යෙදුමෙන් කියවන්න

ගිලානසුත‍්තං

7. 1. 10.

7. 1. 10.

ගිලානසුත‍්තං

ගිලාන සූත්‍රය

414. තෙන ඛො පන සමයෙන චිත‍්තො ගහපති ආබාධිකො හොති දුක‍්ඛිතො බාළ‍්හගිලානො. අථ ඛො සම‍්බහුලා ආරාමදෙවතා වනදෙවතා රුක‍්ඛදෙවතා ඔසධි තිණ වනස‍්පතීසු අධිවත්‍ථා දෙවතා සඞ‍්ගම‍්ම සමාගම‍්ම චිත‍්තං ගහපතිං එතදවොචුං: පණිධෙහි ගහපති අනාගතමද‍්ධානං රාජා අස‍්සං චක‍්කවත‍්තීති. එවං වුත‍්තෙ චිත‍්තො ගහපති තා ආරාමදෙවතා වනදෙවතා රුක‍්ඛදෙවතා ඔසධී තිණ වනස‍්පතීසු අධිවත්‍ථා දෙවතා එතදවොච: ‘තම‍්පි අනිච‍්චං, තම‍්පි අද‍්ධුවං තම‍්පි පහාය ගමනීයන‍්ති’. එවං වුත‍්තෙ චිත‍්තස‍්ස ගහපතිනො මිත‍්තාමච‍්චා ඤාතිසාලොහිතා චිත‍්තං ගහපතිං එතදවොචුං: ‘සතිං අය්‍යපුත‍්ත උපට‍්ඨපෙහි මා විප‍්පලපී’ති.

414. එසමයෙහි චිත්ත ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. එකල්හි බොහෝ වූ අරම්වැසි දෙවියෝ ද වනවැසි දෙවියෝ ද රුක්දෙවියෝ ද ඔසධිතෘණ වනදෙටුරුක්හි අරක්ගත් දෙවියෝ ද එක්ව රැස්ව චිත්ත ගැහැවිහට “ගැහැවි, ‘මතු සක්විතිරජ වෙම් ව’ යි සිත පිහිටුව යි” කීහ. එසේ කී කල්හි චිත්ත ගැහැවි තෙමේ ඒ අරම්වැසි දෙවියන්ට වනවැසි දෙවියන්ට රුක්දෙවියන්ට ඕසධිතෘණවනදෙටුරුක්හි අරක්ගත් දෙවියන්ට “එ ද අනිස ය. එ ද නො තිර ය. එ ද හැර දමා යා යුතු ය”යි මෙය කීය. එසේ කී කල්හි චිත්ත ගැහැවිහුගේ මිතුඇමති නෑ සහලේ නෑයෝ චිත්ත ගැහැවිහට “හිමියනි, සිහි එළවා ගනු මැනවි, නහමක් නන්දොඩනු මැනවැ”යි කීහ.

කින‍්තාහං වදාමි යං මං තුම‍්හෙ එවං වදෙථ: ‘සතිං අය්‍යපුත‍්ත උපට‍්ඨපෙහි මා විප‍්පලපී’ති. එවං ඛො ත්‍වං අය්‍යපුත‍්ත වදෙසි: “තම‍්පි අනිච‍්චං තම‍්පි අද‍්ධුවං තම‍්පි පහාය ගමනීය’න‍්ති. තථා හි පන මං ආරාමදෙවතා වනදෙවතා රුක‍්ඛදෙවතා ඔසධි තිණ වනස‍්පතීසු අධිවත්‍ථා දෙවතා එවමාහංසු: ‘පණිධෙහි ගහපති අනාගතමද‍්ධානං රාජා අස‍්සං චක‍්කවත‍්තී’ති. තාසාහං එවං වදාමි: තම‍්පි අනිච‍්චං තම‍්පි අද‍්ධුවං තම‍්පි පහාය ගමනීයන‍්ති. කින‍්තෙ අය්‍යපුත‍්ත ආරාමදෙවතා වනදෙවතා රුක‍්ඛදෙවතා ඔසධී තිණ වනස‍්පතීසු අධිවත්‍ථා දෙවතා අත්‍ථවසං සම‍්පස‍්සමානා එවමාහංසු: පණිධෙහි ගහපති අනාගතමද‍්ධානං රාජා අස‍්සං චක‍්කවත‍්තීති.

මා කුමක් කී හෙයින් තෙපි මට “හිමියනි, සිහි එළවා ගනු මැනවි, නහමක් නන්දොඩනු මැනවැ”යි මෙසේ කියවු ද? “හිමියනි, තෙපි ‘එ ද අනිස ය. එ ද නො තිර ය. එ ද හැර දමා යා යුතු ය’යි මෙසේ කියවු. ඒ එසේ මැ යි. අරම්වැසි දෙවියෝත් වනවැසි දෙවියෝත් රුක්දෙවියෝත් ඕසධිතෘණවනදෙටුරුක්හි අරක්ගත් දෙවියෝත් මට “ගැහැවි, ‘මතු සක්විතිරජ වෙම් ව’ යි සිත පිහිටුව යි” මෙසේ කීහ. ඔවුන්ට මම “එ ද අනිස ය. එ ද නො තිර ය. එ ද හැර දමා යා යුතු ය”යි මෙසේ කියමි යි. හිමියනි, ඒ අරම්වැසි දෙවියෝ වනවැසි දෙවියෝ රුක්දෙවියෝ ඔසධිතෘණ වනදෙටුරුක්හි අරක්ගත් දෙවියෝ කුමන ප්‍රයෝජනයක් දක්නාහු ‘ගැහැවි, මතු සක්විතිරජ වෙම් ව යි සිත පිහිටුව’ යි මෙසේ කීහු දැ? යි.

තාසං ඛො ආරාමදෙවතානං වනදෙවතානං රුක‍්ඛදෙවතානං ඔසධී තිණ වනස‍්පතීසු අධිවත්‍ථානං දෙවතානං එවං හොති: අයං ඛො චිත‍්තො ගහපති සීලවා කල්‍යාණධම‍්මො. සචෙ පණිදහිස‍්සති අනාගතමද‍්ධානං රාජා අස‍්සං චක‍්කවත‍්තීති, ඉජ‍්ඣිස‍්සති සීලවතො චෙතොපණිධි, විසුද‍්ධත‍්තා සීලස‍්ස, ධම‍්මිකො ධම‍්මරාජා ධම‍්මිකං බලිං අනුප‍්පදස‍්සතීති. ඉමං ඛො ආරාමදෙවතා වනදෙවතා රුක‍්ඛදෙවතා ඔසධිතිණවනස‍්පතීසු අධිවත්‍ථා දෙවතා අත්‍ථවසං සම‍්පස‍්සමානා එවමාහංසු: ‘පණිධෙහි ගහපති අනාගතමද‍්ධානං රාජා අස‍්සං චක‍්කවත‍්තී’ති. තාසාහං එවං වදාමි: ‘තම‍්පි අනිච‍්චං තම‍්පි අද‍්ධුවං තම‍්පි පහාය ගමනීය’න‍්ති.

ඒ අරම්වැසි දෙවියන්ට වනවැසි දෙවියන්ට රුක්දෙවියන්ට ඕසධිතෘණවනදෙටුරුක්හි අරක්ගත් දෙවියන්ට මෙබඳු සිතෙක් වෙයි. මේ චිත්ත ගැහැවි තෙමේ සිල්වත් ය. කලණ දහම් ඇත්තේ ය. ඉඳින් මතු සක්විති රජ වෙම්ව යි පතන්නේ නම් සිල්වත්හු ගේ පැතීම සමෘද්ධ වන්නේ ය. ශීලය පිරිසිදු බැවිනි. දැහැමි දහම්රජ තෙමේ දැහැමි බිලි දෙන්නේ යයි මේ ප්‍රයෝජනය දක්නා අරම්වැසි දෙවියෝ වනවැසි දෙවියෝ රුක්දෙවියෝ ඔසධිතෘණ වනදෙටුරුක්හි අරක්ගත් දෙවියෝ ‘ගැහැවි, මතු සක්විති රජ වෙම් ව යි සිත පිහිටුව යි’ මෙසේ කීහ. ඔවුන්ට මම ‘එ ද අනිස ය. එ ද නො තිර ය. එ ද හැරදමා යා යුතු ය’යි මෙසේ කියමි යි.

තෙන හි අය්‍යපුත‍්ත අම‍්හෙපි ඔවදෙහීති. තස‍්මාතිහ වො එවං සික‍්ඛිතබ‍්බං: බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතා භවිස‍්සාම, ඉතිපි සො භගවා අරහං සම‍්මා සම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවාති. ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතා භවිස‍්සාම: ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො සන්‍දිට‍්ඨිකො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති. සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතා භවිස‍්සාම: සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, උජුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, ඤායපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, සාමීචිපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, යදිදං චත‍්තාරි පුරිසයුගානි අට‍්ඨපුරිසපුග‍්ගලා එස භගවතො සාවකසඞ‍්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති. යං ඛො පන කිඤ‍්චි කුලෙ දෙය්‍යධම‍්මං සබ‍්බන‍්තං අප‍්පටිවිභත‍්තං භවිස‍්සති සීලවන‍්තෙහි කල්‍යාණධම‍්මෙහීති. එවං හි වො සික‍්ඛිතබ‍්බන‍්ති.

හිමියනි, එසේ නම් අපටත් ඔවදන් දෙනු මැනවැ යි. එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු යි. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු රහත්හ, සම්මාසම්බුද්ධහ, විජ්ජාචරණ සම්පන්නහ, සුගතහ, ලෝකවිදූහ, අනුත්තරපුරිසදම්මසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෘහ, බුද්ධහ, භගවත්හ යි, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛාත ය, සන්‍දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තවුන් විසින් තමතමා කෙරෙහි ලා දත යුතු යයි මෙසේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වන්නෙමු. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුපටිපන්න ය, භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ උජුපටිපන්න ය, භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඤායපටිපන්න ය, භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිපටිපන්න ය, යම් මේ පුරිසයුග සතරෙක් වේ ද, එහි පුරිස පුග්ගලයෝ අටදෙනෙකි, භගවත්හුගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය්‍ය ය, පාහුනෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජලිකරණීය ය, ලෝවැස්සාට උතුම් පින්කෙතැ යි, මෙසේ සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වන්නෙමු. ගෙහි යම් කිසි දියයුතු දැයක් වේ නම් ඒ සියල්ල කලණ දහම් ඇති සිල්වතුන් හා නො බෙදන ලද්දේ (සාධාරණ) වන්නේ යයි තොප විසින් මෙසේ හික්මිය යුතු යි.

අථ ඛො චිත‍්තො ගහපති මිත‍්තාමච‍්චෙ ඤාතිසාලොහිතෙ බුද‍්ධෙ ච ධම‍්මෙ ච සඞ‍්ඝෙ ච පසාදෙ චාගෙ ච සමාදපෙත්‍වා කාලමකාසීති.

ඉක්බිති චිත්ත ගැහැවි තෙමේ මිතු ඇමැති නෑ සහලේනෑයන් බුදුන් කෙරෙහිත් දහම්හිත් සඞ්ඝයා කෙරෙහිත් පැහැදීමෙහි ද ත්‍යාග ගුණයෙහි ද සමාදන් කරවා කලුරිය කළේ යි.

චිත‍්තවග‍්ගො පඨමො.

පළමුවැනි චිත්තවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය :

සංයොජනං ද‍්වෙ ඉසිදත‍්තා මහකො කාමභූපි ච ගොදත‍්තො ච නිගණ‍්ඨො ච, අචෙලෙන ගිලානන‍්ති.

සංයෝජන සූත්‍රය, ඉසිදත්ත සූත්‍ර දෙක ය, මහක සූත්‍රය, කාමභූ සූත්‍ර දෙක ය, ගෝදත්ත, නිගණ්ඨ, අචේල, ගිලාන සූත්‍ර සතර යයි සූත්‍ර දශයෙකි.

විත‍්තසංයුත‍්තං සමත‍්තං

චිත්ත සංයුත්තය නිමියේ යි.