යෙදුමෙන් කියවන්න

චණ‍්ඩගාමණීසුත‍්තං

8. 1. 1.

8. 1. 1.

චණ‍්ඩගාමණීසුත‍්තං

චණ්ඩගාමණී සූත්‍රය

415. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො චණ‍්ඩො ගාමණි යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො චණ‍්ඩො ගාමණි භගවන‍්තං එතදවොච: කො නු ඛො භන‍්තෙ හෙතු කො පච‍්චයො යෙන මිධෙකච‍්චො චණ‍්ඩොතෙව සඞ‍්ඛං ගච‍්ඡති. කො පන භන‍්තෙ හෙතු කො පච‍්චයො යෙන මිධෙකච‍්චො සොරතො තෙව සඞ‍්ඛං ගච‍්ඡතීති.

415. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි චණ්ඩගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේය. එකත්පස් ව හුන් චණ්ඩගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: “වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් සැඬ යයි ම ගණනට යේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍ය ද? වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් මොළොක් යයි ම ගණනට යේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍ය දැ?” යි.

ඉධ ගාමණි එකච‍්චස‍්ස රාගො අප‍්පහීනො හොති. රාගස‍්ස අප‍්පහීනත‍්තා පරෙ කොපෙන‍්ති, පරෙහි කොපියමානො කොපං පාතුකරොති. සො චණ‍්ඩොතෙව සඞ‍්ඛං ගච‍්ඡති. දොසො අප‍්පහීනො හොති. දොසස‍්ස අප‍්පහීනත‍්තා පරෙ කොපෙන‍්ති, පරෙහි කොපියමානො කොපං පාතුකරොති. සො චණ‍්ඩොතෙව සඞ‍්ඛං ගච‍්ඡති. මොහො අප‍්පහීනො හොති. මොහස‍්ස අප‍්පහීනත‍්තා පරෙ කොපෙන‍්ති, පරෙහි කොපියමානො කොපං පාතුකරොති. සො චණ‍්ඩොතෙව සඞ‍්ඛං ගච‍්ඡති. අයං ඛො ගාමණි හෙතු අයං පච‍්චයො යෙනමිධෙකච‍්චො චණ‍්ඩොතෙව සඞ‍්ඛං ගච‍්ඡති.

“ගාමිණී, මෙහි එකකුගේ රාගය අප්‍රහීණ වූයේ වෙයි. රාගය අප්‍රහීණ බැවින් අන්හු කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය පහළ කෙරෙයි. හෙතෙමේ සැඬ යයි ම ගණනට යේ. දෝසය අප්‍රහීණ වූයේ වෙයි. දෝසය අප්‍රහීණ බැවින් අන්හු කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය පහළ කෙරෙයි. හෙතෙමේ සැඬ යයි ම ගණනට යේ. මෝහය අප්‍රහීණ වූයේ වෙයි. මෝහය අප්‍රහීණ බැවින් අන්හු කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය පහළ කෙරෙයි. හෙතෙමේ සැඬයි ම ගණනට යේ. ගාමිණී, යම් හෙයකින් මෙහි එකෙක් සැඬ යයි ම ගණනට යේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍ය යයි.

ඉධ පන ගාමණි එකච‍්චස‍්ස රාගො පහීනො හොති. රාගස‍්ස පහීනත‍්තා පරෙ න කොපෙන‍්ති, පරෙහි කොපියමානො කොපං න පාතුකරොති. සො සොරතොතෙව සඞ‍්ඛං ගච‍්ඡති. දොසො පහීනො හොති. දොසස‍්ස පහීනත‍්තා පරෙ න කොපෙන‍්ති, පරෙහි කොපියමානො කොපං න පාතුකරොති. සො සොරතොතෙව සඞ‍්ඛං ගච‍්ඡති. මොහො පහීනො හොති. මොහස‍්ස පහීනත‍්තා පරෙ න කොපෙන‍්ති, පරෙහි කොපියමානො කොපං න පාතුකරොති. සො සොරතොතෙව සඞ‍්ඛං ගච‍්ඡති. අයං ඛො ගාමණි හෙතු අයං පච‍්චයො යෙනමිධෙකච‍්චො සොරතොතෙව සඞ‍්ඛං ගච‍්ඡතීති.

ගාමිණී, මෙහි එකකුගේ රාගය ප්‍රහීණ වූයේ වෙයි. රාගය ප්‍රහීණ බැවින් අන්හු නො කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය නො පහළ කෙරෙයි. හෙතෙමේ මොළොක් යයි ම ගණනට යේ. දෝසය ප්‍රහීණ වෙයි. දෝසය ප්‍රහීණ බැවින් අන්හු නො කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය නො පහළ කෙරෙයි. හෙතෙමේ මොළොක් යයි ම ගණනට යේ. මෝහය ප්‍රහීණ වෙයි. මෝහය ප්‍රහීණ බැවින් අන්හු නො කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේත් කෝපය නො පහළ කෙරෙයි. හෙතෙමේ මොළොක් යයි ම ගණනට යේ. ගාමිණී, යම් හෙයකින් මෙහි එකෙක් මොළොක් යයි ම ගණනට යේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍ය යයි.”

එවං වුත‍්තෙ චණ‍්ඩො ගාමණි භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භන‍්තෙ අභික‍්කන‍්තං භන‍්තෙ, සෙය්‍යථාපි භන‍්තෙ නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙල පජ‍්ජොතං ධාරෙය්‍ය චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තීති, එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං භන‍්තෙ භගවන‍්තං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි චණ්ඩගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: “වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. වහන්ස යම් සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වැසුණු දෙයක් හෝ වැසුම් හරින්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියා දෙන්නේ ද, ඇස් ඇත්තෝ රූ දකින්නාහ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් නයින් දහම් පවසන ලදී. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික් සඟනත් සරණ යෙමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්වා” යි.