මණිචූළකසුත්තං
8. 1. 10.
8. 1. 10.
මණිචූළකසුත්තං
මණිචූළක සූත්‍රය
424. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජන්තෙපුරෙ රාජපරිසාය සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි: “කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං, සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, පතිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජත”න්ති.
424. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි රජුගේ ඇතුළු නුවර රජ පිරිසෙහි එක්රැස් ව හිඳගත්තවුන් අතර මේ අතුරු කථාව පහළ විය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී පිළිගනිති යි.
තෙන ඛො පන සමයෙන මණිචූලකො ගාමණි තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො මණිචූළකො ගාමණි තං පරිසං එතදවොච: මා අය්යා එවං අවචුත්ථ. න කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං, න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, න පතිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා අපෙතජාතරූපරජතාති. අසක්ඛි ඛො මණිචූළකො ගාමණි තං පරිසං සඤ්ඤාපෙතුං. අථ ඛො මණිචූළකො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මණිචූළකො ගාමණි භගවන්තං එතදවොච:
එකල්හි මණිචූළක ගාමිණී තෙමේ ඒ පිරිසෙහි හුන්නේ වෙයි. ඉක්බිති මණිචූළක ගාමිණී තෙමේ ඒ පිරිසට මෙය කීය: ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියනු මැනව. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී නො කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තැබූ රන් රුවන් ඇති ය හ. ඉවත් වූ රන්රිදී ඇති ය හ යි. මණිචූළක ගාමිණී තෙමේ ඒ පිරිස හඟවන්නට හැකි විය. එකල්හි මණිචූළක ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් මණිචූළක ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය:
ඉධ භන්තෙ රාජන්තෙපුරෙ රාජපරිසාය සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං, සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, පතිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතන්ති. එවං වුත්තාහං භන්තෙ තං පරිසං එතදවොච: මා අය්යා එවං අවචුත්ථ. න කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං, න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, නපතිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා අපෙතජාතරූපරජතාති. අසක්ඛිං ඛොහං තං භන්තෙ පරිසං සඤ්ඤාපෙතුං. කච්චාහං භන්තෙ එවං ව්යාකරමානො වුත්තවාදී චෙව භගවතො හොමි, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛාමි, ධම්මස්ස චානුධම්මං ව්යාකරොමි, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡතීති.
වහන්ස, මෙහි රජුගේ ඇතුළු පුර රජ පිරිසෙහි එක් රැස් ව හිඳ ගත්ත වුන් අතර මේ අතුරු කථාව පහළ විය: ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී පිළිගනිතියි. වහන්ස, මෙසේ කී කල්හි මම ඒ පිරිසට මෙය කීමි: ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියනු මැනවි. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී නො කැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තැබූ රන් රුවන් ඇතියහ. ඉවත් වූ රන් රිදී ඇතියහ යි. වහන්ස, මම ඒ පිරිස හඟවන්නට හැකි වීමි. වහන්ස කිම, මම මෙසේ පවසන්නෙම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෙක් වෙම් ද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද චෝදනා කෙරෙම් ද? දහමට අනු දහමක් පවසන්නෙම් ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ දැ යි.
තග්ඝ ත්වං ගාමණි එවං ව්යාකරමානො වුත්තවාදී චෙව මෙ හොසි, න ච මං අභූතෙන අබ්භාචික්ඛසි, ධම්මස්ස චානුධම්මං ව්යාකරොසි, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡති. න හි කප්පති ගාමණි සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං, න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, න පතිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සාක්යපුත්තියා අපෙතජාතරූපරජතා.
ගාමිණී, ඒකාන්තයෙන් තෙපි මෙසේ පවසන්නාහු ම විසින් කියන ලද්දක් කියන්නෙක් ද වවු. මට බොරුවෙන් නො ද චෝදනා කරවු. දහමට ද අනු දමක් පවසවු. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ. ගාමිණී, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී නො ම කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තැබූ රන් රුවන් ඇතියහ. ඉවත් වූ රන්රිදී ඇතියහ.
යස්ස ඛො ගාමණි ජාතරූපරජතං කප්පති, පඤ්චපි තස්ස කාමගුණා කප්පන්ති. යස්ස පඤ්චකාමගුණා කප්පන්ති, එකංසෙනෙතං ගාමණි ධාරෙය්යාසි: අස්සමණධම්මො අසක්කියපුත්තියධම්මොති. අපිචාහං ගාමණි එවං වදාමි: තිණං තිණත්ථිකෙන පරියෙසිතබ්බං, දාරුං දාරුත්ථිකෙන පරියෙසිතබ්බං, සකටං සකටත්ථිකෙන පරියෙසිතබ්බං, පුරිසො පුරිසත්ථිකෙන පරියෙසිතබ්බො. නත්වෙවාහං ගාමණි කෙනචි පරියායෙන ජාතරූපරජතං සාදිතබ්බං පරියෙසිතබ්බන්ති වදාමීති.
ගාමිණී, යමකුට රන්රිදී කැප වේ නම් ඔහුට පස් කම් ගුණ ම කැප වේ. යමකුට පස් කම් ගුණ කැප වේ නම් ඒකාන්තයෙන් අශ්‍රමණ ධර්ම ඇත්තෙක. අශාක්‍යපුත්‍රීය ධර්ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. ගාමිණී වැලි දු මම මෙසේ කියමි. තණ වලින් ප්‍රයෝජන ඇත්තහු විසින් තණ සෙවිය යුතු ය. දැව වලින් ප්‍රයෝජන ඇත්තහු විසින් දැව සෙවිය යුතු ය. ගැලින් ප්‍රයෝජන ඇත්තහු විසින් ගැල සෙවිය යුතු ය. පුරුෂයාගෙන් ප්‍රයෝජන ඇත්තහු විසින් පුරුෂයා සෙවිය යුතු ය. ගාමිණී, කිසි අයුරකින් රන්රිදී ඉවසිය යුතු ය, සෙවිය යයි මම නො ම කියමි.