අසිබද්ධකසුත්තං
8. 1. 6.
8. 1. 6.
අසිබද්ධකසුත්තං
අසිබන්ධක සූත්‍රය
420. එකං සමයං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනෙ. අථ ඛො අසිබන්ධකපුත්තො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අසිබන්ධකපුත්තො ගාමණි භගවන්තං එතදවොච: බ්රාහ්මණා භන්තෙ පච්ඡාභූමකා කාමණ්ඩලුකා සෙවාලමාලිකා උදකොරොහකා අග්ගිපරිචාරකා තෙ මතං කාලකතං උය්යාපෙන්ති නාම සඤ්ඤාපෙන්ති නාම සග්ගං නාම ඔක්කාමෙන්ති. භගවා පන භන්තෙ අරහං සම්මාසම්බුද්ධො පහොති තථා කාතුං යථා සබ්බො ලොකො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාති.
420. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දාව සමීපයෙහි පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි අසිබන්ධකපුත්ත නම් ගාමණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අසිබන්ධකපුත්ත ගාමණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, පච්ඡාභූමි වැසි කෙණ්ඩි දරන සෙවෙල් මාලා ඇති දියට බස්නා ගිනි පුදන ඒ බමුණෝ මළහු කලුරිය කළහු උඩට යවත්. හඳුන්වත්. දෙව්ලොවට යවත්. වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ යම්සේ සියලු ලෝකයා කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම්, එසේ කරන්නට පොහෝනාහු වෙත් දැ?”යි.
තෙන හි ගාමණි තංයෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං ව්යාකරෙය්යාසි. තං කිම්මඤ්ඤසි ගාමණි ඉධස්ස පුරිසො පාණාතිපාතී අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලු ව්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨිකො. තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: “අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතූ”ති. තං කිම්මඤ්ඤසි ගාමණි, අපි නු සො පුරිසො මහතො ජනකායස්ස ආයාචනහෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකා අනුපරිසක්කනහෙතු වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාති. නො හෙතං භන්තෙ.
“ගාමණී, එසේ වී නම් මෙහි ලා තා ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහේ නම් එසේ එය විසඳන්නහු ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මෙහි පරපණ නසන, නුදුන් දෑ ගන්නා, කාමයෙහි වරදවා හැසිරෙන, මුසවා බෙණෙන, පිසුනුබස් ඇති, රළු වදන් ඇති, හිස්බස් බෙණෙන, දැඩි ලෝබ ඇති, කිපුණු සිත් ඇති, මිසදිටු ගත් පුරුෂයෙක් වන්නේ ය. මහාජන සමූහයා ඒ මොහු වෙත එක් ව රැස් ව “මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේවා” යි යදින්නේ ය. පසසන්නේ ය. බැඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහත් ජනසමූහයාගේ යැදීම හේතු කොට ගෙන හෝ පැසසීම හේතු කොට ගෙන හෝ බඳැදිලි ව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
සෙය්යථාපි ගාමණි, පුරිසො මහතිං පුථුසිලං ගම්භීරෙ උදකරහදෙ පක්ඛිපෙය්ය. තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: උම්මුජ්ජ භො පුථුසිලෙ උප්ලව භො පුථුසිලෙ, ථලමුප්ලව භො පුථුසිලෙති. තං කිම්මඤ්ඤසි ගාමණි, අපිනු සා පුථුසිලා මහතො ජනකායස්ස ආයාචනහෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකා අනුපරිසක්කනහෙතු වා උම්මුජ්ජෙය්ය වා උප්ලවෙය්ය වා ථලං වා උප්ලවෙය්යාති. නො හෙතං භන්තෙ.
“ගාමණී, යම් සේ පුරුෂයෙක් මහ ගලක් ගැඹුරු දියවිලෙක බහා ලන්නේ ද මහජන සමූහයා ඒ මෙය වෙත එක්ව රැස්ව ‘එම්බා මහගල, මතු වෙව. එම්බා මහගල, පා වෙව. එම්බා මහගල, ගොඩ නැගෙව’ යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහජන සමූහයා ගේ යැදීම හේතු කොට ගෙන හෝ පැසසීම හේතු කොටගෙන හෝ බඳැදිලි ව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ මහගල මතු වන්නේ හෝ පා වන්නේ හෝ ගොඩ නැගෙන්නේ හෝ වේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
එවමෙව ඛො ගාමණි යො සො පුරිසො පාණාතිපාතී අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලු ව්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨිකො. කිඤ්චාපි තං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: “අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතූ”ති. අථ ඛො සො පුරිසො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය.
“ගාමණී, එසෙයින් ම යම් ඒ පුරුෂයෙක් පරපණ නසන්නේ, නුදුන් දෑ ගන්නේ, කාමයෙහි වරදවා හැසිරෙන්නේ, මුසවා බෙණෙන්නේ, පිසුනුබස් ඇත්තේ, රළු බස් ඇත්තේ, හිස් බස් බෙණෙන්නේ, දැඩි ලෝබ ඇත්තේ, කිපුණු සිත් ඇත්තේ, මිසදිටු ගත්තේ වේ ද, හුදෙක් මහජන සමූහයා ඔහු වෙත එක් ව රැස් ව “මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේවා” යි යදින්නේ ද, පසසන්නේ ද, බඳැදිලි ව පැදකුණු කරන්නේ ද, එහෙත් ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙන්නේ” ය.
තං කිම්මඤ්ඤසි ගාමණි, ඉධස්ස පුරිසො පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො පිසුනාවාචා පටිවිරතො ඵරුසා වාචා පටිවිරතො සම්ඵප්පලාපා පටිවිරතො අනභිජ්ඣාලු අව්යාපන්නචිත්තො සම්මාදිට්ඨිකො. තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: “අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතූ”ති. තං කිම්මඤ්ඤසි ගාමණි, අපිනු සො පුරිසො මහතො ජනකායස්ස ආයාචනහෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකා අනුපරිස්සක්කනහෙතු වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්යාති. නො හෙතං භන්තෙ.
“ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මෙහි පණිවායෙන් වෙන් වූ, අයිනාදනින් වෙන් වූ, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණු, මුසවායෙන් වැළකුණු, පිසුණු බසින් වෙන් වූ, රළු වදනින් වෙන් වූ, හිස් බස් බිණීමෙන් වැළකුණු, දැඩි ලෝබ නැති, නො කිපුණු සිත් ඇති, සමිදිටු ගත් පුරුෂයෙක් වන්නේ ය. මහජන සමූහයා ඒ මොහු වෙත එක් ව රැස් ව “මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත වූ නිරයට පැමිණේව” යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහත් ජනසමූහයා ගේ යැදුම හේතු කොට ගෙන හෝ පැසසුම හේතු කොට ගෙන හෝ බදැඳිලි ව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත වූ නිරයට පැමිණෙන්නේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
සෙය්යථාපි ගාමණි පුරිසො සප්පිකුම්භං වා තෙලකුම්භං වා ගම්භීරං උදකරහදං ඔගාහෙත්වා භින්දෙය්ය. තත්ර යාස්ස සක්ඛරා වා කඨලා වා සා අධොගාමී අස්ස, යඤ්ච ඛ්වාස්ස තත්ර සප්පි වා තෙලං වා තං උද්ධගාමි අස්ස. තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: ඔසීද භො සප්පි තෙල, සංසීද භො සප්පි තෙල අධොගච්ඡ භො සප්පි තෙලාති. තං කිම්මඤ්ඤසි ගාමණි, අපිනු තං සප්පි තෙලං මහා ජනකායස්ස ආයාචනහෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකා අනුපරිසක්කනහෙතු වා ඔසීදෙය්ය වා සංසීදෙය්ය වා අධො වා ගච්ඡෙය්යාති. නො හෙතං භන්තෙ.
“ගාමණී, යම් සේ පුරුෂයෙක් ගිතෙල් කුඹක් හෝ තලතෙල් කුඹක් හෝ ගැඹුරු දියවිලක ගිල්වා බිඳින්නේ ද එහි යම් කැට හෝ කැබිලිති හෝ වන්නේ නම් එය කිඳෙනසුලු වන්නේ ය. එහි යම් ගිතෙල් හෝ තලතෙල් හෝ වන්නේ නම් එය උඩ ඉල්පෙනසුලු වන්නේ ය. මහජන සමූහයා ඒ මෙය වෙත එක් ව රැස් ව ‘භවත් ගිතෙල, තලතෙල, කිඳෙව. භවත් ගිතෙල, තලතෙල, ගිලෙව. භවත් ගිතෙල, තලතෙල යට යව’ යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහජන සමූහයා ගේ යැදුම හේතු කොට ගෙන හෝ පැසසුම හේතු කොට ගෙන හෝ බඳැදිලිව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ ගිතෙල තලතෙල කිඳෙන්නේ හෝ ගිලෙන්නේ හෝ යට යන්නේ හෝ වේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
එවමෙව ඛො ගාමණි, යො සො පුරිසො පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො පිසුනාවාචා පටිවිරතො ඵරුසා වාචා පටිවිරතො සම්ඵප්පලාපා පටිවිරතො අනභිජ්ඣාලූ අව්යාපන්නචිත්තො සම්මාදිට්ඨිකො, කිඤ්චාපි තං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: “අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතූ”ති, අථඛො සො පුරිසො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාති.
“ගාමණී, එසෙයින් ම යම් ඒ පුරුෂයෙක් පණිවායෙන් වෙන් වූයේ, අයිනාදනින් වෙන් වූයේ, කාමයෙහි වරදවා හැසුරුමෙන් වැළකුනේ, මුසවායෙන් වෙන් වූයේ, පිසුනු බසින් වැළකුනේ, රළු වදනින් වැළකුනේ, හිස් බස් බිණීමෙන් වැළකුනේ, දැඩි ලොබ නැත්තේ, නො කිපුණු සිත් ඇත්තේ, සමිදිටු ගත්තේ වේ ද; හුදෙක් බහුජන සමූහයා එක් ව රැස් ව ‘මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත වූ නිරයට පැමිණේවා’යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. එහෙත් ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙන්නේ”යි.
එවං වුත්තෙ අසිබන්ධකපුත්තො ගාමණි භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
මෙසේ වදාළ කල්හි අසිබන්ධකපුත්ත ගාමණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: “වහන්ස, ඉතා මැනවි. වහන්ස, ඉතා මැනවි. ... අද පටන් දිවිහිම් කොට සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්වා”යි.