යෙදුමෙන් කියවන්න

ඛෙත‍්තූපමසුත‍්තං

8. 1. 7.

8. 1. 7.

ඛෙත‍්තූපමසුත‍්තං

ඛෙත්තූපම සූත්‍රය

421. එකං සමයං භගවා නාලන්‍දායං විහරති පාවාරිකම‍්බවනෙ. අථ ඛො අසිබන්‍ධකපුත‍්තො ගාමණි යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො අසිබන්‍ධකපුත‍්තො ගාමණි භගවන‍්තං එතදවොච: නනු භන‍්තෙ භගවා සබ‍්බපාණභූතහිතානුකම‍්පී විහරතීති. එවං ගාමණි තථාගතො සබ‍්බපාණභූතහිතානුකම‍්පී විහරතීති. අථ කිඤ‍්චරහි භන‍්තෙ භගවා එකච‍්චානං සක‍්කච‍්චං ධම‍්මං දෙසෙති, එකච‍්චානං නො තථා සක‍්කච‍්චං ධම‍්මං දෙසෙතීති. තෙන හි ගාමණි, තං යෙවෙත්‍ථ පටිපුච‍්ඡිස‍්සාමි. යථා තෙ ඛමෙය්‍ය තථා නං ව්‍යාකරෙය්‍යාසි.

421. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දාව සමීපයෙහි පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් අසිබන්‍ධක පුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැල කෙළේ ය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වැඩ වෙසෙන සේක් නො වෙද්දැ යි. ගාමිණී, එසේ ය. තථාගත තෙමේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වෙසේ ය යි. වහන්ස, එසේ නම් කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ ඇතැමුන් ට සකසා දහම් දෙසන සේක් ද, ඇතැමුන් ට එසේ සකසා දහම් නො දෙසන සේක් දැ යි. ගාමිණී, එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහේ නම් එසේ එය විසඳන්නහු.

තං කිම‍්මඤ‍්ඤසි ගාමණි කස‍්සකස‍්ස ගහපතිනො තීණි ඛෙත‍්තානි: එකං ඛෙත‍්තං අග‍්ගං, එකං ඛෙත‍්තං මජ‍්ඣිමං, එකං ඛෙත‍්තං හීනං ජඞ‍්ගලං ඌසරං පාපභූමි. තං කිම‍්මඤ‍්ඤසි ගාමණි අසු කස‍්සකො ගහපති බීජානි පතිට‍්ඨාපෙතුකාමො කත්‍ථ පඨමං පතිට‍්ඨාපෙය්‍ය, යං වා අදුං ඛෙත‍්තං අග‍්ගං යං වා අදුං ඛෙත‍්තං මජ‍්ඣිමං යං වා අදුං ඛෙත‍්තං හීනං ජඞ‍්ගලං ඌසරං පාපභූමින‍්ති. අසු භන‍්තෙ කස‍්සකො ගහපති බීජානි පතිට‍්ඨාපෙතුකාමො යං අදුං ඛෙත‍්තං අග‍්ගං තත්‍ථ පතිට‍්ඨාපෙය්‍ය. තත්‍ථ පතිට‍්ඨාපෙත්‍වා යං අදුං ඛෙත‍්තං මජ‍්ඣිමං තත්‍ථ පතිට‍්ඨාපෙය්‍ය. තත්‍ථ පතිට‍්ඨාපෙත්‍වා යං අදුං ඛෙත‍්තං හීනං ජඞ‍්ගලං ඌසරං පාපභූමි තත්‍ථ පතිට‍්ඨාපෙය්‍යපි, නොපි පතිට‍්ඨාපෙය්‍ය. තං කිස‍්ස හෙතු? අන‍්තමසො ගොභත‍්තම‍්පි භවිස‍්සතීති.

ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? මෙහි ගොවි ගැහැවියකුට කෙත් තුනෙක් වේ. එක් කෙතක් අග ය. එක් කෙතක් මැඳුම් ය. එක් කෙතක් නිසරු ය. තද ය. කර මැටි සහිත ය. මුඩු බිමෙකි. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? ඒ ගොවි ගැහැවි තෙමේ බිජු වපුරනු කැමැත්තේ කොතැන්හි පළමු කොට වපුරන්නේ ද, යම් ඒ අග කෙත ද, යම් ඒ මැදුම් කෙත ද, යම් ඒ නිසරු ද කරමැටි සහිත මුඩු බිම දැ යි. වහන්ස, ඒ ගොවි ගැහැවි තෙමේ බිජු වපුරනු කැමැත්තේ යම් ඒ අග කෙතක් වේ ද, එහි වපුරන්නේ ය. එහි වපුරා යම් ඒ මැදුම් කෙතක් වේ ද, එහි වපුරන්නේ ය. එහි වපුරා යම් ඒ නිසරු තද කරමැටි සහිත මුඩු බිමක් වේ ද, එහි වපුරන්නේ හෝ නො ද වපුරන්නේ හෝ වෙයි. ඒ කවර හෙයින යත්: යටත් පිරිසෙයින් ගෙරින්ට අහර පිණිස වත් වන්නේ ය යි කියා යි.

සෙය්‍යථාපි ගාමණි යං අදුං ඛෙත‍්තං අග‍්ගං, එවමෙව මය‍්හං භික‍්ඛුභික‍්ඛුනියො. තෙසාහං ධම‍්මං දෙසෙමි ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙමි. තං කිස‍්ස හෙතු? එතෙ හි ගාමණි, මංදීපා මංලෙණා මංතාණා මංසරණා විහරන‍්ති.

ගාමිණී, යම් සේ යම් ඒ කෙත අග ද, මට මහණ මෙහෙණහු එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදෙක් පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි.)

සෙය්‍යථාපි ගාමණි, යං අදුං ඛෙත‍්තං මජ‍්ඣිමං, එවමෙව මය‍්හං උපාසකඋපාසිකායො. තෙසම‍්පහං ධම‍්මං දෙසෙමි ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං, සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙමි. තං කිස‍්ස හෙතු? එතෙ හි ගාමණි මංදීපා මංලෙණා මංතාණා මංසරණා විහරන‍්ති.

ගාමිණී, යම් ඒ මැදුම් කෙත යම් සේ ද, මට උවසු උවැසියෝ එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු වනාහි මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි.)

සෙය්‍යථාපි ගාමණි, යං අදුං ඛෙත‍්තං හීනං ජඞ‍්ගලං ඌසරං පාපභූමි. එවමෙව මය‍්හං අඤ‍්ඤතිත්‍ථියා සමණබ්‍රාහ‍්මණා පරිබ‍්බාජකා. තෙසම‍්පහං ධම‍්මං දෙසෙමි ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං, කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙමි. තං කිස‍්ස හෙතු? අප‍්පෙවනාම එකපදම‍්පි ආජානෙය්‍යුං, තං නෙසං අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛාය.

ගාමිණී, යම් ඒ නිසරු තද කරමැටි සහිත මුඩු බිම වූ කෙත යම් සේ ද, මට අන්තොටු මහණ බමුණු පිරිවැජියෝ එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: එක් පදයකුදු දැන ගන්නාහු නම් ඉතා මැනවි. එය ඔවුන්ට දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය කියා යි.

සෙය්‍යථාපි ගාමණි, පුරිසස‍්ස තයො උදකමණිකා, එකො උදකමණිකො අච‍්ඡිද‍්දො අහාරී අපරිහාරී, එකො උදකමණිකො අච‍්ඡිද‍්දො හාරී පරිහාරී, එකො උදකමණිකො ඡිද‍්දො හාරී පරිහාරී. තං කිම‍්මඤ‍්ඤසි ගාමණි අසු පුරිසො උදකං නික‍්ඛිපිතුකාමො කත්‍ථ පඨමං නික‍්ඛිපෙය්‍ය යො වා සො උදකමණිකො අච‍්ඡිද‍්දො අහාරී පරිහාරී, යො වා සො උදකමණිකො අච‍්ඡිද‍්දො හාරී පරිහාරී, යො වා සො උදකමණිකො ඡිද‍්දො හාරී පරිහාරීති.

ගාමිණී, යම් සේ පුරුෂයකුට මහ දිය බඳුන් තුනෙක් වේ ද, එක් දියබඳුනෙක් සිදුරු රහිත ය. නො වැගිරෙන්නේ ය. නො සිඳෙන්නේ ය. එක් දිය බඳුනෙක් සිදුරු රහිත ය. වැගිරෙන්නේ ය. සිඳෙන්නේ ය. එක් දිය බඳුනෙක් සිදුරු සහිත ය. වැගිරෙන්නේ ය. සිඳෙන්නේ ය. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? ඒ පුරිස් තෙමේ දිය බහාලනු කැමැත්තේ යම් ඒ සිදුරු රහිත නො වැගිරෙන නො සිඳෙන බඳුනෙක් වේ ද, යම් ඒ සිදුරු රහිත වැගිරෙන සිඳෙන බඳුනෙක් වේ ද, යම් ඒ සිදුරු සහිත වැගිරෙන සිඳෙන බඳුනෙක් වේ ද (මෙයින්) කොහි පළමු කොට බහා ලන්නේ දැ යි.

අසු භන‍්තෙ පුරිසො උදකං නික‍්ඛිපිතුකාමො යො සො උදකමණිකො අච‍්ඡිද‍්දො අහාරී අපරිහාරී තත්‍ථ නික‍්ඛිපෙය්‍ය, තත්‍ථ නික‍්ඛිපිත්‍වා යො සො උදකමණිකො අච‍්ඡිද‍්දො හාරී පරිහාරී තත්‍ථ නික‍්ඛිපෙය්‍ය, තත්‍ථ නික‍්ඛිපිත්‍වා යො සො උදකමණිකො ඡිද‍්දො හාරී පරිහාරී තත්‍ථ නික‍්ඛිපෙය්‍යාපි නොපි නික‍්ඛිපෙය්‍ය. තං කිස‍්ස හෙතු? අන‍්තමසො භණ‍්ඩධොවනම‍්පි භවිස‍්සතීති.

වහන්ස, ඒ පුරිස් තෙමේ දිය බහාලනු කැමැත්තේ යම් ඒ සිදුරු රහිත නො වැගිරෙන නො සිඳෙන බඳුනෙක් වේ නම් එහි බහා ලන්නේ ය. එහි බහා තබා සිදුරු රහිත වැගිරෙන සිඳෙන යම් ඒ දියබඳුනෙක් වේ නම් එහි බහා ලන්නේය. එහි බහා තබා සිදුරු සහිත වැගිරෙන සිඳෙන යම් ඒ දිය බඳුනෙක් වේ නම් එහි බහා ලන්නේ හෝ නො ද බහා ලන්නේ හෝ වෙයි. ඒ කවර හෙයින යත්: යටත් පිරිසෙයින් බඩු සේදීම් පමණකු දු වන්නේ ය කියා යි.

සෙය්‍යථාපි ගාමණි යො සො උදකමණිකො අච‍්ඡිද‍්දො අහාරී අපරිහාරී, එවමෙව මය‍්හං භික‍්ඛුභික‍්ඛුනියො. තෙසාහං ධම‍්මං දෙසෙමි ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙමි. තං කිස‍්ස හෙතු? එතෙ හි ගාමණි මංදීපා මංලෙණා මංතාණා මංසරණා විහරන‍්ති.

ගාමිණී, සිදුරු රහිත නො වැගිරෙන නො සිඳෙන යම් ඒ දිය බඳුන යම් සේ ද, මහණ මෙහෙණහු මට එබඳු ම වෙති. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු වනාහි මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි.)

සෙය්‍යථාපි ගාමණි යො සො උදකමණිකො අච‍්ඡිද‍්දො හාරී පරිහාරී, එවමෙව මය‍්හං උපාසකඋපාසිකායො. තෙසම‍්පහං ධම‍්මං දෙසෙමි ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙමි. තං කිස‍්ස හෙතු? එතෙ හි ගාමණි මංදීපා මංලෙණා මංතාණා මංසරණා විහරන‍්ති.

ගාමිණී, සිදුරු රහිත වැගිරෙන සිඳෙන යම් ඒ දිය බඳුන යම් සේ ද, උවසු උවැසියෝ මට එබඳු ම වෙති. ඔවුන්ට ද මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු වනාහි මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි)

සෙය්‍යථාපි ගාමණි යො සො උදකමණිකො ඡිද‍්දො හාරී පරිහාරී, එවමෙව මය‍්හං අඤ‍්ඤතිත්‍ථියා සමණබ්‍රාහ‍්මණපරිබ‍්බාජකා. තෙසම‍්පහං ධම‍්මං දෙසෙමි ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙමි. තං කිස‍්ස හෙතු? අප‍්පෙවනාම එකපදම‍්පි ආජානෙය්‍යුං, තං නෙසං අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛායාති.

ගාමිණී, සිදුරු සහිත වැගිරෙන සිඳෙන යම් ඒ දිය බඳුන යම් සේ ද, අන්තොටු මහණ බමුණු පිරිවැජියෝ මට එබඳු ම වෙති. ඔවුන්ට ද මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජනසහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: එක් පදයකුදු දැන ගන්නාහු නම් ඉතා මැනවි. එය ඔවුන්ට දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය කියා යි.

එවං වුත‍්තෙ අසිබන්‍ධකපුත‍්තො ගාමණි භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භන‍්තෙ අභික‍්කන‍්තං භන‍්තෙ -පෙ- අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි අසිබන්‍ධක පුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. ... අද පටන් දිවි හිමි කොට සරණ ගිය (උවසුවකු කොට මා දරන සේක්වා යි.)