යෙදුමෙන් කියවන්න

භද්‍රකසුත‍්තං

8. 1. 11.

8. 1. 11.

භද්‍රකසුත‍්තං

භද්‍රක සූත්‍රය

425. එකං සමයං භගවා මල‍්ලෙසු විහරති උරුවෙලකප‍්පං නාම මල‍්ලානං නිගමො. අථ ඛො භද්‍රකො ගාමණි යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො භද්‍රකො ගාමණි භගවන‍්තං එතදවොච: සාධු මෙ භන‍්තෙ භගවා දුක‍්ඛස‍්ස සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච දෙසෙතූති. අහඤ‍්චෙ තෙ ගාමණි අතීතං අද‍්ධානං ආරබ‍්භ දුක‍්ඛස‍්ස සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච දෙසෙය්‍යං: “එවං අහොසි අතීතමද‍්ධාන”න‍්ති, තත්‍ර තෙ සියා කඞ‍්ඛා සියා විමති. අහඤ‍්චෙ තෙ ගාමණි අනාගතමද‍්ධානං ආරබ‍්භ දුක‍්ඛස‍්ස සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච දෙසෙය්‍යං: “එවං භවිස‍්සති අනාගතමද‍්ධාන”න‍්ති, තත්‍රාපි තෙ සියා කඞ‍්ඛා සියා විමති. අපිචාහං ගාමණි ඉධෙව නිසින‍්නො එත්‍ථ ව තෙ නිසින‍්නස‍්ස දුක‍්ඛස‍්ස සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච දෙසිස‍්සාමි. තං සුණොහි, සාධුකං මනසි කරොහි, භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො භද්‍රකො ගාමණි භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච:

425. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙහි උරුවේලකප්ප නම් මල්ලයන්ගේ නියම් ගම්හි වැඩ වසන සේක. එකල්හි භද්‍රක ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් භද්‍රක ගාමිණී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: “මැනවැ වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දේශනා කරන සේක්වා” යි. ගාමිණී ඉදින් මම තොපට ඉකුත් කල ඇරබ “ඉකුත් කල මෙසේ විය” යි දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙම් නම් එහි ලා තොපට සැකයෙක් වන්නේ ය, විමතියක් වන්නේ ය. ගාමිණී, ඉදින් මම තොපට මතු කල ඇරබ “මතු කල මෙසේ වන්නේ ය” යි දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙම් නම් එහි ලා ද තොපට සැකයෙක් වන්නේ ය, විමතියක් වන්නේ ය. ගාමිණී, වැලි දු මම මෙහි ම හුන්නෙම් මෙහි ම හුන් තොපට දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය වහන්සැ යි භද්‍රක ගාමිණී භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

තං කිම‍්මඤ‍්ඤසි ගාමණි අත්‍ථි තෙ උරුවෙලකප‍්පෙ මනුස‍්සා යෙසන‍්තෙ වධෙන වා බන්‍ධෙන වා ජානියා වා ගරහාය වා උප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති. අත්‍ථි මෙ භන‍්තෙ උරුවෙලකප‍්පෙ මනුස‍්සා යෙසං මෙ වධෙන වා බන්‍ධෙන වා ජානියා වා ගරහාය වා උප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති. අත්‍ථි පන තෙ ගාමණි උරුවෙලකප‍්පෙ මනුස‍්සා යෙසන‍්තෙ වධෙන වා බන්‍ධෙන වා ජානියා වා ගරහාය වා නූප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති. අත්‍ථි මෙ භන‍්තෙ උරුවෙලකප‍්පෙ මනුස‍්සා යෙසං මෙ වධෙන වා බන්‍ධෙන වා ජානියා වා ගරහාය වා නූප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති.

ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් කෙනෙකුන්ගේ නැසීම හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් උරුවේලකප්පයෙහි තොපට එබඳු මිනිස්සු ඇද්දැ යි. වහන්ස, යම් කෙනෙකුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් උරුවේලකප්පයෙහි මට එබඳු මිනිස්සු ඇතැ යි. ගාමිණී, යම් කෙනෙකුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් උරුවේලකප්පයෙහි තොපට එබඳු මිනිස්සු ඇද්දැ? යි. වහන්ස, යම් කෙනෙකුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් උරුවේලකප්පයෙහි මට මෙබඳු මිනිස්සු ඇතැ යි.

කොනු ඛො ගාමණි හෙතු කො පච‍්චයො යෙන තෙ එකච‍්චානං උරුවෙලකප‍්පියානං මනුස‍්සානං වධෙන වා බන්‍ධෙන වා ජානියා වා ගරහාය වා උප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා? කො පන ගාමණී හෙතු කො පච‍්චයො යෙන තෙ එකච‍්චානං උරුවෙලකප‍්පියානං මනුස‍්සානං වධෙන වා බන්‍ධෙන වා ජානියා වා ගරහාය වා නූප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති. යෙසං මෙ භන‍්තෙ උරුවෙලකප‍්පියානං මනුස‍්සානං වධෙන වා බන්‍ධෙන වා ජානියා වා ගරහාය වා උප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා, අත්‍ථි මෙ තෙසු ඡන්‍දරාගො. යෙසං පන මෙ භන‍්තෙ උරුවෙලකප‍්පියානං මනුස‍්සානං වධෙන වා බන්‍ධෙන වා ජානියා වා ගරහාය වා නූප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා, නත්‍ථි මෙ තෙසු ඡන්‍දරාගොති.

ගාමිණී, යම් හෙයකින් තොපට උරුවේලකප්ප වැසි ඇතැම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ගාමිණී, යම් හෙයකින් තොපට උරුවේලකප්ප වැසි ඇතැම් මිනිස්සුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ යි. වහන්ස, උරුවේලකප්ප වැසි යම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් ඔවුන් කෙරෙහි මට ඡන්‍දරාගය ඇත. වහන්ස, උරුවේලකප්ප වැසි යම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් ඔවුන් කෙරෙහි මට ඡන්‍ද රාගය නැතැ යි.

ඉමිනා ත්‍වං ගාමණි ධම‍්මෙන දිට‍්ඨෙන විදිතෙන අකාලිකෙන පත‍්තෙන පරියොගාළ‍්හෙන අතීතානාගතෙ නයං නෙහි, යං ඛො කිඤ‍්චි අතීතමද‍්ධානං දුක‍්ඛං උප‍්පජ‍්ජමානං උප‍්පජ‍්ජති, සබ‍්බන‍්තං ඡන්‍දමූලකං ඡන්‍දනිදානං. ඡන්‍දො හි මූලං දුක‍්ඛස‍්ස. යං හි කිඤ‍්චි අනාගතමද‍්ධානං දුක‍්ඛං උප‍්පජ‍්ජමානං උප‍්පජ‍්ජිස‍්සති, සබ‍්බන‍්තං ඡන්‍දමූලකං ඡන්‍දනිදානං. ඡන්‍දො හි මූලං දුක‍්ඛස‍්සාති. අච‍්ඡරියං භන‍්තෙ අබ‍්භුතං භන‍්තෙ යාව සුභාසිතමිදං භන‍්තෙ භගවතා “යං කිඤ‍්චි අතීතමද‍්ධානං දුක‍්ඛං උප‍්පජ‍්ජමානං උප‍්පජ‍්ජති සබ‍්බන‍්තං ඡන්‍දමූලකං ඡන්‍දනිදානං, ඡන්‍දො හි මූලං දුක‍්ඛස‍්ස. යං කිඤ‍්චි අනාගතමද‍්ධානං දුක‍්ඛං උප‍්පජ‍්ජමානං උප‍්පජ‍්ජිස‍්සති සබ‍්බන‍්තං ඡන්‍දමූලකං ඡන්‍දනිදානං, ඡන්‍දො හි මූලං දුක‍්ඛස‍්සාති.

ගාමිණී, දුටු දත් අකාලික වූ පැමිණි බැසගත් මේ දහම් තෙපි අතීතානාගත දෙක්හි නය පමුණුවවු. ඉකුත් කල යම් කිසි දුකක් උපදනේ උපදී ද, ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුල් ය. මතු කල යම් කිසි දුකක් උපදනේ උපදින්නේ ද ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි. වහන්ස අසිරියෙකි. වහන්ස පුදුමයෙකි. වහන්ස ඉකුත් කල යම් කිසි දුකක් උපන්නේ උපදී නම් ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුල් ය. මතු කල යම් කිසි දුකක් උපන්නේ උපදින්නේ නම් ඒ සියල්ල ආසාව මුල්කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතරම් මැනවින් වදාරන ලද්දේ ද?

අත්‍ථි මෙ භන‍්තෙ චිරවාසී නාම කුමාරො, බහි ආවසථෙ පටිවසති. සො ඛ‍්වාහං භන‍්තෙ කාලස‍්සෙව වුට‍්ඨාය පුරිසං උය්‍යොජෙමි: “ගච‍්ඡ භණෙ චිරවාසිං කුමාරං ජානාහීති. යාවකීවඤ‍්ච භන‍්තෙ සො පුරිසො නාගච‍්ඡති තස‍්ස මෙ හොතෙව අඤ‍්ඤථත‍්තං; මා හෙව චිරවාසිස‍්ස කුමාරස‍්ස කිඤ‍්චි ආබාධයිත්‍ථාති. තං කිම‍්මඤ‍්ඤසි ගාමණි, චිරවාසිස‍්ස තෙ කුමාරස‍්ස වධෙන වා බන්‍ධෙන වා ජානියා වා ගරහාය වා උප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති. චිරවාසිස‍්ස මෙ භන‍්තෙ කුමාරස‍්ස වධෙන වා බන්‍ධෙන වා ජානියා වා ගරහාය වා ජීවිතස‍්සපි සියා අඤ‍්ඤථත‍්තං, කිම‍්පන මෙ නුප‍්පජ‍්ජිස‍්සන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති. ඉමිනාපි ඛො එතං ගාමණි පරියායෙන වෙදිතබ‍්බං “යං කිඤ‍්චි දුක‍්ඛං උප‍්පජ‍්ජමානං උප‍්පජ‍්ජති, සබ‍්බන‍්තං ඡන්‍දමූලකං ඡන්‍දනිදානං. ඡන්‍දො හි මූලං දුක‍්ඛස‍්සා”ති.

වහන්ස, මට චිරවාසී නම් කුමරෙක් ඇත. නුවරින් බැහැර වෙසෙයි. වහන්ස, ඒ මම කලින් ම නැගිට “කොල යව, චිරවාසී කුමරු දනුව” යි පුරුෂයකු පිටත් කොට යවමි. වහන්ස, යම් තාක් ඒ පුරුෂ තෙමේ නො පැමිණේ ද (ඒ තාක්) චිරවාසී කුමරුට කිසි පීඩාවක් නො වේ වා යි ඒ මට අන් අයුරෙක් වේ මැ යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? චිරවාසී කුමරහුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු දැ යි. වහන්ස, කුමරහුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මාගේ දිවියෙහි ද අන් අයුරෙක් වන්නේ ය. කිමෙක් දමට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනා හු දැ යි. ගාමිණී, යම් කිසි දුකක් උපදනේ උපදී නම් ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි මෙය මේ නයෙනුදු දත යුත්තේ ය.

තං කිම‍්මඤ‍්ඤසි ගාමණි යදා තෙ චිරවාසිස‍්ස මාතා අදිට‍්ඨා ආසි අස‍්සුතා, අහොසි චිරවාසිස‍්ස මාතුයා ඡන්‍දො වා රාගො වා පෙමං වාති. නො හෙතං භන‍්තෙ. දස‍්සනං වා තෙ ගාමණි ආගම‍්ම සවනං වා තෙ ගාමණි ආගම‍්ම එවන‍්තෙ අහොසි: චිරවාසිස‍්ස මාතුයා ඡන්‍දො වා රාගො වා පෙමං වාති. එවං භන‍්තෙ. තං කිම‍්මඤ‍්ඤසි ගාමණි. චිරවාසිස‍්ස මාතුයා තෙ වධෙන වා බන්‍ධෙන වා ජානියා වා ගරහාය වා උප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති. චිරවාසිස‍්ස මාතුයා මෙ භන‍්තෙ වධෙන වා බන්‍ධෙන වා ජානියා වා ගරහාය වා ජීවිතස‍්සපි සියා අඤ‍්ඤථත‍්තං, කිම‍්පන මෙ නූප‍්පජ‍්ජිස‍්සන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති. ඉමිනාපි ඛො එතං ගාමණි පරියායෙන වෙදිතබ‍්බං යං කිඤ‍්චි දුක‍්ඛං උප‍්පජ‍්ජමානං උප‍්පජ‍්ජති සබ‍්බන‍්තං ඡන්‍දමූලකං ඡන්‍දනිදානං. ඡන්‍දො හි මූලං දුක‍්ඛස‍්සාති.

ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙක තා විසින් චිරවාසිගේ මව නො දක්නා ලද්දී වූවා ද නො අසන ලද්දී වූවා ද (එකල්හි) චිරවාසී මව කෙරෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ වී දැ යි. වහන්ස, මෙය නොවේ ම ය. ගාමිණී, තාගේ දැකීමට පැමිණ හෝ ඇසීමට පැමිණ හෝ මෙසේ තොපට චිරවාසී මව කෙරෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ වී දැයි. වහන්ස, එසේ ය. ගාමිණී, ඒ කිමැයි හඟිහි ද? චිරවාසී මවගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු දැ යි. වහන්ස, චිරවාසි මවගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මාගේ දිවියෙහි දු අන් අයුරෙක් වන්නේ ය. කිමෙක් ද මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදින්නාහු දැ යි. ගාමිණී, යම් කිසි දුකෙක් උපදනේ උපදී නම් ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි. මෙය මේ නයෙනුදු දත යුත්තේ ය.