යෙදුමෙන් කියවන්න

2. දුතිය අසඞ‍්ඛත වග‍්ගො අට‍්ඨකථා

2. දුතිය අසඞ්ඛත වර්ගය

1-1837. අසඞ‍්ඛතසුත‍්තාදිවණ‍්ණනා

1-1837. අසඞ්ඛත ආදි සූත්‍ර වර්ණනා

කායෙ කායානුපස‍්සීතිආදීසු යං වත‍්තබ‍්බං, තං පරතො වක‍්ඛාම.

කායෙ කායානුපස්සී යන මේ ආදියෙහි යමක් කිව යුතුනම් එය වෙනම කියන්නෙමු.

අනතන‍්තිආදීසු තණ‍්හානතියා අභාවෙන අනතං. චතුන‍්නං ආසවානං අභාවෙන අනාසවං. පරමත්‍ථසච‍්චතාය සච‍්චං. වට‍්ටස‍්ස පරභාගට‍්ඨෙන පාරං. සණ‍්හට‍්ඨෙන නිපුණං. සුට‍්ඨු දුද‍්දසතාය සුදුද‍්දසං. ජරාය අජරිතත‍්තා අජජ‍්ජරං. ථිරට‍්ඨෙන ධුවං. අපලුජ‍්ජනතාය අපලොකිතං. චක‍්ඛුවිඤ‍්ඤාණෙන අපස‍්සිතබ‍්බත‍්තා අනිදස‍්සනං. තණ‍්හාමානදිට‍්ඨිපපඤ‍්චානං අභාවෙන නිප‍්පපඤ‍්චං.

අන්තං යන ආදියෙහි තෘෂ්ණා රතියෙහි අභාවයෙන් අන්තං යනු වේ. (කාමාසව භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යන) ආශ්‍රවන් සතරේ අභාවයෙන් අනාසවං යී යෙදේ. පරමාර්ථ සත්‍ය හේතුවෙන් සච්චං නම් වේ. (සසරේ) පැවැත්මෙහි පසු කෙළවර යන අරුතින් පාරං යනු වේ. සියුම් යන අරුතින් නිපුණං යනු වේ. අවබෝධයට ඉතා අපහසු බැවින් සුදුද්දස යනු වේ. දිරීමෙන් ජරාවට පත් නොවූ බැවින් අජරං නම් වේ. ස්ථිරය යන අරුතින් ධුවං නම් වේ. විනාශ නොවන බැවින් යන අදහසින් අපලොකිතං යනු වේ. චක්ෂුර් විඥානයෙන් නොදැකිය හැකි බැවින් යන අදහසින් අනිදස්සනං යනු වේ. තෘෂ්ණා මාන දෘෂ්ටි ප්‍රපංචයන්ගේ අභාවයෙන් යන අරුතින් නිප්පපඤ්චං යනු වේ.

සන‍්තභාවට‍්ඨෙන සන‍්තං. මරණාභාවෙන අමතං. උත‍්තමට‍්ඨෙන පණීතං. සස‍්සිරිකට‍්ඨෙන සිවං. නිරුපද‍්දවතාය ඛෙමං. තණ‍්හාක‍්ඛයස‍්ස පච‍්චයත‍්තා තණ‍්හක‍්ඛයං.

ශාන්ත ස්වභාවයෙන් යන අරුතින් සන්තං යනු වේ. මරණය නොවේය යන අරුතින් අමතං යනු වේ. උතුම්ය යන අරුතින් පණීතං නම් වේ. සශ්‍රීකය යන අරුතින් සිවං නම් වේ. උපදාව රහිත බැවින් යන අරුතින් ඛෙමං නම් වේ. තෘෂ්ණාව ක්ෂය කළ හේතුවෙන් යන අරුතින් තණ්හක්‍ඛයං නම් වේ.

විම‍්හාපනීයට‍්ඨෙන අච‍්ඡරං පහරිතබ‍්බයුත‍්තකන‍්ති අච‍්ඡරියං. අභූතමෙව භූතං අජාතං හුත්‍වා අත්‍ථීති වා අබ‍්භුතං. නිද‍්දුක‍්ඛත‍්තා අනීතිකං. නිද‍්දුක‍්ඛසභාවත‍්තා අනීතිකධම‍්මං. වානාභාවෙන නිබ‍්බානං. බ්‍යාබජ‍්ඣාභාවෙනෙව අබ්‍යාබජ‍්ඣං. විරාගාධිගමස‍්ස පච‍්චයතො විරාගං. පරමත්‍ථසුද‍්ධිතාය සුද‍්ධි. තීහි භවෙහි මුත‍්තතාය මුත‍්ති. කාමාලයානං අභාවෙන අනාලයං. පතිට‍්ඨට‍්ඨෙන දීපං. අල‍්ලීයිතබ‍්බයුත‍්තට‍්ඨෙන ලෙණං. තායනට‍්ඨෙන තාණං. භයසරණට‍්ඨෙන සරණං, භයනාසනන‍්ති අත්‍ථො. පරං අයනං ගති පතිට‍්ඨාති පරායණං. සෙසමෙත්‍ථ වුත‍්තනයමෙවාති.

විස්මය පළ කිරීමේ අදහසින් අසුර ගැසිය යුතුවූවක්ය යන අදහසින් අච්ඡරියං නම් වේ. පෙර සිදු නොවූයේ අබ්භුතං නම් වේ. ඉපදීමක් හෙවත් හටගැනීමක් නැතිව පවත්නේය යනුවෙන් ද අබ්භූතං නම් වේ. දුක් නැති බැවින් යන අදහසින් අනීතිකං නම් වේ. දුක් නැති ස්වභාවය ඇති බැවින් යන අදහසින් අනීතිකධම්මං යි නම් වේ. තෘෂ්ණාව නැති බැවින් යන අදහසින් නිබ්බාණ නම් වේ. හිංසා පීඩා නැති බැවින්ම යන අදහසින් අබ්‍යාපජ්ඣං නම් වේ. විරාගය හෙවත් නිවන අවබෝධ කර ගැනීමට හේතුවන බැවින් යන අදහසින් විරාගං නම් වේ. පරමාර්ථය පිරිසිදු බැවින් යන අදහසින් සුද්ධි නම් වේ. තෙවැදැරුම් භවයන්ගෙන් මිදුණ බැවින් මුත්ති නම් වේ. කාමය, ආලය ආදිය නැති බැවින් යන අදහසින් අනාලය නම් වේ. පිහිටීම යන අරුතින් දීපං නම් වේ. (සිතින්) එකට ඇලී පැවතිය යුතුය යන අරුතින් ලෙණං නම් වේ. රැකීම යන අරුතින් තාණ නම් වේ. බියට (පත් අයට) සරණ වීම යන අරුතින් සරණං නම් වේ. බියනැසීම යන අරුතයි. ඉවතට යාමට මඟ පිහිටා ඇත යනුවෙන් පරායණං නම් වේ. සෙස්ස මෙහි කියන ලද පිළිවෙළ අනුවම වන්නේය.

අසඞ‍්ඛතසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අසංඛත සංයුත්තය සමාප්තයි.