යෙදුමෙන් කියවන්න

1. අසංඛතවග‍්ගො අට‍්ඨකථා

1. අසඞ්ඛත වර්ගය

1-11. කායගතාසතිසුත‍්තාදිවණ‍්ණනා

1-11. කායගතාසති ආදි සූත්‍ර වර්ණනා

අසඞ‍්ඛතසංයුත‍්තෙ අසඞ‍්ඛතන‍්ති අකතං. හිතෙසිනාති හිතං එසන‍්තෙන. අනුකම‍්පකෙනාති අනුකම‍්පමානෙන. අනුකම‍්පං උපාදායාති අනුකම‍්පං චිත‍්තෙන පරිග‍්ගහෙත්‍වා, පටිච‍්චාතිපි වුත‍්තං හොති. කතං වො තං මයාති තං මයා ඉමං අසඞ‍්ඛතඤ‍්ච අසඞ‍්ඛතමග‍්ගඤ‍්ච දෙසෙන‍්තෙන තුම‍්හාකං කතං. එත‍්තකමෙව හි අනුකම‍්පකස‍්ස සත්‍ථු කිච‍්චං, යදිදං අවිපරීතධම‍්මදෙසනා. ඉතො පරං පන පටිපත‍්ති නාම සාවකානං කිච‍්චං. තෙනාහ එතානි, භික‍්ඛවෙ, රුක‍්ඛමූලානි…පෙ… අම‍්හාකං අනුසාසනීති ඉමිනා රුක‍්ඛමූලසෙනාසනං දස‍්සෙති. සුඤ‍්ඤාගාරානීති ඉමිනා ජනවිවිත‍්තං ඨානං. උභයෙන ච යොගානුරූපං සෙනාසනං ආචික‍්ඛති, දායජ‍්ජං නිය්‍යාතෙති.

අසංඛත සංයුත්තයෙහි පළමුවැන්නෙහි - අසංඛතං = නො සාදන ලද හිතෙසිනා = යහපත සොයන්නහු විසින් අනුකම්පකෙන = අනුකම්පා කිරීමෙන් අනුකම්පං උපාදාය = අනුකම්පාව සිතෙන් ග්‍රහණය කොට අනුකම්පාව හේතු කොට ගෙන යයි ද කියන ලද්දේ වෙයි. කතං වා තං මයා = මෙම අසංස්කාරිතය (හෙවත් නිවන) ද, අසංස්කාරිතයට යන මඟ ද දේසනා කරන තථාගතයන් වහන්සේ විසින් ඔබහට කරන ලද දේශනාව වූ අවිපරීත (වෙනස් නොවන) ධර්ම දේශනය මෙපමණ සානුකම්පක වූ ශාස්තෲන් වහන්සේගේ කෘත්‍යයයි. මින් මතුවට වනාහී ප්‍රතිපත්ති රැකීම නම් ශ්‍රාවකයන්ගේ කෘත්‍යයකි. එසේ හෙයින් එතානි භික්‍ඛවෙ රුක්‍ඛමූලානි - මේ අම්හාකං අනුසාසති = යයි කියන ලදී. මෙයින් වෘක්ෂමූල සේනාසනය දක්වයි. සුඤ්ඤාගාරානි = මෙයින් ජනශුන්‍යවූ ස්ථානයක් ගැන කියවේ. (රුක්ඛමුල, සුඤ්ඤාගාර යන) දෙකින්ම භාවනාවට යෝග්‍ය වූ සෙනසුන ගැන කියයි. (ලෝකෝත්තර) දායාදය ලබා දෙයි.

ඣායථාති ආරම‍්මණූපනිජ‍්ඣානෙන අට‍්ඨතිංසාරම‍්මණානි, ලක‍්ඛණූපනිජ‍්ඣානෙන ච අනිච‍්චාදිතො ඛන්‍ධායතනාදීනි උපනිජ‍්ඣායථ, සමථඤ‍්ච විපස‍්සනඤ‍්ච වඩ‍්ඪෙථාති වුත‍්තං හොති. මා පමාදත්‍ථාති මා පමජ‍්ජිත්‍ථ. මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථාති යෙ හි පුබ‍්බෙ දහරකාලෙ අරොගකාලෙ සත‍්තසප‍්පායාදිසම‍්පත‍්තිකාලෙ සත්‍ථු සම‍්මුඛීභාවකාලෙ ච යොනිසොමනසිකාරරහිතා රත‍්තින්‍දිවං මඞ‍්කුලභත‍්තං හුත්‍වා සෙය්‍යසුඛං මිද‍්ධසුඛං අනුභොන‍්තා පමජ‍්ජන‍්ති, තෙ පච‍්ඡා ජරාකාලෙ රොගකාලෙ මරණකාලෙ විපත‍්තිකාලෙ සත්‍ථු පරිනිබ‍්බුතකාලෙ ච තං පුබ‍්බෙ පමාදවිහාරං අනුස‍්සරන‍්තා සප‍්පටිසන්‍ධිකාලකිරියඤ‍්ච භාරියං සම‍්පස‍්සමානා විප‍්පටිසාරිනො හොන‍්ති. තුම‍්හෙ පන තාදිසා මා අහුවත්‍ථාති දස‍්සෙන‍්තො ආහ “මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථා”ති.

ඣායථ = අරමුණු අනුව ධ්‍යාන වැඩීමෙන් ද, අටතිස් අරමුණු සලකුණු ලෙස තබා ධ්‍යාන වැඩීමෙන් ද අනිත්‍ය ආදී වශයෙන් ස්කන්ධ (පස) ආයතන (සය) ආදිය අරමුණු කොට ධ්‍යාන වඩන්නයයිද සමථ හා විදර්ශනා වඩන්නයයිද කියන ලද්දේ වෙයි. මා පමාදත්‍ථ = ප්‍රමාද නොවව්. මා පච්ඡා විප්පටි සාරිනො අහුවත්‍ථ = යමකු පෙර තරුණ කල්හි ද නීරෝගී කල්හි ද, පරිභෝග වස්තූන් සහිත සම්පත්තියෙන් යුත් කල්හිද. ශාස්තෲන් වහන්සේ හමුවන කල්හි නුවණින් මෙනෙහි කිරීමෙන් තොරව දිවාරාත්‍රි මකුණන් විදින කල්හිදු නිදමින් සයනගත සුවය හා අලස ලෙස ගත කරන මිද්ධ සුඛය ද විදිමින් ප්‍රමාද වෙමින් වෙසෙත් ද, ඔව්හු පසුව තමන් ජරාවට, රෝගාබාධවලට, මරණයට, විපතට පත්වූ කල්හි ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි ද පෙර තමා ගත කළ ප්‍රමාදයෙන් ගත කළ කාලය සිහිපත් කරමින් ප්‍රතිසන්ධිය හා මරණය පිළිබඳ බැරෑරුම් ස්වභාවය දකිමින් පසුතැවිලි වෙත්. යුෂ්මත්හු වනාහී එසේ නොවවු, යන කරුණු දක්වමින් “මා පච්ඡා විප්පටි සාරිනො අහුවත්‍ථ” (පසුව පසුතැවිලි නොවව්) යනුවෙන් කීහ.

අයං වො අම‍්හාකං අනුසාසනීති අයං අම‍්හාකං සන‍්තිකා “ඣායථ මා පමාදත්‍ථා”ති තුම‍්හාකං අනුසාසනී, ඔවාදොති වුත‍්තං හොති.

අයං වො අම්හාකෙ අනුසාසති = “අප වෙතින් උගත් ධ්‍යාන වඩවූ, ප්‍රමාද නොවවු” යනුවෙන් මෙය ඔබට අනුශාසනය ද අවවාදය ද වේයයි කියන ලද්දේ වෙයි.