යෙදුමෙන් කියවන්න

පාටලියසුත‍්තං

8. 1. 13.

8. 1. 13.

පාටලියසුත‍්තං

පාටලිය සූත්‍රය

427. එකං සමයං භගවා කොලියෙසු විහරති උත‍්තරකං නාම කොලියානං නිගමො. අථ ඛො පාටලියො ගාමණි යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො පාටලියො ගාමණි භගවන‍්තං එතදවොච: සුතං මෙතං භන‍්තෙ “සමණො ගොතමො මායං ජානාතී”ති. යෙ තෙ භන‍්තෙ එවමාහංසු: “සමණො ගොතමෙ මායං ජානාතී”ති, කච‍්චි තෙ භන‍්තෙ භගවතො වුත‍්තවාදිනො, න ච භගවන‍්තං අභූතෙන අබ‍්භාචික‍්ඛන‍්ති, ධම‍්මස‍්ස චානුධම‍්මං ව්‍යාකරොන‍්ති, න ච කොචි සහධම‍්මිකො වාදානුපාතො ගාරය‍්හං ඨානං ආගච‍්ඡති, අනබ‍්භක‍්ඛාතුකාමා හි මයං භන‍්තෙ භගවන‍්තන‍්ති.

427. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය දනව්වෙහි උත්තරක නම් කෝලියයන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එකල්හි පාටලිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හුන්නේ ය. එකත් පස්ව හුන් පාටලිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: වහන්ස, මහණ ගොයුම්හු ‘මායා දනිති’යි මෙය මා විසින් අසන ලදි. වහන්ස, යම් කෙනෙක් මහණ ‘ගොයුම්හු මායා දනිති’ යි මෙසේ කියත් නම්, වහන්ස, කිම ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෝ ද, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නො ද කෙරෙත් ද, දහමට ද අනු දහමක් පවසත් ද, කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ ද? වහන්ස, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේ අබිබවා නො කියනු කැමැත්තෝ වෙමු යි.

යෙ තෙ ගාමණි එවමාහංසු: “සමණො ගොතමො මායං ජානාතී”ති, වුත‍්තවාදිනො චෙව මෙ තෙ, න ච මං අභූතෙන අබ‍්භාචික‍්ඛන‍්ති, ධම‍්මස‍්ස චානුධම‍්මං ව්‍යාකරොන‍්ති, නච කොචි සහධම‍්මිකො වාදානුපාතො ගාරය‍්හං ඨානං ආගච‍්ඡතීති, සච‍්චං යෙව කිර භො මයං තෙසං සමණබ්‍රාහ‍්මණානං න සද‍්දහාම: සමණො ගොතමො මායං ජානාතීති, සමණො ඛලු භො ගොතමො මායාවීති. යොනු ඛො ගාමණි එවං වදෙති; “අහං මායං ජානාමී”ති, සො එවං වදෙති, “අහං මායාවී”ති. තථෙව තං භගවා හොති, තථෙව තං සුගත හොතීති. තෙන හි ගාමණි, තඤ‍්ඤෙවෙත්‍ථ පටිපුච‍්ඡිස‍්සාමි, යථා තෙ ඛමෙය්‍ය තථා නං ව්‍යාකරෙය්‍යාසි.

ගාමිණී, යම් කෙනෙක් ‘මහණ ගොයුම්හු මායා දනිති’යි මෙසේ කියත් නම් ඔහු ම විසින් කියන ලද්දක් කියන්නෝත් වෙති. බොරුවෙන් මා අබිබවා නො ද කියති. දහමට ද අනු දහමක් පවසති. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ යි. පින්වත්නි, මහණ ගොයුම්හු මායා දනිති යි ඒ මහණ බමුණන්ගේ සැබෑ වූ ම තෙපුල අපි නො අදහමු. පින්වත්නි, මහණ ගොයුම්හු ඒකාන්තයෙන් මායා ඇති සේකැ යි. ගාමිණී, යමෙක් මම මායා දනිමි යි මෙසේ කියා නම් හෙතෙමේ මම මායා ඇත්තෙක් මි යි මෙසේ කිය යි. භාග්‍යවතුන් වහන්ස, එය එසේම වේ. සුගතයන් වහන්ස, එය එසේ ම වේ. ගාමිණී, එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහේ නම් එසේ එය විසඳන්නහු ය.

තං කිම‍්මඤ‍්ඤසි ගාමණි, ජානාසි ත්‍වං ගාමණි, කොලියානං ලම‍්බචූළකෙ භටෙති. ජානාමහං භන‍්තෙ කොලියානං ලම‍්බචූළකෙ භටෙති. තං කිම‍්මඤ‍්ඤසි ගාමණි කිමත්‍ථියා කොලියානං ලම‍්බචූළකා භටාති. යෙ ච භන‍්තෙ කොලියානං චොරා තෙ ච පටිසෙධෙතුං, යානි ච කොලියානං දූතෙය්‍යානි තානි වහාතුං, එතදත්‍ථාය භන‍්තෙ කොලියානං ලම‍්බචූළකා භටාති. තං කිම‍්මඤ‍්ඤසි ගාමණි, ජානාසි ත්‍වං කොලියානං ලම‍්බචූළකෙ භටෙ සීලවන‍්තෙ වා තෙ දුස‍්සීලෙ වාති. ජානාමහං භන‍්තෙ කොලියානං ලම‍්බචූළකෙ භටෙ දුස‍්සීලෙ පාපධම‍්මෙ, යෙ ච ලොකෙ දුස‍්සීලා පාපධම‍්මා කොලියානං ලම‍්බචූළකා භටා තෙසං අඤ‍්ඤතරාති.

ගාමිණී, ඒ කිමැ යි හඟිහු ද, ගාමිණී තෙපි කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දනිවු දැ යි. වහන්ස, මම කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දනිමි යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළහු කුමක් ප්‍රයෝජන කොට ඇත්තෝ දැ යි. වහන්ස, කෝලිය රජුන්ගේ යම් සොරු වෙත් නම් ඔවුන් වළක්වන්නටත් කෝලිය රජුන්ගේ යම් පණිවුඩ පනත් වේ නම් ඒවා ගෙන යෑමටත් ය. වහන්ස, කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළහු මේ ප්‍රයෝජනය පිණිස වෙති යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද, තෙපි කෝලිය රජුන්ගේ ඒ ලම්බචූළක සෙබළුන් සිල්වතුන් කොට හෝ දුසිලුන් කොට හෝ දනිවු දැ යි. වහන්ස, මම කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දුසිල් කොට පාප ස්වභාව ඇත්තාවුන් කොට දනිමි. ලොව යම් කෙනෙක් දුසිල්හු නම් පාප ස්වභාව ඇත්තාහු නම් කෝලිය රජුන්ගේ ලම්බචූළක භටයෝ ඔවුනතුරෙන් එක්තරා කෙනෙක් වෙති යි.

යො නු ඛො ගාමණි එවං වදෙය්‍ය: “පාටලියො ගාමණි ජානාති කොලියානං ලම‍්බචූළකෙ භටෙ දුස‍්සීලෙ පාපධම‍්මෙ, පාටලියොපි ගාමණි දුස‍්සීලො පාපධම‍්මො”ති, සම‍්මා නු ඛො සො වදමානො වදෙය්‍යාති. නො හෙතං භන‍්තෙ, අඤ‍්ඤෙ භන‍්තෙ කොලියානං ලම‍්බචූළකා භටා, අඤ‍්ඤො’හමස‍්මි. අඤ‍්ඤථාධම‍්මා කොලියානං ලම‍්බචූළකා භටා, අඤ‍්ඤථාධම‍්මො’හමස‍්මීති. ත්‍වං හි ගාමණි ලච‍්ඡසි “පාටලියො ගාමණි ජානාති කොලියානං ලම‍්බචූළකෙ භටෙ දුස‍්සීලෙ පාපධම‍්මෙ, න ච පාටලියො ගාමණි දුස‍්සීලො පාපධම‍්මො”ති, කස‍්මා තථාගතො න ලච‍්ඡති “තථාගතො මායං ජානාති, න ච තථාගතො මායාවී”ති.

ගාමණී, යමෙක් “පාටලිය ගාමිණී තෙමේ කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දුසිලුන් කොට පාප ස්වභාව ඇත්තවුන් කොට දනී. පාටලිය ගාමිණී තෙමේ ද දුසිලෙකි. පාප ස්වභාව ඇත්තෙකි” යි මෙසේ කියන්නේ නම් ඒ කියන්නා මැනවින් කියන්නේ දැයි. වහන්ස, මෙය නෙවේ ම ය. වහන්ස, කෝලිය රජුන්ගේ ලම්බචූළක භටයෝ අන්‍යයෝ ය. මම අනෙකෙක්මි. කෝලිය රජුන්ගේ ලම්බචූළක භටයෝ අන් ස්වභාව ඇතියහ. මම අන් ස්වභාව ඇත්තෙක්මි යි. ගාමිණී, තෙපි “පාටලිය ගාමිණී තෙමේ කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දුසිලුන් කොට පාප ස්වභාව ඇත්තවුන් කොට දනී. පාටලිය ගාමිණී තෙමේ දුසිලෙක් පාප ස්වභාව ඇත්තෙක් නො ද වේ” යි කියමන ලබන්නහු නම් කුමක් හෙයින් තථාගත තෙමේ “තථාගතයෝ මායා දනිති. තථාගතයෝ මායා ඇත්තෝ නො ද වෙති” යි කියමන නො ලබන්නේ දැ යි.

මායං චාහං ගාමණි පජානාමි මායාය ච විපාකං, යථා පටිපන‍්නො ච මායාවී කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තඤ‍්ච පජානාමි. පාණාතිපාතං චාහං ගාමණි පජානාමි පාණාතිපාතස‍්ස ච විපාකං, යථා පටිපන‍්නො ච පාණාතිපාතී කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තඤ‍්ච පජානාමි. අදින‍්නාදානං චාහං ගාමණි පජානාමි අදින‍්නාදානස‍්ස ච විපාකං, යථාපටිපන‍්නො ච අදින‍්නාදායී කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තඤ‍්ච පජානාමි. කාමෙසු මිච‍්ඡාචාරං චාහං ගාමණි පජානාමි, කාමෙසු මිච‍්ඡාචාරස‍්ස ච විපාකං, යථාපටිපන‍්නො ච කාමෙසු මිච‍්ඡාචාරී කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තඤ‍්ච පජානාමි.

ගාමිණී, මම මායාවත් මායාවේ විපාකත් දනිමි. මායා ඇත්තේ යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම පණිවායත් පණිවායෙහි විපාකත් දනිමි. පණිවායෙන් යුත් පුඟුල් තෙමේ යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම අයිනාදනත් අයිනාදනෙහි විපාකයත් දනිමි. අයිනාදනැති පුඟුල් තෙමේ යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම කම්හි මිසහසරත් කම්හි මිසහසරෙහි විපාකත් දනිමි. කම්හි මිසහසරැති පුඟුල් තෙමේ යම් සේ පිළිපන්නේ අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි.

මුසාවාදං චාහං ගාමණි පජානාමි මුසාවාදස‍්ස ච විපාකං, යථා පටිපන‍්නො ච මුසාවාදී කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති තඤ‍්ච පජානාමි. පිසුනාවාචං චාහං ගාමණි පජානාමි පිසුනාවාචාය ච විපාකං, යථාපටිපන‍්නො ච පිසුනාවාචො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තඤ‍්ච පජානාමි. ඵරුසවාචං චාහං ගාමණි පජානාමි ඵරුසවාචාය ච විපාකං, යථාපටිපන‍්නො ච ඵරුසවාචො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තඤ‍්ච පජානාමි. සම‍්ඵප‍්පලාපං චාහං ගාමණි පජානාමි සම‍්ඵප‍්පලාපස‍්ස ච විපාකං, යථාපටිපන‍්නො ච සම‍්ඵප‍්පලාපී කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති තඤ‍්ච පජානාමි.

ගාමිණී, මම මුසවාත් මුසවාහි විපාකත් දනිමි. මුසවා ඇති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම පිසුනු වදනත් පිසුනු වදන්හි විපාකත් දනිමි. පිසුනු වදන් ඇත්තේ යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම රළු බසත් රළු බස්හි විපාකත් දනිමි. රළු බසැති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම හිස් බසත් හිස් බස්හි විපාකත් දනිමි. හිස් බසැති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි.

අභිජ‍්ඣං චාහං ගාමණි පජානාමි අභිජ‍්ඣාය ච විපාකං, යථාපටිපන‍්නො ච අභිජ‍්ඣාලු කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තඤ‍්ච පජානාමි. ව්‍යාපාදපදොසඤ‍්චාහං ගාමණි පජානාමි ව්‍යාපාදපදොසස‍්ස ච විපාකං, යථාපටිපන‍්නො ච ව්‍යාපන‍්නචිත‍්තො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති තඤ‍්ච පජානාමි. මිච‍්ඡාදිට‍්ඨිඤ‍්චාහං ගාමණි පජානාමි මිච‍්ඡාදිට‍්ඨියා ච විපාකං, යථාපටිපන‍්නො ච මිච‍්ඡාදිට‍්ඨිකො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තඤ‍්ච පජානාමි.

ගාමිණී, මම දැඩි ලොබත් දැඩි ලොබෙහි විපාකත් දනිමි. දැඩි ලොබැති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම කිපුම් දොසත් කිපුම් දොස්හි විපාකත් දනිමි. කෝපයට පැමිණි සිතැති පුඟුල් යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම මිස දිටුත් මිස දිටුහි විපාකත් දනිමි. මිස දිටු පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි.

සන‍්ති හි ගාමණි එකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: යො කොචි පාණමතිපාතෙති, සබ‍්බො සො දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදියති. යො කොචි අදින‍්නං ආදියති, සබ‍්බො සො දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදියති. යො කොචි කාමෙසු මිච‍්ඡා චරති සබ‍්බො සො දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදියති. යො කොචි මුසා භණති, සබ‍්බො සො දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදියතීති.

ගාමිණී, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇතියහ. යම් කිසිවෙක් පරපණ නසා නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී. යම් කිසිවෙක් නුදුන් දෑ ගනී නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී. යම් කිසිවෙක් කාමයෙහි වරදවා හැසිරේ නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී. යම් කිසිවෙක් මුසා බෙණේ නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී.

දිස‍්සති ඛො පන ගාමණි ඉධෙකච‍්චො මාලී කුණ‍්ඩලී සුනහාතො සුවිලිත‍්තො කප‍්පිතකෙසමස‍්සු ඉත්‍ථිකාමෙහි රාජා මඤ‍්ඤෙ පරිචාරෙන‍්තො. තමෙනං එවමාහංසු: අම‍්භො අයං පුරිසො කිං අකාසි මාලී කුණ‍්ඩලී සුනහාතො සුවිලිත‍්තො කප‍්පිතකෙසමස‍්සු ඉත්‍ථිකාමෙහි රාජා මඤ‍්ඤෙ පරිචාරෙතීති? තමෙනං එවමාහංසු: අම‍්භො අයං පුරිසො රඤ‍්ඤො පච‍්චත්‍ථිකං පසය‍්හ ජීවිතා වොරොපෙසි තස‍්ස රාජා අත‍්තමනො අභිහාරමදාසි. තෙනායං පුරිසො මාලී කුණ‍්ඩලී සුනහාතො සුවිලිත‍්තො කප‍්පිතකෙසමස‍්සු ඉත්‍ථිකාමෙහි රාජා මඤ‍්ඤෙ පරිචාරෙතීති.

ගාමිණී, මාලා ඇති කොඬොල් ඇති මැනවින් ස්නානය කළ මොනවට සුවඳ විලවුන් ගැල් වූ සැදූ කෙස් රැවුල් ඇති ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවන එකෙක් මෙහි දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ මැනවින් ස්නාන කෙළේ මොනවට සුවඳ විලවුන් ගල්වන ලද්දේ සැදූ කෙස් රැවුල් ඇත්තේ ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි. (හෙතෙමේ පෙර) කුමක් කෙළේ දැ යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරුෂ තෙමේ රජුගේ සතුරකු මැඩ දිවියෙන් තොර කෙළේ ය. රජ ඔහුට සතුටු වූයේ පඬුරුත් දිනි. එහෙයින් මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ මැනවින් ස්නානය කළේ මොනවට සුවඳ විලවුන් ගල්වන ලද්දේ සැදූ කෙස් රැවුල් ඇත්තේ ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවා යි.

දිස‍්සති ඛො පන ගාමණි ඉධෙකච‍්චො දළ‍්හාය රජ‍්ජුයා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා ඛුරමුණ‍්ඩං කරිත්‍වා ඛරස‍්සරෙන පණවෙන රථිකාය රථිකං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං පරිනෙත්‍වා දක‍්ඛිණෙන ද‍්වාරෙන නික‍්ඛාමෙත්‍වා දක‍්ඛිණතො නගරස‍්ස සීසං ඡිජ‍්ජමානො. තමෙනං එවමාහංසු: අම‍්භො අයං පුරිසො කිං අකාසි දළ‍්හාය රජ‍්ජුයා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා ඛුරමුණ‍්ඩං කරිත්‍වා ඛරස‍්සරෙන පණවෙන රථිකාය රථිකං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං පරිනෙත්‍වා දක‍්ඛිණෙන ද‍්වාරෙන නික‍්ඛාමෙත්‍වා දක‍්ඛිණතො නගරස‍්ස සීසං ඡින්‍දතීති. තමෙනං එවමාහංසු: අම‍්භො, අයං පුරිසො රාජවෙරී ඉත්‍ථිං වා පුරිසං වා ජීවිතා වොරොපෙසි, තෙන නං රාජානො ගහෙත්‍වා එවරූපං කම‍්මකාරණං කාරෙන‍්තීති. තං කිම‍්මඤ‍්ඤසි ගාමණි අපි නු තෙ එවරූපං දිට‍්ඨං වා සුතංවාති. දිට‍්ඨඤ‍්ච නො භන‍්තෙ සුතඤ‍්ච සූයිස‍්සති චාති.

ගාමිණී, මෙහි දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැඳුමෙන් බැඳ කරයෙන් හිස මුඩු කොට රළු හඬ ඇති බෙරයෙන් යුතුව වෙයින් වෙයට සිවු මංසලින් සිවු මංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු දිග හිස සිඳිනු ලබන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැඳුමෙන් බැඳ කරයෙන් හිස මුඩු කොට රළු හඬැති බෙරයෙන් යුතුව වෙයින් වෙයට සිවු මංසලින් සිවු මංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු දිග හිස සිඳී නම් මේ පුරිස් තෙමේ කුමක් කෙළේ දැ යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ රජුගේ සතුරෙකි. ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ දිවියෙන් තොර කෙළේ ය. එහෙයින් රජු ඔහු ගෙන මෙබඳු කම් කටොලු කරවති යි. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? තොප විසින් මෙබන්දෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේ දැ යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේ ද අසන ලද්දේ ද අසනු ලබන්නේ ද වේ යි.

තත්‍ර ගාමණි යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: “යො කොචි පාණමතිපාතෙති, සබ‍්බො සො දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදියතී”ති, සච‍්චං වා තෙ ආහංසු මුසා වාති. මුසා භන‍්තෙ. යෙ පන තෙ තුච‍්ඡං මුසා විලපන‍්ති, සීලවන‍්තො වා තෙ දුස‍්සීලා වාති. දුස‍්සීලා භන‍්තෙ. යෙ පන තෙ දුස‍්සීලා පාපධම‍්මා මිච‍්ඡාපටිපන‍්නා වා තෙ සම‍්මාපටිපන‍්නා වාති. මිච‍්ඡාපටිපන‍්නා භන‍්තෙ. යෙ පන තෙ මිච‍්ඡාපටිපන‍්නා මිච‍්ඡාදිට‍්ඨිකා වා තෙ සම‍්මාදිට‍්ඨිකා වාති. මිච‍්ඡාදිට‍්ඨිකා භන‍්තෙ. යෙ පන තෙ මිච‍්ඡාදිට‍්ඨිකා කල‍්ලන‍්නු තෙසු පසීදිතුන‍්ති. නො හෙතං භන‍්තෙ.

ගාමිණී, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් “යම් කිසිවෙක් පරපණ නසා නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී ය”යි මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් නම් ඔහු ඇත්ත හෝ මුසා හෝ කියත් දැ යි. වහන්ස, මුසා ය. යම් ඒ කෙනෙක් හිස් මුසා බෙණෙද් ද, ඔහු සිල්වත්හු හෝ දුසිල්හු හෝ වෙත් දැ යි. වහන්ස, දුසිල්හු වෙති. යම් ඒ කෙනෙක් දුසිල්හු නම් පාපස්වභාව ඇත්තාහු නම් ඔහු වරදවා පිළිපන්නාහු හෝ මැනවින් පිළිපන්නාහු හෝ වෙත් දැ යි. වහන්ස, වරදවා පිළිපන්නාහු වෙති. යම් ඒ කෙනෙක් වරදවා පිළිපන්නාහු නම් ඔහු මිස දිටු ඇත්තෝ හෝ සම් දිටු ඇත්තෝ හෝ වෙත් දැ යි. වහන්ස, මිස දිටු ඇත්තහ. යම් ඒ කෙනෙක් මිස දිටු ඇත්තාහු නම් ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසු දැයි. වහන්ස, මෙය නො වේ ම ය.

දිස‍්සති ඛො පන ගාමණි, ඉධෙකච‍්චො මාලී කුණ‍්ඩලී -පෙ- ඉත්‍ථිකාමෙහි රාජා මඤ‍්ඤෙ පරිචාරෙන‍්තො. තමෙනං එවමාහංසු: අම‍්භො, අයං පුරිසො කිං අකාසි මාලී කුණ‍්ඩලී -පෙ- ඉත්‍ථිකාමෙහි රාජා මඤ‍්ඤෙ පරිචාරෙතීති? තමෙනං එවමාහංසු: අම‍්භො අයං පුරිසො රඤ‍්ඤො පච‍්චත්‍ථිකස‍්ස පසය‍්හ රතනං අහාසි තස‍්ස රාජා අත‍්තමනො උපහාරමදාසි. තෙනායං පුරිසො මාලී කුණ‍්ඩලී -පෙ- ඉත්‍ථිකාමෙහි රාජා මඤ‍්ඤෙ පරිචාරෙතීති.

ගාමිණී, මෙහි මාලා ඇති කොඬොල් ඇති … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි. (හේ) කුමක් කෙළේ දැ? යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ රජුගේ සතුරකුට අයත් රුවන් බලයෙන් පැහැර ගත්තේ ය. රජ ඔහුට සතුටු වූයේ පඬුරු දිනි. එහෙයින් මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි.

දිස‍්සති ඛො පන ගාමණි, ඉධෙකච‍්චො දළ‍්හාය රජ‍්ජුයා -පෙ- දක‍්ඛිණතො නගරස‍්ස සීසං ඡිජ‍්ජමානො. තමෙනං එවමාහංසු: අම‍්භො, අයං පුරිසො කිං අකාසි දළ‍්හාය රජ‍්ජුයා -පෙ- දක‍්ඛිණතො නගරස‍්ස සීසං ඡින්‍දතීති, තමෙනං එවමාහංසු: අම‍්භො, අයං පුරිසො ගාමා වා අරඤ‍්ඤා වා අදින‍්නං ථෙය්‍යසඞ‍්ඛාතං ආදියි. තෙන නං රාජානො ගහෙත්‍වා එවරූපං කම‍්මකාරණං කාරෙන‍්තීති. තං කිම‍්මඤ‍්ඤසි ගාමණි, අපි නු තෙ එවරූපං දිට‍්ඨං වා සුතං වාති? දිට‍්ඨඤ‍්ච නො භන‍්තෙ සුතඤ‍්ච සූයිස‍්සති චාති. තත්‍ර ගාමණි, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො “යො කොචි අදින‍්නං ආදියති, සබ‍්බො සො දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදියතී”ති. සච‍්චං වා තෙ ආහංසු මුසා වාති? -පෙ- කල‍්ලන‍්නු තෙසු පසීදිතුන‍්ති? නොහෙතං භන‍්තෙ.

ගාමිණී, මෙහි දැඩි රැහැනින් … නුවර දකුණු දිග හිස සිඳිනු ලබන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, දැඩි රැහැනින් … නුවර දකුණු දිග (යමකුගේ ) හිස සිඳී නම් මේ පුරිස් තෙමේ කුමක් කෙළේ දැ?යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ ගමින් හෝ අරණින් හෝ නුදුන් දෑ සොර සිතින් ගත්තේ ය. එහෙයින් රජහු ඔහු ගෙන මෙබඳු කම් කටොලු කරවති යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? තොප විසින් මෙබන්දෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හො දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් අසනු ලබන්නේත් වේ යි. ගාමිණී, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් “යම් කිසිවෙක් නුදුන් දෑ ගනී නම් ඒ සියලු දෙන දිටු දැමියෙහිම දුක් දොම්නස් විඳී” යි. මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් නම් ඔහු ඇත්ත හෝ මුසා හෝ කියත් දැ යි. … ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.

දිස‍්සති ඛො පන ගාමණි, ඉධෙකච‍්චො මාලී කුණ‍්ඩලී -පෙ- ඉත්‍ථිකාමෙහි රාජා මඤ‍්ඤෙ පරිචාරෙන‍්තො. තමෙනං එවමාහංසු: අම‍්භො, අයං පුරිසො කිං අකාසි මාලී කුණ‍්ඩලී -පෙ- ඉත්‍ථිකාමෙහි රාජා මඤ‍්ඤෙ පරිචාරෙතීති. තමෙනං එවමාහංසු: අම‍්භො, අයං පුරිසො රඤ‍්ඤො පච‍්චත්‍ථිකස‍්ස දාරෙසු සඤ‍්චරිත‍්තං ආපජ‍්ජි. තස‍්ස රාජා අත‍්තමනො අභිහාරමදාසි. තෙනායං පුරිසො මාලී කුණ‍්ඩලී -පෙ- ඉත්‍ථිකාමෙහි රාජා මඤ‍්ඤෙ පරිචාරෙතීති.

ගාමිණී, මෙහි මාලා ඇති කොඬොල් ඇති … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි. (හේ) කුමක් කෙළේ දැ? යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ රජුගේ සතුරකුට අයත් අඹුවන් අතරෙහි හැසිරෙන බවට පැමිණියේ ය. රජ ඔහුට සතුටු වූයේ පඬුරු දිනි. එහෙයින් මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි.

දිස‍්සති ඛො පන ගාමණි, ඉධෙකච‍්චො දළ‍්හාය රජ‍්ජුයා -පෙ- දක‍්ඛිණතො නගරස‍්ස සීසං ඡිජ‍්ජමානො. තමෙනං එවමාහංසු: අම‍්භො, අයං පුරිසො කිං අකාසි දළ‍්හාය රජ‍්ජුයා -පෙ- දක‍්ඛිණතො නගරස‍්ස සීසං ඡින්‍දතීති? තමෙනං එවමාහංසු: අම‍්භො, අයං පුරිසො කුලිත්‍ථීසු කුලකුමාරීසු චාරිත‍්තං ආපජ‍්ජි, තෙන නං රාජානො ගහෙත්‍වා එවරූපං කම‍්මකාරණං කාරෙන‍්තීති. තං කිම‍්මඤ‍්ඤසි ගාමණි, අපිනු තෙ එවරූපං දිට‍්ඨං වා සුතං වාති? දිට‍්ඨඤ‍්ච නො භන‍්තෙ සුතඤ‍්ච සූයිස‍්සති චාති. තත්‍ර ගාමණි, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො “යො කොචි කාමෙසු මිච‍්ඡා චරති, සබ‍්බො සො දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදියතී”ති. සච‍්චං වා තෙ ආහංසු මුසා වාති -පෙ- කල‍්ලන‍්නු තෙසු පසීදිතුන‍්ති? නො හෙතං භන‍්තෙ.

ගාමිණී, මෙහි දැඩි රැහැනින් … නුවර දකුණු දිග හිස සිඳිනු ලබන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, දැඩි රැහැනින් … නුවර දකුණුපස (යමකුගේ ) හිස සිඳී නම් මේ පුරිස් තෙමේ කුමක් කෙළේ දැ?යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, මේ පුරිස් තෙමේ කුල ස්ත්‍රීන් කෙරෙහි කුල කුමාරීන් කෙරෙහි වරදවා පිළිපන්නේ ය. එහෙයින් රජහු ඔහු ගෙන මෙබඳු කම් කටොලු කරවති යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? තොප විසින් මෙබන්දෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හො දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් අසනු ලබන්නේත් වේ ය යි. ගාමිණී, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් “යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරේ නම් ඒ සියලු දෙන දිටු දැමියෙහිම දුක් දොම්නස් විඳී” යි. මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත් නම් ඔහු ඇත්ත හෝ මුසා හෝ කියත් දැ යි. … ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.

දිස‍්සති ඛො පන ගාමණි, ඉධෙකච‍්චො මාලී කුණ‍්ඩලී සුනහාතො සුවිලිත‍්තො කප‍්පිතකෙසමස‍්සු ඉත්‍ථිකාමෙහි රාජා මඤ‍්ඤෙ පරිචාරෙන‍්තො. තමෙනං එවමාහංසු: අම‍්භො, අයං පුරිසො කිං අකාසි මාලී කුණ‍්ඩලී සුනහාතො සුවිලිත‍්තො කප‍්පිතකෙසමස‍්සු ඉත්‍ථිකාමෙහි රාජා මඤ‍්ඤෙ පරිචාරෙතීති. තමෙනං එවමාහංසු: අම‍්භො, අයං පුරිසො රාජානං මුසාවාදෙන හාසෙසි. තස‍්ස රාජා අත‍්තමනො අභිහාරමදාසි. තෙනායං පුරිසො මාලී කුණ‍්ඩලී සුනහාතො සුවිලිත‍්තො කප‍්පිතකෙසමස‍්සු ඉත්‍ථිකාමෙහි රාජා මඤ‍්ඤෙ පරිචාරෙතීති.

ගාමිණී, මෙහි මාලා ඇති කොඬොල් ඇති, මැනවින් නෑ සුවඳ විලවුන් ගැල්වුණු සැදූ කෙස් රැවුල් ඇති ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවන එකෙක් මෙහි දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ මැනවින් නෑයේ මොනවට සුවඳ විලවුන් ගැල්වුණේ සැදූ කෙස් රැවුල් ඇත්තේ ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි. (හේ) කුමක් කෙළේ දැ? යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, මේ පුරිස් තෙමේ බොරුවෙන් රජු සිනාසෙවී ය. රජ තෙමේ සතුටු ව ඔහුට පඬුරු දිනි. එහෙයින් මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ මැනවින් නෑයේ මොනවට සුවඳ විලවුන් ගැල්වුණේ සැදූ කෙස් රැවුල් ඇත්තේ ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවා යි.

දිස‍්සති ඛො පන ගාමණි, ඉධෙකච‍්චො දළ‍්හාය රජ‍්ජුයා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා ඛුරමුණ‍්ඩං කරිත්‍වා ඛරස‍්සරෙන පණවෙන රථිකාය රථිකං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං පරිනෙත්‍වා දක‍්ඛිණෙන ද‍්වාරෙන නික‍්ඛාමෙත්‍වා දක‍්ඛිණතො නගරස‍්ස සීසං ඡිජ‍්ජමානො. තමෙනං එවමාහංසු: අම‍්භො, අයං පුරිසො කිං අකාසි දළ‍්හාය රජ‍්ජුයා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා ඛුරමුණ‍්ඩං කරිත්‍වා ඛරස‍්සරෙන පණවෙන රථිකාය රථිකං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං පරිනෙත්‍වා දක‍්ඛිණෙන ද‍්වාරෙන නික‍්ඛාමෙත්‍වා දක‍්ඛිණතො නගරස‍්ස සීසං ඡින්‍දතීති. තමෙනං එවමාහංසු: අම‍්භො අයං පුරිසො ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා මුසාවාදෙන අත්‍ථං භඤ‍්ජි, තෙන තං රාජානො ගහෙත්‍වා එවරූපං කම‍්මකාරණං කාරෙන‍්තීති. තං කිම‍්මඤ‍්ඤසි ගාමණි, අපිනු තෙ එවරූපං දිට‍්ඨං වා සුතං වාති? දිට‍්ඨඤ‍්ච නො භන‍්තෙ, සුතඤ‍්ච සූයිස‍්සති චාති. තත්‍ර ගාමණි, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො “යො කොචි මුසා භණති, සබ‍්බො සො දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදියතී”ති. සච‍්චං වා තෙ ආහංසු මුසා වාති? මුසා භන‍්තෙ. යෙ පන තෙ තුච‍්ඡං මුසා විලපන‍්ති සීලවන‍්තො වා තෙ දුස‍්සීලා වාති? දුස‍්සීලා භන‍්තෙ. යෙ පන තෙ දුස‍්සීලා පාපධම‍්මා, මිච‍්ඡාපටිපන‍්නා වා තෙ සම‍්මාපටිපන‍්නා වාති? මිච‍්ඡාපටිපන‍්නා භන‍්තෙ. යෙ පන තෙ මිච‍්ඡාපටිපන‍්නා මිච‍්ඡාදිට‍්ඨිකා වා තෙ සම‍්මාදිට‍්ඨිකා වාති? මිච‍්ඡාදිට‍්ඨිකා භන‍්තෙ. යෙ පන තෙ මිච‍්ඡාදිට‍්ඨිකා, කල‍්ලන‍්නු තෙසු පසීදිතුන‍්ති? නො හෙතං භන‍්තෙ.

ගාමිණී, මෙහි දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැඳුමෙන් බැඳ කරයෙන් මුඩු කොට රළු හඬ ඇති බෙරයෙන් යුතු වැ වෙයින් වෙයට සිවු මංසලින් සිවු මංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු දිග හිස සිඳිනු ලබන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැඳුමෙන් බැඳ කරයෙන් මුඩු කොට රළු හඬ ඇති බෙරයෙන් යුතු වැ වෙයින් වෙයට සිවු මංසලින් සිවු මංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු දිග (යමෙකුගේ) හිස සිඳී නම් මේ පුරිස් තෙමේ කුමක් කෙළේ දැ? යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, මේ පුරිස් තෙමේ ගැහැවියකුට හෝ ගැහැවි පුතකුට හෝ බොරුවෙන් අර්‍ත්‍ථහානි කළේ ය. එහෙයින් රජු ඔහු ගෙන මෙබඳු කම් කටොලු කරවති යි. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? තොප විසින් මෙබන්දෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේ දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් අසනු ලබන්නේත් වේ යයි. ගාමිණී, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් “යම් කිසිවෙක් මුසා බෙණේ ද, ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳිති”යි මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත් නම් ඔහු ඇත්ත හෝ මුසා හෝ කියත් දැ? යි. වහන්ස, මුසා ය. යම් ඒ කෙනෙක් හිස් මුසා බෙණෙත් නම් ඔහු සිල්වත්හු හෝ දුසිල්හු දැ? යි. වහන්ස, දුසිල්හු ය. යම් ඒ කෙනෙක් දුසිල්හු නම් පාපස්වභාව ඇත්තාහු නම් ඔහු වරදවා පිළිපන්නාහු හෝ මැනවින් පිළිපන්නාහු හෝ දැ? යි. වහන්ස, වරදවා පිළිපන්නාහු ය. යම් ඒ කෙනෙක් වරදවා පිළිපන්නාහු නම් ඔහු මිස දිටු ඇත්තෝ හෝ සම් දිටු ඇත්තෝ හෝ දැ? යි. වහන්ස, මිස දිටු ඇත්තහ. යම් ඒ කෙනෙක් මිස දිටු ඇත්තෝ නම් ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසු දැයි. වහන්ස, මෙය නො වේ ම ය.

අච‍්ඡරියං භන‍්තෙ අබ‍්භුතං භන‍්තෙ, අත්‍ථි මෙ භන‍්තෙ ආවසථාගාරං. තත්‍ථ මඤ‍්චකානි අත්‍ථි, ආසනානි අත්‍ථි, උදකමණිකො අත්‍ථි, තෙලප‍්පදීපො අත්‍ථි, තත්‍ථ යො සමණො වා බ්‍රාහ‍්මණො වා වාසං උපෙති, තෙනාහං යථාසත‍්ති යථාබලං සංවිභජාමි. භූතපුබ‍්බං භන‍්තෙ, චත‍්තාරො සත්‍ථාරො නානාදිට‍්ඨිකා නානාඛන‍්තිකා නානාරුචිකා තස‍්මිං ආවසථාගාරෙ වාසං උපගච‍්ඡිංසු. එකො සත්‍ථා එවංවාදී එවංදිට‍්ඨි: නත්‍ථි දින‍්නං, නත්‍ථි යිට‍්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො. නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරො ලොකො, නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති.

වහන්ස, අසිරියෙකි. පුදුමයෙකි. වහන්ස, මට ආවාස ගෙයක් ඇත. එහි ඇඳන් ඇත. අසුන් ඇත. මහ දිය සැළක් ඇත. තෙල් පහනක් ඇත. එහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ වාසයට එළඹේ නම් ඔහු සමඟ මම හැකි පමණින් බල පමණින් බෙදා ගනිමි. වහන්ස, පෙර වූවක් කියමි. නොයෙක් දිටු ඇති නොයෙක් මත ඇති නොයෙක් රුචි ඇති ශාස්තෘහු සිවු දෙනෙක් එහි විසුමට එළඹියහ. එක් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ ය. මෙබඳු දෘෂ්ටි ඇත්තේ ය: දෙන ලද්දෙහි විපාක නැත, පුදන ලද්දෙහි විපාක නැත, සත්කාරයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවෙක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්තු නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව නැතැ යි.

එකො සත්‍ථා එවංවාදී එවංදිට‍්ඨි: අත්‍ථි දින‍්නං, අත්‍ථි යිට‍්ඨං, අත්‍ථි හුතං, අත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, අත්‍ථි අයං ලොකො, අත්‍ථි පරො ලොකො, අත්‍ථි මාතා, අත්‍ථි පිතා, අත්‍ථි සත‍්තා ඔපපාතිකා, අත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා, යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති.

එක් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ ය: දෙන ලද්දෙහි විපාක ඇත, පුදන ලද්දෙහි විපාක ඇත, සත්කාරයෙහි විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්හි ඵලවිපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්තු ඇත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව ඇතැ යි.

එකො සත්‍ථා එවංවාදී එවංදිට‍්ඨි: කරතො කාරයතො ඡින්‍දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්‍දතො ඵන්‍දාපයතො පාණමතිපාතයතො අදින‍්නං ආදියතො සන්‍ධිං ඡින්‍දතො නිල‍්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්‍ථෙ තිට‍්ඨතො පරදාරං ගච‍්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං. ඛුරපරියන‍්තෙන චෙපි චක‍්කෙන යො ඉමිස‍්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ‍්ජං කරෙය්‍ය, නත්‍ථි තතොනිදානං පාපං, නත්‍ථි පාපස‍්ස ආගමො. දක‍්ඛිණඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය හනන‍්තො ඝාතෙන‍්තො ඡින්‍දන‍්තො ඡෙදාපෙන‍්තො පචන‍්තො පාචෙන‍්තො නත්‍ථි තතොනිදානං පාපං, නත්‍ථි පාපස‍්ස ආගමො. උත‍්තරඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය දදන‍්තො දාපෙන‍්තො යජන‍්තො යාජෙන‍්තො නත්‍ථි තතොනිදානං පුඤ‍්ඤං, නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො. දානෙන දමෙන සඤ‍්ඤමෙන සච‍්චවජ‍්ජෙන නත්‍ථි පුඤ‍්ඤං නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමොති.

එක් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ ය: කරන්නාට කරවන්නාට සිඳින්නාට සිඳුවන්නාට පිසන්නාට පිසවන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට කම්පිත කරන්නාට කම්පිත කරවන්නාට පරපණ නසන්නාට නුදුන් දෑ ගන්නාට ගෙවල් බිඳින්නාට ගම් පැහැර ගන්නාට එක් ගෙයක් පැහැර ගන්නාට මං පහරන්නාට පරඹුන් කරා යන්නාට මුසා බණන්නාට කිරීමෙන් පවෙක් නොකෙරේ. ඉදිනුදු කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතු කොටගෙන පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත, ඉදිනුදු නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ ද ඒ හේතුවෙන් පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත. ඉදිනුදු දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ ද, ඒ හේතුවෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැත, දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැතැ යි.

එකො සත්‍ථා එවංවාදී එවංදිට‍්ඨි: කරතො කාරයතො ඡින්‍දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්‍දතො ඵන්‍දාපයතො පාණමතිපාතයතො අදින‍්නං ආදියතො සන්‍ධිං ඡින්‍දතො නිල‍්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්‍ථෙ තිට‍්ඨතො පරදාරං ගච‍්ඡතො මුසා භණතො කරතො කරීයති පාපං. ඛුරපරියන‍්තෙනපි චක‍්කෙන යො ඉමිස‍්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ‍්ජං කරෙය්‍ය, අත්‍ථි තතොනිදානං පාපං, අත්‍ථි පාපස‍්ස ආගමො. දක‍්ඛිණඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය හනන‍්තො ඝාතෙන‍්තො ඡින්‍දන‍්තො ඡෙදාපෙන‍්තො පචන‍්තො පාචෙන‍්තො අත්‍ථි තතොනිදානං පාපං, අත්‍ථි පාපස‍්ස ආගමො. උත‍්තරඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය දදන‍්තො දාපෙන‍්තො යජන‍්තො යාජෙන‍්තො අත්‍ථි තතොනිදානං පුඤ‍්ඤං, අත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො. දානෙන දමෙන සඤ‍්ඤමෙන සච‍්චවජ‍්ජෙන අත්‍ථි පුඤ‍්ඤං අත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමොති.

එක් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ ය: කරන්නාට කරවන්නාට සිඳින්නාට සිඳුවන්නාට පිසන්නාට පිසවන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට කම්පිත කරන්නාට කම්පිත කරවන්නාට පරපණ නසන්නාට නුදුන් දෑ ගන්නාට ගෙවල් බිඳින්නාට ගම් පැහැර ගන්නාට එක් ගෙයක් පැහැර ගන්නාට මං පහරන්නාට පරඹුන් කරා යන්නාට මුසා බණන්නාට කිරීමෙන් පවෙක් කෙරේ, කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතු කොටගෙන පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත, ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ ද ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ ද, ඒ හේතුවෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇත, දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇතැ යි.

තස‍්ස මය‍්හං භන‍්තෙ අහුදෙව කඞ‍්ඛා අහුදෙව විචිකිච‍්ඡා: කො සු නාම ඉමෙසං භවතං සමණබ්‍රාහ‍්මණානං සච‍්චං ආහ, කො මුසාති.

වහන්ස, ඒ මට මේ භවත් මහණ බමුණන්ගෙන් කවරෙක් නම් ඇත්ත කියා ද? කවරෙක් බොරු කියා දැ? යි සැකයෙක් වූයේ ම ය. විචිකිච්ඡායෙක් වූයේ මැ යි.

අලං හි තෙ ගාමණි, කඞ‍්ඛිතුං, අලං විචිකිච‍්ඡිතුං. කඞ‍්ඛනීයෙ ච පන තෙ ඨානෙ විචිකිච‍්ඡා උප‍්පන‍්නාති. එවං පසන‍්නොහං භන‍්තෙ භගවති. පහොති මෙ භගවා තථා ධම‍්මං දෙසෙතුං යථාහං ඉමං කඞ‍්ඛාධම‍්මං පජහෙය්‍යන‍්ති.

ගාමිණී, තොප විසින් සැක කරන්නට නිසි ය, විචිකිච්ඡා කරන්නට නිසිය. සැක කටයුතු තන්හි තොපට විචිකිච්ඡා උපනැ යි. වහන්ස, යම් සේ මම මේ සැකය දුරු කරන්නෙම් නම් එසේ මට දහම් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ පොහෝනා සේකැ යි. මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහන්මි යි.

අත්‍ථි ගාමණි, ධම‍්මසමාධි. තත්‍ර චෙ ත්‍වං චිත‍්තසමාධිං පටිලභෙය්‍යාසි. එවං ත්‍වං ඉමං කඞ‍්ඛාධම‍්මං පජහෙය්‍යාසි. කතමො ච ගාමණි, ධම‍්මසමාධි: ඉධ ගාමණි, අරියසාවකො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ‍්ඩො නිහිතසත්‍ථො ලජ‍්ජී දයාපන‍්නො සබ‍්බපාණභූතහිතානුකම‍්පී විහරති. අදින‍්නාදානං පහාය අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරං පහාය කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති, ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපං පහාය සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අභිජ‍්ඣං පහාය අනභිජ‍්ඣාලූ හොති, ව්‍යාපාදපදොසං පහාය අව්‍යාපන‍්නචිත‍්තො හොති, මිච‍්ඡාදිට‍්ඨිං පහාය සම‍්මාදිට‍්ඨිකො හොති.

ගාමිණී, ධම්ම සමාධියෙක් ඇත. ඉදින් තෙපි එහි ලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු. ගාමිණී, ධම්ම සමාධිය කවරේ ද යත්: ගාමිණී, මෙහි අරිසවු තෙමේ පණිවා පහා පණිවායෙන් වැළකුණේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ ලජ්ජා ඇත්තේ දයාවට පැමිණියේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වෙසෙයි. අයිනාදන් පහා අයිනාදනින් වැළකුණේ වෙයි. කාමයෙහි මිසහසර පහා කාමයෙහි මිසහසරින් වැළකුණේ වෙයි. මුසවා පහා මුසවායෙන් වැළකුණේ වෙයි. පිසුනු බස පහා පිසුනු බසින් වැළකුණේ වෙයි. රළු වදන පහා රළු වදනින් වැළකුණේ වෙයි. හිස් වදන පහා හිස් වදනින් වැළකුණේ වෙයි. දැඩි ලොබ පහා දැඩි ලොබ නැත්තේ වෙයි. කිපුම් දෝස පහා නොකිපුණු සිත් ඇත්තේ වෙයි. මිසදිටු පහා සම්දිටු ඇත්තේ වෙයි.

ස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ‍්ඣො විගතව්‍යාපාදො අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතො මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අව්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. සො ඉති පටිසංචික‍්ඛති: යො’යං සත්‍ථා එවංවාදී එවංදිට‍්ඨි: “නත්‍ථි දින‍්නං, නත්‍ථි යිට‍්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරො ලොකො, නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී”ති. සචෙ තස‍්ස භොතො සත්‍ථුනො සච‍්චං වචනං අපණ‍්ණකතාය මය‍්හං, යො’හං න කිඤ‍්චි ව්‍යාබාධෙමි තසං වා ථාවරං වා, උභයමෙත්‍ථ කටග‍්ගාහො: යඤ‍්චම‍්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ‍්ච කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සාමීති. තස‍්ස පාමුජ‍්ජං ජායති. පමුදිතස‍්ස පීති ජායති. පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති. පස‍්සද‍්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත‍්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම‍්මසමාධි. තත්‍ර චෙ ත්‍වං චිත‍්තසමාධිං පටිලභෙය්‍යාසි, එවං ත්‍වං ඉමං කඞ‍්ඛාධම‍්මං පජහෙය්‍යාසි.

ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇතියේ පහ ව ගිය කිපුම් ඇතියේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සම භාවයෙන් සියලු සතුන් යුත් ලොව දුක් නැති මෙත් සහගිය සිතින් පතුරුවා වෙසේ. හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෘවරයෙක් “දෙන ලද්දෙහි විපාක නැත, පුදන ලද්දෙහි විපාක නැත, සත්කාරයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවෙක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්තු නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව නැතැ” යි. මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් යම් බඳු මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළම් ද (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යි යන යමෙක් ඇද්ද, කාබුන් මරණින් මතු සුගති සඟ ලොවට පැමිණෙන්නෙමි යි යන යමකුත් ඇද්ද මෙහිලා දෙකම ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ නාම කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු.

ස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ‍්ඣො විගතව්‍යාපාදො අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතො මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අව්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති.

ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙයි.

සො ඉති පටිසංචික‍්ඛති: යො’යං සත්‍ථා එවංවාදී එවංදිට‍්ඨි: “අත්‍ථි දින‍්නං, අත්‍ථි යිට‍්ඨං, අත්‍ථි හුතං, අත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, අත්‍ථි අයං ලොකො, අත්‍ථි පරො ලොකො, අත්‍ථි මාතා, අත්‍ථි පිතා, අත්‍ථි සත‍්තා ඔපපාතිකා, අත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා, යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී”ති. සචෙ තස‍්ස භොතො සත්‍ථුනො සච‍්චං වචනං, අපණ‍්ණකතාය මය‍්හං, සො’හං න කිඤ‍්චි ව්‍යාබාධෙමි තසං වා ථාවරං වා, උභයමෙත්‍ථකටග‍්ගාහො: යඤ‍්චම‍්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ‍්ච කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සාමීති. තස‍්ස පාමොජ‍්ජං ජායති. පමුදිතස‍්ස පීති ජායති. පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති. පස‍්සද‍්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත‍්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම‍්මසමාධි. තත්‍ර චෙ ත්‍වං චිත‍්තසමාධිං පටිලභෙය්‍යාසි, එවං ත්‍වං ඉමං කඞ‍්ඛාධම‍්මං පජහෙය්‍යාසි.

හේ මෙසේ නුවණින් සලකා බලයි. “යම් මේ ශාස්තෘවරයෙක් දෙන ලද්දෙහි විපාක ඇත, පුදන ලද්දෙහි විපාක ඇත, සත්කාරයෙහි විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්තු ඇත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව ඇතැ” යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැතිගන්නා වූ හෝ නො තැතිගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධබව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද මෙහි ලා දෙක ම ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු.

ස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ‍්ඣො විගතව්‍යාපාදො අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතො මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අව්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. සො ඉති පටිසංචික‍්ඛති: යො’යං සත්‍ථා එවංවාදී එවංදිට‍්ඨි: “කරතො කාරයතො ඡින්‍දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්‍දතො ඵන්‍දාපයතො පාණමතිපාතයතො අදින‍්නං ආදියතො සන්‍ධිං ඡින්‍දතො නිල‍්ලොපං හරතො එකාගාරිකං කරොතො, පරිපන්‍ථෙ තිට‍්ඨතො පරදාරං ගච‍්ඡතො මුසා භණතො කරතො න කරීයති පාපං. ඛුරපරියන‍්තෙන චෙපි චක‍්කෙන යො ඉමිස‍්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ‍්ජං කරෙය්‍ය, නත්‍ථි තතො නිදානං පාපං, නත්‍ථි පාපස‍්ස ආගමො: දක‍්ඛිණඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය හනන‍්තො ඝාතෙන‍්තො ඡින්‍දන‍්තො ඡෙදාපෙන‍්තො පචන‍්තො පාචෙන‍්තො නත්‍ථි තතො නිදානං පාපං, නත්‍ථි පාපස‍්ස ආගමො; උත‍්තරඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය දදන‍්තො දාපෙන‍්තො යජන‍්තො යාජෙන‍්තො නත්‍ථි තතො නිදානං පුඤ‍්ඤං, නත්‍ථි තතො නිදානං පුඤ‍්ඤස‍්ස ආගමො; දානෙන දමෙන සඤ‍්ඤමෙන සච‍්චවජ‍්ජෙන නත්‍ථි පුඤ‍්ඤං නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො”ති. සචෙ තස‍්ස භොතො සත්‍ථුනො සච‍්චං වචනං, අපණ‍්ණකතාය මය‍්හං, සො’හං න කිඤ‍්චි ව්‍යාබාධෙමි තසං වා ථාවරං වා. උභයමෙත්‍ථ කටග‍්ගාහො: යඤ‍්චම‍්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ‍්ච කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සාමීති. තස‍්ස පාමොජ‍්ජං ජායති. පමුදිතස‍්ස පීති ජායති. පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති. පස‍්සද‍්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත‍්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම‍්මසමාධි තත්‍ර චෙ ත්‍වං චිත‍්තසමාධිං පටිලභෙය්‍යාසි, එවං ත්‍වං ඉමං කඞ‍්ඛාධම‍්මං පජහෙය්‍යාසි.

ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි. “යම් මේ ශාස්තෘවරයෙක් කරන්නාට කරවන්නාට සිඳින්නාට සිඳුවන්නාට පිසන්නාට පිසවන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට සලන්නාට සලවන්නාට පරපණ නසන්නාට නුදුන් දෑ ගන්නාට ගෙවල් බිඳින්නාට ගම් පැහැර ගන්නාට එක් ගෙයක් පැහැර ගන්නාහට මං පහරන්නාට පරඹුන් කරා යන්නාට මුසා බණන්නාට කිරීමෙන් පවෙක් නො කෙරෙයි. ඉදින් කර වැනි කෙළවර ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතු කොටගෙන පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පවෙක් නැත. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැත, දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැතැ” යි. මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද මෙහි ලා දෙක ම ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු.

ස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ‍්ඣො විගතව්‍යාපාදො අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතො මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අව්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. සො ඉති පටිසංචික‍්ඛති: යො’යං සත්‍ථා එවංවාදී එවංදිට‍්ඨි: “කරතො කාරයතො ඡින්‍දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්‍දතො ඵන්‍දාපයතො පාණමතිපාතයතො අදින‍්නං ආදියතො සන්‍ධිං ඡින්‍දතො නිල‍්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්‍ථෙ තිට‍්ඨතො පරදාරං ගච‍්ඡතො මුසා භණතො කරතො කරීයති පාපං. ඛුරපරියන‍්තෙන චෙපි චක‍්කෙන යො ඉමිස‍්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ‍්ජං කරෙය්‍ය, අත්‍ථි තතො නිදානං පාපං, අත්‍ථි පාපස‍්ස ආගමො. දක‍්ඛිණඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය හනන‍්තො ඝාතෙන‍්තො ඡින්‍දන‍්තො ඡෙදාපෙන‍්තො පචන‍්තො පාචෙන‍්තො, අත්‍ථි තතො නිදානං පාපං, අත්‍ථි පාපස‍්ස ආගමො. උත‍්තරඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය දදන‍්තො දාපෙන‍්තො යජන‍්තො යාජෙන‍්තො, අත්‍ථි තතො නිදානං පුඤ‍්ඤං, අත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො. දානෙන දමෙන සඤ‍්ඤමෙන සච‍්චවජ‍්ජෙන අත්‍ථි පුඤ‍්ඤං අත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො”ති. සචෙ තස‍්ස භොතො සත්‍ථුනො සච‍්චං වචනං, අපණ‍්ණකතාය මය‍්හං; සො’හං න කිඤ‍්චි ව්‍යාබාධෙමි තසං වා ථාවරං වා, උභයමෙත්‍ථ කටග‍්ගාහො, යඤ‍්චම‍්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ‍්ච කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සාමීති. තස‍්ස පාමොජ‍්ජං ජායති. පමුදිතස‍්ස පීති ජායති. පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති. පස‍්සද‍්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත‍්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම‍්මසමාධි. තත්‍ර චෙ ත්‍වං චිත‍්තසමාධිං පටිලභෙය්‍යාසි, එවං ත්‍වං ඉමං කඞ‍්ඛාධම‍්මං පජහෙය්‍යාසි.

ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියල්ලෙන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නොපමණ වූ වෙර නැති නිදුක් වූ මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි: “යම් මේ ශාස්තෘවරයෙක් කරන්නාට කරවන්නාට සිඳින්නාට සිඳුවන්නාට පිසන්නාට පිසවන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරවන්නාට සලන්නාට සලවන්නාට පරපණ නසන්නාට නුදුන් දෑ ගන්නාට ගෙවල් බිඳින්නාට ගම් පැහැර ගන්නාට එක් ගෙයක් පැහැර ගන්නාට මං පහරන්නාට පරඹුන් වෙත යන්නාට මුසා බණන්නාට කිරීමෙන් පවෙක් නො කෙරෙයි. ඉදිනුදු කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදිනුදු නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ නම් ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදිනුදු දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ නම් ඒ හේතුවෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇත. දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇතැ” යි. මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැතිගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. ඒ පිළිවෙත මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද, කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද දෙක ම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු.

ස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ‍්ඣො විගතව්‍යාපාදො අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතො කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති -පෙ- මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති -පෙ-

ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ කුළුණු සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. … මුදුබැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි.

ස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ‍්ඣො විගතව්‍යාපාදො අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතො උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අව්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. සො ඉති පටිසංචික‍්ඛති: යො’යං සත්‍ථා එවංවාදී එවංදිට‍්ඨි: “නත්‍ථි දින‍්නං, නත්‍ථි යිට‍්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරො ලොකො,

ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මැදහත්බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මැදහත් බැව් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෘවරයෙක් “දෙන ලද්දෙහි විපාක නැත, පුදන ලද්දෙහි විපාක නැත, සත්කාරයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත,

නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා යො ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී”ති. සචෙ තස‍්ස භොතො සත්‍ථුනො සච‍්චං වචනං, අපණ‍්ණකතාය මය‍්හං, සො’හං න කිඤ‍්චි ව්‍යාබාධෙමි තසං වා ථාවරං වා. උභයමෙත්‍ථ කටග‍්ගාහො: යඤ‍්චම‍්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ‍්ච කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සාමීති. තස‍්ස පාමොජ‍්ජං ජායති. පමුදිතස‍්ස පීති ජායති. පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති. පස‍්සද‍්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත‍්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම‍්මසමාධි. තත්‍ර චෙ ත්‍වං චිත‍්තසමාධිං පටිලභෙය්‍යාසි, එවං ත්‍වං ඉමං කඞ‍්ඛාධම‍්මං පජහෙය්‍යාසි.

මවෙක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්තු නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ නැතැ” යි, මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් යම් බඳු මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේද, කාබුන් මරණින් මතු සුගති සඟ ලොවට පැමිණෙන්නෙමි යි යන යමකුත් වේ ද දෙකම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් එහිලා තෙපි චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු ය.

ස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ‍්ඣො විගතව්‍යාපාදො අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතො උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අව්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. සො ඉති පටිසංචික‍්ඛති: ය‍්වා’යං සත්‍ථා එවංවාදී එවංදිට‍්ඨි: “අත්‍ථි දින‍්නං, අත්‍ථි යිට‍්ඨං, අත්‍ථි හුතං, අත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, අත්‍ථි අයං ලොකො, අත්‍ථි පරො ලොකො, අත්‍ථි මාතා, අත්‍ථි පිතා, අත්‍ථි සත‍්තා ඔපපාතිකා, අත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී”ති. සචෙ තස‍්ස භොතො සත්‍ථුනො සච‍්චං වචනං, අපණ‍්ණකතාය මය‍්හං, සො’හං න කිඤ‍්චි ව්‍යාබාධෙමි තසං වා ථාවරං වා. උභයමෙත්‍ථ කටග‍්ගාහො: යඤ‍්චම‍්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ‍්ච කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සාමීති. තස‍්ස පාමොජ‍්ජං ජායති. පමුදිතස‍්ස පීති ජායති. පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති. පස‍්සද‍්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත‍්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම‍්මසමාධි. තත්‍ර චෙ ත්‍වං චිත‍්තසමාධිං පටිලභෙය්‍යාසි. එවං ත්‍වං ඉමං කඞ‍්ඛාධම‍්මං පජහෙය්‍යාසි.

ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මැදහත්බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මැදහත් බැව් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි: “යම් ඒ ශාස්තෘවරයෙක් දෙන ලද්දෙහි විපාක ඇත, පුදන ලද්දෙහි විපාක ඇත, සත්කාරයෙහි විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්තු ඇත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව ඇතැ” යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැතිගන්නා වූ හෝ නො තැතිගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද දෙක ම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු ය.

ස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ‍්ඣො විගතව්‍යාපාදො අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතො උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අව්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. සො ඉති පටිසංචික‍්ඛති: ය‍්වා’යං සත්‍ථා එවංවාදී එවංදිට‍්ඨි: “කරතො කාරයතො ඡින්‍දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්‍දතො ඵන්‍දාපයතො පාණමතිපාතයතො අදින‍්නං ආදියතො, සන්‍ධිං ඡින්‍දතො නිල‍්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්‍ථෙ තිට‍්ඨතො පරදාරං ගච‍්ඡතො මුසා භණතො කරතො න කරීයති පාපං. ඛුරපරියන‍්තෙන චෙපි චක‍්කෙන යො ඉමිස‍්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ‍්ජං කරෙය්‍ය නත්‍ථි තතො නිදානං පාපං, නත්‍ථි පාපස‍්ස ආගමො. දක‍්ඛිණඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය හනන‍්තො ඝාතෙන‍්තො ඡින්‍දන‍්තො ඡෙදාපෙන‍්තො පචන‍්තො පාචෙන‍්තො, නත්‍ථි තතො නිදානං පාපං, නත්‍ථි පාපස‍්ස ආගමො. උත‍්තරඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය දදන‍්තො දාපෙන‍්තො යජන‍්තො යාජෙන‍්තො, නත්‍ථි තතො නිදානං පුඤ‍්ඤං නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො. දානෙන දමෙන සඤ‍්ඤමෙන සච‍්චවජ‍්ජෙන නත්‍ථි පුඤ‍්ඤං නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො”ති. සචෙ තස‍්ස භොතො සත්‍ථුනො සච‍්චං වචනං, අපණ‍්ණකතාය මය‍්හං, සො’හං න කිඤ‍්චි ව්‍යාබාධෙමි තසං වා ථාවරං වා, උභයමෙත්‍ථ කටග‍්ගාහො: යඤ‍්චම‍්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ‍්ච කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සාමීති. තස‍්ස පාමොජ‍්ජං ජායති. පමුදිතස‍්ස පීති ජායති. පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති. පස‍්සද‍්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත‍්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම‍්මසමාධි. තත්‍ර චෙ ත්‍වං චිත‍්තසමාධිං පටිලභෙය්‍යාසි, එවං ත්‍වං ඉමං කඞ‍්ඛාධම‍්මං පජහෙය්‍යාසි.

ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මැදහත් බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මැදහත් බැව් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි: “යම් මේ ශාස්තෘවරයෙක් කරන්නහුට කරවන්නහුට සිඳින්නහුට සිඳුවන්නහුට පිසන්නහුට පිසවන්නහුට ශෝක කරවන්නහුට ක්ලාන්ත කරවන්නහුට සලන්නහුට සලවන්නහුට පරපණ නසන්නහුට නුදුන් දෑ ගන්නහුට ගෙවල් බිඳින්නහුට ගම් පැහැර ගන්නහුට එක් ගෙයක් පැහැර ගන්නහුට මං පහරන්නහුට පරඹුන් වෙත යන්නහුට මුසා බණන්නහුට කිරීමෙන් පවෙක් නො කෙරේ. ඉදින් කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නමුදු ඒ හේතුවෙන් පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැත. දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැතැ” යි, මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද දෙක ම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්සිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු ය.

ස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ‍්ඣො විගතව්‍යාපාදො අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතො උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අව්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. සො ඉති පටිසංචික‍්ඛති:

ගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය ව්‍යාපාද ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මැදහත් බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මැදහත් බැව් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි:

ය‍්වා’යං සත්‍ථා එවංවාදී එවංදිට‍්ඨි: “කරතො කාරයතො ඡින්‍දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්‍දතො ඵන්‍දාපයතො පාණමතිපාතයතො අදින‍්නං ආදියතො සන්‍ධිං ඡින්‍දතො නිල‍්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්‍ථෙ තිට‍්ඨතො පරදාරං ගච‍්ඡතො මුසා භණතො කරතො කරීයති පාපං, ඛුරපරියන‍්තෙන චෙපි චක‍්කෙන යො ඉමිස‍්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ‍්ජං කරෙය්‍ය, අත්‍ථි තතොනිදානං පාපං, අත්‍ථි පාපස‍්ස ආගමො. දක‍්ඛිණඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය හනන‍්තො ඝාතෙන‍්තො ඡින්‍දන‍්තො ඡෙදාපෙන‍්තො පචන‍්තො පාචෙන‍්තො, අත්‍ථි තතොනිදානං පාපං, අත්‍ථි පාපස‍්ස ආගමො. උත‍්තරඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය. දදන‍්තො දාපෙන‍්තො, යජන‍්තො යාජෙන‍්තො, අත්‍ථි තතො නිදානං පුඤ‍්ඤං, අත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො. දානෙන දමෙන සඤ‍්ඤමෙන සච‍්චවචනෙන අත්‍ථි පුඤ‍්ඤං, අත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො”ති. සචෙ තස‍්ස භොතො සත්‍ථුනො සච‍්චං වචනං, අපණ‍්ණකතාය මය‍්හං, සො’හං න කිඤ‍්චි ව්‍යාබාධෙමි තසං වා ථාවරං වා, උභයමෙත්‍ථ කටග‍්ගාහො: යඤ‍්චම‍්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ‍්ච කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සාමීති. තස‍්ස පාමොජ‍්ජං ජායති. පමුදිතස‍්ස පීති ජායති. පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති. පස‍්සද‍්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත‍්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම‍්මසමාධි. තත්‍ර චෙ ත්‍වං චිත‍්තසමාධිං පටිලභෙය්‍යාසි, එවං ත්‍වං ඉමං කඞ‍්ඛාධම‍්මං පජහෙය්‍යාසි.

“යම් මේ ශාස්තෘවරයෙක් කරන්නහුට කරවන්නහුට සිඳින්නහුට සිඳුවන්නහුට පිසන්නහුට පිසවන්නහුට ශෝක කරවන්නහුට ක්ලාන්ත කරවන්නහුට සලන්නහුට සලවන්නහුට පරපණ නසන්නහුට නුදුන් දෑ ගන්නහුට ගෙවල් බිඳින්නහුට ගම් පැහැර ගන්නහුට එක් ගෙයක් පැහැර ගන්නහුට මං පහරන්නහුට පරඹුන් වෙත යන්නහුට මුසා බණන්නහුට කිරීමෙන් පවෙක් කෙරේ. ඉදිනුදු කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදිනුදු නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගංතෙරට යන්නේ නම් ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදිනුදු දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගංතෙරට යන්නේ නම් ඒ හේතුවෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇත. දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇතැ” යි. මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද දෙක ම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය පහන්නහු යි.

එවං වුත‍්තෙ පාටලියො ගාමණි භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භන‍්තෙ, අභික‍්කන‍්තං භන‍්තෙ -පෙ- අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි පාටලිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, ඉතා මැනවි. වහන්ස, ඉතා මැනවි … අද පටන් මා දිවි හිමියෙන් සරණ ගිය (උවසුවකු කොට දරණ සේක්වා) යි.

ගාමණිවග‍්ගො පඨමො.

පළමුවැනි ගාමිණී වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය:

චණ‍්ඩො තාලො යොධාජීවො හත්‍ථස‍්සාසි ච ඛෙත‍්තකා, සඞ‍්ඛ කුලමණිභද‍්දකා ච රාසිය පාටලියෙන තෙරසාති.

චණ්ඩ, තාලපුට, යෝධාජීව, හත්‍ථාරෝහ, අසසාරෝහ, අසිබන්‍ධක, ඛෙත්තූපම, සඞ්ඛධම, කුල, මණිචූළක, භද්දක,රාසිය, පාටලිය සූත්‍රය යි තෙළෙසකි.

ගාමණිසංයුත‍්තං සමත‍්තං

ගාමිණී සංයුත්තය නිමි.