රාසියසුත‍්තං
8. 1. 12.
8. 1. 12.
රාසියසුත‍්තං
රාසිය සූත්‍රය
426. අථ ඛො රාසියො ගාමණි යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො රාසියො ගාමණි භගවන‍්තං එතදවොච: සුතං මෙතං භන‍්තෙ සමණො ගොතමො සබ‍්බං තපං ගරහති, සබ‍්බං තපස‍්සිං ලූඛාජීවිං එකංසෙන උපවදති උපක‍්කොසතීති. යෙ තෙ භන‍්තෙ එවමාහංසු: සමණො ගොතමො සබ‍්බං තපං ගරහති, සබ‍්බං තපස‍්සිං ලූඛජීවිං එකංසෙන උපවදති උපක‍්කොසතීති. කච‍්චි තෙ භන‍්තෙ භගවතො වුත‍්තවාදිනො න ච භගවන‍්තං අභූතෙන අබ‍්භාචික‍්ඛන‍්ති, ධම‍්මස‍්ස චානුධම‍්මං ව්‍යාකරොන‍්ති, න ච කොචි සහධම‍්මිකො වාදානුපාතො ගාරය‍්හං ඨානං ආගච‍්ඡතීති.
426. එකල්හි රාසිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් රාසිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. වහන්ස, ශ්‍රමණ ගෞතම සියලු තපස ගරහ යි. රූක්‍ෂජීවිකාව ඇති සියලු තපසුන්ට ඒකාන්තයෙන් දොස් කිය යි. අපහාස කෙරේ යි. ම විසින් මෙය අසන ලදි. වහන්ස, “ශ්‍රමණ ගෞතම සියලු තපස ගරහයි. රළු දිවි ඇති සියලු තපසුන්ට එකැතින් දොස් කියයි. අපහාස කෙරේ” යි යම් ඒ කෙනෙක් මෙසේ කීහු නම්, වහන්ස, කිම ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන සුලු ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නො කෙරෙද් ද? දහමට අනුකූල දහමක් ප්‍රකාශ කෙරෙද් ද? කිසියම් කරුණු සහිත වාදානුපාතයෙක් ගැරහිය යුතු බවට නො ම පැමිණේ දැ යි.
යෙ තෙ ගාමණි එවමාහංසු: සමණො ගොතමො සබ‍්බං තපං ගරහති, සබ‍්බං තපස‍්සිං ලූඛජීවිං එකංසෙන උපවදති, උපක‍්කොසතීති, න මෙ තෙ වුත‍්තවාදිනො, අබ‍්භාචික‍්ඛන‍්ති ච පන මං තෙ අසතා අභූතෙන. ද‍්වෙ මෙ ගාමණි අන‍්තා පබ‍්බජිතෙන න සෙවිතබ‍්බා: යො චායං කාමෙසු කාමසුඛල‍්ලිකානුයොගො හීනො ගම‍්මො පොථුජ‍්ජනිකො අනරියො අනත්‍ථසංහිතො. යො චායං අත‍්තකිලමථානුයොගො දුක‍්ඛො අනරියො අනත්‍ථසංහිතො. එතෙ තෙ ගාමණි උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣිමා පටිපදා තථාගතෙන අභිසම‍්බුද‍්ධා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. කතමා ච සා ගාමණි මජ‍්ඣිමා පටිපදා තථාගතෙන අභිසම‍්බුද‍්ධා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො සා ගාමණි මජ‍්ඣිමා පටිපදා තථාගතෙන අභිසම‍්බුද‍්ධා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති.
ගාමිණී, ශ්‍රමණ ගෞතම සියලු තපස ගරහයි. රළු දිවි ඇති තපසුන්ට එකැතින් දොස් කියයි. අපහාස කෙරේ යි, යම් කෙනෙක් මෙසේ කීහු නම් ඔහු ම විසින් කියන ලද්දක් කියන සුලු නො වෙති. ඔහු අසත්‍යයෙන් අභූතයෙන් මට චෝදනා ද කෙරෙති. ගාමිණී, පැවිද්දහු විසින් නො සෙවිය යුතු මේ අන්ත දෙකෙකි: ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුන් හට අයත් අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ කාමයන්හි යම් මේ කම්සුවය අනුව යෙදීමකුත් වේ ද, දුක් වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ යම් මේ සිරුරට දුක් දීමෙහි යෙදීමකුත් වේ ද (යන මේ දෙකයි). ගාමිණී, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ වෙසෙසින් අවබෝධ කරන ලද මැදුම් පිළිවෙත ඇස ඇති කරන්නේ ය. නැණ ඇති කරන්නේ ය. වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. තථාගතයන් විසින් අවබෝධ කරන ලද ඇස ඇති කරන නැණ ඇති කරන ඒ කවර නම් මැදුම් පිළිවෙතක් කෙලෙස් සන්සිඳීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී ද, මේ අරි අටඟි මඟ මැ යි. එනම්: සම්මා දිට්ඨි … සම්මා සමාධි යි. ගාමිණී, තථාගතයන් විසින් අවබෝධ කරන ලද ඒ මේ මැදුම් පිළිවෙත ඇස ඇති කරන්නේ ය. නැණ ඇති කරන්නේ ය. සන් හිඳීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී.
තයො ඛො මෙ ගාමණි කාමභොගිනො සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ තයො, ඉධ ගාමණි එකච‍්චො කාමභොගී අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන අධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන න අත‍්තානං සුඛෙති න පීණෙති න සංවිභජති න පුඤ‍්ඤානි කරොති. ඉධ පන ගාමණි එකච‍්චො කාමභොගී අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන. අධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන අත‍්තානං සුඛෙති පීණෙති න සංවිභජති න පුඤ‍්ඤානි කරොති. ඉධ පන ගාමණි එකච‍්චො කාමභොගී අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන. අධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන අත‍්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ‍්ඤානි කරොති.
ගාමිණී, මේ කාමභෝගීහු තිදෙනෙක් ලොව ඇතියහ. විද්‍යාමානයහ. කවර තිදෙනෙක් ද යත්: ගාමිණී, මෙහි ඇතැම් කාමභෝගියෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් නො කෙරෙයි. නො පිණවයි. අනුන්ට නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් කෙරෙයි. පිණවයි. අනුන්ට නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් කෙරෙයි. පිණවයි. අනුන්ට බෙදයි. පින් ද කෙරෙයි.
ඉධ පන ගාමණි එකච‍්චො කාමභොගී ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි. ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙනපි අසාහසෙනපි න අත‍්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ‍්ඤානි කරොති. ඉධ පන ගාමණි එකච‍්චො කාමභොගී ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි. ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙනපි අසාහසෙනපි අත‍්තානං සුඛෙති පීණෙති න සංවිභජති න පුඤ‍්ඤානි කරොති. ඉධ පන ගාමණි එකච‍්චො කාමභොගී ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි. ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙනපි අසාහසෙනපි අත‍්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ‍්ඤානි ච කරොති.
ගාමිණී, මෙහි ඇතැම් මෙහි ඇතැම් කම්සැප විඳින්නෙක් දැහැමින් හා නො දැහැමින් ද සැහැසිකමින් හා නො සැහැසිකමින් ද භෝග සොයයි. දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සුවපත් නො කෙරෙයි. නො පිණවයි. නො බෙදයි. පින් නො කරයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයයි. දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයයි. දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. බෙදයි. පින් ද කෙරෙයි.
ඉධ පන ගාමණි එකච‍්චො කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන න අත‍්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ‍්ඤානි කරොති. ඉධ පන ගාමණි එකච‍්චො කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන අත‍්තානං සුඛෙති පීණෙති න සංවිභජති න පුඤ‍්ඤානි කරොති. ඉධ පන ගාමණි එකච‍්චො කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන අත‍්තානං සුඛෙති පීණෙති, සංවිභජති, පුඤ‍්ඤානි ච කරොති. තෙ ච භොගෙ ගථිතො මුච‍්ඡිතො අජ‍්ඣාපන‍්නො අනාදීනවදස‍්සාවී අනිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජති. ඉධ පන ගාමණි එකච‍්චො කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන අත‍්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ‍්ඤානි ච කරොති. තෙ ච භොගෙ අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජති.
ගාමිණී, මෙහි ඇතැම් කම් සැප විඳින්නෙක් දැහැමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයයි. දැහැමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් නො කෙරෙයි. නො පිණවයි. නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සැප විඳින්නෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සැප විඳින්නෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. බෙදයි. පින් ද කෙරෙයි. ඒ භෝග ද ඇලුනේ මුසපත් වූයේ ගැලුනේ දොස් නො දක්නාසුලු ව නික්ම යෑමේ නුවණ නැති ව වළඳයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සැප විඳින්නෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. බෙදයි. පින් ද කෙරෙයි. ඒ භෝග ද නො ඇලී නො මුසපත් ව නො ගැලී දොස් දක්නා සුලු ව නික්ම යෑමේ නුවණ ඇති ව වළඳයි.
තත්‍ර ගාමණි ය‍්වායං කාමභොගී අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන න අත‍්තානං සුඛෙති පීණෙති න සංවිභජති න පුඤ‍්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී තීහි ඨානෙහි ගාරය‍්හො. කතමෙහි තීහි ඨානෙහි ගාරය‍්හො. අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය‍්හො. න අත‍්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය‍්හො. න සංවිභජති න පුඤ‍්ඤානි කරොතීති ඉමිනා තතියෙන ඨානෙන ගාරය‍්හො. අයං ගාමණි කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි ගාරය‍්හො.
ගාමිණී, එහි යම් කම් සැප විඳින්නෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා ද නො දැහැමින් සැහැසි කමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කම් සැප විඳින්නා කරුණු තුනකින් ගැරහිය යුතු ය. කවර කරුණු තුනකින් ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වැනි කරුණින් ගැරහිය යුතු ය. තමා සුවපත් නො කෙරෙයි, නො පිනවයි. මේ දෙවැනි කරුණෙන් ද ගැරහිය යුතු ය. නො බෙදයි, පින් නො කෙරෙයි. මේ තෙවෙනි කරුණින් ද ගැරහිය යුතු ය. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ තෙ කරුණෙන් ගැරහිය යුතු වේ.
තත්‍ර ගාමණි ය‍්වායං කාමභොගී අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන අත‍්තානං සුඛෙති පීණෙති න සංවිභජති න පුඤ‍්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො, එකෙන ඨානෙන පාසංසො. කතමෙහි ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො? අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය‍්හො. න සංවිභජති න පුඤ‍්ඤානි කරොතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය‍්හො. කතමෙන එකෙන ඨානෙන පාසංසො: අත‍්තානං සුඛෙති පීණෙතීති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. අයං ගාමණි කාමභොගී ඉමෙහි ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො, ඉමිනා එකෙන ඨානෙන පාසංසො.
ගාමිණී, එහි යම් මේ කාමභෝගියෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් කෙරේ ද පිණවා ද නො බෙදා ද පින් නො කොරේ ද, ගාමිණී, මේ කාම භෝගී තෙමේ දෙ කරුණෙකින් ගැරහිය යුතු වේ. එක් කරුණෙකින් පැසසිය යුතු වේ. කවර දෙ කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොය යි. මේ පළමු වැනි කරුණින් ගැරහිය යුතු වේ. නො බෙදයි. පින් නො කෙරේ යි. මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතු වේ. කවර එක් කරුණෙකින් පැසසිය යුතු වේ ද යත්: තමා සැපවත් කෙරෙයි. පිණවා යි. මේ එක් කරුණෙන් පැසසිය යුතු වේ. ගාමිණී, මේ කාම භෝගී තෙමේ මේ දෙ කරුණෙන් ගැරහිය යුතු වේ. මේ එක් කරුණෙන් පැසසිය යුතු වේ.
තත්‍ර ගාමණි ය‍්වායං කාමභොගී අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙන අත‍්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ‍්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී එකෙන ඨානෙන ගාරය‍්හො, ද‍්වීහි ඨානෙහි පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය‍්හො: අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො. කතමෙහි ද‍්වීහි ඨානෙහි පාසංසො: අත‍්තානං සුඛෙති පීණෙතීති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ‍්ඤානි කරොතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. අයං ගාමණි කාමභොගී ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො, ඉමෙහි ද‍්වීහි ඨානෙහි පාසංසො.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා ද නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද, බෙදා ද, පින් කෙරේ ද, ගාමිණී, මේ කාම භෝගී තෙමේ එක් කරුණකින් ගැරහිය යුතු වේ. දෙ කරුණෙකින් පැසසිය යුතු වේ. කවර එක් කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොය යි. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. කවර දෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: තමා සැපවත් කෙරේ, පිණවා යි. මේ පළමු වන කරුණින් පැසසිය යුතු වේ. බෙදයි, පින් කෙරෙ යි. මේ දෙ වන කරුණෙන් පැසසිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. මේ දෙ කරුණින් පැසසිය යුතු වේ.
තත්‍ර ගාමණි ය‍්වායං කාමභොගී ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි, ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙනපි අසාහසෙනපි න අත‍්තානං සුඛෙති න පීණෙති න සංවිභජති න පුඤ‍්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී එකෙන ඨානෙන පාසංසො, තීහි ඨානෙහි ගාරය‍්හො. කතමෙන එකෙන ඨානෙන පාසංසො: ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. කතමෙහි තීහි ඨානෙහි ගාරය‍්හො: අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය‍්හො. න අත‍්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය‍්හො. න සංවිභජති න පුඤ‍්ඤානි කරොතීති ඉමිනා තතියෙන ඨානෙන ගාරය‍්හො. අයං ගාමණි කාමභොගී ඉමිනා එකෙන ඨානෙන පාසංසො, ඉමෙහි තීහි ඨානෙහි ගාරය‍්හො.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා ද දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් නො කෙරේ ද නො පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කාම භෝගී තෙමේ එක් කරුණෙකින් පැසසිය යුතු වේ. තෙ කරුණෙකින් ගැරහිය යුතු වේ. කවර එක් කරුණෙකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොය යි. මේ එක් කරුණෙන් පැසසිය යුතු වේ. කවර තෙ කරුණෙන් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොය යි. මේ පළමු කරුණින් ගැරහිය යුතු වේ. තමා සැපවත් නො කෙරෙයි. නො පිණවයි. මේ දෙවන කරුණෙන් ගැරහිය යුතු වේ. නො බෙද යි, පින් නො කෙරෙයි. මේ තෙ වන කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ එක්කරුණෙන් පැසසිය යුතු වේ. මේ තෙ කරුණෙන් ගැරහිය යුතු වේ.
තත්‍ර ගාමණි ය‍්වායං කාමභොගී ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි, ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙනපි අසාහසෙනපි අත‍්තානං සුඛෙති පීණෙති, න සංවිභජති න පුඤ‍්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී ද‍්වීහි ඨානෙහි පාසංසො, ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො. කතමෙහි ද‍්වීහි ඨානෙහි පාසංසො: ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත‍්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. කතමෙහි ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො: අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය‍්හො. න සංවිභජති න පුඤ‍්ඤානි කරොතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය‍්හො. අයං ගාමණි කාමභොගී ඉමෙහි ද‍්වීහි ඨානෙහි පාසංසො, ඉමෙහි ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා ද, දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ දෙ කරුණකින් පැසසිය යුතු වේ. දෙ කරුණකින් ගැරහිය යුතු වේ. කවර දෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වන කරුණෙන් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරෙයි, පිණවයි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. කවර දෙ කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වන කරුණින් ගැරහිය යුතු වේ. නො බෙදයි, පින් නො කෙරේ යි මේ දෙවන කරුණෙන් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ දෙ කරුණෙන් පැසසිය යුතු වේ. මේ දෙ කරුණෙන් ගැරහිය යුතු වේ.
තත්‍ර ගාමණි ය‍්වායං කාමභොගී ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි, ධම‍්මාධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා සාහසෙනපි අසාහසෙනපි අත‍්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ‍්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී තීහි ඨානෙහි පාසංසො, එකෙන ඨානෙන ගාරය‍්හො. කතමෙහි තීහි ඨානෙහි පාසංසො: ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත‍්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ‍්ඤානි කරොතීති ඉමිනා තතියෙන ඨානෙන පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය‍්හො: අධම‍්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො. අයං ගාමණි කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි පාසංසො, ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා ද, දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසි කමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද බෙදා ද පින් කෙරේ ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ තෙ කරුණකින් පැසසිය යුතු වේ. එක් කරුණකින් ගැරහිය යුතු වේ. කවර තෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වන කරුණෙන් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරේ, පිණවයි. මේ දෙවන කරුණෙන් පැසසිය යුතු වේ. බෙදයි පින් කෙරෙයි. මේ තෙවන කරුණෙන් පැසසිය යුතු වේ. කවර එක් කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ තෙ කරුණින් පැසසිය යුතු වේ. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ.
තත්‍ර ගාමණි ය‍්වායං කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන න අත‍්තානං සුඛෙති පීණෙති න සංවිභජති න පුඤ‍්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී එකෙන ඨානෙන පාසංසො, ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො. කතමෙන එකෙන ඨානෙන පාසංසො: ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. කතමෙහි ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො: න අත‍්තානං සුඛෙති පීණෙතීති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය‍්හො. න සංවිභජති න පුඤ‍්ඤානි කරොතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය‍්හො. අයං ගාමණි කාමභොගී ඉමිනා එකෙන ඨානෙන පාසංසො, ඉමෙහි ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා ද, දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා තමා සැපවත් නො කෙරේ ද නො පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ එක් කරුණකින් පැසසිය යුතු වේ. දෙ කරුණකින් ගැරහිය යුතු වේ. කවර එක් කරුණකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසි කමින් භෝග සොයයි. මේ එක් කරුණින් පැසසිය යුතු වේ. කවර දෙ කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: තමා සැපවත් නො කෙරෙයි, නො පිණවයි. මේ පළමු වන කරුණින් ගැරහිය යුතු වේ. නො බෙදයි පින් නො කෙරෙයි. මේ දෙවන කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ එක් කරුණින් පැසසිය යුතු වේ. මේ දෙ කරුණින් ගැරහිය යුතු වේ.
තත්‍ර ගාමණි ය‍්වායං කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන අත‍්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ‍්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී ද‍්වීහි ඨානෙහි පාසංසො, එකෙන ඨානෙන ගාරය‍්හො. කතමෙහි ද‍්වීහි ඨානෙහි පාසංසො: ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත‍්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය‍්හො: න සංවිභජති න පුඤ‍්ඤානි කරොතීති ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො. අයං ගාමණි කාමභොගී ඉමෙහි ද‍්වීහි ඨානෙහි පාසංසො, ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා ද, දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ දෙ කරුණකින් පැසසිය යුතු වේ. එක් කරුණකින් ගැරහිය යුතු වේ. කවර දෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. මේ පළමුවන කරුණින් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරෙයි, පිණවයි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. කවර එක් කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: නො බෙදයි. පින් නො කෙරේ යි. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ දෙ කරුණින් පැසසිය යුතු වේ. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ.
තත්‍ර ගාමණි ය‍්වායං කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන අත‍්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ‍්ඤානි කරොති, තෙ ච භොගෙ ගථිතො මුච‍්ඡිතො අජ‍්ඣාපන‍්නො අනාදීනවදස‍්සාවී අනිස‍්සරණ පඤ‍්ඤො පරිභුඤ‍්ජති. අයං ගාමණි කාමභොගී තීහි ඨානෙහි පාසංසො, එකෙන ඨානෙන ගාරය‍්හො. කතමෙහි තීහි ඨානෙහි පාසංසො: ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත‍්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ‍්ඤානි කරොතීති ඉමිනා තතියෙන ඨානෙන පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය‍්හො: තෙ ච භොගෙ ගථිතො මුච‍්ඡිතො අජ‍්ඣාපන‍්නො අනාදීනවදස‍්සාවී අනිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජතීති ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො. අයං ගාමණි කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි පාසංසො, ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා ද, දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද බෙදා ද පින් කෙරේ ද, ඒ භෝගත් ඇලුණේ මුසපත් වූයේ ගැලුණේ දොස් නො දක්නා සුලු වූයේ නික්ම යන නුවණ නැත්තේ වළඳා ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ තෙ කරුණෙකින් පැසසිය යුතු වේ. එක් කරුණෙකින් ගැරහිය යුතු වේ. කවර තෙකරුණෙකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසි කමින් භොග සොයයි. මේ පළමු වන කරුණින් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරෙයි. පිණවයි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. බෙදයි පින් කෙරෙයි. මේ තෙවන කරුණින් පැසසිය යුතු වේ. කවර එක් කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: ඒ භෝගත් ඇලී මුසපත් ව ගැලී දොස් නො දක්නා සුලු ව නික්ම යන නුවණ නැති ව වළඳ යි. මේ එක් කරුණෙන් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ තෙ කරුණෙන් පැසසිය යුතු වේ. මේ එක් කරුණෙන් ගැරහිය යුතු වේ.
තත්‍ර ගාමණි ය‍්වායං කාමභොගී ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා අසාහසෙන අත‍්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ‍්ඤානි කරොති. තෙ ච භොගෙ අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණ පඤ‍්ඤො පරිභුඤ‍්ජති. අයං ගාමණි කාමභොගී චතූහි ඨානෙහි පාසංසො. කතමෙහි චතූහි ඨානෙහි පාසංසො: ධම‍්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත‍්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ‍්ඤානි කරොතීති ඉමිනා තතියෙන ඨානෙන පාසංසො. තෙ ච භොගෙ අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජතීති ඉමිනා චතුත්‍ථෙන ඨානෙන පාසංසො. අයං ගාමණි කාමභොගී ඉමෙහි චතූහි ඨානෙහි පාසංසො.
ගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා ද, දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද බෙදා ද පින් කෙරේ ද, ඒ භෝගත් නො ඇලී නො මුසපත් ව නො ගැලී දොස් දක්නා සුලු ව නික්ම යන නුවණ ඇති ව වළඳා ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ සිවු කරුණෙකින් පැසසිය යුතු වේ. කවර සිවු කරුණෙකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වන කරුණින් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරෙ යි, පිණවා යි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. බෙදයි, පින් කෙරෙයි. මේ තෙවන කරුණින් පැසසියයුතු වේ. ඒ භෝගත් නො ඇලී නො මුසපත් ව නො ගැලී දොස් දක්නා සුලු ව නික්ම යන නුවණ ඇති ව වළඳ යි. මේ සිවු වන කරුණින් පැසසිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ සිවු කරුණින් පැසසිය යුතු වේ.
තයොමෙ ගාමණි තපස‍්සිනො ලූඛජීවිනො සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ තයො: ඉධ ගාමණි එකච‍්චො තපස‍්සී ලූඛජීවී සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති: “අප‍්පෙවනාම කුසලං ධම‍්මං අධිගච‍්ඡෙය්‍යං, අප‍්පෙවනාම උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං සච‍්ඡිකරෙය්‍ය”න‍්ති. සො අත‍්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ‍්ච ධම‍්මං නාධිගච‍්ඡති, උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං න සච‍්ඡිකරොති.
ගාමිණී, රළු දිවි ඇති මේ තවුසෝ තිදෙනෙක් ලොව ඇතියහ. දක්නා ලැබෙති. කවර තිදෙනෙක් ද යත්: ගාමිණී, මෙහි රළු දිවි ඇති ඇතැම් තවුසෙක් “කුසල් දහම් අවබෝධ කරන්නෙම් නම් මැනවි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් පසක් කරන්නෙම් නම් මැනවැ”යි, සැදැහැයෙන් ගිහි ගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙමේ තමා තවයි. හාත්පසින් තවයි. කුසල් දහමකුත් අවබෝධ නො කෙරෙයි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසකුත් නො පසක් කෙරෙයි.
ඉධ පන ගාමණි එකච‍්චො තපස‍්සී ලූඛජීවී සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති: “අප‍්පෙවනාම කුසලං ධම‍්මං අධිගච‍්ඡෙය්‍යං, අප‍්පෙවනාම උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං සච‍්ඡිකරෙය්‍ය”න‍්ති. සො අත‍්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ‍්ච ඛො ධම‍්මං අධිගච‍්ඡති, උත‍්තරිඤ‍්ච මනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං න සච‍්ඡිකරොති.
ගාමිණී, මෙහි රළු දිවි ඇති ඇතැම් තවුසෙක් “කුසල් දහම් අවබෝධ කරන්නෙම් නම් මැනවි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් පසක් කරන්නෙම් නම් මැනවැ”යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. හේ තමා තවයි. හාත්පසින් තවයි. කුසල් දහමක් අවබෝධ කෙරෙයි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් නො පසක් කෙරෙයි.
ඉධ පන ගාමණි එකච‍්චො තපස‍්සී ලූඛජීවී සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති: “අප‍්පෙවනාම කුසලං ධම‍්මං අධිගච‍්ඡෙය්‍යං, අප‍්පෙවනාම උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං සච‍්ඡිකරෙය්‍ය”න‍්ති. සො අත‍්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ‍්ච ධම‍්මං අධිගච‍්ඡති, උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං සච‍්ඡිකරොති.
ගාමිණී, මෙහි රළු දිවි ඇති ඇතැම් තවුසෙක් “කුසල් දහම් අවබෝධ කරන්නෙම් නම් මැනවි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් පසක් කරන්නෙම් නම් මැනවැ”යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. හේ තමා තවයි. වෙසෙසින් තවයි. කුසල් දහමක් අවබෝධ කෙරෙයි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් පසක් කෙරෙයි.
තත්‍ර ගාමණි ය‍්වායං තපස‍්සී ලූඛජීවී අත‍්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ‍්ච ධම‍්මං නාධිගච‍්ඡති, උත‍්තරිඤ‍්ච මනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං න සච‍්ඡිකරොති. අයං ගාමණි තපස‍්සී ලූඛජීවී තීහි ඨානෙහි ගාරය‍්හො. කතමෙහි තීහි ඨානෙහි ගාරය‍්හො: අත‍්තානං ආතාපෙති පරිතාපෙතීති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය‍්හො. කුසලඤ‍්ච ධම‍්මං නාධිගච‍්ඡතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය‍්හො. උත‍්තරිඤ‍්ච මනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං න සච‍්ඡිකරොතීති ඉමිනා තතියෙන ඨානෙන ගාරය‍්හො. අයං ගාමණි තපස‍්සී ලූඛජීවී ඉමෙහි තීහි ඨානෙහි ගාරය‍්හො.
ගාමිණී, එහි රළු දිවි ඇති යම් තවුසෙක් තමා තවා ද වෙසෙසින් තවා ද කුසල් දහමකුත් අවබෝධ නො කෙරේ ද මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් නො පසක් කෙරේ ද, ගාමිණී, රළු දිවි ඇති මේ තවුස් තෙමේ තෙකරුණෙකින් ගැරහිය යුතු වේ. කවර තෙ කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: තමා තවයි. වෙසෙසින් තවයි. මේ පළමු වන කරුණින් ගැරහිය යුතු වේ. කුසල් දහමකුත් අවබෝධ නො කෙරෙයි. මේ දෙවන කරුණින් ගැරහිය යුතු වේ. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් නො පසක් කෙරේ යි. මේ තෙවන කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, රළු දිවි ඇති තවුස් තෙමේ මේ තෙ කරුණින් ගැරහිය යුතු වේ.
තත්‍ර ගාමණි ය‍්වායං තපස‍්සී ලූඛජීවී අත‍්තානං ආතාපෙති පරිතාපෙති, කුසලං හි ඛො ධම‍්මං අධිගච‍්ඡති, උත‍්තරිඤ‍්ච මනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං න සච‍්ඡිකරොති. අයං ගාමණි තපස‍්සී ලූඛජීවී ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො, එකෙන ඨානෙන පාසංසො. කතමෙහි ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො: අත‍්තානං ආතාපෙති පරිතාපෙතීති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය‍්හො. උත‍්තරිඤ‍්ච මනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං න සච‍්ඡිකරොතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය‍්හො. කතමෙන එකෙන ඨානෙන පාසංසො, කුසලං හි ඛො ධම‍්මං අධිගච‍්ඡතීති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. අයං ගාමණි තපස‍්සී ලූඛජීවී ඉමෙහි ද‍්වීහි ඨානෙහි ගාරය‍්හො, ඉමිනා එකෙන ඨානෙන පාසංසො.
ගාමිණී, එහි රළු දිවි ඇති යම් තවුසෙක් තමා තවා ද වෙසෙසින් තවා ද කුසල් දහමත් අවබෝධ කෙරේ ද මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් නො පසක් කෙරේ ද, ගාමිණී, රළු දිවි ඇති මේ තවුස් තෙමේ දෙකරුණෙකින් ගැරහිය යුතු වේ. එක් කරුණකින් පැසසිය යුතු වේ. කවර දෙ කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: තමා තවයි. වෙසෙසින් තවයි. මේ පළමු වන කරුණින් ගැරහිය යුතු වේ. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් නො පසක් කෙරෙ යි. මේ දෙවන කරුණින් ගැරහිය යුතු වේ. කවර එක් කරුණකින් පැසසිය යුතු වේ ද යත්: කුසල් දහමක් අවබෝධ කෙරෙයි. මේ එක් කරුණින් පැසසිය යුතු වේ. ගාමිණී, රළු දිවි ඇති තවුස් තෙමේ මේ දෙ කරුණින් ගැරහිය යුතු වේ. මේ එක් කරුණින් පැසසිය යුතු වේ.
තත්‍ර ගාමණි ය‍්වායං තපස‍්සී ලූඛජීවී අත‍්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ‍්ච ධම‍්මං අධිගච‍්ඡති, උත‍්තරිඤ‍්ච මනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං සච‍්ඡිකරොති. අයං ගාමණි, තපස‍්සී ලූඛජීවී එකෙන ඨානෙන ගාරය‍්හො, ද‍්වීහි ඨානෙහි පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය‍්හො: අත‍්තානං ආතාපෙති පරිතාපෙතීති ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො. කතමෙහි ද‍්වීහි ඨානෙහි පාසංසො: කුසලඤ‍්ච ධම‍්මං අධිගච‍්ඡතීති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. උත‍්තරිඤ‍්ච මනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං සච‍්ඡිකරොතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. අයං ගාමණි තපස‍්සී ලූඛජීවී ඉමිනා එකෙන ඨානෙන ගාරය‍්හො, ඉමෙහි ද‍්වීහි ඨානෙහි පාසංසො.
ගාමිණී, එහි රළු දිවි ඇති යම් තවුසෙක් තමා තවා ද වෙසෙසින් තවා ද කුසල් දහමත් අවබෝධ කෙරේ ද මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් පසක් කෙරේ ද, ගාමිණී, රළු දිවි ඇති මේ තවුස් තෙමේ එක් කරුණෙකින් ගැරහිය යුතු වේ. දෙ කරුණකින් පැසසිය යුතු වේ. කවර එක් කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: තමා තවයි. වෙසෙසින් තවයි. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. කවර දෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: කුසල් දහමත් අවබෝධ කෙරෙයි. මේ පළමු වන කරුණින් පැසසිය යුතු වේ. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් විසේසත් පසක් කෙරෙයි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. ගාමිණී, රළු දිවි ඇති මේ තවුස් තෙමේ මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. මේ දෙ කරුණින් පැසසිය යුතු වේ.
තිස‍්සො ඉමා ගාමණි සන්‍දිට‍්ඨිකා නිජ‍්ජරා අකාලිකා එහිපස‍්සිකා ඔපනයිකා පච‍්චත‍්තං වෙදිතබ‍්බා විඤ‍්ඤූහි. කතමා තිස‍්සො:
ගාමිණී, තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලවයි දැක්වීමට සුදුසු තමා සතන්හි එළවාලීමට සුදුසු නුවණැත්තවුන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු මේ නිජ්ජරා (කෙලෙස් දිරවීම්) තුනෙකි. කවර තුනක් ද යත්:
යං රත‍්තො රාගාධිකරණං අත‍්තව්‍යාබාධායපි චෙතෙති, පරව්‍යාබාධායපි චෙතෙති, උභයව්‍යාබාධායපි චෙතෙති. රාගෙ පහීනෙ නෙව අත‍්තව්‍යාබාධායපි චෙතෙති, න පරව්‍යාබාධායපි චෙතෙති, න උභයව්‍යාබාධායපි චෙතෙති. සන්‍දිට‍්ඨිකා නිජ‍්ජරා අකාලිකා එහිපස‍්සිකා ඔපනයිකා පච‍්චත‍්තං වෙදිතබ‍්බා විඤ‍්ඤූහි.
රාගයෙන් රත් වූයේ රාගය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. මෙරමා පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. රාගය ප්‍රහීණ කල්හි තමා පෙළීම පිණිසත් නො ම සිතයි මෙරමා පෙළීම පිණිසත් නො ම සිතයි. දෙපස ම පෙළීම පිණිසත් නො ම සිතයි යන යමක් ඇද්ද, (එය) තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලව යි කීමට සුදුසු තමා සතන්හි එළවාලීමට සුදුසු නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු නිජ්ජරාවෙකි.
යං දුට‍්ඨො දොසාධිකරණං අත‍්තව්‍යාබාධායපි චෙතෙති, පරව්‍යාබාධායපි චෙතෙති, උභයව්‍යාබාධායපි චෙතෙති. දොසෙ පහීනෙ නෙව අත‍්තව්‍යාබාධායපි චෙතෙති, න පරව්‍යාබාධායපි චෙතෙති, න උභයව්‍යාබාධායපි චෙතෙති. සන්‍දිට‍්ඨිකා නිජ‍්ජරා අකාලිකා එහිපස‍්සිකා ඔපනයිකා පච‍්චත‍්තං වෙදිතබ‍්බා විඤ‍්ඤූහි.
ද්වේෂයෙන් දුෂ්ට වූයේ ද්වේෂය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. මෙරමා පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. ද්වේෂය ප්‍රහීණ කල්හි තමා පෙළීම පිණිසත් නො ම සිතයි මෙරමා පෙළීම පිණිසත් නො ම සිතයි. දෙපස ම පෙළීම පිණිසත් නො ම සිතයි යන යමක් ඇද්ද, (එය) තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලව යි කීමට සුදුසු තමා සතන්හි එළවාලීමට සුදුසු නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුතු නිජ්ජරාවෙකි.
යං මූළ‍්හො මොහාධිකරණං අත‍්තව්‍යාබාධායපි චෙතෙති, පරව්‍යාබාධායපි චෙතෙති, උභයව්‍යාබාධායපි චෙතෙති. මොහෙ පහීනෙ නෙව අත‍්තව්‍යාබාධායපි චෙතෙති, න පරව්‍යාබාධායපි චෙතෙති, න උභයව්‍යාබාධායපි චෙතෙති. සන්‍දිට‍්ඨිකා නිජ‍්ජරා අකාලිකා එහිපස‍්සිකා ඔපනයිකා පච‍්චත‍්තං වෙදිතබ‍්බා විඤ‍්ඤූහි. ඉමා ඛො ගාමණි තිස‍්සො සන්‍දිට‍්ඨිකා නිජ‍්ජරා අකාලිකා එහිපස‍්සිකා ඔපනයිකා පච‍්චත‍්තං වෙදිතබ‍්බා විඤ‍්ඤූහීති.
මෝහයෙන් මුළා වූයේ මෝහය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. මෙරමා පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. මෝහය ප්‍රහීණ කල්හි තමා පෙළීම පිණිසත් නො ම සිතයි. මෙරමා පෙළීම පිණිසත් නො ම සිතයි. දෙපස ම පෙළීම පිණිසත් නො ම සිතයි යන යමක් ඇද්ද, එය තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලව යි කීමට සුදුසු තමා සතන්හි එළවාලීමට සුදුසු නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුතු නිජ්ජරාවෙකි. ගාමිණී, මේ තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලවයි කීමට සුදුසු තමන් කෙරෙහි එළවාලීමට සුදුසු නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුතු නිජ්ජරා තුනයි.
එවං වුත‍්තෙ රාසියො ගාමණි භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භන‍්තෙ අභික‍්කන‍්තං භන‍්තෙ -පෙ- උපාසකං මං භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.
මෙසේ වදාළ කල්හි රාසිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. … භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරන සේක් වා යි.