ්ඤායතනං මග්ගඵලානි ච. තත්ථ ආකිඤ්චඤ්ඤායතනං කිඤ්චනං ආරම්මණං අස්ස නත්ථීති ආකිඤ්චඤ්ඤං. මග්ගඵලානි කිඤ්චනානං මද්දනපලිබුන්ධනකිලෙසානං නත්ථිතාය ආකිඤ්චඤ්ඤානි, නිබ්බානම්පි ආකිඤ්චඤ්ඤං, චෙතොවිමුත්ති පන න හොති, තස්මා න ගහිතං.
අරූපී බව සිතේ විමුක්තියයි. නව ධර්ම යනු ආකිඤ්චඤ්ඤායතනය ද, මාර්ග ඵල ද වේ. එහි ආකිඤ්චඤ්ඤායතනය නම් කෙලෙස් අරමුණු මොහුට නැත්තේය යනුයි. ආකිඤ්චඤ්ඤාය යනු මාර්ග ඵලයන්ය. කිලිටිබව ඇති කරන්නාවූ ද, මර්දන බාධක ඇති කරන්නාවූ ද ක්ලේශයන් නැති බැවින් “ආකිඤ්චඤ්ඤානි” (කිසිවක් නැති බව) නම් වේ. නිර්වාණය නම් කිසිවක් නැති බවයි. (ආකිඤ්චඤ්ඤං) සිත නිදහස් වීම නොවන්නේ නම් ඒ හේතුව නිසාම නොගන්නා ලද්දේ වෙයි.
රාගො ඛො භන්තෙ නිමිත්තකරණොතිආදීසු යථා නාම ද්වින්නං කුලානං සදිසා ද්වෙ වච්ඡකා හොන්ති. යාව තෙසං ලක්ඛණං න කතං හොති, තාව “අයං අසුකකුලස්ස වච්ඡකො, අයං අසුකකුලස්සා”ති න සක්කා හොති ජානිතුං. යදා පන තෙසං තිසූලාදීසු අඤ්ඤතරං ලක්ඛණං කතං හොති, තදා සක්කා හොති ජානිතුං. එවමෙව යාව පුග්ගලස්ස රාගො නුප්පජ්ජති, තාව න සක්කා හොති ජානිතුං “අරියො වා පුථුජ්ජනො වා”ති. රාගො පනස්ස උප්පජ්ජමානොව “සරාගො නාම අයං පුග්ගලො”ති සඤ්ජානනනිමිත්තං කරොන්තො විය උප්පජ්ජති, තස්මා නිමිත්තකරණොති වුත්තො. දොසමොහෙසුපි එසෙව නයො.
රාගො ඛො භන්තෙ නිමිත්ත කරණො” යම් සේ වනාහී කුල ගෙවල් දෙකක එක් වැනි වූ වසුපැටියෝ දෙදෙනෙක් වෙත්ද, යම්තාක් ඔවුන්ගේ සලකුණු කිරීමක් නො කරන ලද්දේ වෙයි ද, ඒ තාක් කල් මේ අසුවල් නිවසේ වසුපැටියා ය, මේ අසුවල් නිවසේ (වසුපැටියා) ය යනුවෙන් දැන ගැනීමට නො හැකි වේ. යම් කලෙක වනාහී ත්‍රි ශුල ආදියකින් ඔවුන්ගේ යම් කිසි ලකුණක් කරන ලද්දේ වේ නම් එවිට හඳුනා ගැනීමට හැකි වන්නේ ය. මෙසේ ම යම්තාක් කල් පුද්ගලයාගේ රාගය නූපදීද ඒ තාක් කල් ඔහු ආර්ය පුද්ගලයකු ද, පෘථග්ජන පුද්ගලයකු ද යන බව දැන ගැනීමට නොහැකි වේ. ඔහු හට උපදින්නාවූ රාගයම මේ පුද්ගලයා සරාගිකයකුයයි දැන ගැනීමට නිමිත්තක් ඇති කරන්නාක් මෙන් උපදියි. එහෙයින් (සලකුණු කිරීම යන අදහසින්) “නිමිත්ත කරණ” යයි කියන ලදී. දෝස මෝහ පිළිබඳව ද මේ පිළිවෙළම වේ.
අනිමිත්තා චෙතොවිමුත්තියො නාම තෙරස ධම්මා විපස්සනා, චත්තාරො ආරුප්පා, චත්තාරො මග්ගා, චත්තාරි ඵලානි. තත්ථ විපස්සනා නිච්චනිමිත්තං සුඛනිමිත්තං අත්තනිමිත්තං උග්ඝාටෙතීති අනිමිත්තා නාම. චත්තාරො ආරුප්පා රූපනිමිත්තස්ස අභාවා අනිමිත්තා නාම. මග්ගඵලානි නිමිත්තකරානං කිලෙසානං අභාවෙන අනිමිත්තානි, නිබ්බානම්පි අනිමිත්තමෙව, තං පන චෙතොවිමුත්ති න හොති, තස්මා න ගහිතං. අථ කස්මා සුඤ්ඤතා චෙතොවිමුත්ති න ගහිතාති? සා “සුඤ්ඤා රාගෙනා”තිආදිවචනතො සබ්බත්ථ අනුපවිට්ඨාව, තස්මා විසුං න ගහිතාති.
නිමිති රහිත වූ (සිත නිදහස් වීම යන අරුත ඇති) “චෙතො විමුත්ති” යනු විදර්ශනාවය, අරූපධ්‍යානයන් සතරය. මාර්ග සතරය, ඵල සතරය, යන කෙළෙස් ධර්මයන්ය. එහිදී නිත්‍යය යන නිමිත්ත ද, සැපය යන නිමිත්ත ද, ආත්මය යන නිමිත්ත ද ඉවත් කරයි යන අදහසින් විදර්ශනාව “අනිමිත්ත” නම් වේ. රූප නිමිත්තක් නැති බැවින් අරූප ධ්‍යාන සතර අනිමිත්ත” නම් වේ. නිමිති ඇති කරවන කෙලෙස් නැති බැවින් මාර්ගයන් ද, ඵලයන් ද “අනිමිත්ත” නම් වේ. නිවන ද අනිමිත්ත (නිමිති රහිත) ම වේ. එය චිත්ත විමුක්තිය නොවේ. එබැවින් (එය චේතො විමුක්තිය සඳහා) නො ගන්නා ලදී. කුමක් හෙයින් වේතො විමුක්තිය ශුන්‍යතාවයක් ලෙස නොගන්නා ලද්දේද යත් : එය රාගයෙන් ශූන්‍යය (රාගයෙන් තොරය) යන ආදී වචනවලින් සියලු තන්හි දුරස්තර වී පවතී. ඒ නිසා වෙන්ව (ශූන්‍යතාවයක් ලෙස) නොගන්නා ලදී.
එකත්ථාති ආරම්මණවසෙන එකත්ථා “අප්පමාණං ආකිඤ්චඤ්ඤං සුඤ්ඤතං අනිමිත්ත”න්ති හි සබ්බානෙතානි නිබ්බානස්සෙව නාමානි. ඉති ඉමිනා පරියායෙන එකත්ථා. අඤ්ඤස්මිං පන ඨානෙ අප්පමාණාපි හොති, අඤ්ඤස්මිං ආකිඤ්චඤ්ඤා, අඤ්ඤස්මිං සුඤ්ඤතා, අඤ්ඤස්මිං අනිමිත්තාති ඉමිනා පරියායෙන නානාබ්යඤ්ජනාති.
එකත්ථා = අරමුණු වශයෙන් එක අරුතක් ඇති. අප්පමාණං (ප්‍රමාණ රහිත බව), ආකිඤ්චඤ්ඤං (කිසිවක් නැති බව), සුඤ්ඤතං (හිස් බව). අනිමිත්තං (නිමිති රහිත බව) යන මේ සියල්ල නිර්වාණය සඳහා ම වන නාමයන් වේ. මෙසේ මේ අයුරින් (මේ වදන් සියල්ල ඒකාර්ථවත් වූයේ එක් තැනෙක්හිදී වනාහී ප්‍රමාණ රහිත (යන අර්ථය) ද වේ. තවත් තැනෙක්හි දී කිසිවක් නැති බව (යන අරුත) ද, තවත් එක් තැනෙක්හිදී හිස් බව (යන අරුත) ද, යන මේ අයුරින් විවිධ ලක්ෂණ ඇත්තේ වේ.
8. නිගණ්ඨසුත්තවණ්ණනා
8. නිගණ්ඨ සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ තෙනුපසඞ්කමීති සයං ආගතාගමො විඤ්ඤාතසාසනො අනාගාමී අරියසාවකො සමානො කස්මා නග්ගභොග්ගං නිස්සිරිකං නිගණ්ඨං උපසඞ්කමීති? උපවාදමොචනත්ථඤ්චෙව වාදාරොපනත්ථඤ්ච. නිගණ්ඨා කිර “සමණස්ස ගොතමස්ස සාවකා ථද්ධඛදිරඛාණුකසදිසා, කෙනචි සද්ධිං පටිසන්ථාරම්පි න කරොන්තී”ති උපවදන්ති, තස්ස උපවාදස්ස මොචනත්ථඤ්ච, “වාදඤ්චස්ස ආරොපෙස්සාමී”ති උපසඞ්කමි. න ඛ්වාහං එත්ථ භන්තෙ භගවතො සද්ධාය ගච්ඡාමීති යස්ස ඤාණෙන අසච්ඡිකතං හොති. සො “එවං කිරෙත”න්ති අඤ්ඤස්ස සද්ධාය ගච්ඡෙය්ය, මයා පන ඤාණෙනෙතං සච්ඡිකතං, තස්මා නාහං එත්ථ භගවතො සද්ධාය ගච්ඡාමීති දීපෙන්තො එවමාහ.
අටවැන්නෙහි - තෙනු පසඞ්කමී = සූත්‍ර ධර්මයන් අවබෝධ කළ ධර්මය දැනගත්, ආනාගාමී ආර්ය ශ්‍රාවකයෙක් වූ තමා කුමක් හෙයින් නග්න ස්වභාවය පිළිපදින නිසරු නිගණ්ඨයන් වෙත පැමිණියේද? වැරැද්දෙහි දොස් දැක්වීම සඳහා සහ වාද කිරීම පිණිස කරුණු මතු කිරීම සඳහාය. නිගණ්ඨයෝ වනාහී “ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන් තද කිහිරි කණු මෙන් කිසිවකු හා සමග පිළිසඳර කථාවක් හෝ නොකරති”යි දොස් කියති. එම දෝෂාරෝපණයෙන් නිදහස් වීම පිණිස ද, ඔහුට වාදයකට කරුණු මතු කරමියි කියා, ඒ පිණිසද එහි පැමිණියේය. නඛ්වා හං භන්තෙ භගවතො සද්ධාය ගච්ඡාමි = යමකුට (ප්රස්තුතකාරණය) නුවණින් අවබෝධ නොවූයේ වේද? හෙතෙම “මෙය මෙසේ වේල” යනුවෙන් (ශ්රැති සුචනයෙන්) අනිකකුගේ විශ්වාසය අනුව යන්නේය. මා වූ කලි මෙය නුවණින් අවබෝධ කර ගන්නා ලදි. එහෙයින් මම මෙහිදී භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවෙන් (ඒ මතය අනුව) නොයන්නෙමියි දක්වමින් මෙසේ කීය. (නුවණින් ලත් අවබෝධය නිසා ඒ මතය අනුව යන්නෙමි” යන අදහසයි)
උල්ලොකෙත්වාති කායං උන්නාමෙත්වා කුච්ඡිං නීහරිත්වා ගීවං පග්ගය්හ සබ්බං දිසං පෙක්ඛමානො උල්ලොකෙත්වා. බාධෙතබ්බං මඤ්ඤෙය්යාති යථා විනිවිජ්ඣිත්වා න නික්ඛමති, එවං පටිබාහිතබ්බං මඤ්ඤෙය්ය බන්ධිතබ්බං වා. සහධම්මිකාති සකාරණා. අථ මං පටිහරෙය්යාසි සද්ධිං නිගණ්ඨපරිසායාති එතෙසං අත්ථෙ ඤාතෙ අථ මෙ නිගණ්ඨපරිසාය සද්ධිං අභිගච්ඡෙය්යාසි, පතීහාරස්ස මෙ සන්තිකං ආගන්ත්වා අත්තනො ආගතභාවං ජානාපෙය්යාසීති අත්ථො. එකො පඤ්හොති එකො පඤ්හමග්ගො, එකං පඤ්හගවෙසනන්ති අත්ථො. එකො උද්දෙසොති එකං නාම කින්ති? අයං එකො උද්දෙසො. එකං වෙය්යාකරණන්ති “සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා”ති (ඛු· පා· 4.1; අ· නි· 10.27) ඉදං එකං වෙය්යාකරණං. එවං සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
ඔලොකෙත්වා = කය පෙරටු කොට, කුස පිටතට නෙරපා, ගෙල ඔසවා පරීක්ෂා සහිතව බලා බාධෙතබ්බං මඤ්ඤෙය්ය = යම් අයුරකින් ක්‍රියා කිරීමෙන් විනිවිද යාම සිදුනොවන්නේ වේද, එසේ වනු පිණිස වළක්වා තැබිය යුත්තේ යයි හෝ, බැඳ තැබිය යුත්තේ යයි හෝ සිතන්නේය. සහධම්මිකා = හේතු සහිතව අථමං පටිහරෙය්යාසි සද්ධිං නිගණ්ඨ පරිසාය = මේ පිළිබඳ අරුත් දන්නා ලද කල්හි (මෙසේ කිව හැකි වේ) නිශ්පිරිස සමග මා වෙතට පැමිණෙන්නැයි ද, දොරටුවෙහි සිටි මා වෙත අවුත් තමා පැමිණි බව දන්වන්න යයි ද යන අදහසයි. එකො පඤ්හො ප්‍රශ්න කිරීමේ එක් පිළිවෙළක් ද, ප්‍රශ්න සොයා යාමේ එක් පිළිවෙලක් ද යන අර්ථ ඇත්තේ වේ. එකො උද්දෙසො = මේ එකක් කවර නම් එකක් උදෙසා පවතීද? එකං බ්යාකාරණං = සියලු සත්ත්වයෝ ආහාර නිසා ජීවත් වෙති යන මේ එකම ප්රකාශනයයි. සියලු තන්හිම මෙසේ අර්ථ දත යුත්තේය.
9. අචෙලසුත්තවණ්ණනා
9. අචෙල සූත්‍ර වර්ණනාව
නවමෙ කීවචිරං පබ්බජිතස්සාති කීවචිරො කාලො පබ්බජිතස්සාති අත්ථො. උත්තරි මනුස්සධම්මාති මනුස්සධම්මො නාම දසකුසලකම්මපථා, තතො මනුස්සධම්මතො උත්තරි. අලමරියඤාණදස්සනවිසෙසොති අරියභාවං කාතුං සමත්ථතාය අලමරියොති සඞ්ඛාතො ඤාණදස්සනවිසෙසො. නග්ගෙය්යාති නග්ගභාවතො. මුණ්ඩෙය්යාති මුණ්ඩභාවතො. පවාළනිප්ඵොටනායාති පාවළනිප්ඵොටනතො, භූමියං නිසීදන්තස්ස ආනිසදට්ඨානෙ ලග්ගානං පංසුරජවාලිකානං ඵොටනත්ථං ගහිතමොරපිඤ්ඡමත්තතොති අත්ථො.
නව වැන්නෙහි - කීවචිරං පබ්බජිතො = පැවිද්දට කොපමණ කල් වේද යන අරුතයි. උත්තරී මනුස්ස ධම්මො = මනුස්සධම්ම නම් දශකුශල ධර්ම මාර්ගයන්ය. ඒ මනුෂ්‍ය ධර්මයන් හට ද වඩා උසස් වන අල්මරියඤාණ දස්සන විසෙසො = ආර්ය භාවය සිද්ධ කිරීමට සමත් බැවින් “අලමරිය” යයි කියන ලද ඥාන දර්ශන විශේෂය. නග්ගෙය්ය = නිර්වස්ත්‍ර භාවයෙන් මුණ්ඩෙය්ය = (හිස) මුඩු කළ ස්වභාවයෙන් වාළි නිපෙපාථනාය = වැලි ගසා දැමීමෙන් බිම හිඳගත් අයකුගේ ආසන ස්ථානයෙහි ඇලී ඇති පස් දූවිලි වැලි ආදිය ගසා දැමීම සඳහා ගන්නා ලද මොණර පිලක පමණින් යන අරුතයි.
10. ගිලානසුත්තවණ්ණනා
10. ගිලාන සූත්‍ර වර්ණනාව
දසමෙ ආරාමදෙවතාති පුප්ඵාරාමඵලාරාමෙසු අධිවත්ථා දෙවතා. වනදෙවතාති වනසණ්ඩෙසු අධිවත්ථා දෙවතා. රුක්ඛදෙවතාති මත්තරාජකාලෙ වෙස්සවණො ච දෙවතාති එවං තෙසු තෙසු රුක්ඛෙසු අධිවත්ථා දෙවතා. ඔසධිතිණවනප්පතීසූති හරීතකාමලකීආදීසු මුඤ්ජපබ්බජාදීසු වනජෙට්ඨරුක්ඛෙසු ච අධිවත්ථා දෙවතා. සංගම්මාති සන්නිපතිත්වා. සමාගම්මාති තතො තතො සමාගන්ත්වා. පණිධෙහීති පත්ථනාවසෙන ඨපෙහි. ඉජ්ඣිස්සති සීලවතො චෙතොපණිධීති සමිජ්ඣිස්සති සීලවන්තස්ස චිත්තපත්ථනා. ධම්මිකොති දසකුසලධම්මසමන්නාගතො අගතිගමනරහිතො. ධම්මරාජාති තස්සෙව වෙවචනං, ධම්මෙන වා ලද්ධරජ්ජත්තා ධම්මරාජා. තස්මාති “යස්මා තෙන හි, අය්යපුත්ත, අම්හෙපි ඔවදාහී”ති වදථ, තස්මා. අප්පටිවිභත්තන්ති “ඉදං භික්ඛූනං දස්සාම, ඉදං අත්තනා භුඤ්ජිස්සාමා”ති එවං අවිභත්තං භික්ඛූහි සද්ධිං සාධාරණමෙව භවිස්සතීති.
දස වැන්නෙහි - ආරාම දෙවතා = මල් උයන් පළතුරු උයන් ආදියෙහි අධි ගෘහිත දෙවිවරු වන දෙවතා = වන ලැහැබ්හි අධිගෘහිත දෙවිවරු රුක්ඛ දෙවතා = නාමික රාජ කාලයෙහි වෛශ්‍රවණ දෙවියන්. මෙසේ ඒ වෘක්ෂයන්හි අධිගෘහිත දෙවිවරු ඔසධීතිණවනප්පතීසු = අරළු නෙල්ලි ආදියෙහිද තණ බට සැවන්දරා ආදියෙහිද වනයේ විශාලවෘක්ෂයන්හිද අධිගෘහිත වූ දෙවිවරු සංගම්ම = එක් රැස් වී සමාගම්ම = ඒ ඒ තැන්වලින් පැමිණ, පණිධෙහි = ප්‍රාර්ථනා වශයෙන් තබන්නෙහිය. ඉජ්ඣිස්සති සීලවතො චෙතො පණිධි = සිල්වත්හුගේ සිත්හි ඇති දේ ඉටුවන්නේය. ධම්මිකො = දස කුසල දහමින් යුක්ත වූ, අගතියට යාමක් නැත්තාවූ ධම්මරාජා = උන්වහන්සේ සඳහාම සම අරුත් ඇති වචනයකි. ධර්මයෙන් ලැබුණ රාජ්‍යත්වය ඇති බැවින් හෝ “ධම්මරාජා” නම් වේ. තස්මා = ආර්ය පුත්‍රයෙනි, යම් හෙයකින් අපට (සුදුසු) අවවාද ආදියෙන් අවවාද කරන්නහු ද, එහෙයින් අප්පටි විභත්තං = මෙය භික්ෂූන් හට දෙන්නෙමුය, මෙය තුමූ ම පරිභෝග කරන්නෙමුය යනුවෙන් මෙසේ නොබෙදන ලද දෙය භික්ෂූන් හා සමග (පරිභෝග කළයුතු) පොදු වූ දෙයක්ම වන්නේය යනුයි.
චිත්තසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
චිත්ත සංයුත්තය සමාප්තයි.