1. ගාමණීවග්ගො අට්ඨකථා
1. ගාමණි වර්ගය
1. චණ්ඩගාමණීසුත්තවණ්ණනා
1. චණ්ඩගාමණී සූත්‍ර වර්ණනාව
ගාමණිසංයුත්තස්ස පඨමෙ චණ්ඩො ගාමණීති ධම්මසඞ්ගාහකත්ථෙරෙහි චණ්ඩොති ගහිතනාමො එකො ගාමණි. පාතුකරොතීති භණ්ඩන්තං පටිභණ්ඩන්තො අක්කොසන්තං පච්චක්කොසන්තො පහරන්තං පටිපහරන්තො පාකටං කරොතීති දස්සෙති. න පාතුකරොතීති අක්කුට්ඨොපි පහටොපි කිඤ්චි පච්චනීකං අකරොන්තොති දස්සෙති.
ගාමිණී සංයුත්තයේ පළමු වැන්නෙහි චණ්ඩො ගාමණී = ධර්ම සංග්‍රහ කාරක තෙරවරුන් වෙතින් “චණ්ඩ” යන නාමය ලබා ගත් “ගාමණී” නම් වූ එක් තැනැත්තෙක්. පාතු කරොති = කලහ කරන්නහුට එරෙහිව කලහ කරන්නේ, බණින්නහුට එරෙහිව බැණවදින්නේ, පහර දෙන්නහුට එරෙහිව ප්‍රතිප්‍රහාර දෙන්නේ ප්‍රකට කෙරේයයි දක්වයි. න පාතු කරොති = බැණ වැදීම් ලැබුයේ වුව ද කිසියම් සතුරු කමක් නො කරනුයේ යයි දක්වයි.
2. තාලපුටසුත්තවණ්ණනා
2. තාලපුට සූත්‍ර වර්ණනාව
දුතියෙ තාලපුටොති එවංනාමකො. තස්ස කිර බන්ධනා පමුත්තතාලපක්කවණ්ණො විය මුඛවණ්ණො විප්පසන්නො අහොසි, තෙනස්ස තාලපුටොති නාමං අකංසු. ස්වායං අභිනීහාරසම්පන්නො පච්ඡිමභවිකපුග්ගලො. යස්මා පන පටිසන්ධි නාම අනියතා ආකාසෙ ඛිත්තදණ්ඩසදිසා, තස්මා එස නටකුලෙ නිබ්බත්ති. වුඩ්ඪිප්පත්තො පන නටසිප්පෙ අග්ගො හුත්වා සකලජම්බුදීපෙ පාකටො ජාතො. තස්ස පඤ්ච සකටසතානි පඤ්ච මාතුගාමසතානි පරිවාරො, භරියායපිස්ස තාවතකාවාති මාතුගාමසහස්සෙන චෙව සකටසහස්සෙන ච සද්ධිං යං යං නගරං වා නිගමං වා පවිසති, තත්ථස්ස පුරෙතරමෙව සතසහස්සං දෙන්ති. සමජ්ජවෙසං ගණ්හිත්වා පන මාතුගාමසහස්සෙන සද්ධිං කීළං කරොන්තස්ස යං හත්ථූපගපාදූපගාදිආභරණජාතං ඛිපන්ති, තස්ස පරියන්තො නත්ථි. සො තංදිවසං මාතුගාමසහස්සපරිවාරිතො රාජගහෙ කීළං කත්වා පරිපක්කඤාණත්තා සපරිවාරොව යෙන භගවා තෙනුපසඞ්කමි.
දෙවැන්නෙහි - තාල පුත්තො = එම නම ඇති අයෙකි. නටුවෙන් ගිලිහුණ ඉදුණ තල්ගෙඩියක් වැනි ඔහු ගේ වර්ණය ඉතා ප්‍රසන්න විය. එබැවින් ඔහුට තාල පුත්ත යයි නම් කළහ. එම තැනැත්තා සම්පූර්ණ කළ ප්‍රාර්ථනාවන් ඇත්තාවූ පශ්චිම භවයෙහි උපන්නා වූ පුද්ගලයෙකි. යම් හෙයකින් වනාහී අහසට දැමු බෝලයක් මෙන් ප්රතිසන්ධිය යනු අනියත දෙයක් වේද, එබැවින් මේ තෙමේ නැටුම් කුලයෙක උපන්නේ, වැඩි වියට පත් වූයේ නැටුම් ශිල්පයෙහි අග්‍ර වී මුළු දඹදිව්හිම ප්‍රසිද්ධ වූයේය. ඔහුට ගැල් පන්සියයක් ද, ස්ත්‍රීහු පන්සියයක් ද පිරිවරවූහ. ඔහුගේ බිරිඳට ද එපමණම පිරිවර වූහ. ස්ත්‍රීන් දහසක් ද, ගැල්දහසක් ද සමගින් යම් නගරයකට හෝ නියම් ගමකට පිවිසෙන්නේ ද එහිදී ඔහුට පෙරාතුවම ලක්ෂයක් දෙති. සැණකෙළි වෙස් ගෙන ස්ත්‍රීන් දහසක් සමග ක්‍රීඩා කරන ඔහුට එහි කෙළවරක් නැත. ඔහු එදින ස්ත්‍රීන් දහසක් පිරිවරා ගෙන රජගහ නුවර ක්‍රීඩා කොට මේරු නුවණක් ඇති බැවින් පිරිවර සහිතවම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය.
සච්චාලිකෙනාති සච්චෙන ච අලිකෙන ච. තිට්ඨතෙතන්ති තිට්ඨතු එතං. රජනීයාති රාගප්පච්චයා මුඛතො පඤ්චවණ්ණසුත්තනීහරණවාතවුට්ඨිදස්සනාදයො අඤ්ඤෙ ච කාමස්සාදසංයුත්තාකාරදස්සනකා අභිනයා. භිය්යොසොමත්තායාති අධිකප්පමාණත්තාය. දොසනීයාති දොසප්පච්චයා හත්ථපාදච්ඡෙදාදිදස්සනාකාරා. මොහනීයාති මොහප්පච්චයා උදකං ගහෙත්වා තෙලකරණං, තෙලං ගහෙත්වා උදකකරණන්ති එවමාදයො මායාපභෙදා.
සච්චාලිකෙන = සත්‍යයෙන් ද අසත්‍යයෙන් ද (වශයෙන්) තිට්ඨතෙතං = එය (එසේ) තිබේවා රජනීයා = රාගය නමැති හේතුව මුල් කරගත්, පඤ්චවර්ණ නූල් (තිර) ඉවත් කරන සුලං වැසි දර්ශනයවීම් ආදිය ද, වෙනත් කාමාස්වාදයන්හට සම්බන්ධ ඉන්ද්රියචලන හා අංගචලන දක්වන භීය්යොසොමත්තාය. අධික වූ ප්‍රමාණයක් ඇති බැවින්. දොසනීයා = වැරැද්දක හේතුව නිසා අත් පා සිඳීම් ආදිය දක්වන ආකාරයන් මොහනීය = මුලාවේ හේතුවෙන් ජලය රැගෙන (එය) තෙල්යයි පෙන්වීම ද, තෙල් රැගෙන (එය) ජලය යයි පෙන්වීම ද යන මේ ආදී විවිධත්වයන්
පහාසො නාම නිරයොති විසුං පහාසනාමකො නිරයො නාම නත්ථි, අවීචිස්සෙව පන එකස්මිං කොට්ඨාසෙ නච්චන්තා විය ගායන්තා විය ච නටවෙසං ගහෙත්වාව පච්චන්ති, තං සන්ධායෙතං වුත්තං. නාහං, භන්තෙ, එතං රොදාමීති අහං, භන්තෙ, එතං භගවතො බ්‍යාකරණං න රොදාමීති එවං සකම්මකවසෙනෙත්ථ අත්ථො වෙදිතබ්බො, න අස්සුවිමොචනමත්තෙන. “මතං වා අම්මරොදන්තී”තිආදයො චෙත්ථ අඤ්ඤෙපි වොහාරා වෙදිතබ්බා.
පහාසො නාම නිරයෝ = වෙනමම “පහාස” නම් වූ නිරයක් නම් නැත්තේය. නිරයෙහි සත්ත්වයෝ නටන්නවුන් මෙන් ද, ගයන්නුන් මෙන් ද වශයෙන් නළුවෙස් ගෙන ම අවීචි (නිර)යේම එක් කොටසක පැසෙති. (හෙවත් දැවෙමින් සිටිති) මෙය ඒ සඳහා කියන ලදී. නාහං භන්තෙ එතං රොදාමි = “ස්වාමීනි, මම භාග්‍යවතුන්ගේ මෙම ප්‍රකාශ කිරීම (අනුව) නොහඬමි”යි යන මෙහි අර්ථය සකර්මක වශයෙන් දත යුතුය. (මේ කරුණ මෙසේ දත යුතු වේ. “රොදාමි” යනු “රුදු” ධාතුවෙන් නිපන් අකර්මක උත්තම පුරුෂ ඒකවචන වර්තමාන කාලින ආඛ්‍යාත පදයකි. එහෙත් “නාහං භන්තෙ එතං රොදාමි” යන වැකියේ “රොදාමි” යන්න සකර්මක ආඛ්‍යාතයක් ලෙස යොදා තිබේ. සාමාන්‍ය පාලි භාෂා ව්‍යවහාරයේදී “රොදාමි” යන්නට “එතං” යන්න කර්ම පදය මෙහිදී සකර්මක බවට හැරී තිබේ. ඒ බව “සකම්මක” වසෙනෙත්ථ අත්ථො වෙදිතබ්බො” යයි අටුවාචාරී බුද්ධඝෝෂ තෙරණුවෝ ම ලියා තැබූහ. “මෑණියනි, මළ අය වෙනුවෙන් කඳුලු හෙලමින් හඬන්නාහුය,” යන අදහස් දක්වන පාලි වැකියෙහි ද වෙනස් ව්‍යවහාර ඇත. (එම වැකියෙහි “මතං” (මළ අය) යන කර්ම පදය යොදා “රොදන්ති” (හඬත්) යන්න සකර්මක බවට හරවා ඇත)
3-5. යොධාජීවසුත්තාදිවණ්ණනා
3-5. යෝධාජීව ආදි සූත්‍ර වර්ණනා
තතියෙ යොධාජීවොති යුද්ධෙන ජීවිකං කප්පනකො ධම්මසඞ්ගාහකත්ථෙරෙහි එවං ගහිතනාමො. උස්සහති වායමතීති උස්සාහං වායාමං කරොති. පරියාපාදෙන්තීති මරණං පටිපජ්ජාපෙන්ති. දුක්කටන්ති දුට්ඨු කතං. දුප්පණිහිතන්ති දුට්ඨු ඨපිතං. පරජිතො නාම නිරයොති අයම්පි න විසුං එකො නිරයො, අවීචිස්සෙව පන එකස්මිං කොට්ඨාසෙ පඤ්චාවුධසන්නද්ධා ඵලකහත්ථා හත්ථිඅස්සරථෙ ආරුය්හ සඞ්ගාමෙ යුජ්ඣන්තා විය පච්චන්ති, තං සන්ධායෙතං වුත්තං. චතුත්ථපඤ්චමෙසුපි එසෙව නයො.
තෙවැන්නෙහි - යොධාජීවො යුද්ධයෙන් ජීවිකාව කරගන්නා තැනැත්තා ධර්ම සංග්‍රහ කාරක තෙරවරුන් විසින් යොදා ගන්නා ලද නාමයකි. උස්සහතිවායමති = උත්සාහ කරයි. වෑයම් කරයි. පරියාපාදෙන්ති = මරණයට පමුණුවත් දුක්කටං = අයහපත් ලෙස කරන ලද දුප්පණිහිතං = අයහපත් ලෙස පිහිටුවන ලද සරජිතො නාම නිරයො = මෙය ද හුදෙක් එක් නිරයක්ම නොවේ. අවීචියෙහිම එක්තරා කොටසක පඤ්චායුධයෙන් සන්නද්ධ වී අත්හි පලිස් දරා ඇත් අස් රථ මතුයෙහි නැඟී සංග්‍රාමයකදී යුද්ධ කරන්නවුන් මෙන් පැසෙත්. ඒ සඳහා මෙය කියන ලදී. සිවු වැන්නෙහි ද, පස්වැන්නෙහිද මේ පිළිවෙළම වේ.
6. අසිබද්ධකසුත්තවණ්ණනා
6. අසිබන්ධක සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ පච්ඡාභූමකාති පච්ඡාභූමිවාසිනො. කාමණ්ඩලුකාති සකමණ්ඩලුනො. සෙවාලමාලිකාති පාතොව උදකතො සෙවාලඤ්චෙව උප්පලාදීනි ච ගහෙත්වා උදකසුද්ධිකභාවජානනත්ථාය මාලං කත්වා පිළන්ධනකා. උදකොරොහකාති සායංපාතං උදකං ඔරොහනකා. උය්යාපෙන්තීති උපරි යාපෙන්ති. සඤ්ඤාපෙන්තීති සම්මා ඤාපෙන්ති. සග්ගං නාම ඔක්කාමෙන්තීති පරිවාරෙත්වා ඨිතා “ගච්ඡ, භො, බ්රහ්මලොකං, ගච්ඡ, භො, බ්‍රහ්මලොක”න්ති වදන්තා සග්ගං පවෙසෙන්ති. අනුපරිසක්කෙය්යාති අනුපරිගච්ඡෙය්ය. උම්මුජ්ජාති උම්මුජ්ජ උට්ඨහ. ථලමුප්ලවාති ථලමභිරුහ. තත්ර යාස්සාති තත්ර යා භවෙය්ය. සක්ඛරා වා කඨලා වාති සක්ඛරා ච කඨලා ච. සා අධොගාමී අස්සාති සා අධො ගච්ඡෙය්ය, හෙට්ඨාගාමී භවෙය්ය. අධොගච්ඡාති හෙට්ඨා ගච්ඡ.
සය වැන්නෙහි - පච්ඡාභූමකා පසු බිමෙහි වසන්නෝ කාමණ්ඩලුකා පැන් කෙණ්ඩි දරන්නෝ (හෙවත් පරිබ්‍රාජකවරු) සෙවාල මාලිකා = උදෑසනම ජලයෙන් සේවාල (හෙවත් දිය සෙවෙල්) ද, උපුල් ආදිය ද ගෙන ජල පරිශුද්ධතාවය දැනගනු පිණිස මාලයක් තනා පළදින තැනැත්තිය. උදකොරොහකා = සවසද, උදෑසන ද ජලයට බසින්නෝ උය්යාපෙන්ති = උනන්දුවෙන් මෙහෙයවත්. සඤ්ඤාපෙන්ති = මනාව දැනුවත් කරත්. සග්ගංනාම ඔක්කාපෙන්ති = පිරිවරා ගෙන සිටින්නාහු “මහාබ්රහ්මලෝකයට යව”යි කියමින් ස්වර්ග ලෝකයට යවත්. අනුපරිසක්කෙය්ය = අවට (හාත් පස, වටේට) හැසිරෙන්නේය. උම්මුජ්ජ = ඉහලට එසවෙන්න, නැගිටින්න. ථලමුප්ලව = ගොඩබිමට නැගගන්න. තත්‍රා යස්ස = එහි යමක් සිදුවන්නේ නම් සක්ඛරා වා කඨලාවා = ගල් කැට ද කැබිලිතිද සාධො ගාමි අස්ස ඇය යටට යන්නී නම්, පහළට යන තැනැත්තියක් වන්නී නම් අධොගච්ඡ = පහළට යන්න.
7. ඛෙත්තූපමසුත්තවණ්ණනා
7. ඛෙත්තූපම සූත්‍ර වර්ණනාව
සත්තමෙ ජඞ්ගලන්ති ථද්ධං න මුදු. ඌසරන්ති සඤ්ජාතලොණං. පාපභූමීති ලාමකභූමිභාගං. මංදීපාතිආදීසු අහං දීපො පතිට්ඨා එතෙසන්ති මංදීපා. අහං ලෙණො අල්ලීයනට්ඨානං එතෙසන්ති මංලෙණා. අහං තාණං රක්ඛා එතෙසන්ති මංතාණා. අහං සරණං භයනාසනං එතෙසන්ති මංසරණා. විහරන්තීති මං එවං කත්වා විහරන්ති.
සත්වැන්නෙහි - ඡඞ්ගලං = තද, මෘදු නොවන ඔසරං හටගත් ලුණු ඇත්තේ. පාපභූමි = පහත් තත්ත්වයේ බිම් කොටසක් මංදීපා ආදී තැන්හි (අරුත් මෙසේ දැක්විය හැක) මම මොවුන් හට පහනක් වෙමි, යන අරුතින් “මංදිපා” යයි ද, ආරක්ෂකයකු වන මම මොවුන් හට ඇලී -ගැලී සබඳතා පැවැත්විය හැකි අයෙක්මි යන අරුතින් “මං ලෙණා” යයි ද, මම මොවුන් හට පිහිටක්ය, රැකවරණයක්ය යන අරුතින් “මංතාණා” යයි මම මොවුන් හට පිහිටවන්නෙක්ය, බිය නසන්නෙක්ය යන අරුතින් “මං සරණා” යයිද (පද යොදා ඇත. විහරන්ති = මා හට මෙසේ කටයුතු කොට වාසය කරත්.
ගොභත්තම්පීති ධඤ්ඤඵලස්ස අභාවෙන ලායිත්වා කලාපකලාපං බන්ධිත්වා ඨපිතං ගිම්හකාලෙ ගුන්නම්පි ඛාදනං භවිස්සතීති අත්ථො. උදකමණිකොති කුච්ඡියං මණිකමෙඛලාය එවං ලද්ධනාමො භාජනවිසෙසො. අහාරී අපරිහාරීති උදකං න හරති න පරිහරති, න පරියාදියතීති අත්ථො. ඉති ඉමස්මිං සුත්තෙ සක්කච්චධම්මදෙසනාව කථිතා. බුද්ධානඤ්හි අසක්කච්චධම්මදෙසනා නාම නත්ථි. සීහසමානවුත්තිනො හි බුද්ධා, යථා සීහො පභින්නවරවාරණස්සපි සසබිළාරාදීනම්පි ගහණත්ථාය එකසදිසමෙව වෙගං කරොති, එවං බුද්ධාපි එකස්ස දෙසෙන්තාපි ද්වින්නං බහූනං භික්ඛුපරිසාය භික්ඛුනිඋපාසකඋපාසිකාපරිසායපි තිත්ථියානම්පි දෙසෙන්තා සක්කච්චමෙව දෙසෙන්ති. චතස්සො පන පරිසා සද්දහිත්වා ඔකප්පෙත්වා සුණන්තීති තාසං දෙසනා සක්කච්චදෙසනා නාම ජාතා.
ගොභත්තම්පි = ධාන්‍ය ඇට නොමැති බැවින් කපා මිටි වශයෙන් බැඳ තබන ලද කොටස් ග්‍රීෂ්ම කාලයෙහි ගොනුන්ගේද ආහාර වන්නේය යන අදහසයි. උදක මණිකො = උදර කුහරයෙහි පහළ මේඛලා ප්‍රදේශයට මේ නම ලැබී ඇත. බඳුන් වෙසෙසකට ද මේ නම යෙදේ. අහාරි අපරිහාරී = ජලය රැගෙන නො යයි. පරිහරණය නොකරයි, නො ගනියි යන අරුතයි. මෙසේ මේ සූත්‍රයෙහිදී සකස් කොට ධර්ම දේශනය කරන ලදී. බුදුවරුන්ගේ වනාහී සකස් නො කොට කෙරෙන ධර්ම දේශනයක් නම් නැත්තේය. බුදුවරු වනාහී සිංහයන් හට සමාන පැවතුම් ඇත්තෝය. යම්සේ සිංහයා බලවත් හස්තීන් වේවා සාවුන් බළලුන් ආදීන් වේවා අල්වා ගැනීම සඳහා එක සමාන වූ ම වේගයක් යොදවයි ද, එසේම බුදුන් වහන්සේලා ද එක් අයකුට. දෙදෙනකුට, හෝ බොහෝ දෙනකුට වේවා. තීර්ථකයන් හට වේවා දහම් දෙසන්නාහු සකස් කොටම ධර්ම දේශනා කරත්. සිවු පිරිස් වනාහී අදහා ගෙනම, විශ්වාස කොට ගෙන ම (ඒ ධර්මය) ශ්‍රවණය කරත්. (එසේ හෙයින්) එම සර්වඥයන් වහන්සේලාගේ දේශනාවන් සකස් කොට කරනු ලබන දේශන (හෙවත් සක්කච්ච දේසනා) නම් විය.
8. සඞ්ඛධමසුත්තවණ්ණනා
8. සඞ්ඛධම සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ යංබහුලං යංබහුලන්ති ඉමිනා නිගණ්ඨො අත්තනාව අත්තනො වාදං භින්දති. තස්මා භගවා එවං සන්තෙ න කොචි ආපායිකොතිආදිමාහ. පුරිමානි පන චත්තාරි පදානි දිට්ඨියා පච්චයා හොන්ති. තස්මා තෙසුපි ආදීනවං දස්සෙන්තො ඉධ, ගාමණි, එකච්චො සත්ථා එවංවාදී හොතීතිආදිමාහ. තත්ථ අහම්පම්හීති අහම්පි අම්හි.
අට වැන්නෙහි - යං බහුලං යං බහුලං = (යමක් බහුල ද, යමක් බහුල ද යන) මෙයින් නිගණ්ඨ තෙමේ තමාගේ මතය තමාම බිඳ ගනියි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ එවං සන්තෙ න කොචි ආපායිකො = (මෙසේ ඇති කල්හි කිසිවෙක් අපාය ගාමී නොවෙත්) යන ආදිය වදාළහ. මුලින් දැක්වූ පද සතර දෘෂ්ටියක් සඳහා හේතු වෙයි. එබැවින් ඒ පිළිබඳව ද ආදීනව දක්වමින් ඉධ ගාමණි. එකච්චො සත්ථා එවං වාදී හොති (එම්බා ගාමණී, මෙලොව ඇතැම් ශාස්තෲවරයෙක් මෙ වැනි වාද ඇත්තේ (හෙවත් මත දරන්නේ වෙයි) යන ආදිය කීහ. එහි අහම්පහි යනු මම ද වෙමි යනුයි.
මෙත්තාසහගතෙනාතිආදීසු යං වත්තබ්බං, තං සබ්බං සද්ධිං භාවනානයෙන විසුද්ධිමග්ගෙ වුත්තමෙව. සෙය්යථාපි, ගාමණි, බලවා සඞ්ඛධමොතිආදි පන ඉධ අපුබ්බං. තත්ථ බලවාති බලසම්පන්නො. සඞ්ඛධමොති සඞ්ඛධමකො. අප්පකසිරෙනාති අකිච්ඡෙන අදුක්ඛෙන. දුබ්බලො හි සඞ්ඛධමො සඞ්ඛං ධමන්තොපි න සක්කොති චතස්සො දිසා සරෙන විඤ්ඤාපෙතුං, නාස්ස සඞ්ඛසද්දො සබ්බතො ඵරති, බලවතො පන විප්ඵාරිකො හොති, තස්මා “බලවා”ති ආහ.
මෙත්තා සහගතෙන යන ආදියෙහි යමක් කිවයුත්තේ ද, ඒ සියල්ල භාවනා පිළිවෙළ සමග විශුද්ධි මාර්ගයෙහිදී කියන ලද්දේමය. සෙය්යථාපි ගාමණී බලවා සඞ්ඛධම්මො යන ආදිය වනාහී මෙ ලොව පෙර නොවූ දෙයකි. එහි බල සම්පන්න වූ සක් පිඹින්නෙක් වෙයි. අප්පකසිරෙන = අපහසු බවෙන් තොරව, දුකින් තොරව, දුබල වූ සක්පිඹින්නා වනාහී හක් ගෙඩිය පිඹින්නේ නමුදු සතර දිසාවන්හි (ශංඛ) නාදය පැතිර වීමට නොහැකි වෙයි. ඔහුගේ සක් හඬ හැම දෙසටම පැතිර නොයයි. ශක්තිවන්තයාගේ වනාහි (සක් හඬ) ඉක්මනින් පැතිරෙන්නේ වෙයි. එබැවින් “බලවා” (ශක්තිවන්තයා) යයි කීය.
මෙත්තාය චෙතොවිමුත්තියාති එත්ථ “මෙත්තා”ති වුත්තෙ උපචාරොපි අප්පනාපි වට්ටති, “චෙතොවිමුත්තී”ති වුත්තෙ පන අප්පනාව වට්ටති. යං පමාණකතං කම්මන්ති පමාණකතං කම්මං නාම කාමාවචරං වුච්චති, අප්පමාණකතං කම්මං නාම රූපාවචරං. තඤ්හි පමාණං අතික්කමිත්වා ඔධිසකඅනොධිසකදිසාඵරණවසෙන වඩ්ඪෙත්වා කතත්තා අප්පමාණකතන්ති වුච්චති.
මෙත්තාය චෙතො විමුත්තියා මෙහි “මෙත්තා” යි කියු කල්හි (ධ්‍යානයට පූර්වයෙන් වන) මූලික කටයුතු ද, ධ්‍යානය ද සැලකේ. “චෙතො විමුත්ති”යි කියූ කල්හි වනාහි ධ්‍යානයම සැලකේ. යං පමාණකතං කම්මං = ප්‍රමාණ කරන ලද ක්‍රියාව වනාහි කාමාවචරයයි කියනු ලැබේ. ප්‍රමාණ නො කරන ලද ක්‍රියාව වනාහී රූපාවචර වේ. එය වනාහී පමණ ඉක්මවා. නියම කරන ලද්දාවූද, නියම නොකරන ලද්දාවූ ද දිසාවන්හි පැතිරවීම් වශයෙන් වර්ධනය කොට කරන ලද බැවින් ප්‍රමාණ නොකරන ලදැයි කියනු ලැබේ.
න තං තත්‍රාවසිස්සති, න තං තත්රාවතිට්ඨතීති තං කාමාවචරකම්මං තස්මිං රූපාරූපාවචරකම්මෙ න ඔහීයති න තිට්ඨති. කිං වුත්තං හොති? තං කාමාවචරකම්මං තස්ස රූපාරූපාවචරකම්මස්ස අන්තරා ලග්ගිතුං වා ඨාතුං වා රූපාරූපාවචරකම්මං ඵරිත්වා පරියාදියිත්වා අත්තනො ඔකාසං ගහෙත්වා පතිට්ඨාතුං වා න සක්කොති. අථ ඛො රූපාරූපාවචරකම්මමෙව කාමාවචරං මහොඝො විය පරිත්තං උදකං ඵරිත්වා පරියාදියිත්වා අත්තනො ඔකාසං කත්වා තිට්ඨති, තස්ස විපාකං පටිබාහිත්වා සයමෙව බ්රහ්මසහබ්යතං උපනෙතීති. ඉති ඉදං සුත්තං ආදිම්හි කිලෙසවසෙන වුට්ඨාය අවසානෙ බ්රහ්මවිහාරවසෙන ගහිතත්තා යථානුසන්ධිනාව ගතං.
න තං තත්රාව සිස්සති නතං තත්රාව තිට්ඨති = කාමාවචර කර්මය එම රූපාවචර අරූපාවචර කර්මයන්හි නො පිහිටයි. නො සිටියි. කුමක් කියන ලද්දේද යත්. එම කාමාවචර කර්මය යථොක්ත රූපාවචර හා අරූපාවචර කර්මයාගේ අතරෙහි ඇලී ගැලී පැවතීමට හෝ සිටීමට හෝ රූපාවචර අරූපාවචර කර්මය පතුරවා සම්පූර්ණයෙන් ග්‍රහණය කොට තමාට අවස්ථාවක් ලබාගෙන පිහිටා සිටීමට හෝ නොහැකි වෙයි. මහදිය කඳක් ස්වල්ප වූ ජලයක් විසුරුවා මැඩ පවත්වා තමාට අවකාශයක් ඇතිකර ගන්නාක් මෙන් රූපාවචර අරූපාවචර කර්මයම කාමාවචරය විසුරුවා මැඩ පවත්වා තමාට අවකාශ ඇති කරගෙන සිටියි. ඔහුගේ විපාකය වළක්වා තමා ම බ්‍රහ්ම සමාගමයට පමුණුවයි. මෙසේ මේ සූත්‍රය මුලදී කෙලෙස් වශයෙන් නැගී අවසානයේදී බ්‍රහ්ම විහාර වශයෙන් ගන්නා ලද බැවින් අනුපිළිවෙළින්ම ගෙන යන ලදී.
9. කුලසුත්තවණ්ණනා
9. කුල සූත්‍ර වර්ණනාව
නවමෙ දුබ්භික්ඛාති දුල්ලභභික්ඛා. ද්වීහිතිකාති “ජීවිස්සාම නු ඛො න නු ඛො”ති එවං පවත්තඊහිතිකා. “දුහිතිකා”තිපි පාඨො. අයමෙව අත්ථො. දුක්ඛා ඊහිති එත්ථ න සක්කා කොචි පයොගො සුඛෙන කාතුන්ති දුහිතිකා. තත්ථ තත්ථ මතමනුස්සානං විප්පකිණ්ණානි සෙතානි අට්ඨිකානි එත්ථාති සෙතට්ඨිකා. සලාකාවුත්තාති සලාකමත්තවුත්තා, යං තත්ථ වුත්තං වාපිතං, තං සලාකමත්තමෙව අහොසි, ඵලෙ න ජනයතීති අත්ථො.
නව වැන්නෙහි - දුබ්භික්ඛා = ආහාර හිඟ බව, ද්වීහිතිකා = ජීවත් වන්නෙමුද, නොවන්නෙමු ද යනුවෙන් මෙසේ පැවතී උත්සාහවත් බව (හෙවත් දරා ගැනීම) දුහිතිකා යනුවෙන් ද පාඨයක් වේ. (එහිද) මේ අරුත ම වේ. “දුක්ඛං ඊහති” හෙවත් (දුකසේ දරා ගනියි) යන මෙහි කිසිම ක්‍රියාවක් පහසුවෙන් සිදු කිරීමට නොහැක්කේය යන අරුතින් “දුහිතිකා” නම් වේ. ඒ ඒ තන්හි මළ මිනිසුන් ගේ විසුරුණා වූ සුදු පැහැති ඇට මෙහි ඇත යන අදහසින් සෙතට්ඨිකා (යි යෙදවන) සලාකවුත්තා = සලාක මාත්‍රයක් පමණක් බෙදා හරින ලදී. එහි යමක් විසුරුවන ලද්දේ ද, වපුරන ලද්දේ ද එය සලාක මාත්‍රයක් පමණක්ම විය. ප්‍රතිඵල නො උපදවන්නේය යන අර්ථයයි.
උග්ගිලිතුන්ති ද්වෙ අන්තෙ මොචෙත්වා කථෙතුං අසක්කොන්තො උග්ගිලිතුං බහි නීහරිතුං න සක්ඛීති. ඔගිලිතුන්ති පුච්ඡාය දොසං දිස්වා හාරෙතුං අසක්කොන්තො ඔගිලිතුං අන්තො පවෙසෙතුං න සක්ඛීති.
උග්ගිලිතුං = අන්ත දෙකම බැහැර කොට කියන්නට නොහැක්කේ ගිලගැනීමට හෝ වැමෑරීමට නො හැකි විය. ඔගිලිතුං = වාලධියෙහි දොසක් දැක. ඉවත් කිරීමට නොහැක්කේ ගිල ගැනීමට හෝ ඇතුලු කර ගැනීමට නොහැකි විය.
ඉතො සො ගාමණි එකනවුතිකප්පෙති භගවා කථයමානොව යාව නික්ඛන්තො නාසිකවාතො න පුන පවිසති, තාවතකෙන කාලෙන එකනවුතිකප්පෙ අනුස්සරි “අත්ථි නු ඛො කිඤ්චි කුලෙ පක්කභික්ඛාදානෙන උපහතපුබ්බ”න්ති පරිජානනත්ථං. අථෙකම්පි අපස්සන්තො “ඉතො සො, ගාමණී”තිආදිමාහ. ඉදානි දානාදීනං ආනිසංසං කථෙන්තො අථ ඛො යානි තානි කුලානි අඩ්ඪානීති ධම්මදෙසනං ආරභි. තත්ථ දානසම්භූතානීති දානෙන සම්භූතානි නිබ්බත්තානි. සෙසපදද්වයෙපි එසෙව නයො. එත්ථ පන සච්චං නාම සච්චවාදිතා. සාමඤ්ඤං නාම සෙසසීලං. විකිරතීති අයොගෙන වළඤ්ජෙන්තො විප්පකිරති. විධමතීති ධමෙන්තො විය නාසෙති. විද්ධංසෙතීති නාසෙති. අනිච්චතාති හුත්වා අභාවො බහුනාපි කාලෙන සඞ්ගතානං ඛණෙනෙව අන්තරධානං.
ඉතො සො ගාමණි එක නවුතො කප්පො = නාසයෙන් නික්මෙන්නාවූ වාතය යම්තාක් වූ කාලයක් තුළ නැවත ඇතුල් නොවේද, එපමණ කාලයකින් (හෙවත් එක් හුස්ම ගැනීම් කාලයක් තුළ) කල්ප අනූ එකක් සිතින් සිහිපත් කළේය. පිසූ ආහාර දන්දීම නිසා පෙර පැමිණි කිසිවකු නිවසේ සිටීදැයි දැන ගැනීම පිණිස (යොමු වූයේ නමුදු) එක් අයකුදු නො දක්නේ “ඉතොසො ගාමණී” යන ආදිය කීහ. දැන්, දන්දීම් ආදියෙහි අනුසස් දෙසන්නාහු “අථ ඛො යානි තානි කුලානි අඞ්ගානි” (ආඪ්‍යව පවත්නා. යම් බඳු වූ එම කුල ගෙවල් වේද) යනුවෙන් දම් දෙසුම ඇරඹූහ. එහි දාන සම්භුතානි යනු දානයෙන් හටගත්. දානයෙන් උපන් යන අදහසයි. සෙසු පද දෙකෙහි ද අරුත් මේ පිළිවෙළින්ම වේ. මෙහි වනාහී “සච්චං” (සත්‍යය) නම් සත්‍යවාදී බවයි. “සඤ්ඤමං” (සංයමය) නම් සෙසු සීලයයි. විකිරති = නුසුදුසු ලෙස වළඳමින් විසුරුවා හරියි. විධමති = ගිනි අවුලන්නාක් මෙන් වනසයි. විද්ධංසෙති = නසයි. අනිච්චතා = අනිත්‍ය භාවයට පත් වී අභාවයට යාමයි. නැතහොත් බොහෝ කලක් තුළ රැස් කරගත් දෙය සැණෙකින් අතුරුදන් වීමයි.
10. මණිචූළකසුත්තවණ්ණනා
10. මණිචූළක සූත්‍ර වර්ණනාව
දසමෙ තං පරිසං එතදවොචාති තස්ස කිර එවං අහොසි “කුලපුත්තා පබ්බජන්තා පුත්තදාරඤ්චෙව ජාතරූපරජතඤ්ච පහායෙව පබ්බජන්ති, න ච සක්කා යං පහාය පබ්බජිතා, තං තෙහි ගහෙතු”න්ති නයග්ගාහෙ ඨත්වා “මා අය්යො”තිආදිවචනං අවොච. එකංසෙනෙතන්ති එතං පඤ්චකාමගුණකප්පනං අස්සමණධම්මො අසක්යපුත්තියධම්මොති එකංසෙන ධාරෙය්යාසි.
දස වැන්නෙහි - තං පරිසං එතදවොච = ඔහුට මෙසේ අදහස් විය. පැවිදිවන්නාවූ කුල පුත්‍රයෝ අඹු දරුවන් ද රන් රිදී (ආදී වස්තුව) ද අත්හැර දමා ම පැවිදි වෙති. යමක් අත්හැර දමා පැවිදි වූවාහු ද, එය ගැනීමට ඔවුන් හට නො හැක්කේය යන න්‍යායයෙහි පිහිටා “මා අය්යො” යන ආදී වදන් කීය. එකං සමෙතං මෙම පඤ්චකාම ගුණයන් කෙරෙහි ඇති ආශාව ශ්‍රමණ ධර්මයක් නොවේය, ශාක්‍ය පුත්‍ර (සර්වඥ) යන් වහන්සේගේ ධර්මයක් (ද) නොවේය යනුවෙන් ඒකාන්ත ලෙසම දරාගෙන සිටින්නෙහි ය.
තිණන්ති සෙනාසනච්ඡදනතිණං. පරියෙසිතබ්බන්ති තිණච්ඡදනෙ වා ඉට්ඨකච්ඡදනෙ වා ගෙහෙ පලුජ්ජන්තෙ යෙහි තං කාරිතං, තෙසං සන්තිකං ගන්ත්වා “තුම්හෙහි කාරිතසෙනාසනං ඔවස්සති, න සක්කා තත්ථ වසිතු”න්ති ආචික්ඛිතබ්බං. මනුස්සා සක්කොන්තා කරිස්සන්ති, අසක්කොන්තා “තුම්හෙ වඩ්ඪකිං ගහෙත්වා කාරාපෙථ, මයං තෙ සඤ්ඤාපෙස්සාමා”ති වක්ඛන්ති. එවං වුත්තෙ කාරෙත්වා තෙසං ආචික්ඛිතබ්බං. මනුස්සා වඩ්ඪකීනං දාතබ්බං දස්සන්ති. සචෙ ආවාසසාමිකා නත්ථි, අඤ්ඤෙසම්පි භික්ඛාචාරවත්තෙන ආරොචෙත්වා කාරෙතුං වට්ටති. ඉදං සන්ධාය “පරියෙසිතබ්බ”න්ති වුත්තං.
කිණං = සෙනසුන වසන තණ පත් පරියෙසිතබ්බං ආවාස ගෘහයෙහි තෘණ ආවරණය හෝ උළු ආවරණය පලුදු වූ කල්හි, එය සකස් කළ අය වෙතට ගොස් “ඔබ විසින් කරවන ලද සෙනසුන වැස්සට තෙමෙන්නේය. එහි වාසය කළ නො හැක්කේය” යනුවෙන් කිව යුතුය. හැකි කම ඇති මනුෂ්‍යයෝ එය සකස් කරත්, හැකියාව නැති යුෂ්මත්හු වඩුවකු ගෙන්වාගෙන සකස් කර ගන්න යයි අපි ඔවුන් හට අවබෝධ කරවන්නෙමු යයි කියත්. මෙසේ කී කල්හි (පිළිසකර) කොට ඔවුන් හට කිව යුතුය. මනුෂ්‍යයෝ ඔවුනට දිය යුතු දෙය දෙති. යම් හෙයකින් ආවාසය සඳහා හිමිකරුවන් නො වෙත්නම් අන් අයට හෝ පිඬු පිණිස හැකි වේ. වතින් දැනුම් දී (පිලිසකර) කරන්නට වටනේය. මේ සඳහා “පරියෙසි තබ්බං” යයි කියන ලදී.
දාරුන්ති සෙනාසනෙ ගොපානසිආදීසු පලුජ්ජමානෙසු තදත්ථාය දාරුං. සකටන්ති ගිහිවිකතං කත්වා තාවකාලිකසකටං. න කෙවලඤ්ච සකටමෙව, අඤ්ඤම්පි වාසිඵරසුකුද්දාලාදිඋපකරණං එවං පරියෙසිතුං වට්ටති. පුරිසොති හත්ථකම්මවසෙන පුරිසො පරියෙසිතබ්බො. යංකිඤ්චි හි පුරිසං “හත්ථකම්මං, ආවුසො, කත්වා දස්සසී”ති වත්වා “දස්සාමි, භන්තෙ,”ති වුත්තෙ “ඉදඤ්චිදඤ්ච කරොහී”ති යං ඉච්ඡති, තං කාරෙතුං වට්ටති. න ත්වෙවාහං, ගාමණි, කෙනචි පරියායෙනාති ජාතරූපරජතං පනාහං කෙනචිපි කාරණෙන පරියෙසිතබ්බන්ති න වදාමි.
දා රුං = සෙනසුනෙහි යට ලී ආදිය පලුදු වන විට ඒ සඳහා යොදා ගන්නා දැව සකටං = ගෘහය (තුළ ඇති දේවල්) විකෘති කොට තනන තාවකාලික ගැලක් එය හුදෙක් ගැලක් පමණක්ම නොවේ. වෙනත් වෑ පොරෝ උදලු ආදී උපකරණ ද මෙසේ සපයා ගත යුතු වේ. පුරිසො = පුද්ගලයා අත්කමක් වශයෙන් පරීක්ෂා කළ යුතු වේ. යම් කිසි පුරුෂයකු හට ඇවැත්නි, අත්කමක් සිදුකොට දක්වන්නැයි කියා (සිටි කල්හි) දක්වන්නෙමි ස්වාමීනි” යි (පිළිතුරු) කී විට මේ මේ දෙය කරන්නැයි යම් කැමතිවන දෙයක් කියයි ද එය තනාදීම වටනේය. නත්වෙවාහං ගාමණි කෙනචි පරියායෙන = මම කිසියම් කරුණකින් රන් රිදී යන මේවා සැපයිය යුතුයයි නො කියමි.
11. භද්රකසුත්තවණ්ණනා
11. භද්‍රක සූත්‍ර වර්ණනාව
එකාදසමෙ මල්ලෙසූති එවංනාමකෙ ජනපදෙ. වධෙනාති මාරණෙන. ජානියාති ධනජානියා. අකාලිකෙන පත්තෙනාති න කාලන්තරෙන පත්තෙන, කාලං අනතික්කමිත්වාව පත්තෙනාති අත්ථො. චිරවාසී නාම කුමාරොති එවංනාමකො තස්ස පුත්තො. බහි ආවසථෙ පටිවසතීති බහිනගරෙ කිඤ්චිදෙව සිප්පං උග්ගණ්හන්තො වසති. ඉමස්මිං සුත්තෙ වට්ටදුක්ඛං කථිතං.
එකොළොස් වැන්නෙහි - මල්ලෙසු = එනම් වූ ජන පදයෙහි වධෙන මරණයෙන් ජානියා = ධනය හීන වීමෙන්. අකාලිකෙන පත්තෙන = කල් පසු නො කොට පැමිණීමෙන්, කල් ඉක්මවීමක් නැතිව පැමිණීමෙන් යන අරුත් ඇත්තේ වේ. වීරවාසි නාම කුමාරො = ඔහුගේ මෙම නම ඇති පුත්‍රයා බහි ආවාසකෙ පටිවසති = නගරයෙන් පිටත කිසියම් ශිල්පයක් උගනිමින් වාසය කරයි. මේ සූත්‍රයේදී පවත්නාවූ දුක පිළිබඳව කියන ලදී.
12. රාසියසුත්තවණ්ණනා
12. රාසිය සූත්‍ර වර්ණනාව
ද්වාදසමෙ රාසියොති රාසිං කත්වා පඤ්හස්ස පුච්ඡිතත්තා රාසියොති එවං ධම්මසඞ්ගාහකත්ථෙරෙහි ගහිතනාමො. තපස්සින්ති තපනිස්සිතකං. ලූඛජීවින්ති ලූඛජීවිකං. අන්තාති කොට්ඨාසා. ගාමොති ගාම්මො. ගම්මොතිපි පාඨො, ගාමවාසීනං ධම්මොති අත්ථො. අත්තකිලමථානුයොගොති අත්තනො කිලමථානුයොගො, සරීරදුක්ඛකරණන්ති අත්ථො.
දොළොස් වැන්නෙහි - රාසියො = එක් රැස්කොට ප්‍රශ්න විමසන ලද බැවින් “රාසියො” = යන මෙය ධර්ම සංගීති කාරක තෙරවරුන් විසින් (යොදා) ගන්නා ලද නාමයකි. තපස්සිං = තපස් බව හා ආශ්රිත වූ ලුඛජීවිං = රූක්ෂලෙස (හෙවත් සුඛ විහරණයෙන් තොරව ගත කරන ජීවිතයක් ඇති. අන්තා = කොටස් ගාමො = ග්‍රාම්‍ය වූ (හෙවත් පැවතීමෙන් පහත්) ගම්මො යනුවෙන් ද පාඨයක් වේ. ග්‍රාම (හෙවත් නො දියුණු ප්‍රදේශයන්හි) වාසීන්ගේ ධර්මයය යන අරුතයි. අත්ත කිලමථානුයොගො = තමාහට දුක් දීමේ යෙදෙන. සිරුරට දුක් ඇති කරවන යන අරුතයි
කස්මා පනෙත්ථ කාමසුඛල්ලිකානුයොගො ගහිතො, කස්මා අත්තකිලමථානුයොගො, කස්මා මජ්ඣිමා පටිපදාති? කාමසුඛල්ලිකානුයොගො තාව කාමභොගීනං දස්සනත්ථං ගහිතො, අත්තකිලමථානුයොගො තපනිස්සිතකානං, මජ්ඣිමා පටිපදා තිණ්ණං නිජ්ජරවත්ථූනං දස්සනත්ථං ගහිතා. කිං එතෙසං දස්සනෙ පයොජනන්ති? ඉමෙ ද්වෙ අන්තෙ පහාය තථාගතො මජ්ඣිමාය පටිපදාය සම්මාසම්බොධිං පත්තො. සො කාමභොගිනොපි න සබ්බෙ ගරහති න පසංසති, තපනිස්සිතකෙපි න සබ්බෙ ගරහති න පසංසති, ගරහිතබ්බයුත්තකෙයෙව ගරහති, පසංසිතබ්බයුත්තකෙ පසංසතීති ඉමස්සත්ථස්ස පකාසනං එතෙසං දස්සනෙ පයොජනන්ති වෙදිතබ්බං.
කුමක් හෙයින් මෙහිදී කාම සුඛල්ලිකානු යෝගය (හෙවත් කම් සුවයෙහි ඇලී සිටීම) ගන්නා ලද්දේද? කුමක් හෙයින් අත්ත කිලමථානු යෝගය (හෙවත් තමාට දුක්විඳීමෙහි යෙදීම) ගන්නා ලද්දේද? කුමක් හෙයින් මධ්‍යම ප්‍රතිපදාව ගන්නා ලද්දේද? කාම සුඛල්ලිකානුයෝගය වූ කලී කාමභෝගි ජනයාගේ දැකීම පිණිස ගන්නා ලදී. අත්තකිලමථානු යෝගය තපසෙහි යෙදුණ අයගේ දැකීම පිණිස ගන්නා ලදී. මධ්‍යම ප්‍රතිපදාව ඡරාඡීර්ණ නොවන ත්‍රිවිධ වස්තූන්ගේ දැක්වීම පිණිස ගන්නා ලදී. මේවා දැක්වීම මෙන් කිනම් ප්‍රයෝජනයක්ද යත් මේ අන්ත දෙක අත්හැර තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් සම්‍යක් සම්බුද්ධත්වයට පත් වූහ. උන්වහන්සේ කාමභෝගී වූ ද හැම දෙනම ගැරහීමට ලක් නොකරති, ප්‍රශංසා ද නොකරති. තපසෙහි යෙදෙන්නාවූ ද (අත්තකිලමථානුයෝගී) සියල්ලන් නො ගරහති, ප්‍රශංසා ද නොකරති. ගැරහිය යුත්තන් ම ගරහති. පැසසිය යුත්තන් ම පසසති. මේ අදහස පැහැදිලි කිරීම සඳහා (කාම සුඛල්ලිකානුයෝග, අත්ත කිලමථානුයෝග. මජ්ඣිම පටිපදා යන) මේවා දැක්වීමෙන් ප්‍රයෝජනයක් වේයයි දත යුතුය.
ඉදානි තමත්ථං පකාසෙන්තො තයො ඛොමෙ, ගාමණි, කාමභොගිනොතිආදිමාහ.
දැන් එම අදහස ප්‍රකාශ කරන සේක් “තයො ඛො මෙ ගාමණී කාම භොගිනො” (පින්වත් ග්රාමණී, මේ තිදෙනා වනාහී කාම භෝගීහු මය) යන ආදිය වදාළහ.
තත්ථ සාහසෙනාති සාහසිකකම්මෙන. න සංවිභජතීති මිත්තසහායසන්දිට්ඨසම්භත්තානං සංවිභාගං න කරොති.
එහි - සාහසෙන = සාපරාධී (හෙවත් දුරදිග නොබලන) ක්‍රියාවකින්. න සංවිභජති - මිතුරන්, සහායකයන්, දැක පුරුදු අය, ආසන්න මිතුරන් යන මොවුන් විභාග නොකරයි.
න පුඤ්ඤානි කරොතීති අනාගතභවස්ස පච්චයභූතානි පුඤ්ඤානි න කරොති. ධම්මාධම්මෙනාති ධම්මෙන ච අධම්මෙන ච. ඨානෙහීති කාරණෙහි. සච්ඡිකරොතීති කථං අත්තානං ආතාපෙන්තො පරිතාපෙන්තො සච්ඡිකරොති? චතුරඞ්ගවීරියවසෙන ච ධුතඞ්ගවසෙන ච. තිස්සො සන්දිට්ඨිකා නිජ්ජරාති එත්ථ එකොපි මග්ගො තිණ්ණං කිලෙසානං නිජ්ජරණතාය තිස්සො නිජ්ජරාති වුත්තොති.
න පුඤ්ඤානි කරොති = අනාගත භවයට හේතුවන පින් නොකරයි. ධම්මාධම්මෙන = ධර්මයෙන් සහ අධර්මයෙන් ඨානෙහි = කරුණුවලින් සච්ඡිකරොති තමා තවමින් අධික ලෙස තවමින් චතුරංග වීර්ය වශයෙන් හෝ ධුතාංග වශයෙන් හෝ කෙසේ නම් අවබෝධ කරගණීද? තිස්සො සන්දිට්ඨිකා නිජ්ජරා = මෙහි ත්‍රිවිධ ක්ලේශයන්ගේ පැවැත්ම පිණිස වන එකම මඟ “තිස්සො නිජ්ජරා” (හෙවත් තෙවැදෑරුම් නොදිරවීම්) යයි කියන ලදී.
13. පාටලියසුත්තවණ්ණනා
13. පාටලිය සූත්‍ර වර්ණනාව
තෙරසමෙ දූතෙය්යානීති දූතකම්මානි පණ්ණානි චෙව මුඛසාසනානි ච. පාණාතිපාතඤ්චාහන්ති ඉදං කස්මා ආරද්ධං? න කෙවලං අහං මායං ජානාමි, අඤ්ඤම්පි ඉදඤ්චිදඤ්ච ජානාමීති සබ්බඤ්ඤුභාවදස්සනත්ථං ආරද්ධං. සන්ති හි, ගාමණි, එකෙ සමණබ්රාහ්මණාති ඉදං සෙසසමණබ්රාහ්මණානං ලද්ධිං දස්සෙත්වා තස්සා පජහාපනත්ථං ආරද්ධං.
තෙළෙස්වැන්නෙහි - දුතෙය්යානි = දූත ක්‍රියාවන් සඳහා යොදා ගන්නා ලිපි හා වාචික පණිවුඩ පාණාතිපාතඤ්චාහං = මෙය කුමක් හෙයින් අරඹන ලද්දේද? හුදෙක් මෙපමණක් දන්නෙම් නොවෙමි. අන් දෙය ද මේ මේ දෙය ද දනිමියි සර්වඥභාවය දැක්වීම පිණිස අරඹන ලදී. සන්ති හි ගාමණි එකෙ සමණ බ්‍රාහ්මණ = සෙසු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ලබ්ධිය පෙන්වා එය ඉවත් කරවීම පිණිස මෙය අරඹන ලදී.
මාලී කුණ්ඩලීති මාලාය මාලී, කුණ්ඩලෙහි කුණ්ඩලී. ඉත්ථිකාමෙහීති ඉත්ථීහි සද්ධිං කාමා ඉත්ථිකාමා, තෙහි ඉත්ථිකාමෙහි. ආවසථාගාරන්ති කුලඝරස්ස එකස්මිං ඨානෙ එකෙකස්සෙව සුඛනිවාසත්ථාය කතං වාසාගාරං. තෙනාහං යථාසත්ති යථාබලං සංවිභජාමීති තස්සාහං අත්තනො සත්තිඅනුරූපෙන චෙව බලානුරූපෙන ච සංවිභාගං කරොමි. අලන්ති යුත්තං. කඞ්ඛනියෙ ඨානෙති කඞ්ඛිතබ්බෙ කාරණෙ. චිත්තසමාධින්ති තස්මිං ධම්මසමාධිස්මිං ඨිතො ත්වං සහ විපස්සනාය චතුන්නං මග්ගානං වසෙන චිත්තසමාධිං සචෙ පටිලභෙය්යාසීති දස්සෙති. අපණ්ණකතාය මය්හන්ති අයං පටිපදා මය්හං අපණ්ණකතාය අනපරාධකතාය එව සංවත්තතීති අත්ථො. කටග්ගාහොති ජයග්ගාහො.
මාලී කුණ්ඩලී = මාලා (මල්දම්) යන්නෙන් “මාලී” යනු ද, කුණ්ඩලෙහි (කර්ණාභරණ යන්ගෙන්) යන්නෙන් “කුණ්ඩලී” යනු ද සැදේ. ඉත්ථි කාමෙහි = ස්ත්‍රීන් කෙරෙහි කැමැත්තෝ “ඉත්ථි කාමා” නම් වෙති. ඔවුන් විසින් යන අරුතින් “ඉත්ථි කාමෙහි” නම් වේ. ආවසථාගාරං = කුල ගෙයක එක් තැනෙක් හි එක් අයකුගේ ම සුව පහසු වාසය පිණිස සාදන ලද වාසස්ථානය තෙනාහං යථා සන්ති යථාබලං සම්හඡාමි = තමාගේ ශක්තියට අනුරූප වන ලෙස ද, බලයට අනුරූප වන ලෙස ද මම ඔහුට කොටස් වෙන් කරමි. අලං = යුතු වූ (සුදුසුවූ) කඞ්ඛනියෙ ඨානෙ = සැක කළයුතු කරුණෙහි. චිත්ත සමාධිං = එම ධර්ම සමාධියෙහි සිටියාවූ ඔබ විදර්ශනාව සමග මාර්ග සතර වශයෙන් ඉදින් චිත්ත සමාධිය ලබා ගන්නෙහියයි දක්වයි. අපණ්ණකතායමය්හං = මේ පිළිවෙත මාගේ සත්‍ය භාවය (හා) නිර්දෝෂිභාවය නිසා මෙසේ පවතී යන අරුතයි. කටග්ගාහො = රළුදේ ග්‍රහණය කිරීම.
අයං ඛො, ගාමණි, ධම්මසමාධි, තත්ර චෙ ත්වං චිත්තසමාධිං පටිලභෙය්යාසීති එත්ථ ධම්මසමාධීති දසකුසලකම්මපථධම්මා, චිත්තසමාධීති සහ විපස්සනාය චත්තාරො මග්ගා. අථ වා “පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායතී”ති (අ· නි· 5.26) එවං වුත්තා පාමොජ්ජපීතිපස්සද්ධිසුඛසමාධිසඞ්ඛාතා පඤ්ච ධම්මා ධම්මසමාධි නාම, චිත්තසමාධි පන සහ විපස්සනාය චත්තාරො මග්ගාව. අථ වා දසකුසලකම්මපථා චත්තාරො බ්රහ්මවිහාරා චාති අයං ධම්මසමාධි නාම, තං ධම්මසමාධිං පූරෙන්තස්ස උප්පන්නා චිත්තෙකග්ගතා චිත්තසමාධි නාම. එවං ත්වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යාසීති එවං ත්වං ඉමස්මිං වුත්තප්පභෙදෙ ධම්මසමාධිස්මිං ඨිතො සචෙ එවං චිත්තසමාධිං පටිලභෙය්යාසි, එකංසෙනෙතං කඞ්ඛං පජහෙය්යාසීති අත්ථො. සෙසං සබ්බත්ථ වුත්තනයමෙවාති.
අයං ඛො ගාමණී ධම්මසමාධි තත්ර චෙ ත්වං චිත්ත සමාධිං පටිලභෙය්යාසි = මෙහි “ධම්ම සමාධි” යනු දශකුශල ධර්ම මාර්ගයට අයත් ධර්මයන්ය. “චිත්ත සමාධි” යනු විදර්ශනාව සහිතවූ මාර්ග සතරය. නැතහොත් ප්‍රමෝදය උපදියි ද, ප්‍රමෝදය පත්වූවහට ප්‍රීතිය උපදියි ද යනුවෙන් මෙසේ කියන ලද්දාවූ ප්‍රමෝදය ප්‍රීතිය ශාන්තභාවය සුඛය සමාධිය සංඛ්‍යාත වූ පඤ්චධර්‍මයෝ “ධම්ම සමාධි” නම් වෙති. “චිත්ත සමාධිය” වනාහී විදර්ශනාව සහිතව මාර්ග සතරමය. වැලිදු දස කුසල දහම් මග හා සතර බඹ විහරණ යන මෙය “ධම්ම සමාධි” නම් වේ. එය පුරන්නහුට උපන් සිත එකඟ බව “චිත්ත සමාධි” නම් වේ. එවං ත්වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යාසි = මෙසේ ඔබ ඉහත විස්තර කියූ මෙම ධර්ම සමාධියෙහි පිහිටියේ. ඉදින් මෙසේ චිත්ත සමාධිය ලැබ ගන්නෙහියයි එක් අංශයකින් මෙම සැකය ඉවත් කරන්නෙහිය යන අරුතයි. සෙස්ස සියළු තන්හිම කියනලද පරිදිම දත යුත්තේය.
ගාමණිසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
ගාමණී සංයුත්තය සමාප්තයි