සඞ්ඛධමසුත්තං
8. 1. 8.
8. 1. 8.
සඞ්ඛධමසුත්තං
සඞ්ඛධම සූත්‍රය
422. එකං සමයං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනෙ. අථ ඛො අසිබන්ධකපුත්තො ගාමණි නිගණ්ඨසාවකො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නං ඛො අසිබන්ධකපුත්තං ගාමණිං භගවා එතදවොච: කථන්නුඛො ගාමණි, නිගණ්ඨො නාතපුත්තො සාවකානං ධම්මං දෙසෙතීති.
422. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දාව සමීපයෙහි පාවාරික අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි නිගණ්ඨ ශ්‍රාවක වූ අසිබන්ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් අසිබන්ධක පුත්ත ගාමිණීහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ගාමිණී, නිගණ්ඨනාථපුත්ත කෙසේ නම් සව්වන්ට දහම් දෙසා දැ යි.
එවං ඛො භන්තෙ නිගණ්ඨො නාතපුත්තො සාවකානං ධම්මං දෙසෙති: යො කොචි පාණමතිපාතෙති සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි අදින්නමාදියති සබ්බො සො ආපායිකො නෙරයිකො. යො කොචි කාමෙසු මිච්ඡා චරති සබ්බො සො ආපායිකො නෙරයිකො. යො කොචි මුසා භණති සබ්බො සො ආපායිකො නෙරයිකො. යං බහුලං යං බහුලං විහරති තෙන තෙන නීය්යතීති. එවං ඛො භන්තෙ නිගණ්ඨො නාතපුත්තො සාවකානං ධම්මං දෙසෙතීති.
වහන්ස, නිගණ්ඨනාථපුත්රයෝ සව්වන්ට මෙසේ දහම් දෙසති: “යම් කිසි කෙනෙක් පරපණ නසත් ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් නුදුන් දෑ ගන්නෝ ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙද් ද ඒ සියලු දෙන අපායට යන්නෝය. නිරයට යන්නෝ ය. යම්කිසි කෙනෙක් මුසවා බෙණෙද් ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් (නිරයට) පමුණු වනු ලැබේ ය යි. වහන්ස, නිගණ්ඨනාථ පුත්‍රයෝ සව්වන්ට මෙසේ දහම් දෙසති යි.
යං බහුලං යං බහුලඤ්ච ගාමණි විහරති තෙන තෙන නීය්යතීති එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති යථා නිගණ්ඨස්ස නාතපුත්තස්ස වචනං. තං කිම්මඤ්ඤසි ගාමණි යො සො පුරිසො පාණාතිපාතී, රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය, කතමො බහුතරො සමයො යං වා සො පාණං අතිපාතෙති යං වා සො පාණං නාතිපාතෙතීති.
ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාථ පුත්තගේ වචන පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් පර පණ නසා ද රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) හේ යම් කලෙක හෝ පරපණ නසා ද, හේ යම් කලෙක හෝ පරපණ නො නසා ද එයින් කවර කලෙක් ඉතා වැඩි දැ යි.
යො සො භන්තෙ පුරිසො පාණාතිපාතී, රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය අප්පතරො සො සමයො යං සො පාණං අතිපාතෙති. අථ ඛො සො ව බහුතරො සමයො යං සො පාණං නාතිපාතෙතීති. යං බහුලං යං බහුලඤ්ච ගාමණි විහරති තෙන තෙන නීය්යතීති එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති යථා නිගණ්ඨස්ස නාතපුත්තස්ස වචනං.
වහන්ස, යම් ඒ පුරුෂයෙක් පරපණ නසා ද, රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) හේ යම් කලෙක පරපණ නසා නම් ඒ කාලය ඉතා මඳ ය. වැලි දු හේ යම් කලෙක පරපණ නො නසා නම් ඒ කාලය ම ඉතා වැඩි ය යි. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණුවනු ලැබේ යයි. මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.
තං කිම්මඤ්ඤසි ගාමණි, යො සො පුරිසො අදින්නාදායී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය කතමො බහුතරො සමයො යං වා සො අදින්නං ආදියති යං වා සො අදින්නං නාදියතීති. යො සො භන්තෙ පුරිසො අදින්නාදායී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය, අප්පතරො සො සමයො යං සො අදින්නං ආදියති, අථ ඛො සොව බහුතරො සමයො යං සො අදින්නං නාදියතීති. යං බහුලං යං බහුලඤ්ච ගාමණි විහරති තෙන තෙන නීය්යතීති, එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති යථා නිගණ්ඨස්ස නාතපුත්තස්ස වචනං.
ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් නුදුන් දෑ ගන්නේ නම් රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) යම් කලෙක හේ නුදුන් දෑ ගනී ද යම් කලෙක හේ නුදුන් දෑ නො ගනී ද එයින් කවර කලෙක් ඉතා වැඩිදැ යි. වහන්ස, යම් පුරුෂයෙක් නුදුන් දෑ ගන්නේ නම් රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) යම් කලෙක හේ නුදුන් දෑ ගනී ද ඒ කාලය ඉතා මඳ ය. යලිදු යම් කලෙක හේ නුදුන් දෑ නො ගනී ද ඒ කාලය ම ඉතා වැඩි ය යි. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.
තං කිම්මඤ්ඤසි ගාමණි යො සො පුරිසො කාමෙසු මිච්ඡාචාරී, රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය කතමො බහුතරො සමයො යං වා සො කාමෙසු මිච්ඡා චරති, යං වා සො කාමෙසු මිච්ඡා න චරතීති. යො සො භන්තෙ පුරිසො කාමෙසු මිච්ඡාචාරී, රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය අප්පතරො සො සමයො යං සො කාමෙසු මිච්ඡා චරති, අථ ඛො සොව බහුතරො සමයො යං සො කාමෙසු මිච්ඡා න චරති. යං බහුලං යං බහුලඤ්ච ගාමණි විහරති තෙන තෙන නීය්යතීති, එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති යථා නිගණ්ඨස්ස නාතපුත්තස්ස වචනං.
ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් කාමයෙහි වරදවා හැසිරෙන සුලු නම් රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) යම් කලෙක හේ කාමයෙහි වරදවා හැසිරේ ද යම් කලෙක හේ කාමයෙහි වරදවා නො හැසිරේ ද එයින් කවර කලෙක් ඉතා වැඩිදැ යි. වහන්ස, යම් පුරුෂයෙක් කාමයෙහි වරදවා හැසිරෙන සුලු ද රැය හෝ දවාල හෝ කල් නො කල් අතුරෙහි යම් කලෙක හෙතෙමේ කාමයෙහි වරදවා හැසිරේ නම් ඒ කාලය ඉතා මඳ ය. යලිදු යම් කලෙක හෙතෙම් කාමයෙහි වරදවා නො හැසිරේ නම් ඒ කාලය ම ඉතා වැඩි ය. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.
තං කිම්මඤ්ඤසි ගාමණි, යො සො පුරිසො මුසාවාදී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය කතමො බහුතරො සමයො යං වා සො මුසා භණති යං වා සො මුසා න භණතීති. යො සො භන්තෙ පුරිසො මුසාවාදී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය අප්පතරො සො සමයො යං සො මුසා භණති, අථ ඛො සොව බහුතරො සමයො යං සො මුසා න භණතීති. යං බහුලං යං බහුලඤ්ච ගාමණි විහරති තෙන තෙන නීය්යතීති එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති යථා නිගණ්ඨස්ස නාතපුත්තස්ස වචනං.
ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් මුසවා බෙණෙන සුලු නම් රැය හෝ දවාල හෝ කල් නො කල් අතුරෙහි යම් කලෙක හේ මුසවා බෙණේ ද යම් කලෙක හෙතෙමේ මුසවා නො බෙණේ ද එයින් කවර කලෙක් ඉතා වැඩි දැ යි. වහන්ස, යම් පුරුෂයෙක් මුසවා බණන සුලු නම් රැය හෝ දවාල හෝ කල් නො කල් අතුරෙහි යම් කලෙක හෙතෙමේ මුසවා බෙණේ නම් ඒ කාලය ඉතා මඳ ය. වැලි දු හේ යම් කලෙක මුසවා නො බෙණේ නම් ඒ කාලය ම ඉතා බොහෝ ය. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.
ඉධ ගාමණි එකච්චො සත්ථා එවංවාදී හොති එවං දිට්ඨි: යො කොචි පාණමතිපාතෙති සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි අදින්නං ආදියති සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි කාමෙසු මිච්ඡා චරති සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි මුසා භණති සබ්බො සො ආපායිකො නෙරයිකොති. තස්මිං ඛො පන ගාමණි සත්ථරි සාවකො අභිප්පසන්නො හොති. තස්ස එවං හොති මය්හං ඛො සත්ථා එවං වාදී එවං දිට්ඨි: “යො කොචි පාණමතිපාතෙති සබ්බො සො ආපායිකො නෙරයිකොති. අත්ථි ඛො පන මයා පාණො අතිපාතිතො අහම්පි ආපායිකො නෙරයිකොති දිට්ඨිං පටිලභති. තං ගාමණි වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
ගාමිණී, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: යම් කිසි කෙනෙක් පරපණ නසද්ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම්කිසි කෙනෙක් නුදුන් දෑ ගනිද්ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙද්ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් මුසවා බෙණෙද්ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. ගාමිණී, ඒ ශාස්තෘවරයා කෙරෙහි ශ්‍රාවක තෙමේ ඉතා පැහැදුනේ වේ නම් ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මාගේ ශාස්තෘ තෙමේ යම්කිසි කෙනෙක් පරපණ නසත් නම් ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය” යි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. මවිසින් පරපණ නසන ලද්දේ ඇත. මම ද අපායට යන්නෙම් නිරයට යන්නෙම් වෙමියි දිට පිළිලබයි. ගාමිණී, ඒ වචනය අත් නො හැර ඒ සිත අත් නො හැර ඒ දිට නො බැහැර කොට ගෙනෙන ලද්දක් බහා තබන ලද්දේ යම් සේ නම්, එමෙන් නිරයෙහි වේ.
මය්හං ඛො සත්ථා එවං වාදී එවං දිට්ඨි: “යො කොචි අදින්නං ආදියති සබ්බො සො ආපායිකො නෙරයිකො”ති. අත්ථි ඛො පන මයා අදින්නං ආදින්නං, අහම්පම්හි ආපායිකො නෙරයිකොති දිට්ඨිං පටිලභති. තං ගාමණි වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මාගේ ශාස්තෘ තෙමේ ‘යම් කිසි කෙනෙක් නුදුන් දෑ ගනිද් ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය, නිරයට යන්නෝ ය’යි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙ යි. මවිසින් නුදුන් දෑ ගන්නා ලද්දේ ඇත. මම ද අපායට යන්නෙම් නිරයට යන්නෙම් වෙමි යි දිට පිළිලබයි. ගාමණී, ඒ වචනය අත් නොහැර ඒ සිත අත් නොහැර ඒ දිට නො බැහැර කොට ගෙනෙන ලද්දක් යම් සේ බහා තබන ලද්දේ නම්, එමෙන් නිරයෙහි වේ.
මය්හං ඛො සත්ථා එවං වාදී එවං දිට්ඨි: “යො කොචි කාමෙසු මිච්ඡා චරති, සබ්බො සො ආපායිකො නෙරයිකො”ති. අත්ථි ඛො පන මයා කාමෙසු මිච්ඡාචිණ්ණං, අහම්පම්හි ආපායිකො නෙරයිකොති දිට්ඨිං පටිලභති. තං ගාමණි වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මාගේ ශාස්තෘ තෙමේ ‘යම් කිසි කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙත් නම් ඒ සියලු දෙන අපායට යන්නෝ ය, නිරයට යන්නෝ ය’ යි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙ යි. මවිසින් කාමයෙහි වරදවා හැසිරෙන ලද්දේ ඇත. මම ද අපායට යන්නෙම් නිරයට යන්නෙම් වෙමි යි දිට පිළිලබයි. ගාමණී, ඒ වචනය අත් නො හැර ඒ සිත අත් නො හැර ඒ සිත නො බැහැර කොට ගෙනෙන ලද්දක් බහා තබන ලද්දේ යම් සේ ද එමෙන් නිරයෙහි වේ.
මය්හං ඛො සත්ථා එවංවාදී එවංදිට්ඨි: “යො කොචි මුසා භණති සබ්බො සො ආපායිකො නෙරයිකො”ති. අත්ථි ඛො පන මයා මුසා භණිතං. අහම්පම්හි ආපායිකො නෙරයිකොති දිට්ඨිං පටිලභති. තං ගාමණි වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මාගේ ශාස්තෘ තෙමේ ‘යම් කිසි කෙනෙක් මුසවා බෙණෙත් නම්, ඒ සියලු දෙන අපායට යන්නෝ නිරයට යන්නෝ ය’ යි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. මවිසින් මුසවා බණන ලද්දේ ඇත. මම ද අපායට යන්නෙම් නිරයට යන්නෙම් වෙමි යි දිට පිළිලබයි. ගාමණී, ඒ වචනය අත් නො හැර ඒ සිත අත් නො හැර ඒ දිට නො බැහැර කොට ගෙනෙන ලද්දක් බහා තබන ලද්දේ යම් සේ ද එමෙන් නිරයෙහි වේ.
ඉධ පන ගාමණි තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො අනෙකපරියායෙන පාණාතිපාතං ගරහති විගරහති පාණාතිපාතාවිරමථාති චාහ. අදින්නාදානං ගරහති විගරහති අදින්නාදානා විරමථාති චාහ. කාමෙසු මිච්ඡාචාරං ගරහති විගරහති කාමෙසු මිච්ඡාචාරා විරමථාති චාහ. මුසාවාදං ගරහති විගරහති මුසාවාදා විරමථාති චාහ.
ගාමණී, අර්හත් වූ සම්මාසම්බුද්ධ වූ විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදූ වූ අනුත්තර පුරිසදම්මසාරථී වූ දෙවිමිනිසුන්ට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගතයන් වහන්සේ මේ ලෝකයෙහි උපදිත්. උන් වහන්සේ නන් අයුරෙන් පණිවායට ගරහත්. දැඩි සේ ගරහත්. ‘පණිවායෙන් වළකිවු’ ය යි ද කියත්. අයිනාදනට ගරහත්. දැඩි සේ ගරහත් ‘අයිනාදනින් වළකිවු’ ය යි ද කියත්. කාමයෙහි වරදවා හැසිරීමට ගරත්. දැඩි සේ ගරහත්. ‘කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිවු’ ය යි ද කියත්. මුසවායට ගරත්. වෙසෙසින් ගරහත්. ‘මුසවායෙන් වළකිවු’ ය යි ද කියත්.
තස්මිං ඛො පන ගාමණි සත්ථරි සාවකො අභිප්පසන්නො හොති. සො ඉති පටිසංචික්ඛති: භගවා ඛො අනෙකපරියායෙන පාණාතිපාතං ගරහති විගරහති පාණාතිපාතා විරමථාති චාහ: අත්ථි ඛො පන මයා පාණො අතිපාතිතො යාවතකො වා තාවතකො වා: යො ඛො පන මයා පාණො අතිපාතිතො යාවතකො වා තාවතකො වා, තං න සුට්ඨු තං න සාධු. අහඤ්චෙව ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං න මෙ තං පාපකං කම්මං අකතං භවිස්සතීති. සො ඉති පටිසඞ්ඛාය තං චෙව පාණාතිපාතං පජහති. ආයතිඤ්ච පාණාතිපාතා පටිවිරතො හොති: එවමෙතස්ස පාපස්ස කම්මස්ස පහානං හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස සමතික්කමො හොති.
ගාමණී, ඒ ශාස්තෘවරයා කෙරෙහි ශ්‍රාවක තෙමේ වෙසෙසින් පහන් වේ නම්, හේ මෙසේ නුවණින් සලකයි. ‘භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් පණිවායට ගරහත්. දැඩි සේ ගරහත්. ‘පණිවායෙන් වළකිවු’ ය යි ද වදාරත්. මවිසින් යම් පමණ වූ හෝ පරපණෙක් නසන ලද්දේ ඇත්ම ය. මා විසින් යම් පමණ වූ හෝ පරපණෙක් නසන ලද ද එය යහපත් නො වේ. එය නො මැනවි. ඉදින් මම ඒ හේතුවෙන් විපිළිසර ඇත්තෙම් වන්නෙම් නමුදු මවිසින් ඒ ලාමක කර්මය නො කරන ලද්දේ නො වන්නේ ය’ යි හෙතෙමේ මෙසේ නුවණින් සලකා ඒ පණිවායත් දුරු කෙරෙයි. මතු ද පණිවායෙන් වැළකුනේ වෙයි. මෙසේ මේ පව්කම ප්රහාණය වෙයි. මෙසේ මේ පව්කම ඉක්මවීම වෙයි.
භගවා ඛො අනෙකපරියායෙන අදින්නාදානං ගරහති විගරහති අදින්නාදානා විරමථාති චාහ. අත්ථි ඛො පන මයා අදින්නං ආදින්නං යාවතකං වා තාවතකං වා: යං ඛො පන මයා අදින්නං ආදින්නං යාවතකං වා තාවතකං වා, තං න සුට්ඨු තං න සාධු. අහඤ්චෙව ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං න මෙ තං පාපකං කම්මං අකතං භවිස්සතීති. සො ඉතිපටිසඞ්ඛාය තඤ්චෙව අදින්නාදානං පජහති. ආයතිඤ්ච අදින්නාදානා පටිවිරතො හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස පහානං හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස සමතික්කමො හොති.
භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අයිනාදනට ගරහත්. දැඩි සේ ගරහත්. අයිනාදනින් වැළකෙවු යි ද වදාරත්. ම විසින් යම් පමණ වූ නුදුන් දැයෙක් ගන්නා ලද්දේ ඇත් ම ය. ම විසින් යම් පමණ වූ නුදුන් දැයක් ගන්නා ලද නම් එය නො යෙහෙකි. එය නො මැනවි. ඉදින් මම ඒ හේතු කොට ගෙන විපිළිසර වන්නෙම් නමුදු ම විසින් ඒ පවිටු කර්මය නො කරන ලද්දේ නො වන්නේ ය යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා ඒ අයිනාදනත් දුරු කෙරෙයි. මතු ද අයිනාදනින් වැළකුනේ වෙයි. මෙසේ මේ පව්කම ප්රහාණය වෙයි. මෙසේ මේ පව්කම ඉක්මවීම වෙයි.
භගවා ඛො අනෙකපරියායෙන කාමෙසු මිච්ඡාචාරං ගරහති විගරහති, කාමෙසු මිච්ඡාචාරා විරමථාති චාහ. අත්ථි ඛො පන මයා කාමෙසු මිච්ඡාචිණ්ණං යාවතකං වා තාවතකං වා. යං ඛො පන මයා කාමෙසු මිච්ඡාචිණ්ණං යාවතකං වා තාවතකං වා තං න සුට්ඨු තං න සාධු. අහඤ්චෙව ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං න මෙ තං පාපකං කම්මං අකතං භවිස්සතීති. සො ඉති පටිසඞ්ඛාය තඤ්චෙව කාමෙසු මිච්ඡාචාරං පජහති, ආයතිඤ්ච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති; එවමෙතස්ස පාපස්ස කම්මස්ස පහානං හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස සමතික්කමො හොති.
භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් කම්හි මිසහසරට ගරහත්. දැඩි සේ ගරහත්. කම්හි මිසහසරින් වැළකෙවු යි ද වදාරත්. ම විසින් යම් පමණ වූ හෝ කාමයන්හි වරදවා හැසිරෙන ලද්දේ ඇත් ම ය. ම විසින් යම් පමණ වූ හෝ කාමයන්හි වරදවා හැසිරෙන ලද්දෙක් වේ නම් එය නො යෙහෙකි. එය නො මැනවි. ඉදින් මම ඒ හේතු කොට ගෙන විපිළිසර ඇත්තෙම් වන්නෙම් නමුදු ම විසින් ඒ පව්කම් නො කරන ලද්දේ නො වන්නේ ය යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා ඒ කම්හි මිසහසරත් දුරු කෙරෙයි. මතු ද කම්හි මිසහසරින් වැළකුනේ වෙයි. මෙසේ මේ පව්කම ප්රහාණය වෙයි. මෙසේ මේ පව්කම ඉක්මවීම වෙයි.
භගවා ඛො අනෙකපරියායෙන මුසාවාදං ගරහති විගරහති, මුසාවාදා විරමථාති චාහ. අත්ථි ඛො පන මයා මුසා භණිතං යාවතකං වා තාවතකං වා. යං ඛො පන මයා මුසා භණිතං යාවතකං වා තාවතකං වා, තං න සුට්ඨු, තං න සාධු. අහඤ්චෙව ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං න මෙ තං පාපකං කම්මං අකතං භවිස්සතීති. සො ඉති පටිසඞ්ඛාය තඤ්චෙව මුසාවාදං පජහති, ආයතිඤ්ච මුසාවාදා පටිවිරතො හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස පහානං හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස සමතික්කමො හොති.
භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් මුසවායට ගරහත්. දැඩි සේ ගරහත්. මුසවායෙන් වැළකෙවු යි ද වදාරත්. ම විසින් යම් පමණ වූ හෝ මුසා බණන ලද්දේ ඇත් ම ය. ම විසින් යම් පමණ වූ හෝ මුසා බණන ලද්දෙක් වේ නම් එය නො යෙහෙකි. එය නො මැනවි. ඉදින් මම ඒ හේතුවෙන් විපිළිසර ඇත්තෙම් වන්නෙම් නමුදු ම විසින් ඒ පව්කම නො කරන ලද්දේ නො වන්නේ ය යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා ඒ මුසවායත් දුරු කෙරෙයි. මතු ද මුසවායෙන් වැළකුනේ වෙයි. මෙසේ මේ පව්කම ප්රහාණය වෙයි. මෙසේ මේ පව්කම ඉක්මවීම වෙයි.
සො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති. කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති. පිසුණාවාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති. ඵරුසංවාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති. අභිජ්ඣං පහාය අනභිජ්ඣාලු හොති. ව්යාපාපදදොසං පහාය අබ්යාපන්නචිත්තො හොති. මිච්ඡාදිට්ඨිං පහාය සම්මාදිට්ඨිකො හොති.
හෙතෙමේ පණිවාය පහා පණිවායෙන් වැළකුනේ වෙයි. අයිනාදන පහා අයිනාදනින් වැළකුනේ වෙයි. කම්හි මිසහසර පහා කම්හි මිසහසරින් වැළකුනේ වෙයි. මුසවා පහා මුසවායෙන් වැළකුනේ වෙයි. පිසුනු වදන පහා පිසුනු වදනින් වැළකුනේ වෙයි. රළු වදන පහා රළු වදනින් වැළකුනේ වෙයි. හිස් තෙපුල පහා හිස් තෙපුලෙන් වැළකුනේ වෙයි. දැඩි ලොබ පහා දැඩි ලොබින් වැළකුනේ වෙයි. ව්‍යාපාද සිතුවිලි දෝස පහා අව්‍යාපාද සිත් ඇත්තේ වෙයි. මිස දිටු පහා සම් දිටු ගත්තේ වෙයි.
ස ඛො සො ගාමණි අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං; ඉති උද්ධමධොතිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣො ඵරිත්වා විහරති. සෙය්යථාපි ගාමණි බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චතුද්දිසා විඤ්ඤාපෙය්ය, එවමෙව ඛො ගාමණි එවං භාවිතාය මෙත්තාය චෙතොවිමුත්තියා එවං බහුලීකතාය යං පමාණකතං කම්මං න තං තත්‍රාවසිස්සති, න තං තත්‍රාවතිට්ඨති.
ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය ව්‍යාපාද සිතුවිලි ඇත්තේ නො මුළා වූයේ මනා දැනුම් ඇත්තේ එළඹසිටි සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. එසේ දෙවැන්න ද එසේ තෙවැන්න ද එසේ සිවු වැන්න දැයි මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලන් තමා හා සම බැවින් සියලු සතුන්ගෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වෙර රහිත දුක් නැති මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙ යි. ගාමිණී, යම් සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන් ම සිවු දිග හඟවන්නේ ද, ගාමිණී, එසෙයි ම මෛත්‍රී සමාධිය මෙසේ වඩන ලද කල්හි මෙසේ බහුල කරන ලද කල්හි යම් කාමාවචර කර්මයෙක් වේ නම් එය එහි ඉතිරි නොවේ. එය එහි නො සිටී.
ස ඛො සො ගාමණි අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධොතිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සෙය්යථාපි ගාමණි බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චතුද්දිසා විඤ්ඤාපෙය්ය, එවමෙව ඛො ගාමණි එවං භාවිතාය උපෙඛාය චෙතොවිමුත්තියා එවං බහුලීකතාය යං පමාණකතං කම්මං න තං තත්‍රාවසිස්සති, න තං තත්රාවතිට්ඨතීති. එවං වුත්තෙ අසිබන්ධකපුත්තො ගාමණි භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය වනස් සිතුවිලි ඇත්තේ නො මුළා වූයේ මනා දැනුම් ඇත්තේ එළඹසිටි සිහි ඇත්තේ කුළුණු සහගිය සිතින් … මුදු බැව් සහගිය සිතින් … මැදහත්බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. එසේ දෙවැන්න ද එසේ තෙවැන්න ද එසේ සිවු වැන්න දැයි මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලන් තමා හා සම බැවින් සියලු සතුන්ගෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වෙර රහිත දුක් නැති මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙ යි. ගාමිණී, යම් සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන් ම සිවු දිග හඟවන්නේ ද, ගාමිණී, එසෙයි ම උපේක්ෂා සමාධිය මෙසේ වඩන ලද කල්හි මෙසේ බහුල කරන ලද කල්හි යම් කාමාවචර කර්මයෙක් වේ නම් එය එහි ඉතිරි නොවේ. එය එහි නො සිටී යි. මෙසේ වදාළ කල්හි අසිබන්ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය. වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. … අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවකු කොට මා දරන සේක්වා) යි.