යෙදුමෙන් කියවන්න

අචෙලසුත‍්තං

7. 1. 9.

7. 1. 9.

අචෙලසුත‍්තං

අචේල සූත්‍රය

413. තෙන ඛො පන සමයෙන අචෙලො කස‍්සපො මච‍්ඡිකාසණ‍්ඩං අනුප‍්පත‍්තො හොති, චිත‍්තස‍්ස ගහපතිනො පුරාණගිහීසහායකො. අස‍්සොසි ඛො චිත‍්තො ගහපති අචෙලො කිර කස‍්සපො මච‍්ඡිකාසණ‍්ඩං අනුප‍්පත‍්තො අම‍්හාකං පුරාණගිහීසහායොති. අථ ඛො චිත‍්තගහපති යෙන අචෙලො කස‍්සපො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා අචෙලෙන කස‍්සපෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො චිත‍්තො ගහපති අචෙලං කස‍්සපං එතදවොච: කීව චිරං පබ‍්බජිතොසි භන‍්තෙ කස‍්සපාති? තිංස මත‍්තානි ඛො මෙ ගහපති වස‍්සානි පබ‍්බජිතස‍්සාති. ඉමෙහි පන තෙ භන‍්තෙ තිංස මත‍්තෙහි වස‍්සෙහි අත්‍ථි කොචි උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති? ඉමෙහි ඛො මෙ ගහපති තිංස මත‍්තෙහි වස‍්සෙහි නත්‍ථි කොචි උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො, අඤ‍්ඤත්‍ර නග‍්ගෙය්‍යා ච මුණ‍්ඩෙය්‍යා ච පාවළනිප‍්ඵොටනාය චාති.

413. එකල්හි චිත්ත ගැහැවිහුගේ පැරණි ගිහි යහළුවකු වූ අචේලකස්සප තෙමේ මච්ඡිකාසණ්ඩයට පැමිණියේ වෙයි. චිත්ත ගැහැවි අපගේ පැරණි ගිහි යහළුවකු වූ අචේලකස්සප මච්ඡිකාසණ්ඩයට පැමිණියේ ලැ යි ඇසී ය. ඉක්බිති චිත්තගැහැවි අචේලකස්සපයන් වෙත එළඹියේ ය. එළඹ අචේලකස්සපයන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්තගැහැවි අචේලකස්සපයනට “හිමියනි කස්සපයෙනි, පැවිදි ව කොතෙක් කල් ඇත්තහු දැ?” යි මෙය කී ය. “ගැහැවිය, පැවිදි වූ මට වස් තිසෙක් පමණ වේ” යි. “හිමියනි, මේ තිසක් පමණ වසින් ඔබ විසින් ලබන ලද මිනිස් දහමින් වැඩි අරිබව කිරීමෙහි සමත් නැණදසුන් වෙසෙසක් වූ කිසියම් පහසුවිහරණයෙක් ඇද්දැ?” යි. “ගැහැවි, මේ තිසක් පමණ වසින් මවිසින් මිනිස් දහමින් මතු ලබන ලද සෙලුබවත්, මුඩු බවත්, වැලි පිසීමට ගන්නා මොනරපිල් කලඹත් හැර අරීබව කිරීමෙහි සමත් නැණදසුන් වෙසෙසක් වූ කිසියම් පහසුවිහරණයෙක් නැතැ”යි.

එවං වුත‍්තෙ චිත‍්තො ගහපති අචෙලං කස‍්සපං එතදවොච: අච‍්ඡරියං වත භො අබ‍්භුතං වත භො ධම‍්මස‍්ස ස‍්වාක‍්ඛාතතා යත්‍ර හි නාම තිංසමත‍්තෙහි වස‍්සෙහි න කොචි උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො භවිස‍්සති ඵාසුවිහාරො අඤ‍්ඤත්‍ර නග‍්ගෙය්‍යා ච මුණ‍්ඩෙය්‍යා ච පාවළනිප‍්ඵොටනාය චාති.

මෙසේ කී කල්හි චිත්තගැහැවි අචේලකස්සපයනට මෙය කී ය: “යම් හෙයකින් තිසක් පමණ වසෙකින් සෙලුබවත්, මුඩුබවත්, වැලි පිසීමට ගන්නා මොනරපිල් කලඹත් හැර මිනිස් දහමින් මත්තෙහි වූ පහසුවිහරණ වූ අරීබව කිරීමෙහි සමත් කිසියම් නැණදසුන් වෙසෙසක් නො ලද්දේ වී නම්, පින්වත, දහම්හි ස්වාඛ්‍යාතබව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයෙකි”යි.

තුය‍්හං පන ගහපති කීව චිරං උපාසකත‍්තං උපගතස‍්සාති? මය‍්හම‍්පි ඛො භන‍්තෙ තිංස මත‍්තානි වස‍්සානි උපාසකත‍්තං උපගතස‍්සාති. ඉමෙහි ඛො පන තෙ ගහපති, තිංසමත‍්තෙහි වස‍්සෙහි අත්‍ථි කොචි උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති? කිං හි නො සියා භන‍්තෙ. අහං හි භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාමි විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. අහං හි භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාමි. විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. අහං හි භන‍්තෙ, යාවදෙව ආකඞ‍්ඛාමි පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. අහං හි භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාමි සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. සචෙ ඛො පනාහං භන‍්තෙ භගවතො පඨමතරං කාලං කරෙය්‍යං අනච‍්ඡරියං ඛො පනෙතං යං මං භගවා එවං ව්‍යාකරෙය්‍ය: නත්‍ථිතං සංයොජනං යෙන සංයොජනෙන සඤ‍්ඤුත‍්තො චිත‍්තො ගහපති පුන ඉමං ලොකං ආගච‍්ඡෙය්‍යාති.

“ගැහැවි, උවසු බවට පැමිණි තොපට කෙතෙක් කල් දැ?”යි. හිමියනි, උවසු බවට පැමිණි මට ද තිසෙක් පමණ වසැ යි.” “ගැහැවි, මේ තිසෙක් පමණ වසින් මිනිස්දහමින් වැඩි පහසුවිහරණ වූ අරී බව කිරීමෙහි සමත් කිසියම් නැණදසුන් වෙසෙසක් ලබන ලද දැ?” යි. “හිමියනි, කිම නො වන්නේ ද? හිමියනි, මම යම්තාක් කැමති වෙම් නම්, ඒ තාක් කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමු වන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමති වෙම් නම් ඒ තාක් විතර්‍ක විචාර සන්හිඳීමෙන් .... දෙවන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමති වෙම් නම් ඒ තාක් ප්‍රීතියත් වැළැක් වීමෙන් .... තෙවන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, මම යම් තාක් කැමති වෙම් නම් ඒ තාක් සුවත් පැහීමෙන් .... සිවුවන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට පළමුකොට කලුරිය කරන්නෙම් නම් ‘යම් සංයෝජනයකින් යෙදුනු චිත්ත ගැහැවි තෙමේ යලි මෙලොවට එන්නේ ද එබඳු සංයෝජනයෙක් නැතැ’ යි භාග්‍යවතුන් වහන්සේ මා ගැන යමක් මෙසේ වදාරන්නාහු නම් මේ පුදුමයෙක් නො වේ මැ” යි.

එවං වුත‍්තෙ අචෙලො කස‍්සපො චිත‍්තං ගහපතිං එතදවොච: අච‍්ඡරියං වත භො අබ‍්භුතං වත භො ධම‍්මස‍්ස ස‍්වාක‍්ඛාතතා, යත්‍ර හි නාම ගිහී ඔදාතවසනා එවරූපං උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං අධිගමිස‍්සන‍්ති ඵාසුවිහාරං. ලභෙය්‍යාහං ගහපති ඉමස‍්මිං ධම‍්මවිනයෙ පබ‍්බජ‍්ජං, ලභෙය්‍යං උපසම‍්පදන‍්ති.

මෙසේ කී කල්හි අචේලකස්සප තෙමේ චිත්ත ගැහැවිහට මෙය කී ය: “යම් හෙයකින් සුදුවත් හැඳගත් ගිහියෝ මිනිස්දහමින් වැඩි පහසු විහරණ වූ අරීබව කිරීමෙහි සමත් මෙබඳු නැණදසුන් වෙසෙසක් ලැබුවාහු නම් පින්වත, දහම්හි ස්වාඛ්‍යාත බව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයෙකි. ගැහැවි, මම මෙසස්නෙහි පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි” යි.

අථ ඛො චිත‍්තො ගහපති අචෙලං කස‍්සපං ආදාය යෙන ථෙරා භික‍්ඛූ තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ථෙරෙ භික‍්ඛූ එතදවොච: අයං භන‍්තෙ අචෙලො කස‍්සපො අම‍්හාකං පුරාණගිහිසහායො. ඉමං ථෙරා පබ‍්බාජෙන‍්තු උපසම‍්පාදෙන‍්තු. අහමස‍්ස උස‍්සුක‍්කං කරිස‍්සාමි චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති.

ඉක්බිති චිත්ත ගැහැවි තෙමේ අචේලකස්සපන් රැගෙන ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන්ට මෙය කී ය: වහන්ස, මේ අචේලකස්සප තෙමේ අපගේ පැරණි ගිහි යහළුවෙකි. තෙරහු මොහු පැවිදි කෙරෙත්වා. උපසපන් කෙරෙත්වා. මම මොහුට සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිබඳ ව උත්සාහ කරන්නෙමි යි.

අලත්‍ථ ඛො අචෙලො කස‍්සපො ඉමස‍්මිං ධම‍්මවිනයෙ පබ‍්බජ‍්ජං අලත්‍ථ උපසම‍්පදං. අචිරූපසම‍්පන‍්නො ච පනායස‍්මා කස‍්සපො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ච පනායස‍්මා කස‍්සපො අරහතං අහොසීති.

අචේලකස්සප තෙමේ මෙසසුනෙහි පැවිද්ද ලදි. උපසපුව ලදී. උපසපන් වූ නො බෝකල් ඇති ආයුෂ්මත් කස්සප තෙමේ එකලාව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නේ නො බෝකලකින් ම කුලපුත්තු යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් නම් අනුතුරු වූ බඹසර කෙළවර වූ ඒ රහත් බව දිටුදැමියෙහි ම තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසී ය. ඉපැද්ම ගෙවුණි. බඹසර වැස නිමවන ලදී. රහත්බව පිණිස කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගත්තේ ය. ආයුෂ්මත් කස්සප තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූ හ යි.