යෙදුමෙන් කියවන්න

අස‍්සාරොහසුත‍්තං

8. 1. 5.

8. 1. 5.

අස‍්සාරොහසුත‍්තං

අස්සාරෝහ සූත්‍රය

419. අථ ඛො අස‍්සාරොහො ගාමණී යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො අස‍්සාරොහො ගාමණි භගවන‍්තං එතදවොච: සුතං මෙතං භන‍්තෙ පුබ‍්බකානං ආචරියපාචරියානං අස‍්සාරොහානං භාසමානානං: යො සො අස‍්සාරොහො සඞ‍්ගාමෙ උස‍්සහති වායමති, තමෙනං උස‍්සහන‍්තං වායමන‍්තං පරෙ හනන‍්ති පරියාපාදෙන‍්ති, සො කායස‍්ස භෙදා පරම‍්මරණා සරඤ‍්ජිතානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජතීති. ඉධ භගවා කිමාහාති. අලං ගාමණි, තිට‍්ඨතෙතං, මා මං එතං පුච‍්ඡීති.

419. එකල්හි අස්සාරෝහගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අස්සාරෝහ ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්, මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර අසරුවන් කියද්දී මවිසින් අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ” යි. ‘ගාමිණී, කම් නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි.

දුතියම‍්පි ඛො -පෙ- තතියම‍්පි ඛො අස‍්සාරොහො ගාමණි භගවන‍්තං එතදවොච: සුතං මෙතං භන‍්තෙ පුබ‍්බකානං ආචරියපාචරියානං අස‍්සාරොහානං භාසමානානං, යො සො අස‍්සාරොහො සඞ‍්ගාමෙ උස‍්සහති වායමති, තමෙනං උස‍්සහන‍්තං වායමන‍්තං පරෙ හනන‍්ති, පරියාපාදෙන‍්ති, සො කායස‍්ස භෙදා පරම‍්මරණා සරඤ‍්ජිතානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජතීති. ඉධ භගවා කිමාහාති.

දෙවන වට දු ... තෙවන වට දු අස්සාරෝහ ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. “වහන්ස, ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්, මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර අසරුවන් කියද්දී මවිසින් අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ” යි.

අද‍්ධා ඛො ත්‍යාහං ගාමණි න ලභාමි, “අලං ගාමණි, තිට‍්ඨතෙතං, මා මං එතං පුච‍්ඡී”ති. අපිච ත්‍යාහං ව්‍යාකරිස‍්සාමි. යො සො ගාමණි, අස‍්සාරොහො සඞ‍්ගාමෙ උස‍්සහති වායමති, තස‍්ස තං චිත‍්තං පුබ‍්බෙව හීනං දුක‍්කටං දුප‍්පණිහිතං “ඉමෙ සත‍්තා හඤ‍්ඤන‍්තු වා බජ‍්ඣන‍්තු වා උච‍්ඡිජ‍්ජන‍්තු වා විනස‍්සන‍්තු වා මා අහෙසුං ඉති වාති. තමෙනං උස‍්සහන‍්තං වායමන‍්තං පරෙ හනන‍්ති පරියාපාදෙන‍්ති, සො කායස‍්ස භෙදා පරම‍්මරණා සරඤ‍්ජිතො නාම නිරයො තත්‍ථුප‍්පජ‍්ජති. සචෙ ඛො පනස‍්ස එවං දිට‍්ඨිහොති, “යො සො අස‍්සාරොහො සඞ‍්ගාමෙ උස‍්සහති වායමති, තමෙනං උස‍්සහන‍්තං වායමන‍්තං පරෙ හනන‍්ති, පරියාපාදෙන‍්ති, සො කායස‍්ස භෙදා පරම‍්මරණා සරඤ‍්ජිතානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජතීති, සාස‍්ස හොති මිච‍්ඡාදිට‍්ඨි. මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස ඛො පනාහං ගාමණි පුරිසපුග‍්ගලස‍්ස ද‍්වින‍්නං ගතීනං අඤ‍්ඤතරං ගතිං වදාමි නිරයං වා තිරච‍්ඡානයොනිං වාති.

ගාමිණී, මම ‘ගාමිණී, කම් නැත. මෙය තිබේවා. මෙය නහමක් මා පුළුවුස්ව’යි තොපගෙන් ඒකාන්තයෙන් නො ලබමි. එහෙත් තොපට මම විසඳන්නෙමි. ගාමිණී, යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි ‘මේ සත්ත්‍වයෝ නැසෙත්වා හෝ බැඳෙත්වා හෝ සිඳෙත්වා හෝ වැනසෙත්වා හෝ නො වෙත්වා’ හෝ යි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, ඔහුගේ ඒ සිත පළමු ම ලාමක ය. නපුරු කොට කරන ලද්දේ ය. වරදවා පිහිටුවන ලද්දේ ය. (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත නම් නිරයෙක් වේ නම් එහි උපදී. ඉදින් ඔහුට ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙබඳු දිටෙක් වේ නම් එය ඔහුගේ මිසදිට වේ. ගාමිණී, මිසදිටු ගත් පුරිස් පුඟුල් හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා ගතියක් මම කියමි.”

එවං වුත‍්තෙ අස‍්සාරොහො ගාමණි පරොදි, අස‍්සූනි පවත‍්තෙසි. එතං ඛො ත්‍යාහං ගාමණි නාලත්‍ථං “අලං ගාමණි තිට‍්ඨතෙතං, මා මං එතං පුච‍්ඡී”ති. නාහං භන‍්තෙ එතං රොදාමි, යං මං භගවා එවමාහ. අපි චාහං භන‍්තෙ පුබ‍්බකෙහි ආචරියපාචරියෙහි අස‍්සාරොහෙහි දීඝරත‍්තං නිකතො වඤ‍්චිතො පරද‍්ධො “යො සො අස‍්සාරොහො සඞ‍්ගාමෙ උස‍්සහති වායමති, තමෙනං උස‍්සහන‍්තං වායමන‍්තං පරෙ හනන‍්ති පරියාපාදෙන‍්ති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා සරඤ‍්ජිතානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජතීති. අභික‍්කන‍්තං භන‍්තෙ අභික‍්කන‍්තං භන‍්තෙ -පෙ- අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි අස්සාරෝහ ගාමිණී තෙමේ හැඬීය. කඳුලු හෙලීය. “ගාමිණී, මම ‘ගාමිණී, කම් නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි මෙය තොපගෙන් නො ලදිමි යි.” “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යමක් වදාළ සේක් නම් ඒ ගැන මම නො හඬමි. වැලි දු වහන්ස, ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි පෙර විසූ ඇජර පැජර අසරුවන් විසින් දිගු කලක් මුළුල්ලෙහි මම මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි. වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. ... අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවකු කොට මා දරන සේක්වා යි.)”