1. අසංඛතවග්ගො
1. අසඞ්ඛත වර්ගය
9. 1. 1.
9. 1. 1.
කායගතාසතිසුත්තං
කායගතාසති සූත්‍රය
428. අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ අසඞ්ඛතං: යො භික්ඛවෙ රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතං. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො: කායගතාසති. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො.
428. මහණෙනි, තොපට අසඞ්ඛතය (නිවන) ද, අසඞ්ඛත (නිවන්) මඟ ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අසඞ්ඛතය කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්ෂයයෙක්, ද්වේෂක්ෂයයෙක්, මෝහක්ෂයයෙක් වේ නම් මහණෙනි, මෙය අසඞ්ඛත යි කියනු ලැබේ. මහණෙනි, අසඞ්ඛත මඟ කවරේ ද යත්: කායගතාසති යි. මහණෙනි, මේ අසඞ්ඛත මඟ යි කියනු ලැබේ.
ඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා අසඞ්ඛතං දෙසිතො අසඞ්ඛතගාමී මග්ගො. යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා එතානි භික්ඛවෙ රුක්ඛමූලානි එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං ඛො අම්හාකං අනුසාසනී.
මහණෙනි, මෙසේ තොපට මා විසින් අසඞ්ඛතය දෙසන ලදි. අසඞ්ඛත මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම්, එය මවිසින් තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල්, ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
9. 1. 2.
9. 1. 2.
සමථවිපස්සනාසුත්තං
සමථවිපස්සනා සූත්‍රය
429. අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ අසඞ්ඛතං: යො භික්ඛවෙ රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතං. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො: සමථො ච විපස්සනා ච. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො. ඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා අසඞ්ඛතං -පෙ- අයං වො අම්හාකං අනුසාසනීති.
429. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්ෂයයෙක්, ද්වේෂක්ෂයයෙක්, මෝහක්ෂයයෙක් වේ ද මහණෙනි, මේ නිවන ය යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: සමථය ද විදර්ශනාව ද යන දෙක යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ තොපට මා විසින් නිවන දෙසන ලදි. ... මේ තොපට අපගේ අනුශාසනා යි.
9. 1. 3.
9. 1. 3.
සවිතක්කසවිචාරසුත්තං
සවිතක්කසවිචාර සූත්‍රය
430. අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ අසඞ්ඛතං: යො භික්ඛවෙ රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො ඉදං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතං. කතමොච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො සවිතක්කො සවිචාරො සමාධි, අවිතක්කො විචාරමත්තො සමාධි, අවිතක්කො අවිචාරො සමාධි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො -පෙ- අනුසාසනීති.
430. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්ෂයයෙක්, ද්වේෂක්ෂයයෙක්, මෝහක්ෂයයෙක් වේ නම් මහණෙනි, මෙය නිවන යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සවිතර්කසවිචාරසමාධි ය, අවිතර්කවිචාරමාත්රසමාධිය, අවිතර්කඅවිචාරසමාධි යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ ... අනුශාසනා යි.
9. 1. 4.
9. 1. 4.
සුඤ්ඤතසමාධිසුත්තං
සුඤ්ඤතසමාධි සූත්‍රය
431. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: සුඤ්ඤතො සමාධි අනිමිත්තො සමාධි අප්පණිහිතො සමාධි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
431. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සුඤ්ඤතසමාධි ය, අනිමිත්තසමාධි ය, අප්පණිහිතසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 5.
9. 1. 5.
සතිපට්ඨානසුත්තං
සතිපට්ඨාන සූත්‍රය
432. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: චත්තාරො සතිපට්ඨානා. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
432. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සතර සීවටන්හු ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 6.
9. 1. 6.
සම්මප්පධානසුත්තං
සම්මප්පධාන සූත්‍රය
433. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: චත්තාරො සම්මප්පධානා. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
433. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සතර සම්මප්පධානයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 7.
9. 1. 7.
ඉද්ධිපාදසුත්තං
ඉද්ධිපාද සූත්‍රය
434. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: චත්තාරො ඉද්ධිපාදා. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
434. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සතර ඉද්ධිපාදයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 8.
9. 1. 8.
ඉන්ද්රියසුත්තං
ඉන්ද්රිය සූත්‍රය
435. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: පඤ්චින්ද්රියානි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
435. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: පඤ්ච ඉන්ද්රියෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 9.
9. 1. 9.
බලසුත්තං
බල සූත්‍රය
436. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: පඤ්ච බලානි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
436. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: පඤ්ච බලයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 10.
9. 1. 10.
බොජ්ඣඞ්ගසුත්තං
බොජ්ඣඞ්ග සූත්‍රය
437. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: සත්ත බොජ්ඣඞ්ගා. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
437. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සත්ත බොජ්ඣඞ්ගයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 11.
9. 1. 11.
මග්ගඞ්ගසුත්තං
මග්ගඞ්ග සූත්‍රය
438. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: අරියො අට්ඨඞ්ගිකො මග්ගො. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො. ඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා අසඞ්ඛතං, දෙසිතො අසඞ්ඛතගාමීමග්ගො. යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික්ඛවෙ රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ. මා පමාදත්ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
438. ... මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: අරිඅටඟිමඟ යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මා විසින් තොපට නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන් කෙරෙහි හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම්, මා විසින් එය තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල්, ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
අසඞ්ඛතවග්ගො පඨමො.
පළමුවැනි අසඞ්ඛත වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
කායසමථ සවිතක්කො සුඤ්ඤතො සතිපට්ඨානා, සම්මප්පධානඤ්ච ඉද්ධිපාද ඉන්ද්රියබලබොජ්ඣඞ්ගමග්ගාති.
කායගතාසති, සමථ විපස්සනා, සවිතක්කසවිචාර, සුඤ්ඤතසමාධි, සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්ද්රිය, බල, බොජ්ඣඞ්ග, මග්ගඞ්ග යි සූත්‍ර එකොළොසෙකි.