යොධාජීවසුත්තං
8. 1. 3.
8. 1. 3.
යොධාජීවසුත්තං
යෝධාජීව සූත්‍රය
417. අථ ඛො යොධාජීවො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො යොධාජීවො ගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ පුබ්බකානං ආචරියපාචරියානං යොධාජීවානං භාසමානානං යො සො යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතානං දෙවානං සහව්යතං උපපජ්ජතීති. ඉධ භගවා කිමාහාති.
417. එකල්හි යෝධාජීව ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස්ව හුන් යෝධාජීව ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, යම් ඒ යෝධාජීවයෙක් (යුද්ධයෙන් ජීවත් වන්නෙක්) යුද්ධයෙහි උත්සාහ කෙරේ ද වෑයම් කෙරේ ද උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් කියද්දී මවිසින් අසන ලදි. මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.
අලං ගාමණි, තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡීති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො යොධාජීවො ගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ පුබ්බකානං ආචරියපාචරියානං යොධාජීවානං භාසමානානං “යො සො යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතානං දෙවානං සහව්යතං උපපජ්ජතීති. ඉධ භගවා කිමාහාති.
“ගාමිණී කම්නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව” යි. දෙවනවට දු ... තෙවන වටදු ... යෝධාජීව ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් කියද්දී මවිසින් අසන ලදි. මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.
අද්ධා ඛො ත්යාහං ගාමණි න ලභාමි: අලං ගාමණි, තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡීති. අපි ච ත්යාහං ව්යාකරිස්සාමි. යො සො ගාමණි යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තස්ස තං චිත්තං පුබ්බෙ හීනං දුක්කටං දුප්පණිහිතං: “ඉමෙ සත්තා හඤ්ඤන්තු වා බජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසුං ඉති වාති. තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතො නාම නිරයො තත්ථුප්පජ්ජති. සචෙ ඛො පනස්ස එවං දිට්ඨි හොති: “යො සො යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතානං දෙවානං සහව්යතං උපපජ්ජතී”ති, සාස්ස හොති මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිකස්ස ඛො පනාහං ගාමණි පුරිසපුග්ගලස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි නිරයං වා තිරච්ඡානයොනිං වාති.
“ගාමිණී මම ‘ගාමිණී, කම්නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි. ඒකාන්තයෙන් මෙය තොපගෙන් නො ලබමි. එහෙත් මම තොපට විසඳන්නෙමි. ගාමිණී, යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි ‘මේ සත්ත්වයෝ නැසෙත්වා හෝ බැඳෙත්වා හෝ සිඳෙත්වා හෝ වැනසෙත්වා හෝ නොවෙත්වා’ හෝ යි උත්සාහ කෙරේ ද වෑයම් කෙරේ ද, ඔහුගේ ඒ සිත පළමු ම ලාමකය. නපුරු කොට කරන ලද්දේ ය. වරදවා පිහිටුවන ලද්දේ ය. (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත නම් නිරයෙක් වේ නම් එහි උපදී. ඉදින් ඔහුට ‘යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙබඳු දිටෙක් වේ නම් ඒ ඔහුගේ මිස දිටු වෙයි. ගාමිණී, මිසදිටු ගත් පුරිස පුඟුල් හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා එකක් කියමි.”
එවං වුත්තෙ යොධාජීවො ගාමණි පරොදි, අස්සූනි පවත්තෙසි. “එතං ඛො ත්යාහං ගාමණි නාලත්ථං, අලං ගාමණි, තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡී”ති.
මෙසේ වදාළ කල්හි යෝධාජීව ගාමිණී තෙමේ හැඬීය. කඳුල් හෙලීය. ගාමිණී මම “ගාමිණී, කම් නැත. මෙය තිබ්වා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි මෙය තොපගෙන් නො ලදිමි” යි.
නාහං භන්තෙ එතං රොදාමි යං මං භගවා එවමාහ, අපිචාහං භන්තෙ පුබ්බකෙහි ආචරියපාචරියෙහි යොධාජීවෙහි දීඝරත්තං නිකතො වඤ්චිතො පරද්ධො, “යො සො යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතානං දෙවානං සහව්යතං උපපජ්ජතී”ති.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යමක් වදාළ සේක් නම් මේ ගැන මම නො හඬමි. වහන්ස, වැලිදු ‘යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් විසින් දිගු කලක් මුළුල්ලෙහි මම මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි.
අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
වහන්ස ඉතා මැනවි, වහන්ස ඉතා මැනවි. ... අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවෙකු කොට මා දරන සේක්වා යි.)”