යෙදුමෙන් කියවන්න

කුලසුත‍්තං

8. 1. 9.

8. 1. 9.

කුලසුත‍්තං

කුල සූත්‍රය

423. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං යෙන නාලන්‍දා තදවසරි. තත්‍ර සුදං භගවා නාලන්‍දායං විහරති පාවාරිකම‍්බවනෙ. තෙන ඛො පන සමයෙන නාලන්‍දා දුබ‍්භික‍්ඛා හොති ද‍්වීහිතිකා සෙතට‍්ඨිකා සලාකාවුත‍්තා. තෙන ඛො පන සමයෙන නිගණ‍්ඨො නාතපුත‍්තො නාලන්‍දායං පටිවසති මහතියා නිගණ‍්ඨපරිසාය සද‍්ධිං. අථ ඛො අසිබන්‍ධකපුත‍්තො ගාමණි නිගණ‍්ඨසාවකො යෙන නිගණ‍්ඨො නාතපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා නිගණ‍්ඨං නාතපුත‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො අසිබන්‍ධකපුත‍්තං ගාමණිං නිගණ‍්ඨො නාතපුත‍්තො එතදවොච:

423. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන සමඟ කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙන සේක් නාලන්‍දාව වෙත වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි නාලන්‍දාවෙහි පාවාරික අඹ වනෙහි වැඩ වසන සේක. එසමයෙහි නාලන්‍දාව දුබික් වූවා (දිවි පැවැත්ම) ගැන සැක ඇත්තී (මළ මිනිසුන්ගේ) සුදු ඇට ඇත්තී නොහොත් (බොල් වීමෙන්) සුදු ඇට ඇත්තී ලහයෙන් පැවතුම් ඇත්තී වපුළ ගොයම පිදුරු පමණක් වූවා වෙයි. එකල්හි නිගණ්ඨනාතපුත්ත මහත් වූ නිගණ්ඨ පිරිස සමඟ නාලන්‍දාවෙහි වෙසෙයි. ඉක්බිති නිගණ්ඨ ශ්‍රාවක වූ අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ නිගණ්ඨනාතපුත්ත වෙත එළඹියේ ය. එළඹ නිගණ්ඨනාතපුත්ත වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අසිබන්‍ධකපුත්ත ගාමිණීහට නිගණ්ඨනාතපුත්ත මෙය කීය:

එහි ත්‍වං ගාමණි, සමණස‍්ස ගොතමස‍්ස වාදං ආරොපෙහි. එවන‍්තෙ කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති: “අසිබද‍්ධකපුත‍්තෙන ගාමණිනා සමණස‍්ස ගොතමස‍්ස එවං මහිද‍්ධිකස‍්ස එවං මහානුභාවස‍්ස වාදො ආරොපිතො”’ති. කථං පනාහං භන‍්තෙ සමණස‍්ස ගොතමස‍්ස එවං මහිද‍්ධිකස‍්ස එවං මහානුභාවස‍්ස වාදං ආරොපෙස‍්සාමීති. එහි ත්‍වං ගාමණි, යෙන සමණො ගොතමො තෙනුපසඞ‍්කම. උපසඞ‍්කමිත්‍වා සමණං ගොතමං එවං වදෙහි: නනු භන‍්තෙ භගවා අනෙකපරියායෙන කුලානං අනුද‍්දයං වණ‍්ණෙති, අනුරක‍්ඛං වණ‍්ණෙති, අනුකම‍්පං වණ‍්ණෙතීති.

ගාමිණී එවු, තෙපි මහණ ගොයුම්හට වාද නගවු. මෙසේ තොපට “මෙසේ මහත් ඉදුහ ඇති මෙසේ මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට අසිබන්‍ධකපුත්ත ගාමිණී විසින් වාද නගන ලදැ” යි කලණ කිතු ගොසෙක් පැන නගී යි. හිමියනි, මෙසේ මහත් ඉදුහ ඇති මෙසේ මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට කෙසේ මම වාද නගන්නෙම් දැ යි. ගාමිණී, එව තෙපි මහණ ගොයුම් වෙත එළඹෙව. එළඹ මහණ ගොයුම්හට මෙසේ කියව: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් කුලයන්ට දයාව වණත් නු, රැකවරණ වණත් නු, අනුකම්පාව වණත් නු යි.

සචෙ තෙ ගාමණි සමණො ගොතමො එවං ඵුට‍්ඨො එවං ව්‍යාකරොති: “එවං ගාමණි තථාගතො අනෙකපරියායෙන කුලානං අනුද‍්දයං වණ‍්ණෙති, අනුරක‍්ඛං වණ‍්ණෙති, අනුකම‍්පං වණ‍්ණෙතී”ති, තමෙනං ත්‍වං එවං වදෙය්‍යාසි: අථ කිඤ‍්චරහි භන‍්තෙ භගවා දුබ‍්භික‍්ඛෙ ද‍්වීහිතිකෙ සෙතට‍්ඨිකෙ සලාකාවුත‍්තෙ මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං චාරිකං චරති? උච‍්ඡෙදාය භගවා කුලානං පටිපන‍්නො, අනයාය භගවා කුලානං පටිපන‍්නො, උපඝාතාය භගවා කුලානං පටිපන‍්නොති. ඉමං ඛො තෙ ගාමණි සමණො ගොතමො උභතො කොටිකං පඤ‍්හං පුට‍්ඨො නෙව සක‍්ඛීති උග‍්ගිලිතුං නෙව සක‍්ඛීති ඔගිලිතුන‍්ති.

ගාමිණී, මෙසේ පුළුවුස්නා ලද මහණ ගොයුම් තෙමේ ඉදින් තොපට “ගාමිණී එසේ ය. තථාගත තෙමේ නන් අයුරින් කුලයන්ට දයාව වණයි, රැකවරණ වණයි, අනුකම්පාව වණා” යැයි මෙසේ පවසා නම් ඒ මොහුට තෙපි මෙසේ කියන්නහු ය: වහන්ස, එසේ නම් කුමක් හෙයින් සැක පහළ කරන සුදු ඇට ඇති ලහයෙන් පැවතුම් ඇති දුබික් පවත්නා කල භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන සමඟ චාරිකාවෙහි හැසිරෙද් ද? භාග්‍යවතුන් වහන්සේ කුල නැසීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පිරිහෙළීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පෙළීම පිණිස පිළිපන්හ යි. ගාමිණී, තොප විසින් මේ දෙ කෙළවරක් ඇති පැන පුළුවුස්නා ලද මහණ ගොයුම් තෙමේ වමාරන්නට නො ම හැකි වන්නේ ය. ගිලින්නට නො ම හැකිවන්නේ යි.

එවං භන‍්තෙති ඛො අසිබන්‍ධකපුත‍්තො ගාමණි නිගණ‍්ඨස‍්ස නාතපුත‍්තස‍්ස පටිස‍්සුත්‍වා උට‍්ඨායාසනා නිගණ‍්ඨං නාතපුත‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො අසිබන්‍ධකපුත‍්තො ගාමණි භගවන‍්තං එතදවොච: “නනු භන‍්තෙ භගවා අනෙකපරියායෙන කුලානං අනුද‍්දයං වණ‍්ණෙති, අනුරක‍්ඛං වණ‍්ණෙති, අනුකම‍්පං වණ‍්ණෙතීති.” එවං ගාමණි තථාගතො අනෙකපරියායෙන කුලානං අනුද‍්දයං වණ‍්ණෙති, අනුරක‍්ඛං වණ‍්ණෙති, අනුකම‍්පං වණ‍්ණෙතීති. අථ කිඤ‍්චරහි භන‍්තෙ භගවා දුබ‍්භික‍්ඛෙ ද‍්වීහිතිකෙ සෙතට‍්ඨිකෙ සලාකාවුත‍්තෙ මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං චාරිකං චරති? උච‍්ඡෙදාය භගවා කුලානං පටිපන‍්නො, අනයාය භගවා කුලානං පටිපන‍්නො, උපඝාතාය භගවා කුලානං පටිපන‍්නොති.

එසේ ය හිමියනි යි අසිබන්‍ධකපුත්ත ගාමිණී නිගණ්ඨනාතපුත්තහට පිළිවදන් අස්වා හුනස්නෙන් නැගිට නිගණ්ඨනාතපුත්ත වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් අසිබන්‍ධක පුත්ත ගාමිණී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරෙන් කුලයන්ට දයාව වණත් නු? රැකවරණ වණත් නු? අනුකම්පාව වණත් නු යි. ගාමිණී, එසේ ය. තථාගත තෙමේ නන් අයුරෙන් කුලයන්ට දයාව වණා, රැකවරණ වණා, අනුකම්පාව වණා යි. වහන්ස, එසේ නම් කුමක් හෙයින් භාග්‍යවතුන් වන්සේ සැක පහළ කරන සුදු ඇට ඇති ලහයෙන් පැවතුම් ඇති දුබික් පවත්නා කල්හි මහත් බික් සඟන සමඟ චාරිකාවෙහි හැසිරෙද් ද? භාග්‍යවතුන් වහන්සේ කුල නැසීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පිරිහෙළීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පෙළීම පිණිස පිළිපන්හ යි.

ඉතො සො ගාමණි එකනවුතො කප‍්පො යමහං අනුස‍්සරාමි, නාභිජානාමි කිඤ‍්චිකුලං පක‍්කභික‍්ඛාඅනුප‍්පදානමත‍්තෙන උපහතපුබ‍්බං. අථ ඛො යානි තානි කුලානි අඩ‍්ඪානි මහද‍්ධනානි මහාභොගානි පහූතජාතරූපරජතානි පහූතවිත‍්තූපකරණානි පහූතධනධඤ‍්ඤානි, සබ‍්බානි තානි දානසම‍්භූතානි චෙව සච‍්චසම‍්භූතානි ච සඤ‍්ඤමසම‍්භූතානි ච.

ගාමිණී, මම යමක් සිහි කෙරෙම් නම් එය මෙයින් එකානූවන කප ය. (මේ දෑතුර) පැසුණු අහරක් දීම් පමණකින් නට විරූ කිසි කුලයක් නො දනිමි. යලි දු ආඪ්‍ය වූ මහත් ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ ප්‍රීත්‍යූපකරණ ඇති බොහෝ ධන ධාන්‍ය ඇති යම් ඒ කුලයෝ වෙත් නම් ඒ සියල්ලෝ දන් දීමෙන් හට ගත්තාහු ද සබවසින් හට ගත්තාහු ද ශීල සංයමයෙන් හටගත්තාහු ද වෙති.

අට‍්ඨ ඛො ගාමණි හෙතූ අට‍්ඨ පච‍්චයා කුලානං උපඝාතාය. රාජතො වා කුලානි උපඝාතං ගච‍්ඡන‍්ති, චොරතො වා කුලානි උපඝාතං ගච‍්ඡන‍්ති, අග‍්ගිතො වා කුලානි උපඝාතං ගච‍්ඡන‍්ති, උදකතො වා කුලානි උපඝාතං ගච‍්ඡන‍්ති, නිහිතං වා නාධිගච‍්ඡන‍්ති, දුප‍්පයුත‍්තා වා කම‍්මන‍්තං ජහන‍්ති, කුලානං වා කුලඞ‍්ගාරො උප‍්පජ‍්ජති, යො තෙ භොගෙ විකිරති විධමති විද‍්ධංසෙති, අනිච‍්චතායෙව අට‍්ඨමීති. ඉමෙ ඛො ගාමණි අට‍්ඨ හෙතූ අට‍්ඨ පච‍්චයා කුලානං උපඝාතාය. ඉමෙසු ඛො ගාමණි අට‍්ඨසු හෙතූසු අට‍්ඨසු පච‍්චයෙසු සන‍්තෙසු සංවිජ‍්ජමානෙසු යො මං එවං වදෙය්‍ය: “උච‍්ඡෙදාය භගවා කුලානං පටිපන‍්නො, අනයාය භගවා කුලානං පටිපන‍්නො, උපඝාතාය භගවා කුලානං පටිපන‍්නොති. තං ගාමණි වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙති.

ගාමිණී, කුල නැසීම පිණිස හේතු අටෙකි. ප්‍රත්‍යය අටෙකි. රජුන්ගෙන් හෝ කුල නැසීමට යේ. සොරුන්ගෙන් හෝ කුල නැසීමට යේ. ගින්නෙන් හෝ කුල නැසීමට යේ. දියෙන් හෝ කුල නැසීමට යේ. තැන්පත් කරන ලද්ද හෝ නො ලබත්. වරදවා යොදන ලද සේවකයෝ හෝ කර්‍මාන්ත අත් හරිත්. යමෙක් ඒ භෝගයන් විසුරුවා ද පිඹ හරී ද වනසා දමා ද කුලයෙහි එබඳු කුල අඟුරෙක් හෝ උපදී. අනිස බවම අට වැන්න ය. ගාමිණී, කුල නැසීම පිණිස මේ හේතු අට ය. ප්‍රත්‍යය අට ය. ගාමිණී, මේ හේතු අට මේ ප්‍රත්‍ය අට ඇති කල්හි පවත්නා කල්හි යමෙක් “භාග්‍යවතුන් වහන්සේ කුල සිඳීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පිරිහෙළීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල නැසීම පිණිස පිළිපන්හ”යි මට මෙසේ කියන්නේ නම් ගාමිණී, ඒ වචනය අත් නො හැර ඒ සිත අත් නො හැර ඒ දිට අත් නො බැහැර කොට ගෙනෙන ලද්දක් බහා තබන ලද්දේ යම් සේ නම් එමෙන් නිරයෙහි වේ යී.

එවං වුත‍්තෙ අසිබන්‍ධකපුත‍්තො ගාමණි භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භන‍්තෙ -පෙ- උපාසකං මං භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: වහන්ස, ඉතා මැනවි. … භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්වා යි.